Monday, October 26, 2015

දෙපා බැදි යදම් වැල් නූල් පොටකට තරං .............



වඩිනු මැන හිමි සදුනි
මා උරෙන් රැගෙන යමි..
බැඳි දෙපා හෙමි හෙමින්
තබා ඔබ නොසොල්වමි..
දෙකන් පෙති මත තබා
පවන් පත් සලන්නෙමි..
නොහිතන්න සාමිනේ
මම ඔබව රකින්නෙමි..

හෙණ්ඩුවට බය කරන්
දෙපැත්තෙන් ඉන්නවද
ගිණි බෝල කරවං
තවත් බය කරනවද
තිරිසනෙක් නං පිටේ
කරඩුවක් තියෙනවද
කුහුඹු වැනි මිනිස්සුන් 
දෑත් බැ වදිනවද


දෙපා බැඳි යදම් වැල්
නූල් පොටකට තරං
හෙණ්ඩු ගිණිබෝල වැල්
බයක් නොදැනෙන තරං
ගරුසරු ව පය තබා 
වඩම්මන්නට උරෙං
හිත පුරා කරුණාව 
තියෙනවා අැති තරං


තුෂාර විතාරණ



පසු සටහන - අලුත්නුවර කතරගම දේවාලයේ වාර්ෂික පෙරහැර මංගල්‍යය නරඹමින් සිටින විට හිතට දැනුණ හැගීමක් අකුරු කිරීමකි........

.

100 comments:

  1. ඇත්තටම උන්ට එහෙම හිතෙනවා ඇති.

    ReplyDelete
    Replies
    1. දුකක්........... කණගාටුවක් හිතට දැනුනාට ඒ සතා මාර හික්මීමකින් යන්නේ බණ්ඩේ...

      Delete
  2. මමත් හිතන්නෙ දංවැල් හෙන්ඩුවට බයක් නෙමෙයි භක්තියට තමයි එච්චර ශාන්තව යන්නෙ...ඒත් අපේ එවුන් හිතන්නෙ ඒක නිවටකම කියලා

    ReplyDelete
    Replies
    1. ඔව්................ ඒත් කොච්චර කරත් කැලේට වෙලා තමන්ගේ පාඩුවේ ඉන්න තියෙන සතෙක් නේද කියලා හිතෙනවා මචං...

      Delete
    2. මෙන්ඩා
      අලි අනිත් සතුන්ට වඩා වෙනස්..
      අලියා දන්නවා තමන් පෙරහැරට සූදානම් කරනකොට..
      කරඩුව ගෙනියන අලියා හරි අඩම්බරකාරයා කියලා කතාවක් තියනවා.ගොඩක් පරිස්සමින් ඒ වැඩේ කරනව කියලයි කියන්නේ.තමන්ට ලොකු වගකීමක් පැවරිලා තිබෙන බව ඒ සතා දන්නවා..ඒ අලියාගේ හිතේ මේ ගැන ප්‍රසාදයක් ඇතිවෙනවා ඇති...අලි රංචුවක හැසිරීමක් බැලුවොත් තෙරේනවා අනිත් සතුන්ට වැඩිය ලොකු වෙනසක් උන්ගේ තියනවා.බුද්ධිමත් බවක් තියනවා අනිත් සතුන්ට වඩා..

      මෙන්න මේ විඩියෝ එක බලන්නකෝ....https://www.youtube.com/watch?v=p9pekF3bV6w

      Delete
    3. ඔව් මනෝ......................

      අලියා බුද්ධිමත් ම සතා කියනවානේ....... අනික අලින්ට හොද මතකයකුත් තියෙනවා කියනවා...

      Delete
    4. අලියා නෙමේ බං. ඩොල්පින් තමා බුද්ධිමත්ම. සමහර හැකියාවන්ගෙන් මිනිසාටත් වඩා ඉදිරියෙන්. අලියාව මුල ඉඳන් බය කරලා තියෙන්නෙ.

      Delete
    5. බුද්ධිමත්ම සතා විදියට ඩොල්පින් නම්කරලා තියෙන්නේ තෙරුම් ගැනිමේ හැකියාවයි අනිත් සතුන්ට වඩා චර්යාවන්ගේ පවතින වෙනස්කම් එක්කයි වෙන්න ඕන මම හිතන්නේ..ඩොල්පින් යමක් පුරුදු කලාම ඒ දේවල් අනිත් සතුන්ට වඩා ඉතා ඉක්මනින් ඉගෙන ගන්නවා කියලා හොයාගෙන තිබෙනවා..

      ඩොල්පින්ලා තරමට නොවුනත් අලියත් අනිත් සත්වයන්ට වඩා බුද්ධියෙනුත් සමහර චර්යාවන් වලින් ඉදිරියෙන් ඉන්නවා.සතුන් අතරින් පවුලක් විදියට දිගටම ජීවත්වෙන සත්ත්වයකුට ඉන්නෙත් අලියා කියලා මම අහලා තියනවා.අනිත් සතුන් ඒ තරම් කාලයක් එකම පවුලක රැදෙන්නේ නෑ.සමහර සතුන් තමන්ගෙම දරුවන් සමග සංසර්ගයේ යෙදෙනව.නමුත් අලි එහෙම කරන්නේ නෑ කියලා හොයාගෙන තිබෙනවා.

      Delete
    6. මධුවෝ........... මනෝ...

      මං නං හිතන්නේ මිනිස්සුන්ට වඩා බොහෝ දුරට සත්තු ඉස්සරහින් ඉන්නවා.... අපි අායෙම සත්තුන්ගෙනුත් පල්ලෙහාට යන ජාතියක්නේ බං....

      Delete
  3. දැක්කේ නැද්ද උල් හයි කරපු දංවැල්..

    ReplyDelete
    Replies
    1. අම්මපා... මෙහෙම වද දීලා මොකට ද දේශෝ.............

      Delete
  4. මිනිස්සුන්ගෙ ආගම්වලින් සත්තුන්ට වැඩක් නෑනෙ. උන්ට ඕන කැලේ ජීවත් වෙන්න. මේක බරපතල සත්ව හිංසාවක් බව සමහරුන්ට පේන්නෙ නෑ. උන් කියන්නෙ මේ අලි පින්කාරයො කියල. පින්කාරයො නෙමේ හෙන්ඩුවට බයේ වධ හිංසා විදින පවුකාර අලි.

    ReplyDelete
    Replies
    1. ඔව් ම.ම ඒක්ක මාත් ඒකගයි.... ඒත් සත්ව හිංසාවට විරුද්ධ අය මේ ගැන කතා නොකරන්නේ අපේ සංස්කෘතික ලක්ෂණයන්ට විරුද්ධ වෙන්න බැරි නිසා නේද?????? පෙරහැරේ නටන අවුරුදු 4, 5 පොඩි වුන් ගැන ඔය ළමා අාරක්ෂක අය කතා නොකරන්නෙත් ඒ නිසාද?????

