Tuesday, April 28, 2015

පොල් ඔයන්න දන්නවාද??????



රස්සාවක් හොයන් කන්න ගෙදරට බර නොදී ඉන්න
දවසක් දා සිරිපාලට හිතක් පෑදුනා
දන්නෙ එකම රස්සාවයි පොල් ගස් නැගගන්න තමයි
ඒකෙන් ගොඩයන්න පොටක් කොල්ලා හිතුවා

කුරුණෑගල ටවුමට ගොස් ගමකට යන බසයක් දැක
පොල් ගස් වැඩි පැත්තක් වෙත ටිකට් ඉල්ලුවා
පොල් වත්තක් මැදට අැවිත් කොන්දොස්තර තග දාලා
සිරිපාලයා බස්සාලා බසය අැද්දුවා

ළගම තිබුණ ලොකු ගෙදරට ගොහිං තට්ටු කරපු ටිකට
යකෙක් වගේ මහත්තයෙක් කඩාන අාවා
මොකෑ මොකෑ දොර කඩන්නේ මොනවාදැයි උඹට ඕන
කියලා ලොක්කා සද්දෙ දමා කොලුට අැමතුවා

දොරවල් නොව මං කඩන්නෙ ගස් නැගලා පොල් කඩන්නෙ
දවසට ගස් සීයක් මුත් මට කම් නැතුවා
ඉන්න කන්නට ටිකක් දීලා වත්ත පැත්තේ යැව්වා නම් 
පොල් කඩලා මම ඔහේව පුදුම කරනවා

කොලුවා පරදන්න හිතා ලොක්කා තරමක් හිතලා
දන්නවාද පොල් ඔයන්න කියලා අැහුවා
දන්නෑ කියලත් හරි නෑ. මේ ගැන මං දන්නෙත් නෑ
සිරිපාලයා බේරෙන්නට ක්‍රමයක් හිතුවා

ඉහ නිකටත් අතගාලා කට කොනකින් හිනාවෙලා
කටට අාපු උත්තරයක් කොලුවා දුන්නා
පොල් ඔ යන්න දැකලා නැතත් අඹ බ යන්න දන්නවා මං
ඕනමනං පෙන්නන්නං පොතකත් ලියලා .................


තුෂාර විතාරණ


.

48 comments:

  1. හැක හැක හක, තුශාරයා ඔය ලියලා තියෙන්නේ ඌට වෙච්ච් සීන් එක සහ සුද්දෙන්ම් එදා මට කියද්දී උඹ කිව්වේ මේක කාටවත් කියන්න එපා කියලා එහෙනම්

    ReplyDelete
    Replies
    1. ඔව් බං මං හිතුවේ නැහැ උඹ යකෙක් වගේ පොරක් කියලා.... මේ කතාව කාටවත් කියන්න ඒපා කිව්වේ උඹේ හැටිත් කට්ටියට කියන්න වෙන නිසා.....

      Delete
  2. නියමයි. පොල් ඔයන්න තියෙන්නෙ අපේ ප්‍රාන්තෙ.

    ReplyDelete
    Replies
    1. අන්න පැත්තට ගැලපෙන කතාවක් නේද රාජ්......?????

      Delete
    2. ඔයි ප්‍රාන්තේ ඔයනු ගොඩයි, දොඩම් ඔයන්නකුත් තියනව නේද?

      Delete
    3. දොඩන්නැත්තේ අැයි කියලාලු අහන්නේ..... මේ ඉතිං අවාරෙනේ අයියා කියනවාලු

      Delete
  3. කුරුට්ටෝ අපි අලුතින් පොල් ඔ යන්නක් හදමුකෝ



    සබරේ ඇනෝ

    ReplyDelete
    Replies
    1. අා............ සබරෙ සහෝදරයා..... තාම අැනෝ පැත්තෙන් තමා නේද ඒන්නේ??? බ්ලොග් කට්ටක් ඒහෙම අටවා ගන්න අදහසක් නැතෙයි???

      Delete
    2. හපොයි නෑ ලියන බ්ලොග් කියවන්නත් කට්ටියක් ඉන්න එපැයි

      Delete
    3. තාමත් සහෝදරයා ගැන හිතාගන්න බැහැ... කව්ද කියලා කියන ඒකක් යෑ???

      Delete
  4. සිරා අලුත් සිංහල හෝඩිය ඉගෙනගෙන නෑ වගෙයි.

    ReplyDelete
    Replies
    1. ඔව් බං ඔය අඹ බ යන්න... ගයනු ශ යන්න.... පයනු ෂ යන්න වගේ තියෙනවානේ... අඹ බ යන්න කියලත් තිබ්බම මක්කැයි නේද හිටං

      Delete
  5. පට්ටයි බං... කියලා වැඩක් නැත... පොල් ඔයන්නේ දකුණේ කස්ටිය...

