Thursday, November 12, 2015

කඳුළු කැට කැට තවත් වෑහෙනවා.............





හිතේ පාලුව තවත් ඉකිලනවා
රාේස පෑ උවනට මුවාවී 
නීල දෙනයන තෙත් කරාවී
පෑල දොර අැරලා දුක පලා යනවා
හිතේ පාලුව තවත් ඉකිලනවා................

සැඩ සුළං හමලා
තැනූ මන්දිර අරං ඉගිලෙනවා
ඔය හිනා නැති
ඔය කතා නැති 
අාදරේ හෙට තවත් තනිවෙනවා
නෙත් කෙවෙනි පලලා
කඳුළු කැට කැට තවත් වෑහෙනවා.............

මුතු හිනා මැවිලා
මගෙ හීන ටික බලෙන් උදුරනවා
නුඹ ළඟින් නැති
සුවඳ එන්නැති
මගෙ හීන හෙට තවත් තනිවෙනවා
මගෙ සවන් පලලා
ඉකිගහන හඬ තවත් රැව්දෙනවා..............



තුෂාර විතාරණ


.

76 comments:

  1. තුෂාර ලස්සන පද ටික..................හැබැයි ඔයාට පාලුයි කියලා මම දැනගෙන හිටියෙ නැති ඒක තමයි ප්‍රශ්නය..........

    කාංචනා

    ReplyDelete
    Replies
    1. දෙවියනේ අද මම තමයි පළවැනියා.......

      කාංචනා

      Delete
    2. හයියෝ ඔයා දැනගෙන හිටියෙ නැද්ද? අන්න රටේම ඉන්න බ්ලොග්කාරයො දන්නවලු. බෙල්ලම මිරිකන්න තුශාරයගෙ?

      අපිට වැඩ නිසා ඔයා එක උනේ හරිය?

      Delete
    3. අා............... දී කිරට බළලුත් සාක්කිද?????

      Delete
    4. අෙන් මන්දා ඒක බත් හැලිය ෙබදාෙගන කන ෙදන්න ෙදමාල්ෙලා්...

      Delete
    5. විදානේ......... ගින්නක් අැවිළෙනවානම් පිදුරු දාන්න කොහේහරි ඉදන් දුවනවා නේද?බත් හැළියෙ නම් නෙවෙයි රයිස් කුකර් ඒෙක් තමයි.ඒ වුනත් මක්කටැයි බොක්ක වෙනස් නම්...........

      කසුන්.... තුෂාර.රටටම හොද නැතුවට මට හොදයි..හික්...හික්

      කාංචනා

      Delete
    6. කසුනෝ............... හූ හූ.......... හුක්කි හුක්කි හූ............

      විදානේ............... හූ හූ.......... හුක්කි හුක්කි හූ............


      තුෂාර...........

      Delete
  2. කවිය ලස්සනයි ...දුක හිතුණු හදවතක කදුළු ගැන කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. හ්ම්...........................

      විරහව ගැන ලියන්න හිතුණා...... පද ටිකත් ගැලපුණා.... ඉතින් ලියුවා.... ස්තූතියි කමෙන්ටුවට

      Delete
  3. ඒක ඔට්ටු නෑ ...ඔයාලා එක පවුලේ කට්ටියනේ...වෙන කෙනෙකුට එක වෙන්න දෙමු හොඳද...?

    ReplyDelete
    Replies
    1. ඒකත් අැත්ත...... කාංචනා ඒක්ක තමා විසද ගන්න වෙන්නේ.... බලමු මොකද කියන්නේ කියලා......

      තුෂාර

      Delete
    2. හරියට හරි නංගා..මමත් පලවෙනි කමෙන්ට් එකට රන්ඩු වෙන එකෙක්

      Delete
    3. හරි මෙන්ඩො. සෙට් වෙලා අදිමු එලම වලියක්.