      Delete
    2. දළදා පෙරහැර ක්‍රි :ව :301- 328 කාලයේදි කිතිසිරිමෙවන් රජුගේ දවසේදි තමයි මුලින්ම වීදි සංචාරය කරලා තියෙන්නේ.පෙරහැරට මේ නොයෙක් අංග ඉන් පස්සේ තමයි ක්‍රමයෙන් එකතු වෙන්නේ.කතරගම පෙරහර දුටුගැමුණු රජු සමයේදි රාජ්‍ය අනුග්‍රහයද ලබමින් පැවත ආ බවට තොරතුරු තියනවා.වඩ වඩාත් පෙරහැර උත්කර්ශවත් කරන්න අලි ඇතුන් වගේ සතුන් වැඩිපුරම පෙරහැරට යොදාගැනීම සිද්ධ වෙන්නෙත් පස්සේ කාලයකදි.පොළොන්නරු යුගයේදි මහ පරාක්‍රමබාහු රජතුමා ඇතුන්ට අමතරව අශ්වයිනුත් පෙරහැරට යොදවපු බව මහාවංශ ටිකාවේ සදහන් වෙනවා.මෙවගෙන් පැහැදිලි වන දෙයක් තමයි රජවරු තම තමන්ගේ බලපරාක්‍රමය අනුව ඒ ඒ කාලවකවානුවලදි පෙරහැර අංග ක්‍රමයෙන් සංවර්ධනය කරලා තිබෙන බව.

      නමුත් මේවා බුදුසමයටනම් එකග නැ.ඔන්න අලි ඉතා කැමැත්තෙන් කැලේ ඉදලා ඇවිත් මේ පෙරහැරට එකතු වෙලා ශ්‍රද්ධාවෙන්ම මේ වැඩේ කරනවා නම් ඒක අලින්ගේ කැමැත්ත කියන්නවත් තිබුනා.මේ අලි පිංකාරයි කියන එකත් බුදුසමයට පටහැනියි.සත්ව ලෝකයේ උපදින්නේ පිනකට කියලා බුදුසමයේ කියවෙන්නේ නැ.මේ වගේ තැනක උපදින්නේම පාපයක් නිසයි.නිදහස නැතිවෙලා,අවශ්‍යතාවයන්වත් ඉටුකරගන්න බැරිව,යදම් වලට හිරවෙලා,බයෙන් පීඩාවෙන් මුලු ජීවිතයම හිරවෙලා ගෙවන්න වෙන එක පිනක්ද.?.දළදා වහන්සේ වැඩම වන්න අලියා පිංකරලා තියනවා කියන එකගැන තව දුරටත් හිතන්න වෙනවා.ඒ කාලයේ දළදා වහන්සේ ප්‍රවාහනය කිරිමට පහසුකමක් ලෙසයි අලියා යොදාගත්තේ.අනිත් සතුන්ට වඩා කැපිලා පෙනීමත් එක් හේතුවක් වුනා.අද ඊට වඩා නවීන පහසුකම් වගේම කැපිලා පේන විදියට වැඩමවන්න ඕන තරම් පහසුකම් තිබෙනවා.

      ඒ උනාට මේ අලි හරි පිංකාරයෝ කියලා මෙතන කියලා තියන හැටි බලන්නකෝ
      මෙතනින් යන්න

      Delete
    3. හොද විග්‍රහයක් මනෝ....................

      අැත්තට ම මේ පෙරහැර කියන්නේ ඒ ඒ රජවරුන් විසින් තමන්ගේ තත්වය පවත්වා ගැනීමට භාවිතා කරපු දෙයක්.. දැන් ඒක සංස්කෘතික අංගයක් වෙලා... දැන් අපි පෙරහැරක මට්ටම මනින්නනේ අලි ගාන භාවිතා කරන්නේ....

      Delete
    4. ඔවු මනෝ ඔය හාමුදුරුවො බුදු දහමට මනෝවිද්‍යාව , කිතුනු සංස්කෘතියෙ අංග ,මාක්ස්වාදී පක්ෂවල තරුනයන් දිනාගැනීමේ උපක්‍රම වගෙ දේවල් මුසු කරල අලුත් ආගමක් හදල. තව ටික දවසකින් බුදුන් වහන්සෙගෙ , රහතන් වහන්සෙලගෙ කටවුට් අරන් පෙලපාලිත් යයි.
      අලි පෙරහැර බුදුදහමට අනිවාර්ය නැහැ. අලිය කියන්නෙ තිරිසන් අපායෙ ඉන්න සතෙක්. ඒ නිසා ආගමික අංගයක් නිසා සත්ව හිංසාව ඕ කේ කියන මිනිස් තර්කයවත් මෙතනට ඇප්ලයි කරන්න බෑ.

      බිලිපූජා වලදි ඔය තර්කය අදාල වෙනව. මොකද බිලි පූජා කරන දේවාත්මය ලෙයටප්‍රියයි කියල. ඒක සාධාරන වුනත් නැතත් තර්කයක්. නමුත් දළදාවත් අලියත් අතර එහෙම සම්බන්ධයක් නෑ. තම ශරීර කොටස් පෙරහැරවල වඩම්මන්න කියලත් බුදුන් පවසා නැහැ. බෞද්ධ දර්ශනය කියන්නෙ සියල්ල අත් හරින්න කියන එක. විච්චූරන පෙරහැරකරන එක නෙමෙයි. අලි අශ්වයො ගෙනයනව කියන්නෙ තනිකර සෝබනේනෙ.

      සංස්කෘතිය කියන්නෙ වෙනස් වෙන දෙයක්. අදට ගැලපෙන ලෙස වෙනස් වෙන්න ඕන. දළදාව බී එම් ඩබ්ලිව් එකක වගෙ ගෙනිච්චොත් නරකද

      Delete
    5. මේ කතාව කිව්වම එක උපාසකම්ම කෙනෙක් මට කිව්වෙ ඒ වගේද පින කියල. ඒ වචන ටික කිව්වෙ අත දික් කරල ලතාවකට මහ හයියෙන්. ඒක කියපු විදියට මට ආයෙ කට අරින්න හයියක් තිබුනෙ නෑ.

      Delete
    6. මේ ක්‍රමය තාම පවතින්නේ ඔය කියපු අය අතේ තමා බං......

      Delete
    7. මේ අලි කරන්නේ පිනක්,කුසලයක් කියනකොටම මට ඇති වෙන ප්‍රශ්නයක් තියනවා.ඒ තමයි අක්ඛණ සූත්‍රයේදි බුදුන් වහන්සේ ඉතා පැහැදිලිව පෙන්වනවා සත්ත්ව ලෝකය කියන්නේ අභව්‍ය ස්ථානයක් කියලා.එතනදි කුසල් වැඩීමක් වෙන්නේ නැ.හේතුව සතෙකුට කුසල චිත්තය හදුනාගන්න හෝ දියුණු කරන්න බෑ.එහෙම පුලුවන්නම් අක්ඛණ සූත්‍රයේ තියෙන බුදු වදන ප්‍රතික්ෂේප කරන්න වෙනවා.ඇත්තෙන්ම බුදු සමයේ මූලධර්ම එක්ක මෙතන ගැටෙනවා....

      Delete
    8. ඒත් මනෝ බුදුරජාණන් වහන්සේ පාරිල්‍යෙය වනයට වැඩි අවස්ථාවේ සතුන්ගෙන් ලැබූ උදව් උපකාර සහ සිද්ධ කරගත් කුසල් කර්ම ගැන සදහන් වෙනවා නෙේද?????

