Monday, February 29, 2016

අපි හිටියේ හරි උඩ නෙවැ මුරුංගා අත්තක වුණාට - දිට්ඨධම්ම වේදනාව දැන් දැනෙනවා හරි තදේට.............


ලෙඩා - වයිට් මාමේ මේ අහන්න. මං ආවා බෙහෙත් ගන්න.
            රෑ තිස්සේ නින්දක් නෑ. මේ ලෙඩාට බෙහෙත් දෙන්න.

දොස්තර - අනේ බේබි මක් වුණාද. ලොකු බේබිත් ලෙඩ වුණාද.
                 පැණි වරකෙට හෙණ ගහනා අබුද්දස්ස කාලෙ නොවෙද.

ලෙ - පැණිවරකා දැන් මොකට ද. කළ කං එනවා පස්සෙම.
         බය වෙනවා මං හීනෙන්, නිදි නෑ එළි වෙන තුරාම.

දො - නිදි නැතිකම මාර ලෙඩකි. බය වෙනවං දෙගුණෙකි.
         දහඩිය හෙම දානවනං තුන් ගුණයකි සිව් ගුණයකි.

ලෙ - දහඩිය එයි හතර කොනින්. ගැස්සෙයි විසිවෙයි උඩයයි.
         නිදාගන්නේ ඇදේ නමුත් නැගිටින විට දොරමුල්ලෙයි.

දො - තත්වය හරි බරපතලයි. ලෙඩේ ඇහුවෙ පළමුවරට.
         මේ තරමට උඩ යන්නට මොනවද ඔබ දුටුවෙ රෑට.

ලෙ - හැඩි දැඩි මහ පිරිමියෙකි ය. කොට ෂෝටක් තියේ ඇගේ.
         බෝලයකුත් අතේ අරන් ගෙල මිරිකයි රෑට මගේ.

දො - මං දන්නා බෙහෙත් අතර ඕකට නං බෙහෙත් නැතේ.
        ඕවායින් බේරෙන්නට සැගවුණොතින් හොදයි සිතේ.

ලෙ - උඩවිසිවී බිම වැටුණම මම රිංගමි ඇද අස්සට
         රෑ පුරා ම බය වුණා ම වෙව්ලනවා එළි වෙනකොට
         අපි හිටියේ හරි උඩ නෙවැ මුරුංගා අත්තක වුණාට
         දිට්ඨධම්ම වේදනාව දැන් දැනෙනවා හරි තදේට.............



කසුප් අනුරාධ



රූපය - www.ceylontoday.lk




.

58 comments:

  1. කාලෙකින් මේ පැත්තෙ ආවෙ. හරිම ලස්සනයි කසුප් :)

    ReplyDelete
    Replies
    1. කාලෙකින් එන්න කොහෙයි හිටියේ.........

      Delete
    2. මේ සැරෙත් A/L කරනවනේ... ඒ නිසා වෙලාව අඩුයි

      Delete
    3. දවසින් දවස රූප මාරු වෙනවානේ....... විභාගයට සූදානම් වෙන්න.... ජීවිතය ගොඩක් දුරට තීරණය කරන්නා වූ විභාගයක්..

      Delete
  2. පව් කියලත් හිතෙනවා

    ReplyDelete
  3. රෝම ලන්දේසි කෙසේ වෙතත් ශරියා ත් කැලේ විසිවෙන යමක් තියෙන බව 'කවුරු උනත්' දෙයක් කොරන්න කලින් හිතන්නෝන.. මෙව්වගෙන් බේරුනත්, එව්වගෙන් ගැලවෙනු බොරු...
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඔව් ලබ්බෝ.............

      මොන මොනවා හරි ටිකක් වෙයි වගේ නේද???? මොනවා වුණත් බලය නැති වුණ දාට හැමෝගෙම රෙදි ගැලවෙනවා කියලා දැන් බලය තියෙන අයත් දැනගත යුතුයි නේද?????

