Tuesday, October 25, 2016

ඈ දනී නම්...!!!





නිලුපුල් නෙතක දැඟලිලි
හෙමින් සැලෙනා කෙහෙරැලි
සුර ලොවක සිතුවිලි
සිහිල් කිතියකි නැළවිලි

මිහිරි හැඟුමන් පෙනි පෙනි
කෙසේ කියමිද සිතමිනි
වියළි තොල් යුග තෙමමිනි
අද මගේ හද තනියෙනි

මෝසම් සුළං රැළි
හමනා රැයක සැණකෙලි
ළඟින් හිඳි නම් වෙළි වෙළි
සිත ඇදුම් දෙයි ගිනි ගුලි

හිතින් පෙම් කල තරමිනි
ඇය දනී නම් සතුටිනි
හාදු වැස්සක තෙමි තෙමි
මමත් සිඹිනෙමි මල් කෙමි





අසංක ගයාන් අබේසිංහ

48 comments:

  1. ලස්සන පද මාලාවක්. ටෙලි නාට්‍යයක තේමා ගීතයකට නියමයි

    ReplyDelete
  2. ලස්සන පද මාලාවක්. ටෙලි නාට්‍යයක තේමා ගීතයකට නියමයි

    ReplyDelete
    Replies
    1. ඉයන් දෙපාරක්ම කියල තියෙනව කියන්නෙ මේකෙ ගතයුත්තක් ඇති...

      බොහොම ස්තුතියි ඉයනෝ...

      Delete
    2. දැං ඉතිං ටෙලි නාට්ටි පිටපතකුත් ලියහංකෝ..

      Delete
  3. ///හිතින් පෙම් කල තරමිනි
    ඇය දනී නම් සතුටිනි
    හාදු වැස්සක තෙමි තෙමි
    මමත් සිඹිනෙමි මල් කෙමි///

    ඇය දනීනම් මීට වඩා වෙනස් වෙන්න තිබුනනේ...


    අපූරු පද පෙළ...

    ReplyDelete
    Replies
    1. හෑ...ඔයා කොහොමද දන්නේ...හා හා හොරේ දැනුණා දැනුණා...

      විහිළුවට හොඳේ නිර්මාණි...

      බොහොම ස්තුතියි අගය කිරීමට...

      Delete
  4. Replies
    1. බොහොම ස්තුතියි මිතිල...හැමදාම මේ පැත්තෙ එන්න...

      Delete
  5. ///වියළි තොල් යුග තෙමමිනි
    අද මගේ හද තනියෙනි////

    /////හාදු වැස්සක තෙමි තෙමි
    මමත් සිඹිනෙමි මල් කෙමි//////

    ෂා අපරාදේ.......ඇයි යකෝ ඇය දැණ ගත්තේ නැත්තේ....

    ReplyDelete
    Replies
    1. ආ......................... අරූ............. කොහොමෙයි ඉතින්..... මෙන්න කාන්චනා මතක් කරන්න කියලා කියනවා........

      තුෂාර

      Delete
    2. හොඳින් ඉන්නවා දරුවෝ...මමත් මතක් කරා කියන්න.

      Delete
    3. මාත් කාංචනා මතක් කලා කියපං

      Delete
    4. අරූ අයියට බොහොම ස්තුතියි...

      මේ ඔය පුංචි කෙල්ලො මතක් කළා කියල මුන් අයියව අන්දවන්න හදන්නේ...රැවටෙන්න එපා...

      අසංක

      Delete
    5. @ අරූ.............

      හරි කිව්වා..... කාලෙකින් නොවැ... මුල්කාලේ අපේ සහයට හිටපු සගයො නොවැ නේද?????

      @ විදානේ...

      ඒක කිව්වා ම ඇතිද බං.....???????

      Delete
    6. කියන්න අමතක වුණානේ..

      තුෂාර

      Delete
  6. ගැබේ ගුවනෙ සඳවත වන් ඇය වෙතට
    උඹේ හිතක සුපිපුණු පෙම ගෙනියන්ට
    අබේ නමින් මම යමි උඹෙ උදව්වට
    කඹේ ලිහාපන් ඕනේ නැහැ ගෙලට......

    අපූරු කවියක් ගයියෝ.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. දුමියගෙ රස කවිනම් මරු...ඇත්තටම...

      බොහොම ස්තුතියි දුමියෝ...

      Delete
  7. ඔය කාලෙට ඔහොම තමා...................... ඉවසහං ගොයියෝ..........

    හිහ් හිහ් හී...............