      Delete
    9. වැදගත්ම කතාවක් මනෝ කිව්ව. සත්තුන්ට කුසල චිත්ත ඇති නොවන බව. මගෙ මතයත් ඒකයි. හැබැයි ගෙම්බො බන අහල දිව්‍ය ලෝකේ ගිය කතා පාරිලෙයිය කතාව වගෙ ඒව පසුකාලීනව ගොතපුව වෙන්නැති. සත්තු සෝවාන් වෙනව වගෙ කතා නිකම් බැලූ බැල්මටම බොරු වගෙනෙ. සතෙකුට මිනිස් ආගම් ගැන හැඟීමක් ඇති වෙන්න බෑ. සතෙකුට නෙමෙයි වනචාරී ගෝතිර්කයෙකුට වුනත් හාමුදුරුකෙනෙක් දැක්කොත් හැඟීමක් පහල වෙනෙන් නෑ. බ්‍රහ්මවන්සෝ හාමුදුරුවො පින්ඩපාතෙ යනකොට එන්ගලන්තෙ දියුණු මිනිස්සු හිතුවෙ විකට ඇදුම් තරගෙකට ගිය කෙනෙකුට පාර වැරදිල කියලලු.

      මේ ගැන කතා කරන්න පුලුවන් වෙන විදියෙ පෝස්ට් එකක් දාන්නම්කො

      Delete
    10. ඉතා වැදගත් ම.ම.....

      ඒ පෝස්ටුවේ දී ම තවත් සළකා බැලිය යුතු පැත්තක් මමත් කියන්නම්... ලෝක පරිණාමනය ගැන හිතුවොත් මුලින් ම බිහි වෙන්නේ සත්තු... පස්සේ තමයි මනුස්සයා අැති වෙන්නේ... ඒතකොට සත්තුන්ට මනුෂ්‍ය අාත්ම ලබා ගන්න බැරි නම් කොහොමද මෙහෙම මිනිස්සු පසුව බිහිවෙලා දැන් වැඩි වෙලා ඉන්නේ... ඒක අාත්ම සංකල්පයත් ඒක්ක ගැටීමක් අැති වෙනවා.... පරිණාමවාදය, අාත්ම සංකල්පය, පිං පව් කියන මේවා ගැන ටිකක් සංවාදශීලීව අපි කතා කරමු..... ඒ පෝස්ටුව ඉක්මනින් ම දාමු ම.ම...... ජයවේවා...

      Delete
    11. කුරුටු ඇත්තෙන්ම මෙවනි දේ ගැන සංවාදයක් ඇතිවෙනවනම් ඒක කාලිනයි කියලයි මටත් හිතෙන්නේ...

      නූතන විද්‍යාවේ සමහර කරුනු බුදුසමයත් එක්ක නොගැලපෙන තැනුත් තියනවා.සත්වයාගේ ආරම්භය හා විකාශය ගැන බුදුසමයේ කියවෙන මතයේ පොඩ් වෙනසක් තියනවා.සප්තසූර්යගමන සූත්‍රෙය් කියවෙනවා එක් කලකදි විශ්වය විනාශ වන බව.එහිදි බොහෝ ජීව්න් විනාශ වෙනවා.ටික කලකදි පෘතුවිය නැවත ජීවයට සුදුසු ආකාරයෙන් සකස් වෙනවා.අග්ගඥ්ඥ සූත්‍රයේ කියවෙනවා පෘතුවියට වාසයට මුලින්ම ජීව්න් පැමිනෙන්නේ පිටින්.එහි තිබෙන අකාරයට නම් එම ජීව්න් මනුෂයාට වඩා උසස්.කාලයත් සමග එම ජීව්න් පෘතුවි වාසයට ගැලපෙන ලෙසින් අනුවර්ථනය වෙනවා..ඒ අනුව යම් අනුමානයක් කරන්න පුලුවන් විශ්වය විනාශවීමත් සමග යම් දියුණු ජීවීන් පිරිසක් සුදුසු වාසස්ථානයක් හොයගෙන පෘතුවියට පැමීනීමක් ගැන.

      මචං මම කියවපු ලිපියක තිබුනා පෘතුවියට පිටින් පැමිනි ජීව් කොට්ඨාසයකින් පෘතුවියේ ජීවය ආරම්භ වූ බවට සමහර විද්‍යෘඥයන් මතයක් දරන බව.මම ඒ ලිපිය හොයලම විස්තරයක් දාන්නම්..

      Delete
    12. කුරුටු
      සතුන්ට කුසලයක් ඇති නොවන අනිත් හේතුව තමයි මෝහයෙන් යුක්ත වීම.මෝහ සිතකින් කුසලයක් උපදින්නේ නැ.කුසලය උපදින්නේ අමෝහ සිතකින්.ඒ බව සම්මා දිඨිටි සූත්‍රයේදි පැහැදිලි කරනවා.අමෝහ සිතක් පහල වෙන්නේ යෝනිසෝ මනසිකාරයෙන්,යොනිසෝ මනසිකාරයට හේතුවන්නේ සද්ධර්මශ්‍රවණය සහ ධර්මය මතකයේ තබා ගැනීම.තිරිසක් ලොව සතකුට මේ එකම කරැනක්වත් කරන්න බැ.නමුත් හිතේ යම් ප්‍රසන්නබවක් ඇති වෙන්න පුලුවන්,අර දළදා වහන්සේ වැඩමවන අලියාගේ හිතේ යම් ප්‍රසන්න හැඝීමක් ඇතිවෙලා තිබෙන්න පුලුවන් නමුත් ඒක කුසලය නෙවෙයි.අනිත් හේතුව තමයි සතකු වී උපදින්නේ අහේතුක ප්‍රතිසන්ධි විපාකයකින්.

      ඒ වගේම තව කාරණයක් තිබෙනවා.ඒ තමයි සම්මාදිට්ඨීය පූර්වාංගම නොවි කුසලයක් උපදින්නෙත් නැ.නමුත් සතකුට සම්මාදිට්ඨිය ඇතිවෙන්නේ නැ.

      සතුන් දිව්‍යලෝකයේ ගිය කතා නම් පසුකාලීනව ගෙතු බවට සාධක තිබෙනවා.‍බොහෝ කතා ගෙතෙන්නේ අනුරාධපුර යුගයේදි.ඒ තුලින් බුදුදහම ඒ තරම් විශ්ෂ්ඨයි කියන්නයි උත්සහ දරලා තිබෙන්නේ.නමුත් ඒනිසා බුදුසමයේම ඉගැන්වීම් අභියෝගයට ලක්වෙනවා.කොසම්බි සුත්‍රයේ තිබෙනවා බුදුන් වහන්සේ පාරිල්‍යෙය වනයේ වැඩහිටපු බව.නමුත් සතුන් උපස්ථාන කලා කියලා නෑ.මුචලින්ද කියන්නේ මනුෂයෙක් බව පිටකයෙන් පැහැදිලි වෙනවා.නමුත් සාහිත්‍ය තුල නාගයෙක් බවට පත්කරලා තිබෙනවා.

