පහළම ලියද්දේ ගුණසේන මාමාගේ අදහසක් අනුව
පන්සලේ නායක හාමුදුරුවන්ගේ උපදේශකත්වය මත
ඉහළ ලියද්දේ ඥානපාල මාමාගේ යෝජනාවෙන් සහ
මැද කුඹුරේ සිමියොං අප්පුගේ අාරාධනයෙන්
අල්ලපු ගමේ ධර්මදාස බාසුන්නැහේ අතින් නිමැවුණු
ඉහළ ගහ ලියද්ද අමුණ
2015-05-01 වන
ලෝක කම්කරු දිනය දා
ගමේ කම්කරු ජනතාව විසින්
ජනතා අයිතියට පත්කරගත් වගයි.
කුගැගීප
.
කම්කරුවන් නොමැති, බඩ මහත මැති ඇමති පිරිවරාගත් මැයි පෙළපාලි....
ReplyDeleteමැයි දිනය දැන් පක්ෂ වල දේශපාලන හයිය පෙන්නන ඡන්ද අාතල් ඒකක් වෙලා...... ඒදාටත් කම්කරුවා කඩේ යවාගන්නවා.....මේක දේශපාලන මුහුණුවරක් නැතුව ජනතාව විසින් තම අවශ්‍යතා වෙනුවෙන් හඩ නගන අවස්ථාවක් වෙනවා නම් හොදයි... ඒත් ඒකට නායකත්වය දෙන්න විදිහක් නැහැ වෘත්තීය සමිතිත් දේශපාලන පක්ෂ වලට බෙදිලා....... පක්ෂයෙන් පක්ෂයට වෘත්තීය සමිති හදාගෙන... ජාතික, ලංකා, නිදහස්........ අනේ හත්තිලව්වේ කියලා තමයි කියන්න තියෙන්නේ
Deleteලංකාවේ මැයි පෙලපාලි වල යන්නේ comeකරුවෝ
ReplyDeleteඅැණය දැක්කේ අදද කොහෙද??????
Deleteවිස්තර ටිකකුත් කිව්වා නම් තවත් වටිනවා... බ්ලොගයක් තියෙනවැයි......???
@ඇනය : +++++++++++++
Deleteසිරා කතාව...
ReplyDeleteමේක තමා පොත් අැත්ත කතාව... ඒත් මේකට දාන්නේ මුලින් ම ජනාධිපතිගේ නම ඊළගට අගමැති... පස්සේ පළාතේ ඉන්න අැමතිලා හැම ඒකාම.. ඊට පස්සේ ප්‍රාදේශීය සභාමන්ත්‍රීලත් දානවා.... අන්තිමට ලියනවා ජනතා අයිතියට පවරන ලදි කියලා.. රෙද්ද තමා
Deleteකුරුටු ට ජයවේවා අපූරුයි අපූරුයි අපූරුයි
ReplyDeleteස්තූතියි සාරිකා................
Deleteඅවුරුද්දේ දවස් තුන්සිය හැට හතරක් ම මහන්සි වෙලා, දුක් විඳලා රිලැක්ස් එකට, ආතල් එකට, සොමියට, කඳ බඩ මහත, බෙල්ල නොපෙනෙන මාංශ පර්වත තෙපලන නන්ස්ටොප් බයිලා අහන විවේකී දිනය.මැයි 01,.
ReplyDeleteමෙදා ලොක්කොන්ට වෙන ඒකම වෙනස තමා කිලෝමීටර් ගානක් හතිදාගන පයින් යන ඒක.. ඒකල්ලාවත් උන් වැඩ කරන ජනතාවගේ අමාරුව තේරුම් ගන්නවානම් ඒක ලොකු දෙයක්..ඒත් මං හිතන්නෑ..... අම්මපා මේවා මාර විහිලු විභී
Deleteයකෝ සමහර සමරු ඵලක කියවන්න නම් එතන පුටුවක් දාලා වාඩිවෙන්න ඕනේ. එච්චර දිගයි. මෙව්වා ඉතින් ඒ උත්තමයෝ තමන්නේ බූදලයෙන් හදලා දෙන එව්වා නේ.
ReplyDeleteඅම්මපා විචාරක උන්නැහේ............
Deleteඋන් හිතාගෙන ඉන්නේ උන්ගේ අම්මාගේ සල්ලි වලින් අපි වගේ හිගන්නන්ට පිනට දෙන ඒවා කියලා.........
අපට කොම්පැණියෙන් දෙන්නෙ මාසෙට නිවාඩු හතරයි.මේ මාසෙ මුලින්ම 3ක් ඉවරයි. කාල වරෙන්කො...
