Monday, November 28, 2016

නීති හදන මුදල් ඇමති මමයි බොල.......................



අවුරුද්දට වරයි ඉස්සර මට තිබුණ බල 
දැන් හැමදාම මං පෙන්නයි නිවුස් වල
ගෙම්බගේ ඉකෝන් දැන් ගලනවා කාණු වල
නීති හදන මුදල් ඇමති මමයි බොල

සමන් ගැමුණු පර්වතෙ රී බළලු වැනී
වියන්ගොඩලා ඇන්නෑවේ යයි නොපෙනී
මහැදුරු සරත් තාලය මිස වැඩ නොදනී
එකක් ෂුවර් කටු කන බල්ලන් නොපනී

දෙදහස් පන්සීය කීවාම දීපු වදං
බස් ඩ්‍රයිවර්ලා දන්නෑ නීතියේ තරං
උන් අන්දලා විසිපන්දහ රෝල් කරං
උන්ගෙම -කේ ගහලයි මං යැව්වේ හිටං

මෙහෙම බලය ලැබෙන්නේ නෑ හැමදාම 
විපක්ෂයක් කඩේ යයිද මුං වගෙම
මෙහෙම සුකුමාල ලොක්කෙක් ආපුවම
දඩ, බදු නොගහා ඉවසන්නේ කොහොම මම

හොරා කාපුවා කියකිය උඩින් වහන්
යහපාලනේ හිල් තිබුණත් වටෙන් වහන්
දුවනට හැකි වුණත් වසරක් දෙකක් හොරෙන්
සාධාරණ සමාජය බේරෙයි රෙද්ද යටින්...................



කසුප් අනුරාධ




.






26 comments:

  1. Replies
    1. හැමතැනින් ම හිනායනවා බං වෙලාවකට........... මේවා හිනාවෙන්ට නෙමෙයි අඩන්න ඕන දේවල් බං.........

      Delete
  2. කාලෙකට පස්සේ අනු ඇවිත් එල ද බ්‍රා පද පෙළක් එක්ක

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචං........... පහුගිය ටිකේ ගොඩක් බිසී වුණා...... දැන් ආයෙම ලියනවා

      Delete
  3. විසිල් මිසක් බල්ටි නැතේ සුසානෝ...

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නැහැ මාතා........... කෝ වැඩ.... කෝ වැඩ...

      Delete
  4. සිරා සිරා...
    මේක නං මියුසික් දාන්න වටින ගීයක්

    ReplyDelete
    Replies
    1. අනිවා මචං දාමු මියුසික්....... ඒත් සින්දු වලටත් වැට් ගහයි ද දන්නෑ නේද බං.......

      Delete
  5. ජහමනයා, සිවිල් සමාජ, ගරුතර මහා සංඝරත්නය පොරමුඛ පූජ්‍ය පක්ෂය, කම්කරුවන්, වෘත්තීය සමිති ...... දේශපාලඥයාට වටින්නේ ඡන්දය දිනනා තෙක් පමණි.

    ReplyDelete
    Replies
    1. ඒකනේ මචං ප්‍රජානන්නත්තාරවාදය කියන්නේ.........

      Delete
  6. මොනව උනත් ඉකොනොමැට්ටව කාණුවට දාපු එකනං හරි නෑ බොලේ. හැක්..

    ReplyDelete
  7. වැඩක් නැහැ බං රවියා විපක්ෂයේ ඉන්න කොට ඌ කිව්ව මේ කතාව ඌටත් හොඳට අදාලයි."මොළේ තියෙන කොට බලය නැහැ.බලේ තියෙන කොට මොළය නැහැ"

    ReplyDelete
    Replies
    1. නෑ බං ඒක ටිකක් වෙනස් වෙන්න ඕනේ.......... බලේ තියෙන කොට මොළේ තියා මොලේ තිබුණ තැනක්වත් නැහැ කියලා..... අම්මපා මුන්ට මොංගල්.........

      Delete
  8. කාර් වාහන තියා බයික්කෙකේ වත් එලියට බහින එකටත් බද්දක් වදී අද හෙට.සල්ලිය බාගෙ හොයාකියාගෙන සපාන් එකේ වාහනේ පාරෙ යන උදවියට ඉඩ නෑ ලුනෙ පාරෙ.අපරාධ අඩුකරන්න සිම් එකේ ගාන වැඩිකරන රජයක් නෙව තියෙන්නෙ.හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මෙහෙමනේ මචං රනිල් සීයා කිව්වේ නංගිලා මල්ලිලාට බයික් වල යන්න ඕනේ නැහැ කාර්වල යන්න දෙනවා කියලානේ.... හරිනේ මචං රනිල් සීයාගේ නංගිලා මල්ලිලා කියන්නේ ඉතින් අවුරුදු 50 විතර වෙච්චි අයනේ.... ඒ නිසා අපිටත් රිටයර් වෙන කාලෙක 15 ඩෑෂ් කාර් එකක වගේ යා ගන්න හැකි වේවි.......

      Delete
  9. මුන් නානවා නෑමක් කලින් උන් නෑවට වඩා සුපිරියට . . !

    ඉක්මනටම මුන්වත් එලවන්න වෙනවා.

    ඊලඟ පාර ජෙප්පන්ට දෙමු නේහ් මොකෝ කියන්නේ?

    ReplyDelete
    Replies
    1. ඊට වඩා හොදයි අල්ලපු ගෙදර බල්ලට සිංහල කියලා දෙනවා

      Delete
    2. ජෙප්පෝ කියලා කියන්නේ තනියම බලයක් ලැබිය යුතු පිරිසක් නෙමෙයි. ඒක එක විදිහක පාලනයක් කරන්න වැදගත් අවයවයක් විතරයි. ජෙප්පන්ට මීට වඩා බලයක් මේ පාර ලැබෙයි කියලා හැමෝම හිතුවා. ඒත් ඒක වුනේ නැහැ. ජෙප්පන්ට බලය තියෙන්න ඕනේ ආණ්ඩුවක් පාලනය කරගන්න හැකි මට්ටමට පමණයි. නැතුව ආණ්ඩු කරන්න ගියොත් ලංකාවේ තියෙන දුර්වලම ආණ්ඩුව වෙනවා ෂුවර්.........

      අඩෝ මෙන්ඩා උඹ සිංහල කියලා දෙනවා කිය කිය අල්ලපු ගෙදරට සිංහල රිංගනවා නෙමෙයි.........

      Delete

Related Posts Plugin for WordPress, Blogger...