      Delete
  4. අපි මල් වගේ පුංචි එවුං.. මෙව්වා තේරෙන් නෑ..
    මට හිතෙන්නේ හරියට එලිසමය රැකගන්න බැරිවෙලා තියනවා...

    ජ ය වේ වා !!

    ReplyDelete
    Replies
    1. එලි සමය කිව්වේ මක්කටෙයි බන්...

      Delete
    2. ජයවේවා..................

      Delete
    3. මල් කිවුවෙ තනමල්විල ඒව වෙන්ටැ.

      Delete
    4. නිට්ටඹුවේ මල් කියන්නේ වෙනජාතියකටලු........ ඕකා ලගින් මල් තිබ්බොත් තිබ්බ ගමන් පරවෙනවා.... ආය ෂුවර්

      Delete
  5. මුං කරල තියෙන මජර වැඩවල හැටියට,ගල් ගහන නීතිය තමා හරියන්නෙ.නිරපරාදෙ සරත් ෆොන්සේකව,කුදලගෙන ගියහැටි මතක්වෙනව ඇති.මුංව දේසපාලනයෙන් අතුගාල දාන්න ඕන,ලංකාවට හරියන්න නම්.

    ReplyDelete
    Replies
    1. ඇනෝ දේශපාලන අස්සේ කරපු දේවල් වගේ නෙමෙයි පුද්ගලික දේවල් පිරිමහන්න යෑම නේද????

      Delete
  6. ඒ මදිවට වෙද මාමේ - රෙද්දේ බඩ යනව රෑට
    පොල්මුඩ්ඩක් ගහගන්නකො - හොඳවෙයි හෙට අනිද්දාම

    ReplyDelete
    Replies
    1. ලෙඩා ගේ අප්පොච්චා නම් ලොකු පොල් මුඩ්ඩක් ගහන්න දඟලනවා කියලා ආරංචියි...වයිට් ඩොකා එව්වා දන්නේ නැද්ද දන්නේ නෑ...

      Delete
    2. වයිට්ලා එහෙම මොනවා කරලා ජීවත් වෙනවද දන්නෑ නේද දැන්.........

      Delete
  7. වේදනාව දැනෙනම් මදැයි ඉතින්.

    ReplyDelete
    Replies
    1. ඒකත් හරි... ලොක්කම දවසක් කිව්වා හිතට දැනෙන අමාරුව හොදට ම ඇති කියලා...

      Delete
  8. ඔය වගේම කතාවක් මේ දවස් වල වටින් ගොඩින් ඇහෙනවා බං...

    හරි පුදුම සමානකමක් තියෙන්නේ කතා දෙකේම....
    මොකද දන්නේ නෑ නේද එහෙම වෙන්නේ,,...

    --------

    මොනා වුනත් සුපිරි ලියවිල්ලක්....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විභියා....... ඔය කනින් කොනින් ඇහෙන ඒවා එලි පිටම වෙයි වගේ...

      Delete
  9. ඇත්තම මෙහෙම වෙනවත් දන්නෑ... නොවෙන්න බැරි කමක් නෑ මුන් කල අමන වැඩවලට.

    මරු ලිවිල්ල කසුප්........

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචං........ කවුරු කළත් ඒවා එලියට එනවා......

      Delete
  10. කරන කලට පව් මිහිරිය මී සේ
    විදින කලට දුක් දැඩි වෙයි ගිනි සේ

    ReplyDelete
    Replies
    1. අනිවා සදරුවෝ...... දැන් අමාරු ඇති..

      Delete
  11. කරන කලට පවු
    මිහිරිය මී සේ
    ගෙවන කලට දුක්
    දැඩි වෙයි ගිනිසේ...

    ReplyDelete
    Replies
    1. උඹත් කිව්වා හරි......... අම්බලං...

      Delete
  12. මුන් කොච්චර තිරිසන්නුද කියලා තාමත් මිනිස්සු හරියට දන්නේ නෑ...