      Delete
    13. බුදු සමයේ පෘතුවියට පිටින් පැමිනි ජීවින් යනුවෙන් හදුන්වන්නේ කුමන පිරිසක්ද කියන එක නවීන විද්‍යාත්මක මතිමතාන්තර සමග ගලපමින් පැහැදිලි කරගැනීමට අපිට පුලුවන්නම් ජීව්යාගේ සම්භවය ගැන ගැටලුව විසදෙනවා.විද්‍යාඥයෝ පවා සමහර වෙලාවට පරස්පර මත ප්‍රකාශ කරලා තිබෙනවා.මානවයාගේ පරිනාමය ගැන කරලා තිබෙන පර්යේෂන වලදි හොමෝ ඉරෙක්ටස්,නියන්ඩතාල් වගේ මානවයන් ගැනත් දැනට පැහැදිලිවම සොයාගෙන තිබෙන නිසා මටනම් සමහර දේවල් පැටලලි සහගතයි.

      Delete
    14. බොහොම හරවත් සංවාදයක්.. මේවා කියවන්න ලැබීමටත් වාසනාවක්.

      මම පුද්ගලිකව අලි ඇතුන් පෙරහැරවල් වල අරන් යනවට විරුද්දයි. එකට ප්‍රධානම එකම හේතුව මේ ලක්ස ගණනක් ඉන්න තැනක මේ තරම් සද්දන්ත තිරිසන් සතෙක් විශ්වාස කරන්න පුළුවන් විද්‍යාත්මක මිම්මක් අපි ගාව නැති නිසා. ඒ වගේම මේ තරම් විශාල සතෙක් නිර්වින්දනය කරලා නවත්වන්නත් යම් කාලයක් ගතවෙන නිසා. මොනම විදිහකින් හරි මේ සත්තු කුලප්පු උනිත් වෙන අනතුර ගැන කව්රුත්ම හිතන්නේ නැහැ. මම හිතන්නේ නැහැ එහෙම අනතුරකට පෙර සූදානමක් තියෙනවා කියල පෙරහැර සංවිධායකයින්.

      පින පව ගැන කතා කරපු නිසා මගේ අදහසත් කියන්න කැමතියි. අපි මේ සත්තුන්ගේ විඥඥාණය ගැන හරියට දන්නේ නැති නිසා අපිට 100% ක් තහවුරු කරලා කියන්න බැහැ මේ සත්තුන්ට චේතනාවක් තියෙනවද ශ්‍රද්දාවක් වැඩෙනවාද කියල . බුද්ධ චරිතය වටා එකතු උන සියලුම පුද්ගලයින් කර්මානුරූපීව ඒ ඒ දේවල් පතාගෙන ආපු උදවිය නිසා දළදා වහන්සේ වැඩමවීමත් කර්මානුරූපීව සැකසුන දෙයක් කියලා. හැබැයි ඒ කර්මය කොහොම සකස් උනත් අලියා කියන්නෙත් තිරිසන් අපායේ දුක් විඳින සත්වයෙක්. අනාගතයේ බුදු වෙන බුදුරජානන් වහන්සේලා ගැන ලියවිච්ච ග්‍රන්තයක මම කියෙව්වා මංගල නමින් බුදුවෙන බුදු රජාණන් වහන්සේගේ බෝධිසත්ව ආත්මය තමයි කියල පාරිලෙයිය ඇතා .

      කුරුටු හැමදාමත් වගේ සමාජයට ඇස ගැටෙන්නේ නැති තැන් සොයා සොයා පදෙන් දෙකෙන් එලියට අදිනවා.. උඹ දක්ෂයි..

      Delete
    15. දිව්‍ය උපතක් ලබා සිටින කන්තක අසු ගැන පිටකයේ කොතනකදි හරි මට සදහන් වෙලා තියනවා මම දැක්කා.මට තැන හරියටම මතක නෑ.විමාන වත්ථුවල වගේ තමයි මතක...

      Delete
    16. මනෝ.....................

      අැත්තට ම ඉතා සරුසාර සංවාදයක් අැති කිරීම ගැන මුලින් ම අපේ ස්තූතිය... අැත්තට ම මේ මාතෘකාව ගැන මධ්‍යස්ථත් ලිපියක් පළ කරන අදහසක් කිව්වා.... ඒත් ඔබ කියනවා වගේ සත්තුන්ට කුසල් සිත් පහළ නොවීම ගැන නම් ඒකගතාවයක් අපි අතර තියෙනවා.... ඒත් අනික් පැත්තට බුදු දහමේ ඒන සියලුම සතුන් සම්බන්ධ සිදුවීම් අපිට බැහැර කළ හැකිද කියලා පැණයකුත් ඒනවා නේද??? බුදුරජාණන් වහන්සේ පෙර අාත්ම භවයන්හීදී සත්ව අාත්ම ලැබුවා යන්නත් බැහැර කළ හැකිද???? බුදු හිමි තමන්ගේ පෙර භවයන් ගැන සදහන් කිරීමේ දී කිසිවිටෙක සත්ව අාත්ම ගැන කියා නැතිද???? අැත්තට ම මේ ගැන ලොකු දැනුමක් නැති නිසයි මෙහෙම අහන්නේ.....???? ඒක මේ සංවාදය තවත් හරවත් කරාවි කියලා හිතනවා....

      Delete
    17. ...///බුදු හිමි තමන්ගේ පෙර භවයන් ගැන සදහන් කිරීමේ දී කිසිවිටෙක සත්ව අාත්ම ගැන කියා නැතිද????............

      ජාතකකතා වලදි සත්ත්ව ආත්මභාව ලබාසිටි බව කියවෙනවා.නමුත් ජාතක පාලියේ තියෙන්නේ කතාවේ සුලුකොටසක් පමනයි.ඒ වගේම ජතක කතා වල තිබෙන සමහර කතා බුදුන්වහන්සේ පහලවීමටත් පෙර භාරතයේ පැවැති ජනකතා.ජාතක කතා පොත සාහිත්‍ය වශයෙන් සංවර්ධනය වෙන්නේ කුරුණැගල යුගයේදි.ඒ කාලයේදි පරිබාහිර බොහෝදේවලුත් ඇතුලත් වෙනවා.ඒ වගේම ඒ ඒ කතා ලියපු ප්‍රබන්ධකරුවන්ගේ මතවාදත් ඇතුලත් වෙනවා.කොහොම උනත් ජාතක කතා තුලින් සෑම ආකාරයකම මිනිස් චර්යා,හැගිම්,දුර්වලතා ඉතා සියුම්ව මතුකරලා තිබෙනවා.ඒ සදහා සතුනුත් කතා වලට යොදාගෙන තිබෙනවා.

      ජාතකවල හැරුනම බුදුන් වහන්සේ සත්ත්ව ආත්මභාව ලබාතිබු තැනක් ත්‍රිපිටකයේ සදහන්වීමක් මට තවම හමුවෙලා නැ..එහෙම තියනවද කියලා තව ටිකක් හොයලා බලන්නම්.අටුවා වලනම් තිබෙනවා.ඒත් කුරුටු අටුවාවල අතිශෝක්තිය ලියවුන දේවලුත් තිබෙනවා.