    අසංක අයියා කොච්චර සීනියර් වුණත් ඉතින් මේ වැඩේදි මං සීනියර්නේ නේද??????

    තුෂාර

    ReplyDelete
    Replies
    1. වැඩේ ගැස්සුනා නේද?

      Delete
    2. මුල් කාලෙදි උඹ සීනියර් වුණාට ඊට පස්සෙ වැඩ වලදි මම සීනියර් නේ...හැහ්..හෑ...හා නැද්ද...

      Delete
    3. @ විදානේ.
      ගැස්සුනා නෙමෙයි බොල හරිගියා.........

      @ අසංක අයියා
      යකෝ ඒකේ සීනියර් ද ජූනියර් ද මනින්නේ මාස ගානෙන් බොලව්.......

      තුෂාර

      Delete
    4. අම්මපා...මේ මේ ඕව මේ විදානයා වගේ කටකම සිරියාවක් නැති උන් ඉන්න තැන කියෝන එක හරිද...අපි දෙන්නා ප්‍රයිවෙට් එකේ චැටක් දාමු...

      Delete
  8. ඔන්න ඕක තමා සීන් එක. ආදරේ කතා ගොතන්න පුලුවන්, කවි ලියන්න පුළුවන්, සිතින් පෙම් කරන්න පුලුවන්. ඊට එහා ටිකනේ අවුල..

    ReplyDelete
    Replies
    1. ඔය අවුලට ඉතිං එකම පිහිට මධ්‍ය-සාරය තමා...බුහැක්...

      ආදරේ වැඩි වුණාම කොන්ද පණ කෙන්ද අතුරුදහන් වෙනවා බං...ඉතිං ඒකයි කියාගන්න හරිය කොරන්න හරිම අමාරු...

      Delete
    2. සහතික ඇත්ත. කියන්න ඕන ඒවා නෙමෙයි කියවන්නේ.

      Delete
  9. කිඹුලන් නැති වලට කබරගොයත් කිඹුලෙක්ලු

    ජ ය වේ වා !!

    ReplyDelete
    Replies
    1. ආ උඹට 'තලගොයා' කියලත් කියනව කියල දැනගත්තෙ අද...හැහ්...

      Delete
  10. චිත්තරෑප මැවෙන ආකාරයේ කවියක්. ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. හා හා චිත්ත රූප වලින් එහාට එහෙම යනව නෙවෙයි ඕං...

      Delete
    2. උඹ දුක් වෙන්න එපා...කරුමෙ පල දෙන වෙලාවට ඕක මගහරින්නම බෑ...කවුරු හරි උඹ වෙනුවෙන් ඉන්නවම තමයි මචෝ...

      Delete
  11. හ්ම් හ්ම් හ්ම් අසංක අයියටත් හිතෙන දේවල්

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතිං උඹල හිටියට මොකුත් හිතෙන එකක්යැ...ඉතිං මංම හිතල ලිව්වා..

      Delete
  12. සිතින් පෙම් කරන එව්වා දැනෙන්නේ නැතුවමත් නෙමේ.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔන්න...හැබැයි ඒකත් මාර ජොලි නේ මචං...

      Delete
  13. ලස්සනම නිර්මාණයක්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි එරන්දි...

      Delete
  14. අපූරු පද පේලි ටිකක්...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි තුශානි...

      Delete
  15. දෙවෙනි කවිය අරක්කු බොන එකක් ගැනයි තුන්වෙනි එක සිගරට් බොන එකක් ගැනයි නේද කියන්නෙ. හැක්..

    ReplyDelete
    Replies
    1. ඇයි හතරවෙනි එකේදි වහ බොන එකක් ගැන කියවෙනව උඹට පෙනුණෙ නැද්ද යකෝ...

      Delete
    2. මල් කෙමි කොහොම වෙතත් අලයක් ගැනවත් තිබ්බනං එහෙම විස්වාස කරන්න තිබ්බ.
      ඒ මල් තනමල්විල ඒව නෙමේ ද?

      Delete
    3. නෑ නෑ ඒව උඹලගෙ ගෙදර පැලවෙන නියඟලා මල්...

      Delete
  16. ඔහොම බලා ඉඳලා බෑ අනේ. යන කැකිරි වත්තකින් යන්න කියලා, කියලා දාමුකෝ මහා හයියෙන් (කනට කොඳුරලා) අම මාදරෙයි කියලා.

    ReplyDelete
    Replies
    1. වයසක උදවියට නම් ඕව ගේමක් නෑ...ඒත් මේ අපි වගේ කොල්ලොන්ට...හෑහ්...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...