    ReplyDelete
    Replies
    1. දැන් දැන් එළිවෙනවා.... ඒත් මේවා අස්සෙත් ඩීල් යන එකයි දුකට කරුණ බං....

      Delete
  13. අනේ මගේ අව්ලක්ද මන්දා මට හිතෙන්නෙම මුන් කිසි බයකින් නැහැ කියලයි. එකක් වහන්න තවත් එකක් විදියට මිනිමරපු උන්ට දැනෙන්න නහර තියෙනවද? සමහරු වීරයෝ වෙනවනේ එහෙම මැරුවම... බයට වඩා මට හිතෙන්නේ එයාලට පොරත්වයක්!

    තවත් දෙයක් තමයි, මේ අයට දඬුවම් දෙන්න කියල උඩපනින සමහර උන්දලා කියන්නෙත් 'මුන්ට ගල් ගහලා මරන්න ඕනේ' හෝ ඒ වගේ දේවල්නේ අප්පා. එතකොට මොකද්ද වෙනස?

    ReplyDelete
    Replies
    1. ඒක හරි උපේක්ෂා..........

      මොන වැරැද්ද කරලා තිබ්බත් ඒක විසදන්න නීතියක් තියෙනවා. ඒක නිසා තමයි හිතුණ වෙලාවට අරං ගිහින් පස්සේ නඩු දාන්න බැරි කළ යුත්තේ... කලින් වුණේ ඒකයි. නමුත් මෙහෙමත් දෙයක් තියෙනවා උපේක්ෂා මේ සිදුවීම් වුණ වෙලාවේ ඔවුන්ට බලය තිබුණත් නීතිය ක්‍රියාත්මක කිරීම මගහැරි ආයතනයන්හී බලධාරීන් මෙතැනදී වගකීමෙන් බැදෙනවා. ඔවුන් ඇයි ඒ වෙලාවේ නීතිය ඉදිරියට මේවා නොගෙනාවි.... ඒකට අධිකරණ වෛද්‍යවරයා විතරක් නෙමෙයි දේශපාලනයට පස්සෙන් ගිහින් තනතුරු ගත්තු තව බොහොමයක් දෙනා ඉන්නවා. ඒ අය ගැනත් බලන්න ඕනේ. නැතුව මේක එක මිනිහෙක්ගේ කරෙන් තියන්නට බැහැ........

      Delete
  14. තව දුරටත් දිගින් දිගටම බලයේ හිටියනම් තව මොනව නොකරයි ද මේ අය.
    තව ටික දවසක් යනකොට හීන පෙන්නවත් නින්ද යන එකක් නෑ

    ReplyDelete
    Replies
    1. ඒක හැබැයි.............. බලය නිසා මිනිස්සු උමතු වෙනවා කියලා මේ මෑතක ආපු අයටත් මතක් කරලා දෙන්න වෙයිද දන්නෑ නේද????????

      Delete
  15. බලය සදාකල් නොරැ‍ෙඳෙන බව දැන සැමදෙනාම වැඩ කළොත් හොඳා ය.

    ReplyDelete
    Replies
    1. අන්න ප්‍රසන්න අයියාගේ උපදේශය.... මොකද ප්‍රසන්න අයියා මේ දවස් වල වැඩ වැඩිද????? සද්දේ අහන්න නැතුව නිකං පාලුයි වගේ....... සම්පත් බැංකුවවත් කුළියට ගත්තද???????

      Delete
    2. බැංකුව ගන්න තමයි ඉන්නෙ. ඊ්ට කලින් ඉන්න බංකුව හදාගන්න එපැයි. ඒකයි.

      Delete
    3. ඒක හරි.......... ඒත් ඉතින් ගත්තත් මැනේජර්කමනං ලේසියෙන් ලැබෙන එකක් නැහැ....... ඒවාට අයිතිකාරයෝ ඉදියි..... විදානයා යන එන ගමන් ගිණුමක් එහෙම ඇරගෙන ම යන්නැතෑ...... ඒකේ ගිණුම් ජාතියක් විදිහට ගල් අකවුන්ට් කියලා එහෙම ජාතියක් දාන්නත් බැරියෑ නේද,,,,,???

