Friday, September 26, 2014

ඒකට මොකද වුණේ......???


බේබද්දෙක් එක දවසක හැන්දැ කොරේ
පාර පුරා යයි උස්සා සරම කරේ
බීමරගාතෙ දොඩමින් නොමැතිව චාරේ
යන මිනිසුන්ට නොහැකිය බේරෙනු පාරේ

මේ මිනිහා යන පාරට ඉතා ළඟින්
රේල් පාර වෙයි කලබල නිරන්තරෙන්
දැන් මිනිහා වැනි වැනි යයි සැහැල්ලුවෙන්
ගොඩවී රේල් පාරට හරි ලොකු ජොලියෙන්

මෙහෙම යද්දි හෙළුවැලි පසුපස පෙන්නා
කෝච්චියක් පිටිපස්සෙන් දිව එන්නා
මේක නොදන්නා බේබදු බම්මන්නා
කුණුහරුපයක් කියමින් සතුටින් ඉන්නා

ගහයි කෝච්චිය හූ හඬ නළාවෙන්
බේබද්දා පන්නනු ඉවතට පාරෙන්
නළාව ඇසි මේ ගොබිලා කේන්තියෙන්
ඉවතට පැන මරහඬ දෙයි මහ සද්දෙන්

කවුද අඩෝ හූ කියන්නෙ මෙමා හට
කෝච්චියෙත් වෙනසක් නැත මේ පොරට
එහෙම කියා දිගහැර අතපය පෙරට
ගැහුවෙ පයින් පාරකි යන එන්ජිමට

සිහිය නැතුව මොහු දැන් ඉස්පිරිතාලේ
පයින් ගැහුව කකුල කපා ඇත මෙවෙලේ
සිහිය එන විටත් නොදනී ජංජාලේ
ඇහැරෙන විට ඇඳ වට මිතුරන් වේලේ

දැන් දැන් මතක් වෙයි උන්දැට පෙර දිනය
අන්තිමටම හිටියේ හරි ජොලියෙන්ය
ගැහුවෙ කෝච්චියට පයින් හරි කෙළිය
ඇහුවෙ මෙලෙස මිතුරන්ගෙන් වුණු හරිය

අඩෝ මචං...කෝච්චිය පෙරලුණාද බං ?...පයින් ගැහුව විතරයි මට මතක......!!!

( අසා තිබූ කතාවක් කවියෙන් ඉදිරිපත් කිරීමකි )

                                                           අසංක ගයාන් අබේසිංහ

42 comments:

  1. පික්ෂු බුවෙක්නෙ!! හැක් හැක්…

    කවි ටික නම් මරු, අසංක.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ප්‍රියා මචෝ...අපිත් ඉතිං ඕවගේ පික්ෂු බුවාලනෙ නේද...බිව්වම නොහැක්කක් නොමැත...හැක්...හැක්...

      Delete
  2. හිනා කෝටියයි.. :D :D

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති කෝටියයි...හි...හි...සංචාරකයෝ...

      Delete
  3. දයා රාජපක්ෂගේ කයි කතන්දර මතක් උනා..

    අන්තිම කෑල්ල වල්ල පට්ට.. ඒකත් කවියෙන්ම ලිව්වා නම් තමා අගේ...

    ReplyDelete
    Replies
    1. ඔබේ මෙවැනි අගය කිරීමක් නම් වල්ල පට්ට කිලෝ දහයකටත් වඩා වටී...බොහොම ස්තුතියි මාතේ...අන්තිම ටික කවියෙන් ලියන්න ඕන විදිහක් හිතට ආවෙම නෑ එවෙලෙ...ඒකයි නිකම් වචනෙන් දැම්මෙ...

      Delete
  4. කෝච්චියේ කෑලිත් නෑ..
    හරියට තෙල්වත්තෙ දි උනා වගේ...


    ReplyDelete
    Replies
    1. විදානයට සිග්නලුත් නෑ...
      හරියට නිට්ටඹුවෙදි වුණා වගේ...

      Delete
  5. ඇති ඔයින් ගියා කෝච්චියට වෙච්ච දේ අහන්නවත් ඌ ඉතුරු උනා මදැයි

    ReplyDelete
    Replies
    1. ඒක නෙවෙන්නම් අජිත්...ඌ කොච්චර වුණත් සාධාරණ මිනිහ නේ...කකුල නැතත් කෝච්චිය ගැනත් හොයලා බැලුවනේ...හිකිස්...