    පොල් ලෙලි ගහන එක නම් ගොඩක් අය කරනවා... පොල් වැවෙන්නේ නැති රටවල හිටං..

    ReplyDelete
    Replies
    1. මං හිතුවා උඹේ කැඩිච්ච කට මේ වගේ කතාවක් පතබායි කියලා....... ස්තූතියි

      Delete
  6. පොල් ඔයන හාමුදුරු කෙනෙක් එක පාරක් අපේ මාරයටත් හම්බ වෙලා තිබුනේ..

    ReplyDelete
    Replies
    1. මාරයාට?????

      විස්තර කරහංකෝ

      Delete
    2. ඔය ඉතිං... පොල් කිව්වම වලවල් හාරපු උනුත් එනවා නේ..

      Delete
    3. ඇයි ඔය දාල තියෙන්නෙ ලිංක් එක.

      Delete
    4. මොකක් ද ප්‍රසා වලවල් කතාව... දේශකයා බොරුවක්වත් කිව්වද???

      Delete
    5. හැක් හැක්....
      ඌ ඔය දවල් වැටිච්ච වලේ රෑත් වැටිලනෙ.

      Delete
  7. අපි පැදුරු වියද්දි සමහරු බත් වියනවා.. හැබෑට පොල් ඔයන්න කියලා තඩි පොල් ගෙඩියක් විතර ඔ යන්නක් ලියල පෙන්නන්න තිබ්බනේ.. පට්ට..

    ReplyDelete
    Replies
    1. කොල්ලා ඒහෙම තමා ලියන්න සෙට් වෙලා තියෙන්නේ

      Delete
  8. පට්ට කතාව. මිනිහ හරි ඉහල තැනකට යයි!!!!

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් පොල්ගස්නේ නගින්නේ... ඉහළට ම යයිවගේ

      Delete
  9. හරි, සඤ්ඤක දයන්න දන්නවද කියලා ඇහුවනම්, ඕකා අනිවාර්යයෙන්....................පෙන්නනවා.

    ReplyDelete
    Replies
    1. මහප්‍රාණ ම යන්න වගේ තමා නේද????

      Delete
  10. මට මිටර් නෑ
    පොල් ඔ යන්න?

    ReplyDelete
    Replies
    1. උඹ ඉතින් දන්නේ වෙන වෙන පොල්නේ....... අනේ මගේ කට???

      Delete
    2. අර පොල්.....................////

      Delete
    3. මෙන්ඩා,............ මෙන්න මේක ගැන කියන්නේ.

      http://blog.trekurious.com/wp-content/uploads/2013/12/IMG_2825.jpg

      Delete
  11. කමනේට් වලින් පොල් 'ඔ' යන්න ගොඩ දා ගත්තේ හිටං.

    ReplyDelete
  12. ඇහැක් විදියට කණක් ඇන්ද එකේ අනික...

    ReplyDelete
    Replies
    1. ඇහැක්නං ගහන්න බලන්න කිව්වලු.

      Delete
    2. මාධවීගේ වර්ගයේ නිර්මාණයක් හින්දා අවුලක් හිතයිද දන්නෑ නේද සාජ්ජා????

      Delete
  13. අත්දැකීමක්දෝ.....

    ReplyDelete
  14. තමන්ට උන දේවල් අනුන්ට උනාවගේ කියන්න පුළුවන් වෙන කාටද අර පඩත්තල තුශාරයට මිස මේ විදිහට......

    ReplyDelete
    Replies
    1. අඩෝ............. කසුට්ටා................

      වරෙන් ගේම නං ගේම...

      Delete
  15. තුශාර අයියෙ මොනාද මේ රට්‍ටු කියන කතා??

    ReplyDelete
    Replies
    1. අම්මපා මං රටට ලෝකෙට බයේ ජීවත් වෙන ඒකෙක් නෙමෙයි මලයා....

      Delete
  16. ඇයි බං කොස් තලන්නෙ සමහරු.
    නියම කතාව. හැබැයි මගේ අනභිබවනීය ඉට්ටැයිල් එක කොපි කලාට මොකක්ද එක පතුලෙන් නැගෙන මොකක්ද එක.

    ReplyDelete
    Replies
    1. අම්මපා................. මේක පුරා නොකියපු කතාව ඔ්ක තමා... මේකේ තාලයේ අයිතිය මාධවීට තමා.... අපි ඉතින් යොලුවොනෝ........... හැක්

      Delete
  17. හිකි හිකිස් පට්ටස් සහෝ

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...