Thursday, September 18, 2014

ඔබ......රූ......ජායා......



ලා දළු සෙලවෙන මිහිරි සැඳෑවේ
සුළං සරින් ගත නැළවෙන වේලේ
ලා රතු හිරුගේ නිමල රැසේ
ඔබගේ සිතුවම් මසිත මැවේ...

සොඳුරු වුවන සිත පමණි දකින්නේ
නෙත් පිංකර නැත සියුමැලියේ
මිහිරි සුවඳ සිත පමණි විඳින්නේ
හිමි නැත ඔබෙ වත සියුමැලියේ...

තුරු අග රැඳි පත් නිබඳ සැලෙන්නේ
සවන් වැකේ කිංකිණි රාවේ
තුරුපත් සෙවණේ සීතල අතරේ
දැනේ දැනේ උණුසුම ඔබගේ...

මාවත් අතරේ සුදු වැලි ඇතිරූ
අතිනත් පටලා යන සේයා
සිහිනෙන් ගෑ සුවඳයි නෙත් මානේ
වියැකී යයි රූ සිරි ජායා...



 

අසංක ගයාන් අබේසිංහ

53 comments:

  1. පදරචනය : අසංක ගයාන් අබේසිංහ
    සංගීතය සහ ගායනය : සනත් නන්දසිරි

    ReplyDelete
    Replies
    1. ඕක මගේ සිහිනයක්. බොක්කෙන්ම.

      Delete
    2. ඔබලාගේ ඒ හීනය හැබෑවක් කරන්න මම පුළුවන් හැමදේම කරනවා මනෝෂ්...කවදාහරි මෙය සාර්ථක වුණොත් එහි සම්පූර්ණ ගෞරවය ඔබටයි...මට කිසිවක් අයිති නෑ...සත්තකින්ම... බොහොම ස්තුතියි...

      Delete
    3. //පදරචනය : අසංක ගයාන් අබේසිංහ
      සංගීතය සහ ගායනය : සනත් නන්දසිරි// +++++++++++++++++ සිරාවටම එකඟයි!

      Delete
    4. මෙච්චරම උඹලා කියන එකේ යමක් ඇති කියලා මටත් හිතෙනවා බං...කොහොමද පොටක් පාදගන්නෙ කියලා මම මේ හිතන්නේ...

      Delete
  2. සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට
    දහසක් දොම්නස් සිහින පවුරු මැද
    තනිවුන ඔබෙ සුසුමන්
    සෙමින් විත් මගෙ සවනත පාරයි

    තෙරක් නොමැති සිතුවිලි සයුරක් මැද
    සරන විටද රැුය ගෙවෙන තුරාවට
    මහස සෙනෙහෙ ඔරුවේ නැගී ඔබ
    එතෙරවන්න නිබඳේ නිදිලොව වෙත එතෙවරන්න නිබඳේ

    නිමල පැතුම් සපුරා ගෙන හද තුල
    සිහින ලොවෙන් නෙත හැඓන වෙලාවට
    අරුණළු නැගෙන පැයේ කුසුමක් වෙමි
    ජීවන මල් ගොමුවේ ඔබෙ ආදර ජීන්‍න මල් ගොමුවේ

    පදරචනය, සංගීතය සහ ගායනය : සෝමතිලක ජයමහ

    ReplyDelete
    Replies
    1. මනෝෂ් ඔබ මෙහෙම ඒවා කියද්දී මට හිතෙන්නේ මම ප්‍රේමය හින්දා විඳපු වේදනා දැනුණු ආකාරයෙන් දශම ගානක් හරි මේ විදිහට ඔබ වෙත ඉදිරිපත් කීරීම අද කොතරම් සැනසීමක් ද කියා...ඒ වේදනා මතින් කාලකණ්නියෙක් හරි අපතයෙක් හරි නොවී කාත් එක්කවත් තරහ නොවී මේ තරමට ජීවිතේ සතුටින් ගත කරන්න හැකි වුණේ මේ නිර්මාණ දිවියට පය තැබූ හින්දම විතරයි...ඉතින් ඔබලා අතර නිර්මාණ කරමින් මේ ගෙවෙන ජීවිතයේ සොඳුරු බව කොතරම්ද....