      Delete
  6. බීලනම් හිටියේ නැහැ. 1988 - 89 කාලේ එක්තරා කඳවුරකදී වූ දෙයක් මේ. මම එදා නින්දට ගියේ දවස පුරාම වෙහෙසිලා. රාත්‍රියේ මම දැක්කා කවුරුහරි මිනිහෙක් හරියටම මගේ ඇඳට ඉහළින් වහලේ උළු අයින් කරලා කඹයක් දාලා බහිනවා. කොට්ටේ යට තිබුණු පිස්තොලෙට අත යවන ගමන් දුන්න අරූට පයින් එකක් උඩ යන්ඩ. අම්මෝ කියවුණා. ඌට නෙවෙයි මට. මම හීනෙන් පයින් ගහලා තියෙන්නේ ළඟ තිබුණු බිත්තියට. කකුලට බෙහෙත් කරන්න වුණා සුමානයක් විතර.

    ReplyDelete
    Replies
    1. ඒකාලේ කරපු දේවල්වලට බොලාට තාමත් හොඳට නින්ද යනවද

      Delete
    2. හි...හි...විචාරකතුමාට වුණු දේ ගැනත් කවියෙන්ම දෙන්නද එහෙනං?...

      Delete
  7. උඹට කියන්න ඔහොම පොරක් අපේ ගමෙත් ඉන්නවා. හිටහං එක වෙලාවක ලියනන්..

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි දේශා...ඒ පොර උඹ එහෙම නෙවෙයි නේද...හිකිස්...කියහං කියහං පෝස්ට් එකකින්ම ඕං...

      Delete
    2. ගමේ එකෙක් කියලා තමන් ගැනම ලියනවා එහෙමෙ නෙමේ..:D

      Delete
    3. ඒක තමයි මනෝජ්...අපි හොඳ අවදියෙන් ඉන්ට ඕනෑ...මූ තමන් ගැනම ලියයිද දන්නෑ අනුන්ගෙ නමක් දාලා...හිහ්...හිහ්...

      Delete
  8. අපේ ලොකු තාත්තා හෙඩ් ගාර්ඩ් කෙනෙක්, එයාත් දවසක් සාගරිකා එකේ යද්දී මොරටුව පැත්තේ පොරක් බෝතලේකුත් තියාගෙන කොච්චි පාරේ ගිහින්, පොරටත් ඔය ටික වෙලා පොරත් පයින් ගහලා, හැබැයි පොර නම් එතනමයි, කෝච්චිය නවත්තලා බොඩිය ගාඩ් රුම් එකට දාද්දි තමා දැකලා තියෙන්න පොඩ්ඩක් එහායින් බිඳිලා නැතිව බෝතලේ තියෙනවා බාගෙකට වැඩිය, ඉතින් බෝදොයත් එක්ක එකත් දාගෙන යන ගමන් අරුඋට පින් දිදී අන්ඩර් ගාඩ් එක්ක ගගහා ගියාලු ඉතින්.

    ReplyDelete
    Replies
    1. ඒක කයි කතන්දරේට වඩා ආතල්..

      Delete
    2. අඩේ බං සොමියා...ඔය කතාව මම කලින් දැනන් හිටියනං මේ කයිය තව ටිකක් ඇඩ්වාන්ස් කොරන්න තිබුණා...මේකත් මාර කතාවක්නේ යකෝ...නියමයි...හිකිස්...

      Delete
  9. උඹේ මේ ටයිප් එකේ කවි නම් පට්ට ආතල් බං.පුදුම රසක් දෙන්නේ ඒවා.

    ReplyDelete
    Replies
    1. උඹලගේ මෙවැනි අගය කිරීම් ගෙනදෙන්නේ පුදුම දිරිමත් කිරීමක් මනෝජ්...බොහොම ස්තුතියි ඔබට...

      Delete
  10. හැමදාම ලියන ක්‍රමයට වඩා වෙනසක් තියනවා..ඉදලා හිටලා ලේ පිරිසිදු වෙන මේ වගේ කතාවකුත් ලියන්න.
    එල ද බ්‍රා...

    ReplyDelete
    Replies
    1. එළ එළ බ්‍රා මෙන්ඩියෝ...ලේ පිරිසිදු වෙන්න මටනම් කවි ලියන්නම ඕන නෑ බං උඹලගෙ මෙවැනි ඇගයීම් දැක්කම...බොහොම ස්තුතියි...

