Wednesday, June 8, 2016

ඒ විතරක් යෑ මර්සි ආච්චි කෙනෙක්................. හැක්


මොනවා.............
ඇමරිකාවටත් ගෑණියෙක්.
ගෑණු විදිහට හිතන ගෑණු වැඩ කරන
දවසක් ඒවිද ඇමරිකාවට...............?
මේ  අර ඇමරිකාව නේද...?
ලංකාව, බංග්ලාදේශය, පකිස්තානය යෑ
අනික් අතට ජර්මනිය තියා එංගලන්තය යෑ............
ඇමරිකාව යකුනේ ඇමරිකාව........

ලෝකෙම පොලිස්කාරයා
ලෝකෙම සල්ලිකාරයා
ලෝකෙම හයිකාරයා
ලෝකෙට ම සද්දෙ දාන මර්සියා
කොහොම තියෙයි ද
පොලිස් නෝනා කෙනෙක්
සල්ලිකාර ඇන්ටි කෙනෙක්
හයිකාර මැඩම් කෙනෙක්
ඒ විතරක් යෑ මර්සි ආච්චි කෙනෙක්................. හැක්

ධවල මන්දිරයට භාර ගන්නා 
පළමුවැනි කාන්තාවලු......
මොන පිස්සු ද ?
මෙච්චරකල් පිරිමි පත්වුණාට
ධවලමන්දිරය භාරගත්තේ ගෑණු තමා.
ඒ විතරක් නං මදෑ 
රටම පාලනය කළෙත් ගෑණු තමා.

හැබැයි මේකත් එක විදිහක
රෙකෝඩ් එකක් නොකියත් බැහැ.
මොක ද තුන්වෙනි පාරටත් 
ඇමරිකාව භාරගන්නා එකම එක
ජනාධිපති(නිය) තමයි මේ....................... (ගොඩක් විට)



කසුප් අනුරාධ



.

39 comments:

  1. මෙහේ ගෑනුන්ට
    හැඳිමිටේ නුවන තිබුණට
    ඔහේ අයට තියෙන්නෙ
    ගෑරුප්පුමිටේ නුවන
    කොහොමද ඒකෙන්
    ලෝකෙට අනිනකොට. හැක්..

    ReplyDelete
    Replies
    1. ගෑණු මිනිස්සු නෙමෙයි පොල් මුඩ්ඩක් ජනාධිපති වුණත් වෙන්නේ එක දෙයක් ප්‍රසා අයියා.......

      Delete
  2. උඹ ඔය 'හැක්' ගාන එකට අර වේශකයගෙන් අවසර ගත්තද? හැක්..

    ReplyDelete
    Replies
    1. ko ada puka? Hak

      Delete
    2. Puka තමයි බොල මේ ඉන්නෙ. අමුඩෙ තමයි නැත්තෙ. හොක්...

      Delete
    3. අමුඩේ හෝදලා වනලා................

      Delete
  3. අපේ ආච්චිලයි උන්ගෙ ආච්ච්ලයි...

    ReplyDelete
    Replies
    1. යකෝ එහෙත් පවුල් පාලනය නේද?????????? 

      Delete
  4. හැබැයි ලේසි වෙන්නෑ...
    හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. වෙනසක් වෙන එකක් නැහැ.... තිබ්බා වගේ ම තියෙයි.........

      Delete
  5. කෙප්ප වැස්සියක් නෙ තනිකර..
    බොනිකර තරුව කියල නම වැටෙයි.. හෙහ් හෙහ්...
    කෝමත් බොනිකර තරුව තමයි හිහි...
    මරු ඈ.... ;-) ;-)

    ReplyDelete
    Replies
    1. ලෝකේ ලොකුම බොරුව කරන්න වෙන්නේ මෙයාට තමා.........

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මොනිකා ලෙවන්ස්කිලාටත් කාලයක් එයී

      Delete
    2. රාජ ඌෂ්ණෙ නැතෑ..............

      Delete
  7. මොනිකා ලෙවන්ස්කි අතුරුදහන් කරවයිද

    ReplyDelete
    Replies
    1. මොන......... ඒ ගැන සද්ද කරන එකක්වත් නැහැ....... ඒ වගේ යෑ මේ තානාන්තර....... ඔය කොහෙවත් ඉන්න ගෑණු නිසා ඒවාට කෙලවගන්න බැහැනේ.......

