අවුරුද්දට වරයි ඉස්සර මට තිබුණ බල
දැන් හැමදාම මං පෙන්නයි නිවුස් වල
ගෙම්බගේ ඉකෝන් දැන් ගලනවා කාණු වල
නීති හදන මුදල් ඇමති මමයි බොල
සමන් ගැමුණු පර්වතෙ රී බළලු වැනී
වියන්ගොඩලා ඇන්නෑවේ යයි නොපෙනී
මහැදුරු සරත් තාලය මිස වැඩ නොදනී
එකක් ෂුවර් කටු කන බල්ලන් නොපනී
දෙදහස් පන්සීය කීවාම දීපු වදං
බස් ඩ්‍රයිවර්ලා දන්නෑ නීතියේ තරං
උන් අන්දලා විසිපන්දහ රෝල් කරං
උන්ගෙම -කේ ගහලයි මං යැව්වේ හිටං
මෙහෙම බලය ලැබෙන්නේ නෑ හැමදාම
විපක්ෂයක් කඩේ යයිද මුං වගෙම
මෙහෙම සුකුමාල ලොක්කෙක් ආපුවම
දඩ, බදු නොගහා ඉවසන්නේ කොහොම මම
හොරා කාපුවා කියකිය උඩින් වහන්
යහපාලනේ හිල් තිබුණත් වටෙන් වහන්
දුවනට හැකි වුණත් වසරක් දෙකක් හොරෙන්
සාධාරණ සමාජය බේරෙයි රෙද්ද යටින්...................
කසුප් අනුරාධ
.
හෙහ් හෙහ්.
ReplyDeleteහැමතැනින් ම හිනායනවා බං වෙලාවකට........... මේවා හිනාවෙන්ට නෙමෙයි අඩන්න ඕන දේවල් බං.........
Deleteකාලෙකට පස්සේ අනු ඇවිත් එල ද බ්‍රා පද පෙළක් එක්ක
ReplyDeleteස්තූතියි මචං........... පහුගිය ටිකේ ගොඩක් බිසී වුණා...... දැන් ආයෙම ලියනවා
Deleteවිසිල් මිසක් බල්ටි නැතේ සුසානෝ...
ReplyDeleteකියලා වැඩක් නැහැ මාතා........... කෝ වැඩ.... කෝ වැඩ...
Deleteසිරා සිරා...
ReplyDeleteමේක නං මියුසික් දාන්න වටින ගීයක්
අනිවා මචං දාමු මියුසික්....... ඒත් සින්දු වලටත් වැට් ගහයි ද දන්නෑ නේද බං.......
Deleteජහමනයා, සිවිල් සමාජ, ගරුතර මහා සංඝරත්නය පොරමුඛ පූජ්‍ය පක්ෂය, කම්කරුවන්, වෘත්තීය සමිති ...... දේශපාලඥයාට වටින්නේ ඡන්දය දිනනා තෙක් පමණි.
ReplyDeleteඒකනේ මචං ප්‍රජානන්නත්තාරවාදය කියන්නේ.........
Deleteමොනව උනත් ඉකොනොමැට්ටව කාණුවට දාපු එකනං හරි නෑ බොලේ. හැක්..
ReplyDeleteඅර බාගේ තවම තියෙයි
Deleteමොන බාගෙ ද?
Deleteමේසේ යට ගල් බාගේ
Deleteඒක ඊයෙ අලුත් කළා.
Deleteමං ඊයේ වැඩට ගියේ නෑනේ...........
Delete-විදානේ-
වැඩක් නැහැ බං රවියා විපක්ෂයේ ඉන්න කොට ඌ කිව්ව මේ කතාව ඌටත් හොඳට අදාලයි."මොළේ තියෙන කොට බලය නැහැ.බලේ තියෙන කොට මොළය නැහැ"
ReplyDeleteනෑ බං ඒක ටිකක් වෙනස් වෙන්න ඕනේ.......... බලේ තියෙන කොට මොළේ තියා මොලේ තිබුණ තැනක්වත් නැහැ කියලා..... අම්මපා මුන්ට මොංගල්.........
Deleteකාර් වාහන තියා බයික්කෙකේ වත් එලියට බහින එකටත් බද්දක් වදී අද හෙට.සල්ලිය බාගෙ හොයාකියාගෙන සපාන් එකේ වාහනේ පාරෙ යන උදවියට ඉඩ නෑ ලුනෙ පාරෙ.අපරාධ අඩුකරන්න සිම් එකේ ගාන වැඩිකරන රජයක් නෙව තියෙන්නෙ.හෙහ් හෙහ්
ReplyDeleteජයවේවා..!!
මෙහෙමනේ මචං රනිල් සීයා කිව්වේ නංගිලා මල්ලිලාට බයික් වල යන්න ඕනේ නැහැ කාර්වල යන්න දෙනවා කියලානේ.... හරිනේ මචං රනිල් සීයාගේ නංගිලා මල්ලිලා කියන්නේ ඉතින් අවුරුදු 50 විතර වෙච්චි අයනේ.... ඒ නිසා අපිටත් රිටයර් වෙන කාලෙක 15 ඩෑෂ් කාර් එකක වගේ යා ගන්න හැකි වේවි.......
Deleteඑල කවිය...
ReplyDeleteතැන්කූ මචං.............
Deleteමුන් නානවා නෑමක් කලින් උන් නෑවට වඩා සුපිරියට . . !
ReplyDeleteඉක්මනටම මුන්වත් එලවන්න වෙනවා.
ඊලඟ පාර ජෙප්පන්ට දෙමු නේහ් මොකෝ කියන්නේ?
ඊට වඩා හොදයි අල්ලපු ගෙදර බල්ලට සිංහල කියලා දෙනවා
Deleteජෙප්පෝ කියලා කියන්නේ තනියම බලයක් ලැබිය යුතු පිරිසක් නෙමෙයි. ඒක එක විදිහක පාලනයක් කරන්න වැදගත් අවයවයක් විතරයි. ජෙප්පන්ට මීට වඩා බලයක් මේ පාර ලැබෙයි කියලා හැමෝම හිතුවා. ඒත් ඒක වුනේ නැහැ. ජෙප්පන්ට බලය තියෙන්න ඕනේ ආණ්ඩුවක් පාලනය කරගන්න හැකි මට්ටමට පමණයි. නැතුව ආණ්ඩු කරන්න ගියොත් ලංකාවේ තියෙන දුර්වලම ආණ්ඩුව වෙනවා ෂුවර්.........
Deleteඅඩෝ මෙන්ඩා උඹ සිංහල කියලා දෙනවා කිය කිය අල්ලපු ගෙදරට සිංහල රිංගනවා නෙමෙයි.........
අනේ මන්දා බන්.....
ReplyDelete