      Delete
    2. ඇත්තටම අසංක මං හැමදාම ඔබේ නිර්මාණ උපරිමයෙන් රසවිඳිනවා, ලස්සනයි කියනවා, විශිෂ්ඨයි කියනවා, හොඳයි උපරිමයි කියනවා. ඒ කියන්නෙ හදවතින්මයි. හදවතට ඇත්තටම දැනෙන දේ. ඒත් මටම දැන් ඒකාකාරිවෙලා ඒක. ඒකයි අද මොකුත්ම නොකිය උඩින්ම අර විදියෙ කමෙන්ට් එකක් දැම්මේ. ඒ මගේ හීනයක්. ඒකයි ඒ. ඒත් එක්කම දෙවනියට දාපු ගීයත් මතක් උනා.

      Delete
    3. ඔබ මොකක් කොහොම කිව්වත් ඒක කමක් නෑ මනෝෂ්...මොකුත් නොකිව්වත් කමක් නෑ...නිර්මාණ රස විඳින එක විතරක් වුණත් සතුටක්...ඒ නැතත් විශිෂ්ඨයි නොකියා නිර්මාණය මෙලෝ රහක් නෑ චාටර් කියල හරි කෂඩයි කියල කිව්ව වුණත් මගේ කිසිම තරහක් නෑ...හහ්...හහ්...බොහොම ස්තුතියි මනෝෂ්...

      Delete
    4. මං හිතනව අසංක මං කීව දේ වැරදියට තේරුම්ගන්න නැතිව ඇති කියලා. කියන්න ඕනි උනේ හැමදාම ඒකාකාරී නොවී, ඊට වඩා වටින යමක් කියන්න තිබ්බනම් හොඳයි කියලයි. එහෙම නැතිව කමෙන්ට් කරනෙක ඒකාකාරියි කියල එහෙම නෙවෙයි. මොකද අපි මේ කියන වචන දෙකතුනට වඩා දහස් ගුණයක් ඔබේ නිර්මාණ වටිනවා. අපිට ඒ වටිනාකම වචනවලට පෙරලගන්න බැරි ප්‍රශ්නෙකුයි තියෙන්නෙ.

      Delete
    5. අඩේ මනෝෂයා...මම කවම කවදාවත් වැරදියට තේරුම් ගන්නේ නෑ බං...මේ හැම නිර්මාණයකටම වඩා මට උඹලව වටිනවා...උඹලා බැන්නත් මට ඒකත් කමක් නෑ...ඒ දේ තමයි බං මට කියන්න ඕන වුණේ...කොහොම වුණත් මම කියන දේවල් වල මොකක් හරි හුරස්පරයක් තියනවා වගේ...අහන එකාට වෙන තේරුමක් හිතෙන...ඔන්න ඉතිං මං ඒක දැන් හරියට තේරුම් කළා කියලා හිතනවා...

      Delete
    6. කෂඩයි කියන්නේ මොකක්ද ඈ :O

      Delete
    7. මටත් ඔය ලෙඩේම තමා බං තියෙන්නෙ අසංකයෝ.. අපි සේරම එකම බෝට්ටුවේ. ඒක නොවැ මෙහෙම සෙට් වෙලා ඉන්නෙත්. එළ එළ!

      දිලිනි,

      කෂඩයි කියන්නෙ නිකං අන්තිමයි කිව්ව වගේ. අපේ මේ අසංකයාට පිස්සුනේ..

      Delete
    8. ඇත්තටම අපි එකම බෝට්ටුවේ බං...ඒ ගමන හරිම සුන්දරයි...සත්තකින්ම...

      ඒක පැත්තක තියලා අපි මේ අපේ දිලිනි නංගියට සම්භාව්‍ය කුණුහරුප ගැන පාඩමක් කියලා දෙමුද පංති මාලාවක් දාලා...මේකිට මෙලෝ වචනයක් තේරෙන්නෙ නෑනෙ බං....

      Delete
    9. අනේ මටත් උගන්නපල්ලකො සම්භාව්‍යයයයය කුණුහබ්බ ටිකක්.!! :D එකෙක් ඉන්නවා දෙක තුනක් කියන්න. :D

      Delete
    10. ඒව එහෙම උගන්නන්න බෑ බං නිකං...හික්ස්...ඒ කුණුහබ්බ මාර රහයි මචෝ....හික්ස්...

