Wednesday, October 21, 2015

තාම හිත අස්සේ හිරවුණ ඉකිය විජේ අයියා ........



පළවෙනියට ම ඔෆිස් ගිය දා
රස්සාවත් පා කරවං 
ඔෆිස් ක පුරා ඔරවං හිටපු
නාකි මූණු හිතුවේ 
මං උංගේ රස්සාව හොරකං කරා කියලා ..........

වෙනම කාමරයක හිටියාට

මොකක් දෝ ලෙංගතුකමක් 
හෘදයාංගම කමක් ක්ක හිනාවුණ
කම ක මූණක් තිබුණා
කට්ටියගේ ම අාමන්ත්‍රණය වුණේ විජේ අයියා........

වැඩ පටං ගන්න කලින් ම 

බ්‍රීෆ් කේස් කේ හංගන් 
බුලත්, පුවක්, හුණු ගුලිකරලා
විටක් හපන්න පටං ගන්න ගමන්
මේක නැතුව බෑ බං කිව්වේ විජේ අයියා .........

හරියට ම අවුරුදු විස්සක් 

බාල මම උඹ වෙද්දි  
තාත්තට වඩා අවුරුදු කීපයක්
අඩු දෙදරු පියෙක් වුණාට
මගේ කටින් කියැවුණෙත් විජේ අයියා........

උඹව දුරින් තියලා වැඩක් නැහැ

මං ලියුමක් හදලා දැම්මා
හෙට ඉදලා හෙඩ් ඔෆිස් වරෙං
මං කොහෙද තකොට ඉන්නේ
මගේ මේසේම හිටපං යකෝ මං විජේ අයියා....... 

මෙන්න බං කලු අලකොළ

තෙල්දාපු දෙල් ක්ක කෙහෙල්මුව 
පියනට මාලු අයින් කරන්නේ මට
කාලා ඉවර වුණ ගමන් අල්ලපු කඩේට 
කෙහෙල් අැවරිය ම ගත්තෙත් විජේ අයියා.......

අර වැඩේ හරි මං තේරුණා

අම්මපා උඹ ගැලපෙන්නේ ඒකට
උඹට හොද ගමනක් තියෙනවා
මං මේවා මොනවා හරි කරගන්නම්
තාත්තා වගේ ම සතුටුවුණ කෙනා විජේ අයියා......

මට සද්දේ දාපු උන්ට පේන්න

ගණන් ගත්තේ නැති උන්ට දැනෙන්න
දෙතුන් ගුණයක් වැඩි පඩියකට 
මහා පොරක් වගේ පිටවෙලා අාවාට
තාම හිත අස්සේ හිරවුණ ඉකිය විජේ අයියා ........



තුෂාර විතාරණ


රූපය - අමාරුවෙන් හොයාගන්න පුළුවන් වුණේ මේ රූපය විතරයි. විජේ අයියාට හොරෙන් පින්තූරය ලබා දුන්නු හර්ෂණ සහෝදරයාට ස්තූතිය. 

68 comments:

  1. ඔෆිස් වල ඉන්න කැපිල්ල දාන උං අස්සෙ මෙහෙම අය හරි අඩුං බං.

    ReplyDelete
    Replies
    1. හප්පේ... කාලෙකට පස්සෙ බ්ලොගක පළවෙනියට කොමෙන්ට් එකක් දාගන්න පුලුවං උනා.

      Delete
    2. ප්‍රසා, ඒ සතුටට අද බීහං වැටෙන්නම.

      Delete
    3. ප්‍රසා..................

