Wednesday, April 29, 2015

අනේ දෙයියනේ......!!!



සෝමෙ අයිය කරනා හොඳ රැකියාව
නගරෙ වසමෙ මිනි එම්බාම් කෙරුවාව
නියම සරුයි අතමිට ඇත හොඳ සරුව
එහෙත් හිතට වදයකි අප්පිරියාව

කුමක් කරම් මෙය කරනෙමි නැත අවුල
රැකුම වේය වගකීමෙන් මගෙ පවුල
පිය බිරිඳගෙ සෙනෙහස මැද නැත තැවුල
ඉතින් මමත් කරනෙමි මෙය නොව සසල

දිනක් මෙසේ කරනා විට එම්බාම
ලැබුණෙ ඔහුට මිනියක් කරනට සුරුම
ජූඩ් අයියගේ මිනියයි මෙය අරුම
නගරෙ ගණන් කරුවෙකි ඔහු තැබුව නම

සෝමෙ අයිය දෙකක් දමා කට පුරවා
පැමිණ මේසෙ වෙතට තිබුණු සිරුර හොවා
සුද්ද කරන්නට ශරීරෙ ඔහු නාවා
ඒකෙ තිබුණු ඇඳි වස්තර දැමි ගලවා

මහ පුදුමෙකි ඇස් උඩගියෙ සෝමයගේ
දුටු පමණින් ජූඩයියගෙ යට බාගේ
ප්‍රජනන සැට් එක විශාල හරිම අගේ
උපන් සම්මෙ දැකල නැතිය මේ වාගේ

සෝමෙ අයිය හරි අවංක වී ඉන්නා
හැම දෙයක්ම බිරිඳ සමග පවසන්නා
අගෙයි ඉතින් මෙය ඇයටත් පෙන්නන්නා
එහෙම සිතා ඔහු අවයව ගලවන්නා

ඉතින් හවස ඔහු යන්නා ගෙදර තුටින්
ඔතා තිබුණු පාර්සලය රැගෙන අතින්
බිරිඳ පැමිණ පෙරට සතුටු වී ඉහළින්
සෝමෙ අයිය පිළිගත්තේ හරි අදරින්

නාල කාල කාරිය තේ බීල හෙම
සෝමෙ අයිය ලෑස්ති විය රඟ දැකුම
බිරිඳ මගේ කළ යුතු වෙයි හරි පුදුම
අමුතු ලෙසට දැක්විය යුතු මෙය කෙරුම

ඔයා දන්නවද මාගේ හොඳ නෝනේ
හරිම පුදුම දෙයක් මමත් දැක්කානේ
ලෝකෙ ලොකුම අවයවයකි මෙය වෙන්නේ
ඔන්න බලන්නකො මම දැන් පෙන්නන්නේ

එහෙම කියා සෝමෙ අයිය සිරි සිරිය
දිග හැරියේ ඔහු ගෙනාව පොට්ටනිය
සාලය මැද දිස්විය ලොකු අවයවය
නෝන බැලුවෙ උඩින් එබී හොඳ හැටිය

එය දුටු ඇගෙ මුළු ගත දැන් වෙව්ලන්නා
බයවි පුදුම වී ඇස් දෙක ලොකු වෙන්නා
ඒ අතරින් කඳුළු කැටත් වැගිරෙන්නා
ගත් කටටම මේ ලෙස ඇය විමසන්නා



අනේ දෙයියනේ......ජූඩ් අයිය මැරිලද ???......


අසංක ගයාන් අබේසිංහ

73 comments:

  1. අයියෝ සෝමෙ අයියාට වෙච්චී දෙයක් බං.

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඉතිං...උඹ ඕව ගණන් ගන්න එපා මචෝ...

      Delete
  2. හි හි හි හි හි හි හි හි හි හි
    මධාවියා මේ පැත්තේ ආවද

    මේ මගේ බ්ලොග් එකේ අලුත් ලින්ක් එක ,පරන ලින්ක් එක වෙනුවට මේක දාන්න කුරුටු තැන්ක්ස්
    http://omageheena.online.lk/

    ReplyDelete
    Replies
    1. කවුද මේ පැත්තට පැන්නේ...? :-)

      Delete
    2. හි හි හි... ස්තුතියි ඔමා...හරි අපි ලින්ක් එක දාගන්නංකෝ...