      Delete
    4. හරි මාත් සෙට් වෙනවා උඹලා ඒක්ක..... කාංචනා මේකට උත්තර දෙනු.........

      Delete
    5. කාංචනාගෙන් අහපන් අපේ මාෂල් විදානයාට ෆෝන් නම්බර් එක දෙන්නද කියලා බිපු දවසක කතා කරන්න

      Delete
    6. මචං නම ස්ථිර කරාද???????

      වෙල් විදානේ නොහොත් ෆීල්ඩ් මාර්ෂල්... කෙටි කරාම විදානේ නොහොත් මාෂල්..... පට්ට අෑ...............

      කොහොමත් ඔ්කා බීපු දවසට කෝල් ඒක ගත්තා ම ෆෝන් ඒක ගන්නේ කාංචනා තමා.. අතට අරං කියනවා අන්න මතක් වෙලා කියලා... ඊළග පාර මං දෙන්නම්කෝ ෆෝන් ඒක.... ඔ්කට හිතෙයි බිව්වේ අපරාදේ කියලා...... සමහර විට ඔ්කා අායෙ බොන ඒකකුත් නැහැ දෙකක් කතා කරොත්... හැක්............

      Delete
    7. මට හිතාගන්න පුළුවන් තුෂාරෙයා් උඹ විඳින දුක...

      (ඉහත ෙකාෙමන්ටුවට අදාලව පලකරන ලදී)

      Delete
    8. ඔවි විදානෙ තුෂාර පව්.බලු දුක් විදින්නෙ............හික් හික්......(දැන් සතුටුද)

      කාංචනා

      Delete
  4. මේ කවි පදවල අරුත් අපි හැමෝගේම ජීවිත වලට සමීපයි.ලස්සන නිර්මානයක් තුෂාර...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනෝ...............

      අද විරහව අකුරු කරා..... අාදරය, විරහව කියන්නේ දුක සතුට වගේ හැමකෙනාම අත්දකින දෙයක්නේ......

      Delete
  5. පාළුව,තනිකම...ලස්සනට ලියල....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉන්ද්‍රජීත්

      Delete
  6. දුක, ආදරය.... එක ලඟින් යන දෙකක් නේ කොහොමත්. අර කිව්වත් වගේ, ආදරය කියන්නෙත් තණ්හාවක්. තණ්හාය ජායථී සොඛෝ කිව්වලු.

    ReplyDelete
    Replies
    1. ඔව් අගහරුවෝ.................

      ඒත් ඉතින් කෝච්චියක යනවා වගේ ජීවිතේ ඔය හැම දේම සමව තියෙන්නත් ඒපැයි නේද????

      Delete
    2. අනිවාර්යෙන්. ඒත් මම හිතන්නේ පුළුවන් විදියට අනවශ්‍ය දේවල් ඈත් කරලා අත්‍යවශ්‍ය දේවල් විතරක් අරගෙන ගියාම පීලි පනින්න තියන ඉඩ අඩුයි.. අද කාලේ තියන එන්ජින් වලට තනියම කඳු තරණය කරන්න පුළුවන්. බෑන්කින් එන්ජින් අවශ්‍ය නෑ. (තේරුනාද මන්දා)

      Delete
    3. තේරුණා තේරුණා......... අගහරුවෝ...

      නොතේරෙන්නේ මක්කෙයි අපි ඉතින් බඩු කොච්චි වගේ ජාතියක්නේ......

      Delete
  7. බැඳීම් වලින් රැගෙන එන්නේ දුකම පමණයි...

    ReplyDelete
    Replies
    1. ඔව්........... අම්බලං.

      ඒකත් අැත්ත..... ඒත් අපි බැදීම් ඒක්ක ජීවත් වෙන්න ටිකක් වැඩිපුර කැමතියිනේ......

      Delete
  8. හරිම ලස්සනයි කුරැටු

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ශානු..........