      කුරුටු ඉදරිපත්කරපු කරුන ගැන මම තව විස්තර බුදුසමයෙන් හොයලා බලන්නම්.මේ ගැන තව කවුරුන්හෝ දන්න තොරතුරු තිබෙනවනම් මෙතනදි ඒ කරුනු ඉදිරිපත් කරනවා නම් ගොඩක් වටිනවා කියලයි මට හිතෙන්නේ.අපේ අවධානය යොමුනොවන,මග හැරෙන කරුනු අප්‍රමානවත් මේ තුල තිබෙනවා.

      මධ්‍යස්ථගේ පොස්ට් එකෙත් මේ ගැන කොමන්ටුවක් දාලා තිබෙනවා.

      Delete
    18. වැදගත් වෙන්නේ මේ සංවාදය තමයි මනෝ..... අැත්තට ම අපි යමක් ඉගෙන ගන්නවා මේ සංවාදයන් තුළින්... ඉතා වැදගත්..... මධ්‍යස්ථ මේ ගැන තවත් ලියනවා කිව්වා.... ඒතැනදී මේ සංවාදය තව තවත් ඉදිරියට කරමු...... ජයවේවා

      Delete
  5. මම 2014 අවුරුද්දෙ ලියපු එකක්
    දෙපාවෙනි, ගජ පණිවිඩය

    පා දෙක ඔසව ගෙන යන්නට හැකිය...... කියා
    නා දෙක කිමද මිනිසුනි ලොව පළමු ......නියා
    සාදෙක විලස හතරත දෙය බුදින ...........ඔයා
    යාදෙක නොරත රත වැනසෙයි කියමි .... ලියා

    .මා මට මගෙය මිහිකත වනසන.......... අයුරූ
    දා නෙක කසළ කළඹන රඟ මහ......... සයුරූ
    සාදන රඟ දකිමු හිමි කර ගෙන......... පව් රූ
    මාවත සඳන වැනසුමටම වෙන.......... කව් රූ

    අතු ඉති ඵලද බුදිනට වස විසකි .......නොහේ
    යන එන ගමන වළකන විට වසනු... කොහේ
    බුදුබව පතන බෝසත් බව පමණි.......... බහේ
    අමතක වුනිද අප මෙනි ඔබ දිනෙක...... නැහේ

    මන්දාකිනිය තරණය කර...... ජයගන්නේ
    රන්දා දිනුම සත් සමුදුර ......... මැඩලන්නේ
    බන්දා කෙහෙළි කිම ඔබ ලොව වනසන්නේ
    නින්දා මිසක නැහැ පැසසුම... ලැබ ගන්නේ

    ReplyDelete
    Replies
    1. ලස්සන පද ගැලපීමක්.. හරිම ලස්සනයි....

      ඒක තැනක හික්මීමෙන් පෙරහැරේ කරඩුව ගෙනියන හස්තියා තවත් තැනක ගම් බිම් විනාශ කරලා මිනිස්සු මරලා දානවා.... සිතිය යුතු මාතෘකාවක්...

      Delete
    2. කතාව නම් ඇත්ත තමා . ඒක ඉතින් හැමදේටම පොදුද මන්දා :) වතුර උනත් වෙලාවකට විනශයක් අරන් එනව නේ?

      Delete
    3. ඒක හරි.........

      මෙහෙම දෙයක් තියෙනවා... ස්වාභාවික ව දෙයක් නිර්මාණය වෙලා තියෙද්දි ඒකට ම කියලා පාරිසරික අවශ්‍යතාවයන් ටිකක් තියෙනවා සම්පූර්ණ විය යුතු... මනුෂ්‍යයන් විදිහට අපි අපිට අයිති පාරිසරික වටපිටාව පුළුල් කරගන්න ගියාම අනික් සත්තුන්ට සහ ස්වාභාවික දේට අවශ්‍ය පාරිසරික වටපිටාව අපි අතින් කඩ වෙනවා.... ඒ නිසා ඔවුන්ගේ ප්‍රතිචාරයන් සමහර විට ඉතා දරුණු වෙනවා.. අලි ගම් වැදීම සහ ගංවතුර විතරක් නෙමෙයි.. නාය යෑම්... සුළි සුළං පවා ඒවා තමා නේද???

      Delete
  6. පෙරහැරට යොදවන මේ සතුන්ට එකෙන් කරනනේ ලොකු හිංසාවක් කියන එකයි මගේ අදහස.මේ සතුන්ට කැලේකට වෙලා නිදහසේ ජීවත් වෙන්න තියන අයිතිය නැති වෙලා තියෙනවා.සත්තු වත්තේ හිරකරලා තියන සතුන් පවා නොයෙක් ආකාරයෙන් හිංසාවට ලක්වෙන ආකාරය පුවත්පතකින් හෙලි කරලත් තිබුනා.සමහර සතුන්ට කෑම පවා නිසියාකරව ලැබි තිබුනේ නැ.....
    පෙරහැරේ යොදවන සතුන් ඒ වෙනුවෙන්ම හීලා කරලා තිබෙනවා.අනිත් අලින්ට වඩා වෙනසක් තිබෙනවා.ඒත් ඒ සතාට නිදහස් ජීවත් වීමේ අයිතිය නැතිවුන එක කිසිම දෙයකින් සාධාරණය කරන්න බැ.මොකද කැලේ ජීවත්වුන සතාට ඒ නිදහස අහිමි කරලා තමන්ගේ වැඩටික කරගන්න පුලුවන් විදියට හුරුකිරීමක්නේ සරලවම හීලැ කරනවා කියන්නේ.

    ReplyDelete
    Replies
    1. මේක තමා යථාර්තය... ඒත් අපි මහා ලොකුවට සත්‍ය අවිහිංසාව ගැන කතා කරාට මෙතැනදී හිර වෙනවා..... අැත්තට ම මේ ගැනත් දැන් දැන් සංවාදයක් අැති වෙනවානම් හොදයි නේද??????

      Delete
    2. මමත් හිතන්නේ මෙවනි දේවල් ගැන සාකච්ඡා විය යුතුයි සංවාදයක් ඇතිවිය යුතුයි..ඒත් මේ වගේ දෙයක් කතාකරපු ගමන් සංස්කෘතිය විනාශකරන්න හදන පිරිසක් කියලා අපිට මුලින්ම දෝෂාරෝපණය කරන්නේ විශ්ව මෛත්‍රිය උගන්වන,අවිහිංසාව ගැන නිතරම පාරම්බාන මහනායක හාමුදුරුවරුන් වහන්සේලා කියලනම් මට 100% ක් විශ්වාසයි.

      Delete
    3. ඔව් ඔය අලි ප්‍රශ්ණයේදීත් වැඩි හරියක් හිටියේ උන්නාන්සෙලානේ...

      Delete
  7. කවිය ලස්සනයි අයියෙ.. හොඳ පද ගැලපීමක්.එයාල නැති පෙරහැරක් බලන්නත් කම්මැලිනෙ..
    අලුත්නුවර සිට සොඬ අකුලාගෙන නවගමුවට යනවාද ඇතා
    රත්තරනෙන් රන් පිට සරසාගෙන පෙරහැරකට යනවාද ඇතා
    දළ දෙක මුදුනේ කඩුව තබාගෙන දිය කැපුමට යනවාද ඇතා
    සිංදුව කීමට වස් නැත දෙවියනි අළුත්නුවර දේවාලෙ ඇතා

    පොඩි කාලෙ ඉඳල අහපු කවියක්

    ReplyDelete
    Replies
    1. තැන්කියු සුදූ...