      ඔෆිස් වලට අලුතෙන් ම පොඩි ඒකෙක් විදිහට පය තිබ්බා ම තනියෙන් ම ඒ තැනට හැඩගැහෙනවා කියන ඒක මාර අමාරු වැඩක් ප්‍රසා... අපි නොදන්න තැනකට... අායතනයකට.... වැඩ පිළිවෙලකට ..... වැරදි වැරදි තමා ඉගෙන ගන්න වෙන්නේ... ඒ වැරදි දිහා මිනිස්සු බලන්නේ විවිධ විදිහට.... ඒ වැරදි වැරදි වැඩ ඉගෙන ගන්න ඒකා තුළ සැගවුණ හැකියාව දකිනවානම් ඔහු මාර පොරක්..... මට විජේ අයියා විශේෂ ඒකයි..... මට අවුරුදු ගානකට කරන්න බැරි වැඩ විජේ අයියා මගෙන් කරගන්න තරම් බුද්ධිමත් වුණා..... ඒ අත්දැකීමද, හැකියාවද, ඉවසීමද, තේරුම් ගැනීමද, අවබෝධයද, නිදහස්ව සිතීමද, මොකක්ද කියලා මටත් තාම පැහැදිලි නැහැ.... මගේ වචනයෙන් නම් මගේ ජීවිතයේ හමුවුණ උතුම්ම මිනිසා...... විජේ අයියා

      Delete
    4. කසුනා.....

      උඹත් ඔය වගේ උපදෙස් දෙන්න රුසියා නේද????? අන්තිමට ගෙදර උන්දැගෙන් අහගන්නේ උඹයෑ...

      Delete
    5. @ කසුන්,
      අනිවාර්යෙන් මේක සමරන් ඕන. :D

      Delete
    6. අපි ගානේ වඩේ.......................

      Delete
    7. චීයා...
      උඹලා අර අහිංසකයා බේබද්දෙක් කරන්නද බං හදන්නේ....
      අනිත ප්‍රසාට එහෙම තනියම සතුට සමරන්න දෙන්න පුලුවන්ද ?...

      Delete
    8. පිස්සුද මේ අපි ඉන්නෙ. ඉතින් ප්‍රසාට බැරියැ සතුට සමරන්න.

      Delete
    9. අැයි අපිත් ඉන්නේ................... අපි ඒකොළහක් ම ඉන්නේ....... මොන තනියක් ද මනෝ.......

      Delete
    10. මදැයි තනියෙං සමරන්න හිටිය.

      Delete
    11. ඔය කන බොන දේවල් තනියම කරන්න හොද නැහැ ප්‍රසා..... ඒවා අපි වගේ හොද යාලුවෝ ඒක්ක බෙදා ගන්න ඔ්නා...... දුකක් කරදරයක් වුණාම ඔන්න ඔහේ තනියම විදගත්තාට කමක් නැහැ........

      Delete
  2. විජේලා කොහොමත් හොඳයි කියනවනේ....

    ReplyDelete
    Replies
    1. අැත්තමයි ඔය විජේ අයියා වගේ ම තවත් විජේ අයියා කෙනෙකුත් හිටියා... නිතරම මුණ ගැහුණේ නැතිවුණාට හිටපු තවත් හොද හිතක් තමා ඒ......

      Delete
  3. මේ වාගෙම ප්‍රශ්නෙකට මම මේ මොහොතෙ මූන දීල ඉන්නෙ. මං ඉන්න තැනින් ට්‍රාන්සර් යන්න වෙලා තියනවා. ඒක මීට වඩා හොඳ තැනක් වුනත් මැඩම් දාල යන්න හිත දෙන්නෙ නෑ. ඒක මතක් වෙනකොට ඇහැට කදුලු උනනව බන්.

    ReplyDelete
    Replies
    1. ඒ තමා සැබෑ ප්‍රධානියෝ බං.... මේ මිනිස්සු මාර අය බං... සාමාන්‍යයෙන් මං දැන් ඉන්න තැන බැලුවා ම මං ඉදලා තියෙන්නේ දිව්‍යලෝකයක කියලා දැන් තේරෙනවා මචං..... ඒකේ දෙවිවරු ගොඩක් නොහිටියාට අපායේ ඉන්න යක්කු හිටියේ හරිම අඩුවෙන්.. ඒකයි ඒක දිව්‍යලෝකයක් වෙන්නේ....