      Delete
    4. ආාාාා පුසන්න අයියා..
      අර බැංකුවේනං මැනේජර මං දන්න කෙනෙක් ඒ හින්දා දැං මගේ වැඩේ ගැනත් සුවර් එකක් නෑ...

      Delete
    5. මැනේජර්ව දන්නවානං අකවුන්ට් එකක් ඇරහංකෝ....... අර බ්‍රාන්ච් නැති බැංකු වලින් ඉවත් වෙයල්ලා........

      Delete
  16. ඔය මොන අයියත් ඔහොම තමා. මේ අව්රුදු පහ ගියහම මෙයාලගෙත් වැඩ කෑලි ටික බලතැහැකි

    ReplyDelete
    Replies
    1. හරියට හරි............. ඊළග පාර හිරේ යවන්නේ කවුද කියලා තමා ජනතාවට තීරණය කිරීමේ අයිතිය තියෙන්නේ..... සාමාන්‍යෙයන් කියන්නේ කවුද පාර්ලිමේන්තු යවන්නේ කියලානේ ජනතාව තීරණය කරන්නේ... ඒත් දැන් ඒක වෙනස් වෙලා....

      Delete
  17. ඒලියන්ත වයිට් කොහෙද හැංගුනේ?

    මොනවවුනත් ඒකාලෙ බනානා රිපබ්ලික් එකක සියලු ගුණාංග සම්පූර්ණකලා

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා............... බනානා කබානා...........

      Delete
  18. අපි හිටියේ හරි උඩ නෙවැ මුරුංගා අත්තක වුණාට....
    සහතික ඇත්ත.....

    කව්ද හිතුවෙ දොස්තර - කඩාන වැටෙතියි
    මුරුංග අතු - අපි උන් ඉස්සර

    ReplyDelete
    Replies
    1. හැබැයි හැබැයි............. ගොඩක් මිනිස්සුන්ට උඩට ගියාම අමතක වෙනවා ඉන්නේ උඩ වැටුනොත් රිදෙනවා කියලා...

      Delete
    2. ඉතින් සංජය සාදරයෙන් පිළිගන්නවා මේ පැත්තට.... අපි හිතන්නේ මේ කලුගල් හාදයා වෙන්ටෑ කියලා.... අපි හරිද??????

      Delete
  19. ඇයි තාමත් යහපලකයෝ කල් මරන්නේ මුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න.හැමෝම බලන්නනේ ඩිල් වලින් හරි තමන්ගේ තැන පරිස්සම් කර ගන්න විතරයි.

    ReplyDelete
    Replies
    1. දේශපාලනයනේ මනෝජ්............... දේශපාලනයනේ........

      Delete
  20. තමා කල කර්ම සදා තමා පසුපස පැමිණෙයි. ඒ කෙසේද යත්, ගොනා පසුපස දිව එන කරත්තය මෙනි...

    ReplyDelete
    Replies
    1. අන්න ඉතින් ගොනා කිව්වා............ ඒ සතා දන්නවානං අගහරුවාගේ කෝච්චියට පැනලා මැරෙනවා.. හැක්

      Delete
  21. සූරිය කන්ද හෑරුවා වගේ නොවී වැරදි කාරයොන්ට දඬුවම් දෙන්න කොන්දක් තිබ්බොත් හොඳයි

    ReplyDelete
    Replies
    1. ජන්දේ කාලෙට අපි ඔක්කොම කොහොමත් මිනීවළවල් හාරනවා, ෆයිල් එහෙට ගෙනියනවා.. අම්බෝ වැඩ කෝටියයි!

      Delete
    2. හැමදාම ඡන්දනං හොදයි කියලත් එතකොට හිතෙනවා නේද????????

      Delete

Related Posts Plugin for WordPress, Blogger...