      Delete
  9. //මුතු හිනා මැවිලා
    මගෙ හීන ටික බලෙන් උදුරනවා// හරිම භයානකයි නෙහ්.. හැක හැක..
    නින්ද නොයනව කියන එකට කියාපු උපමාව!

    ReplyDelete
    Replies
    1. ඒ්ක තමයි කළ්‍යාණ මිත්‍ර........තුෂාරට නින්ද නොයනවා කියද්දී මටත් අවුල්.මගෙ හීනද දන්නෙ නැහැ බලෙන් උදුරන්නේ.....

      කාංචනා

      Delete
    2. ඒ්ක තමයි කළ්‍යාණ මිත්‍ර........තුෂාරට නින්ද නොයනවා කියද්දී මටත් අවුල්.මගෙ හීනද දන්නෙ නැහැ බලෙන් උදුරන්නේ.....

      කාංචනා

      Delete
    3. කාන්චනා දෙපාරක්ම අවුල් වෙලා. තුශාරයටත් මොකද අද මේ ඩබල් වැදිලා?

      Delete
    4. "කාංචනා කාංචනා
      හිතන්න පොඩ්ඩක් ආදර කාංචනා
      බලාපොරොත්තුව හිස්කර ලන්නේ
      අපි නැත ඔබේ සෙනෙහස උදුරන්නේ
      හිතන්න පොඩ්ඩක් ආදර කාංචනා......."

      ගායනය - ත්‍යාගා එන් එඩ්වඩ්

      Delete
    5. කුරුටු පවුලටම කම්මල සින්ඩ්‍රෝම් හැදිල වගෙයි.

      Delete
    6. අඩේ සින්දුවෝ............ මමවත් දැනගෙන හිටියේ නැහැනෝ බොල මේ තරම් ගැලපෙන සින්දුවක්... ස්තූතියි

      ප්‍රසා.............. අපිත් කම්මලයාට ගේමට තමා මේක කොරන්නේ...... බලමු කවුද දිනන්නේ කියලා......

      Delete
  10. දුක තමයි සද රංඡනි...තාත්තට පඩි හම්බ වෙනකන්..
    එල ද බ්‍රා ලියවිල්ල

    ReplyDelete
    Replies
    1. දැන් තාත්තාට පඩි හම්බෙන්නේ කවදද ඒතකොට......

      Delete
  11. නියම පද පෙලක් තුෂාර.

    නෙත් කෙවෙනි පලලා, සවන් පලලා... හෙක්. මේක හරි හයානකයිනෙ.

    ReplyDelete
    Replies
    1. ඒහෙම තමා බං අාදරය කියන ඒක ටිකක් දැනෙන්න ලියන්න ඔ්නේ.... ඒක තමා කවීත්වය බොල...

      Delete
  12. මගෙ සිහිනය මට දකින්න
    ඉඩ හරින්න
    මගෙ සිහිනෙන් මා මුදන්න
    ලං නොවන්න.......//

    සදැස්විදා මොණරැ නටති මේඝ වළා පාවේ
    වළා වැලෙන් ගෙලේ වැටේ මලිතිය මල් මාලේ
    සහ ගුම්බිගු පේලි සැදි නගත මධුර නාදේ
    මල්ගොමු තුල නිල් පළු දල යහන් නිබඳ සෑදේ......

    මගේ සිහනය............

    ලවන් ඔඩම තුඩ තබමින් බොත රස මධු පානේ
    සුරත් සහන් එළි දැල්වෙ දෙනුවන් මිණිපානේ
    ලඹ තුන්සපු දුනුකේ මැද පිපුනු එකම යායේ
    ඇවිදිමු මුතු පබළු වැටෙන සිහිලැල් සඳ පානේ...........

    මගෙ සිහිනය......