      Delete
    2. තැන්කූයූ විදානේ... දුන්න ගානට වැඩේ නියමෙට කරනවා නේද???

      Delete
  8. ලස්සන අදහසක් කුරුට්ටා.. අපූරුයි... එක එකාට එක එක විදියට හිතන්න නිදහස තියනව... මම අකමැතිම වැඩක් තමයි අලි පෙරහරේ යවන එක...

    ReplyDelete
    Replies
    1. බොහොමයක් දෙනා ඒ ගැන කතා කරනවා සාජ්ජා... ඒත් ඒ සංවාදය ඒළියට ඒන්නෑ.... සංස්කෘතිය විසින් ඒක වහනවා....

      Delete
  9. කොහොම වුනත් අලි පෙරහැරේ යන විදියට පේනව එයාල වැඩේට ආසයි කියල. දම්වැල් ටික බෙල්ලට දැම්මම දන්නවලු පෙරහැරේ යන්න කියල.ඉතින් යන්නෙ ආසාවෙන්ලු. ඒ වගෙම මිනිස්සුන්ටත් නැති ගෞරවයක් බලන් ඉන්න අයටත් එයාල ගැන ඇති වෙනව.
    අපි හැමෝම අලි පරම්පරාව ආරක්ෂා කරගන්න කටයුතු කරනවනම් හොඳයි.

    ReplyDelete
    Replies
    1. ඉසුරි................. අලි පෙරහැරට ලස්සනක් තමා.. පෙරහැරේ අැත්තම ලස්සන අලි තමා... ඒත් ඒ සතාගේ නිදහස ගැන ගැටලුවක් තියෙනවා

      Delete
  10. මාත් අකමැතිම දෙයක් තමයි පෙරහැරවල අලි අරන් යන එක. ඒ සත්තුන්ට කැලේ ඉන්න නිදහසක් නෑ උං ජීවත්වෙන කැලේ මිනිස්සු අල්ලගෙන උංව මරල දානව. මෙහෙන් මිනිස්සු කකුල් වලට දංවැල් දාගෙන පාරවල් ගානෙ දක්කනව. තිරිසනෙක්ගෙ පිටේ යවන්නැතුව ඔය ශ්‍රද්ධාවන්ත පිංවතෙකුට ඕක ඔළුව උඩ තියාගෙන යන්න බැරියැයි.

    ReplyDelete
    Replies
    1. කතාව නම් හරි.... ඒහෙම වුණොත් දළදා මාලිගාවේ පෙරහැරේ යන්න පාර්ලිමේන්තුවේ ඉන්න ශ්‍රද්ධාවන්තයෝ ටික පෝලිමට ඒයි නේද බං...

      Delete
  11. සොඬින් නෙළුම් මල ගෙනියන
    බතික් රන් පටින් දිදුලන ඇතින්නියේ
    යදම් අමතකද පා බැඳි විලංගුවේ...
    යදම් අමතකද පා බැඳි විලංගුවේ...//

    උදුන් හිසින් ඇන ඇන කොයි ලෙසිනේ කිරි බොන්නැයි
    ඇතින්නියේ දරු සෙනෙහස ගාල් කළේ මන්දැයි...//
    ඇතින්නියේ...
    ඇතින්නියේ දරු සෙනෙහස ගාල් කළේ මන්දැයි...

    වටින් මහ සෙනග ඇවිදින් සාධු කියා වැන්දයි
    නෙළුම් මලට නොවෙයි නුඹට නුඹ අම්මා හින්දයි
    ඇතින්නියේ...
    නෙළුම් මලට නොවෙයි නුඹට නුඹ අම්මා හින්දයි...


    ගායනය :- අතුල අධිකාරී
    පද රචනය :- රත්න ශ්‍රී

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ විදින දුකට උන්ට වැන්දත් පව් නෑ බං...

      Delete
    2. රජ පෙරහැර මැද ඇතා නටනවා
      දා කරඞුව ඇලවෙනවා
      දෙදහස් වසරක් රැකගත් කරඞුව
      දෙවියනි හද කකියනවා

      අපට සෙනේ ඇති බෝසත් ගිජිඳෙකු කවදද දෙදණ නමන්නේ

      විලංගුලා ලා ඇතු බැඳ දමලා
      සැනසුම් සුසුම් හෙලන්නේ
      කොඩි කුඩ සේසත් පාවඩ තිබුණත්
      කොහොමද රජ පෙරහැර යන්නේ

      උත්තම කරඞුව දෝත දරාගෙන
      පාර කොනේ අපි ඉන්නේ
      අපට සෙනේ ඇති බෝසත් ගිජිඳෙකු
      කවදද දෙදණ නමන්නේ

      ගී පද - මහින්ද චන්ද්‍රසේකර
      ගී තනු - සමන්ත පෙරේරා
      ගායනය - සුනිල් එදිරිසිංහ

      Delete
    3. අැත්තට ම අදයි අැහුවේ සින්දුවෝ... මේ තරම් සින්දු ගගුලක් කොහෙන් ගලනවාද මචං

      Delete
  12. ඔහොම යදම් දාලා හිර කරන එක නම් සහ ගහන අපරාදයක්... මම නම් අලි ඔහොම හිර කරනවට අකැමැති....

    ReplyDelete
    Replies
    1. බහුතරයේ අදහස ඒක තමා ශානු...

      Delete
  13. බුදු හාමුදුරුවෝ උන්නා නම් බඩ කපාගෙන අපවත් වෙනවා...

    ReplyDelete
    Replies
    1. සික්. දේශදෝහියා. පිරිනිවන් පානවා යකෝ..

      Delete
    2. මේ....................පිරිනිවන් පානවා නෙවෙයිද?

      Delete
    3. මූ කට අැරියොත් පව්මයි කරගන්නේ දේශෝ.... විචාමාමේ මේක හදාගන්න බලමුකෝ... දැන්නම් අපායටවත් ගන්න ඒකක් නෑ මයේ හිතේ...

      Delete
    4. අපායට යන්නේ පිස්සුවටද මචෝ.. අපි කෙලින්ම නිවන්..

      Delete
    5. නිවංම යමු....... මොකට පත්තු කරගෙන දගලනවාද නේද මාතේ...

      Delete
  14. ඊළඟ සියවසේදී මේ තත්වය වෙනස්වෙයි. රෝබෝ අලි ටිකක් හදාගත්තාම හරි.

    ReplyDelete
    Replies
    1. අම්මපා.... ඒකත් අැත්ත.. පෙරහැරවල් ජපානයේ තිබුණානම් දැනටමත් වැඩේ වෙලා...

      Delete
  15. අලි කයිද රෝස් පාං ...
    මං ඔය පෙරහැර බැලුවේ 2004 ඉදලා බලපං මට ඔහොම කයි සිතුවිල්ලක් පහල නොවිච්ච එක..

    ජ ය වේ වා !!

    ReplyDelete
    Replies
    1. උඹ මේ පෙරහැර ගැන කවි නොලීව හින්දානේ තාම පෙරහැර නොකඩවා කෙරෙන්නේ...... ඒක ගැන උඹට තාම ගමේ මිනිස්සු පිං දෙනවා....