      Delete
  4. පඩියට වැඩිය කොච්චර වටිනවද විජේ අයියා.

    අද තුෂාරයනෙ?

    ReplyDelete
    Replies
    1. ඔව් බං..... පඩියට වඩා නිදහස ගොඩක් වටිනවා..... තත්වයට වඩාත් නිදහස ගොඩක් වටිනවා..... අන්තිමට රස්සාවට වඩා ගොඩක් වටිනවා ජීවිතය...

      Delete
    2. පඩි තියෙනකොට පඩිය අඩු උණත් නිදහස ඕනේ, නිදහස තියෙනකොට නිදහස අඩු උණත් හොඳ පඩියක් ඕනෙ

      Delete
    3. අන්න අනික් කතාව.......

      හැම වෙලාවෙම අපි කරලා තියෙන්නේ නැති දේ හොයන ඒක විතරයි.... අපි ළග තියෙන දේ ගැන අපි තේරුම් ගන්නෑ... ඒ නිසා අපි හැමදාම නැති දේ හොයන්න ගිහින් තියෙන දේ නැති කරගන්නවා.... මේක සදාතනිකයි

      Delete
    4. උඹට ඉතින් ඔන්නැති දේවල් පවා තියෙනවානේ.....

      Delete
  5. අකුරු ටික හදලා දාහං..

    ReplyDelete
    Replies
    1. අැස් දෙක පිහලා අායේ බලහං...

      Delete
  6. තුශාර, පුලුවන්නම් මට පොඩි මේලක් දාන්න. ඔයාට කතාකරන්න නම්බර් එකකුත් එක්ක.
    ahasenenna@gmail.com

    ReplyDelete
    Replies
    1. දැම්මා දැම්මා............. බලාපියෝ

      Delete
  7. ඔබත් ඔබේ ජීවිතයේදී තව කීප දෙනෙකුට 'විජේ අයියා' තමයි උණොත් විතරයි විජේ අයියා ඔබට දුන් පිළිගැනීමේ/නිදහසේ වටිනාකම තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අනිවා.......... මගේ රැකියා ජීවිතයේ හැඩගැස්ම හැදුවේ ඔහු තමා.. ඒත් දැන් ඉන්න තැන ඒ විදිහට ඉන්න අමාරු තැනක්... ඒත් අදටත් මං ඒ ලක්ෂණ ප්‍රැක්ටිස් කරනවා..... ඒක මාර චරිතයක්.....

      Delete
    2. මූ වෙයි විජේ අයියා වගේ ,,හැක .... බොරුනම් විදානේගෙන් අහන්න ...

      Delete
    3. විදානයාගෙන් තමා මං ඉතුරු ටික ඉගෙන ගන්න ඉන්නේ.....

      Delete
  8. මිනිසුන් නොමිනිසුන් වෙන සමාජෙ ඉදලා හිටලා ඒ වගේ රත්තරං මිනිස්සුත් ඉන්නවා......

    ReplyDelete
    Replies
    1. සාමාන්‍යයෙන් රාජ්‍ය සේවය තුළ දී හම්බුණ චරිත අතරින් හොදයි කියලා ගන්න හැකි වුණේ අල්පයයි තමයි...... ඒ අතරිනුත් චරිතයක් දිහා බලලා හැදෙනවානම් ඒක තවත් අල්ප ප්‍රමාණයක් තමයි.... ඒ අතරිනුත් විජේ අයියලා හිටියේ ඒකයි..... මගේ ජීවිතයට ම තාම හම්බුණේ ඒච්චරයි... ගොඩක් විට හම්බෙන්නෙත් ඒච්චරම තමයි....