      Delete
  11. උදේ කාර්්‍යලයට ආපු කෙනෙක්ගේ මුනේ දැලි ගැවිලා තියනවා දැකලා අනිත් උන් අහලා මොකද බං මුනේ දැලි කියලා
    පොර කිව්වලු ගැනි ගමේ යන්න කෝච්චියට නැග්ගුවා මම එන්ඡිම ඉම්ඔා කියලා.

    ReplyDelete
    Replies
    1. උදේ කාර්යාලයට ආපු මෙන්ඩියගේ මූණේ දැලි ගෑවිලා තියනවා දැකලා අනිත් උන් අහලා මොකද බං මූණේ දැලි කියලා...

      මෙන්ඩිය කිව්වලු වයිෆ් ගමේ යන්න කෝච්චියට නැග්ගුවා මම එන්ජිම ඉම්බා කියලා...

      හිකිස්...ඔහොම නේද මෙන්ඩියෝ ඇත්ත කතාව...???

      Delete
  12. කෝච්චියට පයින් ගහල කකුල කඩන් ඉන්නේ
    'අහපු කතා' කියලයි ඒවා එලියට එන්නේ
    ඒ වුනාට අපි නම් ඕවට නොම රැවටෙන්නේ
    අසංකමලු කෝච්චියට පයින් එකක් ඇන්නේ:D :D

    ReplyDelete
    Replies
    1. කෝච්චියට පයින් ඇන්න පාඩුවකුත් නෑනේ
      චන්දනයගෙ කවි දස්කම එනිසා හෙළිවන්නේ
      උඹලාගේ ඇගයුම් මැද ඉදිරියටම යන්නේ
      මේ ලෙස තව ඉදිරියටත් අපිත් එක්ක ඉන්නේ

      Delete
  13. තිබුනත් දෝස යවහන්
    වී නැත රසය අවහන්
    ආල කවි නම් මටත් අරහන්
    මෙවැනි කවි තව තවත් මවහන්

    ReplyDelete
    Replies
    1. අපේ ඉන්දික මැතිඳුන්
      පිළිගමු බොහොම සතුටින්
      අතරින් පතර මෙලෙසින්
      කවි කතාවන් ලියමි ජොලියෙන්

      Delete
  14. හි.. හි... :D පද වැල් ටික නියමයි...

    ReplyDelete
    Replies
    1. හි...හි...හීහ්...හි...හි...බොහොම ස්තුතියි තුශානි...

      Delete
  15. පිස්සු හැදෙන සඳ කිව්වලු..

    පට්ට ස්ටොරිය බොලව්..

    ReplyDelete
    Replies
    1. අන්තිම කෑල්ල තවත් රසවත්....

      Delete
    2. අර මොනවද බිස්කට් වර්ගයක් තියෙන්නේ...ඒ වගේද විභී...??...බොහොම ස්තුතියි අගය කිරීමට...

      Delete
  16. හම්මේ... ඔන්න මාත් යන්තම් අන්තිම පෙට්ටියෙන් කෝච්චියට ගොඩ උනා. අපූරුයි අසංක. මේ කතාවත් මට මතක් කලේ ඔබ කලින් මේ විදියටම ලියපු හෝටලේට ගිය මුදලාලිගේ සන්තෑසිය. මේ වගේ දේවල් ලියන්න ඔබට තියෙන හැකියාව ඔබටම සුවිශේෂි වෙච්ච දෙයක්.

    ජය වේවා!

    ReplyDelete
    Replies
    1. මම මේ ඒත් බොහොම හිත් අමාරුවෙන් හිටියේ අපේ මනෝෂ් මොකද නැත්තේ කියලා...වෙනදට කලින්ම එන කෙනා...හිතුවේ හිත් අමනාපයක් හරි අපිව එපා වෙලා කියල හරි...කමක් නෑ...අන්තිමට හරි ආවට අපි බොහොම සාදරෙන් පිළිගන්නවා...බොහොම ස්තුතියි ඔබට...

      Delete
    2. හප්පා... හීඑනෙකින්වත් එහෙම න ම් හිතන්නෙපා. පහුගිය දවස් ටිකේ හුස්ම ගන්නවත් වෙලාවක් නැතිව හිටියෙ. ඒකයි..

      Delete
  17. Maru kaviya Loku Aiye (Asanka)

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි මල්ලි...උඹ මාව අඳුරගත්තද...කමක් නෑ...කමක් නෑ...බොහොම ස්තුතියි...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...