    පද රචනය- සුනිල් ආරියරත්න
    සංගීතය සරත් දසනායක
    ගායනය - නන්දා මාලිනි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සින්දුවෝ................ අැත්තට ම මං අාසම ගීතයක්.... සුපිරියි

      Delete
  13. ලස්සනම ලස්සනයි...............

    ReplyDelete
    Replies
    1. තැන්කූම තැන්කූ...........

      Delete
  14. හිතට දැනුනු කවි පෙලක්. නියමයි තුශාරයො.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කසුන්...............

      Delete
  15. ලස්සන පද ගැලපීමක් අයියෙ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉසුරි............... අර දෙවැනි කවිය මේකෙන් පස්සේ දාන්නම්..

      Delete
    2. හා හා අයියෙ.... අපේ බෙයා මතක් කළා කියන්න...

      Delete
    3. ඉසුරි මේ කූගැප අපේ හරිද...ඔය එක එක පනිවිඩ ගෙනියන්න බෑ..පනිවිඩය කවියකින් ලියලා දුන්නොත් පලකරන්නම් ඔයා පවු නිසා..

      Delete
    4. මෙන්ඩෝ............... ඒ අක්කලා නංගිලාගේ ගණුදෙනු...... ඒවාට අකුල් හෙලන්න බැහැ... මොකද ඒ අක්කා මගේ ගෙදර උන්දෑ....... ඉතින් බං මං කොහොමෙයි මේ පණිවුඩ නොකියා ජීවත් වෙන්නේ......

      Delete
    5. හූ..හූ........ඕන් දැක්කද මෙන්ඩ අයියෙ?

      Delete
  16. සිතා සිටියත් ලඟින් ඉන්නට දිවිතුරා මේ ජීවිතේ
    ඉපිද මැරෙනා සසරෙ මොනවද සදාකාලික පැවතුනේ
    තාවකාලික ලැබූ දිවියේ ඵල නෙලන්නට යාලුවේ
    විරිය වඩමින් ගතකරමු අපි ඒපා ඉන්නට පාලුවේ

    බොහොම අගෙයි තුෂාර

    ReplyDelete
    Replies
    1. තෙලියෝ................. පට්ට කවියක්නේ.... අැත්ත ඔ්ක තමා....

      Delete
  17. බුදු සන්තෝ...නිකං ඔලුවෙන් හිටගෙන කතුරු ඔංචිල්ලාවෙ ගියා වගේ හැඟීමක් එනවා...ආදරය, විරහව, බලාපොරොත්තුව, තව මෙකී නොකී හැඟුම් දස දහස් ගණන්...දවස් ගාණක් කල්පනා කරන්න තරම්...සත්තයි...නියමයි තුෂාරයෝ...

    ජය වේවා!!!

    අසංක

    ReplyDelete
    Replies
    1. තැන්කූ අසංක අයියා.... තැන්කූ.....

      කොහොමත් ඉතින් අපි දැන් ඔලුවෙන් හිටගෙන කතුරු ඔන්චිල්ලාවේ යනවා වගේ තමයි නේද??????

      Delete
    2. ඇයි හැමදාම උඹට විතරද නාහෙන් අඬන්න ඔට්ටු?

      Delete
    3. හා උඹත් අඩහං.......... මං මුකුත් කියයිද බලන්න

      Delete
  18. ඔය කොයි කොයි බුවාටත් ඔහොම දැනුණු කාල පරිච්ෙඡ්ද තිබිල තියනවා.. නියමයි තුෂාර....

    ReplyDelete
    Replies
    1. සාජ්ජා..................

      මිනිස් ජීවිතේ කියන්නේ හැම දෙයක් ම දැනෙන විදින විදවන ඒකටයි....... ඉතින් මේ හැම දෙයක් ම මනුෂ්‍ය හැගීම් මිසක් අමුතු දෙයක් නෙමෙයි තමයි..... කොහොමත් සාජ්ජා අාදරය සහ විරහව කියන දෙකට ලෝකයෝ මිනිස්සුන්ගේ ලොකු ඉල්ලුමක් තියෙන්නේ ම ඒ හැගීම් ඒ තරමට මනුෂ්‍යයන්ට සමීප නිසා වෙන්නැති නේද???