      @ මාධවී

      උඹ තමා පැන්නේ...

      Delete
  3. අහල තිබුන කතාවක්......
    ඉදිරිපත් කිරීම අතිවිශිෂ්ටයි.....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කෙන්ජියෝ...

      Delete
  4. කවුද මේ මධාවි කුරුට්ටා? හැක්

    ReplyDelete
    Replies
    1. ඈං.... මක් කිව්වා?

      Delete
    2. නෑ නෑ කමියා මම අසංක කුරුට්ටා... මේ වල් මාධවීලා මේව්වට ගාවන්නෙ මොකටැයි...හැක්...හැක්...

      Delete
  5. මං හිතුවේ අන්තිමට ඒකෙ "මසින්" කියල පච්චයක් ගහල තිබිල පස්සෙ ඇදල බැලුවම "මල්දෙනියේ සිමියොන්" කියල පෙනුණ විදියට කතාව ඉවරවෙයි කියල.

    ReplyDelete
    Replies
    1. අනේ හත්තිලව්වේ...උඹත් කියන කතා...බොහොම ස්තුතියි සජ්ජා...

      Delete
  6. හපෝයි මෙන්න තවත් මදාවියෙක්...

    සුපිරියි හොඳේ....

    ReplyDelete
    Replies
    1. ඩුපිලිකේට් එක කලු සුදු නෙ බාං....

      Delete
    2. හෑ...මදාවියා කොහොමද කලු සුදු කතාවක් දන්නේ...හාපෝ...බොහොම ස්තුතියි මනෝෂ්...

      Delete
  7. අපෝ.... මේ මදාවියා උබලවත් නරක් කොරලා,

    ReplyDelete
    Replies
    1. කවුද මේ පැත්තට පැන්නේ...?

      Delete
    2. මේ අහිංසක මදාවියා හංවඩු ගැහිලා තියෙන හැටි...දුකේ බැරුවා...බොහොම ස්තුතියි නිමෝ...

      Delete
  8. පට්ට ...
    කතාව අහලා තිබුනත් කවියෙන් මරු ...

    මධුමාදවී පටන් ගත්තේ බ්ලොග් සහෘදයන්ව සිහි කරලා .. ඒත් දැන් නම් රියල් මදාවියා. ☺ ☺
    අසංක මෙහෙම පටන් අරං ( වල් කවි ) කොහෙන් නවතියිද ? හි.. හි.. හී...

    ReplyDelete
    Replies
    1. අපි ඒම තමා මල්ලී. පිදිය යුත්තො පුදල හතරවරං දෙයියො සිහි කරලා පට්ටාං ගන්නෙ. එතකොට ස්වස්ථි සිද්ධම්!

      Delete
    2. බොහොම ස්තුතියි සඳරු...සැරද !!!

      මමනං ඉතින් මදාවියා තරං වල් නැතිලු හොඳේ...

      Delete
  9. ඕක කපාපු එකමයි හොඳ

    ReplyDelete
    Replies
    1. ඒකනේ මෙන්ඩෝ...මෙයාට හරිම කිචි ඇති නේ ඔව්ව කපනකං...හැක්...හැක්...

      Delete
  10. කුරු‍ටු ලමයි නියම සැට් එකක් නෙව? ඔන්න බුක් මාර්ක් එකක් දාගත්තා, පරණ එව්වා හිමීට කියවන්න. ආයෙ එඤ්ඤං

    ReplyDelete
    Replies
    1. එන්ඤ...එන්ඤ...බොහොම ස්තුතියි බස්සෝ...

      Delete
  11. කැමරා ෆෝන් එන්න ඉස්සර කාලේ කතාවක් වගෙයි.

    ReplyDelete
    Replies
    1. ෆොටෝ වලට වඩා මෙහෙම මරු මෙයා...

      Delete
  12. Replies
    1. ඉවරවෙලා මැරිලා ඡුඩ් අයියා

      Delete
    2. නෑ මම කිව්වේ මාතලන් අයියන්ඩි කියපු එක කරලා..

      Delete
  13. මල මගුලයි... ඒ මගුලත් ඉවරද?