      අා........ මේ සෙනසුරාදා උඹලාගේ විශ්ව විද්‍යාලයට ගියා.... දැන් ඒක උඹලාගේ නෙමේ මගේ හරිද???? දැන් මං ඒකේ සතිඅන්ත පොඩි වැඩකට සෙට් වුණා..... දැන් ඒකත් අපේ වැයික්කිය හරිය...

      Delete
    2. @ මලදානෙ, උඹට සිතුවිලි පහල වෙන්න පෙරහැර බලන්න එපැයි. බලන්නෙ වෙන ඒව දිහානෙ.

      කුරුටු, ගියාට කමක් නෑ සමපෝෂ එහෙම කනව නෙමෙයි.

      Delete
    3. ටිකිරා අයියා හෙව්වා හම්බුණේ නැහැ ප්‍රසා.... මං හිතන්නේ ටිකිරා සතිඅන්තේ වෙද්දි බය වෙලා ඉන්නේ සමපෝෂ ගුලිය හොයාගෙන වෙල් විදානයා ඒවි කියලා......

      Delete
    4. ටිකිරා මයා තාම ඉන්නවා.. ගිය මාසෙත් හම්බ උනා..
      ,ටිකිරා අයියගේ. කඩේ කිවිවම ඕන එකෙක් දන්නවා...

      @ ප්‍රසා..
      එව්වා බලා කම් සිතුවිලි නම් පහල විය

      Delete
    5. ලබන සතියේ හොයා ගන්නම්... ඒදා උඹ මග විස්තරත් කිව්වා ටිකිරා සහෝගේ කඩේ ගැන..... ඒළස්............. ජයවේවා

      Delete
  16. සත්තුන්ගෙ තියෙන කරුණාවත් නැති කරන්නෙ අපිම තමා..
    ලස්සනයි
    ජයවේ තුෂාරයෝ!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වර්ණ..... ජයවේවා

      Delete
  17. අලි බබා සහ හොරු හතලිහ​

    අලි අම්මාට වෙඩි තියා
    අලි අම්මාගේ තුරුලේ සිටි
    අලිබබා පැහැරගත් හොරු තිදෙනා

    ප්‍රාදේශීය දේශපාලක හොරාගේ ලොරියෙන්
    අලි බබා පළාත් සභාවේ දේශපාලක හොරාගේ
    වත්තට ප්‍රවාහනය කළහ​

    අණතුරුව තවත් හොරුන් ගේ සහයෙන්
    අලිබබා ට හොර බලපත්‍ර හදා
    පන්සලේ හාමුදුරුවන්ට විකිණුහ​

    පන්සලේ හාමුදුරුවන් ගේ
    තෙද ගොස යසස වෙනුවෙන්
    අලි බබාගේ දෙපා දම්වැලෙන් බැඳ
    පන්සල් වත්තේ සිර කළහ​

    මවගේ වියෝවෙන්
    කැළෑව අහිමි වීමෙන්
    දුක් වන අලි බබාගේ
    අසරණකම දුටුවේ
    පරදුක්ඛ දුක්ඛිත මුද්‍රාවෙන්
    වැඩ සිටින පන්සලේ බුදු පිළිමය පම​ණි

    ReplyDelete
    Replies
    1. සිද්ධ වෙන්නේ ඔ්ක තමා ට්‍රන්ස්..............

      බුදු හාමුදුරුවෝ මේවා දැක්කා නම්...

      Delete
  18. අලියෙක් ඊයෙ ට්‍රක් එකක ඇන්න යනව ඌ නට නට පුල් ආතල් එකේ යනව ක්යල හිතුණ.. ඒ ත් ඌගෙ හිතෙත් කැලේට පයින්න මොන ආසාවක් ඇත්ද..
    අගෙයි තුශාර...
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහේෂ්................ මටත් ඔ්න කරේ හිතන්න යමක් දෙන්නයි...

      Delete
  19. මොලේ වැඩිම සතෙක් නිසා වේදනාව දැනීම වැඩි ඇති. මොවුන්ට ඊලඟ භවය මිනිස් භවයක් පතමු.

    ReplyDelete
  20. ඉතාමත් සෝචනීය කතාවක්. මේක මෙහෙම හරි දාපු එක හොඳයි. මිනිස්සු අලින්ට බනිනවා ගම් වදිනවා, වගා පාලු කරනවා කිය කියා. හැබැයි මිනිස්සු හිතන්නේ නෑ උන්ව අල්ලාගෙන දස වද දීල හීලෑ කරලා උන්ගෙන් වැඩ අරගන්න එක සාධාරණද කියල. ඒ වගේම මිනිස්සු හිතන්නේ නෑ මිනිස්සු අලින්ගේ කැලෑ පාලු කරලා නේද ගෙවල්/ගම් හදාගත්තේ කියල. අලි ඇත්තු කියන්නේ මිනිහා බිහිවෙන්න වර්ෂ දස දහස් ගානකට කලින් මේ පොළොවේ රජ කරපු සත්තු. එහෙව් සතා මේ තරමින් වත් අපි කරන දේවල් ඉවසගෙන ඉන්න එකට ඇත්තටම අපි හරි නම් උන්ට මල් තියල වඳින්න ඕනේ..

    ReplyDelete
    Replies
    1. ඔව් අගහරුවෝ................ අපි මිනිස්සු ද කියලත් හිතෙනවා වෙලාවකට

      Delete
    2. ඔව් ඉතිං උඹ නම් මිනිහෙක් නෙවේ තමා

      Delete
    3. දැන් උඹ තමා මුනියා............... අනේ මගේ කට.....

      Delete
  21. මිනිසා කියන්නේ තිරිසනා කියන නමට සමාන පදයක් නේද?

    ReplyDelete
    Replies
    1. අා.............. ඔව්නේ මිනිහා කියන්නෙත් සතෙක් කියලා උඹව දකිනකල් ම අමතක වෙලා තිබුණේ...

      Delete
    2. මටනං උඹව දැක්ක ගමන් මතක් වුනා

      Delete
    3. අපි පොළවේ පය ගහලා ඉන්න කොල්ලොනේ...... ඔය බොරු අාටෝප නෑනේ ඉවාන් අපි ළග...... පුළුවන් නං කකුල් හතරෙන් යන්නේ.... අනික් උන්ට හරි නැති හින්දා මෙහෙම යන්නේ... අම්මපා...

      Delete
  22. Replies
    1. ස්තූතියි ඉන්ද්‍ර

      Delete
  23. කියන්න දෙයක් නැහැ බන්...

    කියෝගෙන යනකොට මතක් වෙනවා අපි ඉන්නේ මොන තරම් අධාර්මික සමාජෙක ද කියලා...

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නැහැ විභී................ මේවා ගැන මිනිස්සු නොහිතන තරමක්

      Delete
  24. මතක් වුනේ තමන්ගේ ජාතිය වෙනුවෙන් සටන් කරපු පනාමුරේ ඇතා .පෙරහැරක යන ඇතෙක් දැක්ක ගමන් මතක් වෙන්නේ මට පනාමුරේ කතාවමයි .එක පැත්තකින් අපි අලි ගැන කතා කරනවා .තව පැත්තක අලි මිනිස් ගැටුම් ගැන කතා වෙනවා.කොහෙන් බැලුවත් අසාධාරණේ වෙන්නේ මේ අහිංසක සත්තුන්ට මචෝ ...ස්තුතියි කුරුට්ටෝ උඹට

    ජයවේවා !!