      Delete
  9. මේ වගේ මිනිස්සු එක්ක වැඩ කරන්න ලැබීම වාසනාවක්.. ඉස්සෙල්ලම රස්සාවට ගිය දවසේ එතන හිටපු බාල, තරුණ, මහලු කුහක හැත්ත මටත් දීපු පරිප්පු මතක් උනා මේ පොස්ට් එක කියවල. ජීවත් වෙන්න රැකියාවක් කරන එවුන් සහ රැකියාව කරන්න ජීවත් වෙන එවුන් අතර වෙනස අහසට පොලොව වගේ. ඒ වෙනස අත්විඳින්න නම් මේ වගේ මිනිස්සු මුණගැහෙන්න ඕනෑමයි. වසර දොළහක රජයේ සේවයේ මටත් හමු වුනා මේ වගේ උතුම් මිනිස්සු කිහිපදෙනෙක්.

    ReplyDelete
    Replies
    1. රාජ්‍ය සේවය ගැන අත්දැකීම් තියෙන නිසා (මටත් වඩා) මං කියන්න හදපු දේ තවත් පැහැදිලි ව තේරෙන්න අැති... රාජ්‍ය සේවයට විතරක් නෙමෙයි මේක හැමෝමට ම පොදුයි තමයි..... ඒත් රාජ්‍ය සේවය කියන්නේ ටිකක් අමුතු අනන්‍යතාවයක් තියෙන තැනක් නිසා මේ තත්වය ඒකට ම අනන්‍යයි කිව්වත් වරදක් නැහැ..... ගොඩක් රාජ්‍ය අායතන ඒවාට ම සුවිශේෂී වුන වෙලාවල්, වැඩ කරන විධි, හැසිරීම්, අැදුම් පැලදුම්, සැලකිලි වගේ ම කඩේ යෑම්, දීම්, අැල්ලීම් කියන දේවල් වලින් පිරිලා..... ඒ වගේ තැන් වලට ගිහින් අලුතින් ම හැඩ ගැහෙන ඒක ගැන අමුතුවෙන් ඔබට කියන්න අවශ්‍ය නැහැනේ...... ඒත් විජේ අයියලා කාට හරි හම්බෙනවානම් ඒක බින්දුවක්වත් අමාරු නැහැ..... අනික තමා විජේ අයියලා හම්බුණ කිසිම කෙනෙක් රාජ්‍ය සේවයට වෙෙර කරන්නෑ...... අවුරුදු ගාණක් විජේ අයියලා ඒක්ක වැඩ කරන්න ලැබුණොත් ඔවුන් රාජ්‍ය සේවයට අාදරයත් කරාවි..........

      Delete
  10. ආත්මාර්ථකාමි ගොඩත් අතරෙ මේ වගේ හිතවත්තු ටිකදෙනෙක් හරි ඉන්න එක තමයි සැනසීම.
    කලගුණ කවියක්
    විජේ අයිය දැක්ක නම් ගොඩක් සතුටු හිතෙයි
    ජයවේ කුරුටු තෘෘ තුෂා!

    ReplyDelete
    Replies
    1. ඔෆිස් ඒකේ කාටවත් ම පෙන්නන්න ඒපා කියලා හර්ෂණට කිව්වා විජේ අයියාට විතරක් පෙන්නන්න කියලා........ හර්ෂණ කියන්නේ මං ඒද්දි අර මේසේ මගේ පැත්ත භාර දීලා අාපු කෙනා.... මං වගේ ම ඒ වෙද්දි අලුතින් ඔෆිස් ඒකට අාපු කොල්ලා හර්ෂණ..... අදටත් මං නැති අඩුව විජේ අයියාට මකන්නේ හර්ෂණ.... ඉස්සර හර්ෂණ අාපු අලුත හර්ෂණට වැරදිලා තුෂාර කියපු විජේ අයියා ඊයේ මං කතා කරද්දි මට වැරදිලා හර්ෂණ කිව්වා.... මං සතුටු වෙනවා හර්ෂණ ඒ අඩුව ඒ තරම් මැකුව ඒක ගැන........