      Delete
    2. අනිවාර්‍යෙන්... මිනිස්සු කොයි තරම් ලොකු කතා කිව්වත් සංවේදී වෙන තැන ඔතන..

      Delete
    3. සාජ්ජා.................... හැම මිනිහාට ම මේ අත්දැකීම් දෙකම තියෙනවා.... ඒක හැමෝට ම පොදුයි.... අැත්ත ඒකයි.... අපි හැමෝම ඒ ගීත මේ තරම් විදින්න කැමති ඒකයි......

      Delete
  19. මෙලෝ රහක් නෑ..

    ජ ය වේ වා !!
    -(හෙට දවල්ට මං

    ReplyDelete
    Replies
    1. බොට කෝල් කරන්නං)

      Delete
    2. -(හෙට දවල්ට මං බොට කෝල් කරන්නං දෙකක් දාලා පුලුන් කෑලි දෙකක් කනේ ගහන් හිටු)

      Delete
    3. මං හිතන්නෙ මේ කොමෙන්ට් එක දානකොට විදානය මොකක් හරි කඩාකප්පල්කාරී ක්‍රියාවකට ලක්වෙලා තියෙනව.

      Delete
    4. ප්‍රසා.......................... මෙන්ඩෝ.................

      මේ කෝල් ඒක ඒනකල් ම මං මේ කමෙන්ටුව දැක්කේ නැහැ... දැනුයි දැක්කේ.. කෝල් ඒක උදේම අාවා..... යකෝ පට්ට සමාජ සත්කාරයක් ගැන අපි කතා කරා.... තව පොඩි සාකච්ඡාවක් දාන්න තියෙනවා දවල්ට.... ඊට පස්සේ උඹලාටත් විස්තර කියන්නම්.......

      අපේ මාෂල් බීපු නැතිවෙලාවට මාර හොදයි බං...... ප්‍රසා උඹටනම් මේකට පහසුවෙන් ම සෙට් වෙතහැකියි.... විස්තර කියන්නම්.. ටික දවසක් දීපං....

      Delete
    5. //අපේ මාෂල් බීපු නැතිවෙලාවට මාර හොදයි//
      හැක්.. මොකට කියනවද ඒ ගැන.

      Delete
    6. අැයි ඔ්කා බොන්නැති වෙලාවටත් පිච්චු කෙලිනවාද?????

      Delete
  20. පාළුව තනිකම අපිටත් හොරෙන් අපේ හිතට රිංගලා අපිව රිද්දවන දෙයක්නේ මචං..

    ReplyDelete
    Replies
    1. ඔව් දිනේෂ්.............. සමහර වෙලාවට අපි කරලා තියෙන්නේ දුක හොයාගෙන යන ඒකද කියලත් හිතෙනවා නේද????? ඒත් දුක කියන්නේ සතුටෙම අනික් පැත්තනේ..... ඒ නිසා අපි සතුට හොයාගෙන යනවා කියන්නේ කොහොමත් දුක අපිට හම්බෙනවා කියන ඒක නේද??????

      Delete
  21. අනර්ඝයි තුෂාරයෝ
    ජයවේවා!

    ReplyDelete
  22. කවිය හොදයි
    බොරු කියන්නෙ මොකටද බං අර වෙනද තියෙ ගැම්ම නෑ
    ඒ කියන්නෙ මේකයි
    තැනිං තැනිං තාල බිදෙනව ඒ මදිවට නොගැලපෙන තැනක් දෙක්කුත් තියේ
    උඹට මක වෙලාද
    නැත්තං මේ නාපු දවස් ටිකට මගෙ ෆියුස් එකක් ගිහිංද
    හොයල බලන්නම වෙනා

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...