    ReplyDelete
    Replies
    1. තාම නෑ මචෝ...දැන් තමා හරි මගුල පටන අරන් තියෙන්නේ...

      Delete
  14. අර රස්පුටින්ගේ එකත් තාම රුසියාවේ කෞතුකාගාරයක තියනවළු.එහේ ගෑනු කට්ටිය තාම ඒකට වන්දනාමාන කරනවළු.ඒකටම එහා පැත්තේ අසංකයාගේ එක තියනවළු.සයිස් එක සංසංධනය කරගන්න

    ReplyDelete
    Replies
    1. ඔි යෙස්..අපි දැනටමත් රැසියාව සමග රාඡ්‍ය තන්ත්‍රික මට්ටමෙන් මේ ගැන සාකච්චා කරගෙන යනවා..

      Delete
    2. සයිස් එක කොහොම වෙතත් මටත් වැඳුම් ලැබෙනවා නේ...උඹලගෙ උදව් වලට බොහොම පිං මචෝ...

      Delete
  15. උට ඒක සුප් එකක් හදාගෙන බොන්න හිතෙන්න ඇති....
    මරු කවි ටික..
    (රහසෙන්....: කවි කොල/කැලෑ පත්තර වගේ)
    හෙහ් හෙහ් හේ..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. සුප් එක මරු රසට තියෙයි නේ...ගස්ලබු වගේද ඕවා...හැක්...හැක්...

      Delete
  16. හොඳ වෙලාවට ඕකා මට කලින් මැරුණේ. හ්ම්........................

    ReplyDelete
    Replies
    1. එහනම් පොඩිම අවයව හොයා ගත්තා වෙයි.

      Delete
    2. අයියෝ සල්ලි..

      Delete
    3. අනේ දෙයියනේ...මොනවද මේ විචා රට්ටු කියන කතා...ලැජ්ජාවෙ බෑ...

      Delete
  17. අපොයි අම්මේ සෝමේ අයිය පැලිලා මැරෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. මොකක් පැලිලද බං...හැක්...හැක්...

      Delete
  18. සූර පප්පා එකේ මූදු කොල්ලකාරයොංගෙ කෑල්ල තමා “කවුද මේ පැත්තට පැන්නේ?“. ඕක වරදවා තේරුම් ගනීද බය හිතුනා.
    ගිය සතියේ තුෂාරයා කොපි කලා තනුව. මේ පාර අසංකයා පදමාලාවලුත් කොපි කරලා. හනේ... කෝ මේ පිහිය, වහ බෝතලේ එහෙම?

    මොනා උනත් එළකිරට ලියලා තියෙනවා. කොහෙමත් ගුරුවරු හොඳනං ගෝලයො නරක් වෙන්න බෑනෙ. (බොරු බං කිව්වෙ. උඹල 11 එක්ක අපිට හැරෙන්නවත් බෑ. අපිට (මට) හැමදාම එකම තනුවනෙ තියෙන්නෙ).

    ReplyDelete
    Replies
    1. නෑ මධුවා/ කූරැට්ටෝ උඔලා හැමෝම එල ද බ්‍රා.
      උඔලා පරන දේවල් රැකලා ලෝකෙට අලුත් දේවල් දෙනවා.

      Delete
    2. මොන තනුව හරි පද මාලා හරි වුණත් අපි හැමෝම එකයි මාධවියෝ...මෙන්ඩා හරි...ඉතිං උඹලා හැමෝටම ස්තුතියි...

      Delete
  19. සෝමෙ අයියට හොද වැඩේ අනවශ්‍ය දේවල් ගෙදර ගෙනියනවට..
    එල ද බ්‍රා..
    අද ටි ටෙබල් එකේ අංසක හිට්..

    ReplyDelete
    Replies
    1. හෑ...තොපි ටී ටේබල් එකේදි මාව කන්න තියාගත්තද...

      Delete
    2. වෙලාසනින් කියලා අද අපේ කෙල්ලො ටිකත් ගෙන්නුවා බඩ අල්ලගෙන හිනා වුනා.

      Delete
    3. කෙල්ලොන්ට කියාපන් මීට පස්සෙ වැරදිලාවත් ඕවගේ එව්ව දැක්කත් එව්වයින් ඒක අයිති එකා අඳුරගෙන කට ඉස්සර කොරන්ට එපාය කියලා...කිව්වොත් නෙව අහුවෙන්නෙ...හැක්...හැක්...