      Delete
  11. මෙහෙම මිනිස්සු අද අඩුයි.
    අනිකාගේ බෙල්ල කඩා හෝ මාගේ මල්ල පුරාවාගමි කියන ආකල්පයෙ තමයි අද බොහෝ දෙනෙක් ඉන්නේ.
    රාජ්‍ය සේවයේ කැපිල්ල නිසා මගේ මිතුරන් බොහෝ දෙනෙක් අපහසුතාවයට පත්වුනා.

    ReplyDelete
    Replies
    1. අඩුයි නෙමෙයි නැති තරම් නේද මනෝ...............

      Delete
  12. ආ...තුෂාරයෝ, උඹ ආවද? ඇති යන්තං. උඹ නැතිව කොල්ලො ටික අඬ අඬා හිටියෙ.

    විජේ අයියාට මාර අාතල් එකක් යන්න ඇති මේක දැකලා. එළ!

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් පහුගිය ටිකේ කට්ටිය අඩපු තරම මං දැක්කා...... අර ඉසුරිගේ කවිය පුරා අඩලා තිබුණේ....... අනේ මගේ කට........

      තාම ප්‍රතිචාරය වචනයෙන් අහගන්න බැරි වුණා බං........

      Delete
    2. මමත් අඬලා දුකෙන් තමා හිටියේ

      Delete
    3. අා............ ඔය ඉන්නේ දී කිරට සාක්කි දෙන බළල්ලු............

      Delete
    4. අනේ ඔව් මචං...උඔ නැතුව පාලුයි..අනිත් එවුන්ට එන්න දෙන්න එපා උඔම ලියපන්

      Delete
    5. අනේ මචං උඹව ලිස්ට් ඒකෙන් පාර්ලිමන්ට් ගන්නම හිතෙනවා බං මේ පක්ෂපාතකමට..

      Delete
  13. සුන්දර චරිතයක් ගැන ලියවුනු හර්දයන්ගම පදවැලක් . ඔවැනි මිනිසුන් හමු වීම වාසනාවක්.

    ReplyDelete
    Replies
    1. ඔබ පාර පෙන්නපු ගමනක් නිසා නිර්මාණය වුණ පද කිහිපයක් තමා මේ..... ගාමිණී බොස් තමා මුල....... ස්තූතියි බොස්.....

      Delete
  14. බෙලි කැපිලි කාරයෝ මැද්දේ ඔහොම අයත් ඉන්නවා... හැබැයි හරි අඩුයි. විජේ අය්යටත් මේ පොස්ට් එක පෙන්නන්න ක්‍රමයක් තිබ්බනම් නියමයි.

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ හර්ෂණ පෙන්නන්න අැති බණ්ඩේ.......

      Delete
  15. හිතට වදින කවි පෙළක්

    ReplyDelete
    Replies
    1. ඔව් අජිත් අයියා හිතට වැදුනම සිද්ධියක්.......

      Delete
  16. Replies
    1. මේ සහයෝගයන්ට කොහොම ස්තූති කරන්නද මන්දා අජිත් අයියා.... ජයවේවා

      Delete
  17. විජේ අයියල හැම තැනම නෑ , ඉන්නෙම පොඩි විජේලා ,පොඩ්ඩ එහෙමෙහෙ වූනොත් කැපුවා බෙල්ල . ඒ නිසා එහෙම මිනිස්සු වාසනාවන් .

    හැබැයි ඒ වගේ මිනිස්සුන්ට උඹලා වගේ ගෝලයෝ අහුවෙන එකනම් උන්ගේ අවාසනව ඕ යේස් හැක

    ReplyDelete
    Replies
    1. ඔව් මේ දවස් වල විජේ අයියා හොයනවාලු ඉවාන් කියලා කොල්ලෙක් ඉන්නවාද කියලා...... ගෝලයා කරගන්න...... හැක්

      Delete
  18. ගාමිණී බොස්,විජේ අයියලා තිරුවානා අස්සේ තියෙන මැණික් කැට වගේ වටිනවා.