ReplyDeleteවිප්ලවයට ජයවේවා..???
ඉතින් බාෙල ඒවා රජයේ නිවාඩු නෙව....... ඒවත් කවුන්ට් වෙනවැයි???
Deleteසවුත්තුයි නේ වැඩේ.. අඩුම ගානේ ප්‍රාදේශීය ඇමතියෙක් හරි ගේන්න තිබුනා..
ReplyDeleteඒකත් අැත්ත තමා............. උන් නැතුව හරි නෑ වගේ ගතියක් දැනෙන්න තරම් මේක නාඩගමක් වෙලා දිනේෂ්.........
Deleteආඩම්බරකාර අප්පොච්චිට අවුරුදු නවයකට පස්සෙ අද හදිසියේ මතක් වෙලා මැයි දිනේ දේශපාලකයන්ගේ දිනයක් වෙලා කියලා.
ReplyDeleteඅප්පොච්චිලා ඔක්කොම ඒකයි බං.................... හැමෝම කරන්නේ ඒකම දේ.....
Deleteමම හිතන්නේ නිස්සන්කමල්ලට පස්සේ වැඩිම පලක ඕපන් කලේ මෙයා වෙන්න ඇති...
ReplyDeleteපට්ට නිර්මාණයක් ළොක්කා...
ඔව් මාතා.........................
Deleteමුල් ගල් තැබීමේ කතන්දරයත් ඔය වගේමයි.... මුල්ගල් පැලවෙනවා..... දැන් රටේ හැමඒකාගේම නම් ගගහා ඵලක අරිනවා... ඒත් දුක් විදපු කම්කරුවා ගැන කොහේවත් නැහැ.... මේවා විකාර මචං.... රජවරු පවා කරේ ඔ්කනේ.... ඒක රජෙක් හරි රටේ දාගැබක් හැදුවායෑ.... නමුත් උන්ගේ නමින් තමා කියන්නේ..... අැයි වැව්??????
ඔය සමරු ඵලකයක තියෙන නම් ටික දැක්කම හිතෙන්නෙම වැඩේ කරන බාසුන්නැහැලා කියලා තමා. ඔය ඵලකයක් හදන්නත් ලක්ෂ ගානක් යනවා. සමහර තැන්වල ඵලක විතරයි මුල් ඇදලා.
ReplyDeleteඔව්.......... මාධවී............
Deleteවැඩ කරපු අැත්ත කම්කරුවාට රටේ තියෙන තැන ඔච්චර තමයි මාධවී... ඉතින් මැයි දිනයක් රෙද්දට යෑ
ඔව්වා ඉතින් පිස්සු වැඩ තමා...
ReplyDeleteඅම්මපා ඔය රජවරු කරපුවා දැන් තහනම් කරලා දාන්න වටිනවා
Deleteසුපිරි
ReplyDeleteජය වේවා!!!
තැන්කූ මනා................
Deleteමුන්ගෙ ගොං පාට් දැකල දැකල එපා වෙලා දැන්නම්
ReplyDeleteමේවා උඩ පැන පැන භාරගන්නා ජාතියකුත් රටේ ඉන්නවානේ.. යකෝ රටේ සදාකාලික මහඒකා ඒළවපු අපිට අැයි බැරි මේ නාඩගං නවත්තන්න?????
Deleteසුපිරි..
ReplyDeleteකොහොමත් පිරමීඩ හැදුවෙත් පාරාවො කියලනෙ කියන්නෙ..
අම්මපා හැමදාම වුනේ ඔ්කයි.... මහඋන්ගේ නම ලියාගන්න කම්කරුවා මරාගෙන කෑවා... අන්තිමට කම්කරුවා ගැන කව්රුත් කතා කරන්නෑ.... දැන් බලන්නකෝ අඩුම ගානේ කම්කරු දිනයේවත්
Deletehttp://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/16796-2015-05-01-22-29-24
ReplyDeleteතැන්කූ අජිත් අයියා..................
Deleteමේ සහය අපිට ලොකු හයියක්..... අපිව දිරිගන්වනවා......
එල ද බ්‍රා..(නෑ නෑ ) මම කිව්වෙ උඔගේ නිර්මානය.
ReplyDeleteඅා.............. ඒක මිසක්....... තැන්කූ........ තැන්කූ............ උඹේ බ්‍රා කමෙන්ටුව වැටුනේ නැතුවාම ටිකක් අවුල් වගේ මචං
Delete