      Delete
  20. කුරුට්ටෝ ගැහැනුන්ට පද හදනව නේද.................

    සබරේ ඇනෝ

    මම මේ රටේ බ්ලොග් කියවන පොඩි එකෙක් විතරයි කුරුට්ටෝ.......
    ඔයාලගේ post ලස්සන නිසා blog ලෝකෙ ඉන්නෙ, නැතුව මහලොකු ඩයල් එකක් නෙවී



    ReplyDelete
    Replies
    1. ඉතිං මචෝ ගෑණු පද හදාගන්නවට මොකක් කරන්නද බං...හැක්...හැක්...උඹ මොකෙක් වුණත් බ්ලොග් වලට එන එක ඉහළින්ම පිළිගනිමු...

      Delete
    2. සබරෙයෝ...........

      අපිත් බ්ලොග් ලියන පොඩිවුන් ටිකක් විතරයි.... බ්ලොග් ලියන ගොඩක් උන් ඒහෙමයි.... මං හිතන්නේ හැමෝම ඒහෙමයි... ඒකනේ අපි බ්ලොග් ලියන්නේ.......... අපේ නම් යෝජනාව බ්ලොගයකට අත තියමු කියලයි.....

      Delete
  21. ආනේ දෙයියනේ මදාවියට කෙලවන්න වගේ හදන්නේ.

    ReplyDelete
    Replies
    1. හාපෝ...මදාවියාට කෙළවලා මට කෙළවගන්න තරම් මෝඩයෙක් නෙවෙයි බං...

      Delete
  22. බ්ලොග් අවකාශයේ වල් කතා සේවය....
    මටුමාධවී සහ කුරුට්ටෝ...

    ReplyDelete
    Replies
    1. ඉතිං හත්තිලව්වේ උඹල වගේ උන් ඉන්න හින්දනේ මෙව්ව දාන්නේ...හැක්...හැක්...

      Delete
    2. ටිං...ටුං...ටොං.... මේ ඔබේ ප්‍රියතම වල් බොග් සේවයයි!

      Delete
    3. බීප්...බීප්...බීප්...නොවැලැක්විය හැකි හේතුවක් මත ප්‍රධාන වල් වැඩසටහන් මධුමාධවී රස සරණිය හරහා විකාශය කරනු ඇත...

      Delete
  23. සෝමෙ අයියට තමංගෙ සැට් එක කපාගෙන තනියම එම්බාම් කරගන්න හිතෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ඔව් බං...කොහොමද බං ඉතිං මේ ගෑණුන්ව විශ්වාස කොරන්නේ කියල හිතෙන්න ඇති...නැත්තං කොහොමෙයි ඒකෙ සයිස් එක දැකල මිනිහව අඳුනගන්නේ...අපිනම් මිනිස්සු අඳුනගන්නෙ මූණෙන්නෙ...හැක්...හැක්...

      Delete
  24. ඔව් ජූඩ් අයිය මරුවනේ.. ( දෙයියන් විසින් පල කල කමන්ටුව ;) )

    ReplyDelete
    Replies
    1. හොර දෙයියා...හැක්...හැක්...

      Delete
  25. චිකෙයියා.....කියන කතා

    ReplyDelete
    Replies
    1. කියන කෙනා කෙසේ කීවත් අහන කෙනා හරියට අහන්න ඒපැයි..... හිතේ කැත .. චිකේයියා

      Delete
  26. හප්පොච්චියෙ අවයව කපලා ගෙදර ගෙනියන්නේ නැති මල්සාප්පු කාරයෙක්ව දන්නා එකෙක් ඉන්නවනම් කියපල්ලා ජිවිති අවසාන කාලේ ඒ පැත්තට ගිහින් ජිවත් වෙන්න

    ReplyDelete
    Replies
    1. ඒකට මෙච්චරයි කරන්න තියෙන්නේ ඔය මල්සාප්පු කාරයන්ගේ බිරින්දෑවරුන්ගෙන් අෑත් වෙලා හිටහං.....

      Delete

Related Posts Plugin for WordPress, Blogger...