    ReplyDelete
    Replies
    1. ගාමිණි බොස් තමා මේ නිර්මාණයෙත් මුල...... මේ මිනිස්සු හරිම දුර්ලභයි මනෝජ්...

      Delete
  19. විජය අයියලා කිහිප දෙනෙක්ම මුන ගැහිල තියනව. හොඳ කවි පෙල

    ReplyDelete
  20. මචං ඔ්ව රියල් මැණික් දන්නවද ඔය ටයිප් ඒකට ඉන්න මිනිස්සු හරි අඩුයි බං...
    හැබැයි ඉතිං ෙබාක්ක වුණත් දීල තමා නවතින්ෙන

    මරු කවි ෙපල.. ලස්සනයි ජයෙව්වා

    ReplyDelete
    Replies
    1. ඔව් මහේෂ්.............. විජේ අයියාලා හැමෝට ම හම්බෙනවා නම් කියලත් හිතෙනවා...... ඒ තරම් ඒ මිනිස්සු අපේ ජීවිත වලට වැදගත්

      Delete
  21. ඒක නම් ඇත්ත කුරුට්ටෝ...........
    මාත් ගියපු මුල් දවසේ පුරුද්දට අක්කේ කියවිලා තව පොඩ්ඩෙන් ඒ නෝන මහත්තයා මාව කනව.
    ඒත් ගොඩක් හොද මිනිස්සුත් හිටියා

    ReplyDelete
    Replies
    1. අප්පා පරිස්සමෙන් ඔ්කේ ඉන්නවා මිස්ලා ජාතියකුයි මැඩම්ලා ජාතියකුයි... පටලා ගන්න ඒපා .... ජීවිතේ ම ඉවර කරාවි

      Delete
  22. ඔය වගේ මිනිස්සු හරි අඩුයි මචෝ ....


    හපන්කමක් ඇති අලුත නැගී එන
    කෙනෙක් දුටුවොතින් හිත සන්තෝසෙන්
    අත දීපන් මස්සිනේ
    අලුත් කෙනෙක් දුටුවොතින් මමත් හරි ආසයි
    ඒත් ඔය කපන්න බැරි අත
    ඉබින්ටෙපා මස්සිනේ
    නැග්ග ඉනිමග පෙරලන්ටෙපා
    නගින එකා දැක කකුලෙන් අදිනෙටෙපා
    නැග්ග ඉනිමග පෙරලන්ටෙපා
    නගින එකා දැක කකුලෙන් අදිනෙටෙපා
    නැග්ග ඉනිමග පෙරලන්ටෙපා
    නගින එකා දැක කකුලෙන් අදිනෙටෙපා

    ගායනය - රෝහණ බැද්දගේ, බන්ධුල විජේවීර
    සංගීතය, ගී පද - රෝහණ බැද්දගේ

    ReplyDelete
    Replies
    1. සින්දුවෝ..................

      හැමදාම වගේ ලස්සන ගීතයකින් සංග්‍රහ කරාට තුති... අැත්තට ම මේක සමාජයට ම කියලා දිය යුතු පාඩමක්..... ස්තූතියි සින්දුවෝ

      Delete
  23. උඔ මේ වගේ පොස්ට් එකක් ලියලා ඒ මනුස්සයාට ලොකු වටිනාකමක් දුන්නා...

    විඡේ අයියා...එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. මෙන්ඩෝ...............

      මේ මම වටිනාකමක් දුන්නත් නැතත් දිදුළණ මිනිහෙක් තමා.... හම්බෙලා කතා කරපු හැම මිනිහාගෙම හිතේ රජ කරන මිනිහෙක්.... මං කරේ හිතේ තියෙන දුක පෝස්ට් ඒකක් කරපු ඒක විතරයි මචං....

      Delete

Related Posts Plugin for WordPress, Blogger...