    පනාමුරේ.... පනාමුරේ...
    පනාමුරේ ඇත් රාජා
    පනාමුරේ ඇත් රාජා
    අභීත නද පා
    හස්‌ති රජා ඒ
    කළේ සටන් පා තේජා
    පනාමුරේ ඇත් රාජා
    සොහොයුරු කැල සොයනා වූ නිදහස
    සඳහා පණදුන් ආලේනී...
    ජාතිය උදෙසා ජීවේ පුදලා
    සිහිවේ සිහිවේ නාමේ ඔබගේ
    කළේ සවන් පා තේජා
    පනාමුරේ ඇත් රාජා
    පනාමුරේ.....
    තිරිසන් භවයේ උපනත් ඔබගේ හෝ...
    සැමදා සිහිවේ එඩිතර භාවේ
    රුදු මිනිසාගේ ඒ වෙඩි පහරින්
    එඩිපා ළය දී ගියේද සුරලෝ
    පනාමුරේ කැලයේදී...
    පනාමුරේ......


    ගී පද - ආනන්ද රාජකරුණා
    ගායනය - සුගතපාල මලලසේකර
    සංගීතය - මොහොමඩ් ගවුස්‌ 

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සින්දුවෝ............. මේ සින්දු වලින් තව තවත් අපේ නිර්මාණයන් ලස්සන කරනවා... ස්තූතියි

      Delete
  25. ලස්සනයි කුරුට්ටෝ.....
    ඇත්තටම අලියා හරි සුන්දර සතෙක් මං හරිම ආසයි.

    ReplyDelete
    Replies
    1. අලින්ට අාසයි කියලා අපි උන්ව ගෙවල්වල තියාගන්න ඒක හරි නෑනේ සබරේ...... අැත්තට ම අපි අාස දේවල් අපි ළගට ගන්නට සහ අපේ පාලනය යටතේ තියා ගන්නට හැදුවාට ඒකෙන් වෙන්නේ ඒ දේ විනාශ වීමයි....... සැබෑවට ම අාදරේ නම් මිනිස්සු කළ යුත්තේ අලියා රැකෙන වනය රැකීමයි.... ස්තූතියි සබරේ

      Delete
  26. දැන්වත් මේ සත්ව හිංසා නවත්තන්න සංවාදයක් මතුකිරීම වටිනවා තුෂාර. වෙලාව මදි. නැත්නම් සංවාදයට බොහොම කැමැත්තෙන් එක් වෙනවා. මධ්‍යස්ථ පටං අරං මනෝ ඇතුළු අනෙක් අය කල සංවාදය හරිම වටිනවා. බ්ලොග් කියන්නෙ මෙන්න මේක!

    ReplyDelete
    Replies
    1. අැත්ත මධුවෝ.......

      බ්ලොග් වල තියෙන්න ඔ්නේ මේ අනන්‍යතාවය තමා.... නැත්තං මේකත් බුකියක් වෙනවා.... අැත්තටම හරවත් බුද්ධිමත් සංවාදයන් නිසා තමා අපිත් බ්ලොග් ලෝකයේ ඉන්නේ... නැත්තං අැත්තට ම මේක අතහරිනවා.... බ්ලොග් ලියන අය විවිධ පැතිමානයන් ගැන විවිධ අදහස් ලියනවා වගේම ගොඩක් විට හොද සංවාදයනුත් කරනවා...... මේක තමා වැදගත් ම දේ මචං

      Delete
  27. පුදුමාකාර භක්තියක් හිතට නැඟුණා තුෂාර මේ පද පෙළ කියවද්දී... කරඬුව වැඩමවාගෙන යන ඇත් රජෙකු දෑසින් මේ මොහොතේ දකිනවා වගෙයි දැනුණේ...
    ඒත් එක්කම දුකක් දැනුණා... මිනිසා ඇතුළුව කිසිම සතෙකුව තමන්ට ආවේණික දිවිපෙවෙතින් ඈත්කරලා හිංසාකාරී පරිසර තත්ත්ව පැවතිය හැකි ජීවිතයක්‌ බලෙන් උරුම කරවන්න කිසිම කෙනෙකුට අයිතියක් නෑ නෙද? ඒක මහා අකුසලයක් නේද?
    ආයුබෝවන් !

    ReplyDelete
    Replies
    1. ඔව් ගීතිකා........ මේ සිදුවීම් වල හැම වෙලාවෙම දෙපැත්තක් තියෙනවා... ලස්සනක් තිබුණට ඒක අස්සේ සැගවුණු ලොකු දුකකුත් නැතුවා නෙමෙයි.....

      Delete
  28. ගීතිකා කියන කතාව හරි. දෙහිවල සත්වෝද්‍යානයේ අලි නැටුම් කියලා පෙන්නන්‍ෙනෙ තනිකරම සත්ව හිංසාවක්.ඒ අලි ටික ඇත්තටම පුදුම දුකක් විදවනවා.උලක් තියන ආයුධයකින් පහර දීලා තමයි සත්තුන්ට විධාන දෙන්නේ.ඒ අලින්ගේ ශරීරය හැම තැනම තුවාල තිබ්බා.ඔය සත්ව අයිතිය සුරකින සංවිධාන වලටවත් ඒවා පෙනෙන්නේ නැද්ද මන්දා.
    එක අතකට ගී පවු‍ෙරෙන් තුෂාර (නම නම් දන්නෙ නෑ)මේ වගේ ලිපියක් දමන එක වටිනවා .මිනිසුන්ගේ වැහිල තියන ඇස් අරවන්න ඕන .

    ReplyDelete
    Replies
    1. ඔව් පියුමි..... අපි කිහිප දෙනෙක් මේ අඩවිය කරගෙන යන්නේ විස්තර මෙතැන තියෙනවා

      http://kurutugegeepawra.blogspot.com/2014/11/50000.html

      අැත්තට ම ඔබ කියන කතාව හරි...... මේ හැම තැනම තියෙන සත්ව හිංසාව ඔවුනුත් දැක්කේ නැහැ වගේ ඉන්නවා.... මේ සතුන් තමන්ගේ වාස භූමියට වෙලා කෑමක් හොයාගෙන කාලා... පවුලේ කට්ටියත් ඒක්ක ඉන්න අපි වගේ ම අාසා කරනවා කියලා මේ මිනිස්සුන්ට නොතේරෙන හැටියක්....

      Delete
  29. ඇත්තටම ලස්සන අදහස් ගොඩක් තියෙනවා මමත් පෞද්ගලිකවම අකමැතියි සත්ව හිංසාවට. ඇතා වගේ අපිවත් බඳින්න ඕනෙ නෑ හිර කරලා දැම්මොත් කොච්චර වේදනාවක් දුකක් අපිට දැනෙනවද මිනිස්සු මේ ගැන හිතන්නෙ නෑනේ ආත්මාර්ථකාමී බව පමණයි.
    තෙරුවන් සරණයි

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...