      Delete
  8. අර ඩොනල් ඩක් ට යනවනම් මම කැමති. මිනිහ පිස්සෙක් උනත්, ඌ කියන වැඩටික කලොත් අන්තවාදීන් අඩපන කරගන්න පුලුවන් වෙයි.වචන ටික මරුය

    ReplyDelete
    Replies
    1. මේ ඡන්දය මහ අමුතු ඡන්දයක් වෙනවා ෂුවර් කස්සා....... දැන් බලන්න මීට කලින් ඇමරිකාව පළවෙනි පාරට කළු මිනිහෙක් ජනාධිපති කරගත්තා. මාර්ටීන් ලූතර් කිං කලු අයිතීන් වෙනුවෙන් කතා කරපු කාලේ කවුද හිතුවේ කලු ජනාධිපතිකෙනෙක් මෙච්චර ඉක්මනට එයි කියලා......

      දැන් වෙන්නේ අමුතුම දෙයක්. එක පැත්තකින් අන්තවාදී දක්ෂිණාංශිකයෙක් ඡන්දෙට ඇවිත්.... කලු මිනිහෙක් ජනාධිපති වෙලා අවුරුදු කීපයකින් ආයෙම ආගම මුල්කරගෙන සටන් පාඨ හදාගෙන ප්‍රධාන අපේක්ෂකයෙක් ඇවිත්...... යකෝ ඇමරිකාව දියුණුයි කියලා හිතුවාට එහෙම නැහැ කියලා ඒකෙන් ම පේනවා.... ඒකට අනික් පැත්තෙන් ගැහැණියක් ඇවිල්ලා........ යකෝ අර මිනිහාගේ අන්තවාදීකම පරද්දන්න අහිංසක මුහුණු පාවිච්චි කරලා....... මේවා ප්‍රාථමික දේශපාලන උපක්‍රම..........

      Delete
  9. පොලිස් නෝනා කෙනෙක්

    ReplyDelete
    Replies
    1. මර්සි ආච්චියෙක්.......................

      Delete
  10. තුන්වෙනි පාරටත් ධවල මන්දිරය පාලනය කරයිද?

    ReplyDelete
    Replies
    1. අනිවා............. තුන කෙසේ වෙතත් හතරත් කරයි.......... එතකොට රටේ ඉතිහාසයෙන් අවුරුදු 16 ක් ම ඒ පවුලට ගිහින් ඉවරයි....... බුෂ්ලා වගේ........ ක්ලින්ටන්ට කලිනුත් බුෂ්...... ක්ලින්ටන්ට පස්සෙත් බුෂ්..... අප්පයි පුතයි......... කොහොමද වැඩේ..... අපේ අයත් ලෑස්ති වුණේ ඕකට තමයි...... දැනටත් එක පවුලක් නිදහසින් පසු බාගයක් ම විතර කලානේ........ හරියට බැලුවොත් තාම කරනවානේ......

      Delete
  11. බලා ඉමු මොනාද වෙන්නේ කියලා.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔව් බං............ මොනවා වුණත් මොකෑ....... අපේ යෑ......

      Delete
  12. //මෙච්චරකල් පිරිමි පත්වුණාට
    ධවලමන්දිරය භාරගත්තේ ගෑණු තමා.
    ඒ විතරක් නං මදෑ
    රටම පාලනය කළෙත් ගෑණු තමා.//

    එහෙත් එහෙමද

    ReplyDelete
    Replies
    1. නැතුව....නැතුව....කොහෙත් එහෙම තමයි.ගැලවිල්ලක් ඇත්තෙම නෑ

      Delete
    2. ඔය කිව්වේ අත්දැකීමෙන් ම ..................

      Delete
  13. අපේ ගෑනුන්ගේත් සද්ද වැඩිවෙයිද මංදා අෆ්ෆා..

    ReplyDelete
    Replies
    1. ඔව් බං........... දැන් ඇමරිකාවත් අපේ තමා කියයි.........

      Delete
  14. ඇමෙරිකාව ලංකාවටත් වල පහලට ගමන් කරයිද හැක හැක.

    ReplyDelete
  15. ඔඕන් දැන් මට මතක නෑ මාගරට් නැන්දා හිටියේ ඉන්ගලන්තේද, ඇමෙරිකාවේද කියල...

    ReplyDelete
    Replies
    1. කොහෙ හිටියත් වෙනසක් නැහැ බං..........

      Delete
  16. මමනම් චන්දෙ දෙනවා.

    ReplyDelete
    Replies
    1. හත්තිලව්වයි විචාට පිස්සු.................

      Delete
  17. තම ජනාධිපති වෙලා නැහැනේ. මේ "වෙන්න කලින්" පොස්ට් එකක්ද? කොහොමත් බිල් ඉන්න කාලෙත් රට ගෙනිච්චේ මෙයා නේ.

    ReplyDelete
    Replies
    1. අජිත් අයියා දාමුද ඔට්ටුවක්........ ඇන්ටි දිනනවා.........

      Delete
  18. Me gani six year girl kenek rape karapu ekek goda dapu ekek. gadffi marapu eka gana ujaruwata katha karapu ekek.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...