      Delete
    11. හ්ම් හ්ම් ඒක හොඳා මොකෝ ඔය ප්‍රියා කියන පුග්ගලය "ප්‍රියාගේ සිතිවිලි " ලිවීම නතර කිරීම සම්බන්ධයෙන් එව්වා දෙකක් තුනක් වත් කියලා විරෝධය ප්‍රකාශ කරටන්ට පුලුවන් එතකොට :P

      Delete
    12. හ්ම්...හ්ම්...ඒ කතාවට නම් මමත් දිලිනිත් එක්ක 100% එකඟයි...ඒත් මේ ප්‍රියා කියන යකාට සුපිරියෙන්ම අමුවෙන් කුණුහරුප ටිකක් කියල ගත්තොත් නම් ඕක ආයෙ ලියයි...ඒ මොකද මමත් ගොඩක් කාලෙකට කලින් හොඳින් කිව්වා ආයෙත් ලියපං කියලා...මේකාගෙ ආඩම්බරකම කොච්චරද කිව්වොත් ඒකට 'හ්ම්' සද්දයක් නෑනෙ මේ වෙනකංවත්...ඕං මුගෙ හැටි...

      Delete
    13. අම්මප දිලිනි, ඕකගේ සිතිවිලි ආයෙ අවුස්සන්න දැන්නම් කුණුහම්බ දෙකක් කියන්නම වෙයි වගේ.

      Delete
  3. සුපිරියි අසංකයො ඈ.. ^_^

    ReplyDelete
    Replies
    1. උඹලගේ ඇගයීම් හින්දම තමයි මට මේ තරමින් නිර්මාණ කරන්න හැකියාව ලැබිලා තියෙන්නේ සංචාරකයා...නිර්මාණය සුපිරි වුණත් නැතත් ඔබේ අදහස් ගොඩක් වටිනවා... බොහොම ස්තුතියි ඔබට...

      Delete
  4. ඇත්තටම මාමත් හිතන්නේ මේ පදමාලාව ගීතයකටම කියාපු වචන වලින් සමන්විතයි කියලා

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඉවාන්...ඔබ සැම මෙහෙම කියද්දී හිතට දැනෙන හැඟීම විස්තර කරන්න මට අමාරුයි...ඒ මොකද මේ නිර්මාණ කිසිවකින් මම මේ තරම් ඇගයීමක් බලාපොරොත්තු නොවුණු හින්දා...මේවා කරන මොහොත වෙද්දී මගෙ හිතේ තිබුණේ එවෙලෙ මට තිබුණු දුක හෝ සතුට ප්‍රකාශ කරගන්න විදිහක් ගැන සිතීම පමණක් හින්දා...ඒත්...ඒ නිර්මාණය වෙනත් අයෙකුට මේ තරම් දැනෙනවා නම්...අනේ මන්දා...උඹලාට බොහොම ස්තුතියි...

      Delete
    2. දැන් එතකොට ඉවාන් පුතා හිතන්නෙ කොහොමද මේ ගැන ? :P :D

      Delete
  5. මලේ සුවඳ මලට නොවේ
    වටේ ඉන්න අයට දැනේ
    සඳේ එලිය සඳට නොවේ
    දුරින් ඉන්න අයට දැනේ
    දොලේ සිසිළ දොලට නොවේ
    දොල දිය බිව් අයට දැනේ
    නුඹේ කවි සිත නුඹට නොවේ
    විඳිනා අය හටයි ලොවේ

    ReplyDelete
    Replies
    1. නුඹෙ කවි සිත මටද හොරෙන්
      සිතේ ලැගුම් ගනියි වගේ
      මගෙ කවි සිත මටද හොරෙන්
      නුඹේ සිතට එබෙයි වගේ
      ඒක නිසා ලොවට හොරෙන්
      දැනෙන හැඟුම් කියනු මැනේ
      නුඹේ සිතත් මගේ සිතත්
      පෑහෙනු ඇත රන් රස සේ

      Delete
  6. අමාරුවෙන් සිග්නල් ආපු වෙලාවේ මං දාපු කොමෙන්එක ගිල්ලෙ කවුද???

    මේකට තනුවක් අල්ලමුද??

    ජ ය වේ වා !!!!

    ReplyDelete
    Replies
    1. මේ හැමෝටම හොඳින් කියන්නෙ හරි...අපේ විදානයගෙ කමෙන්ට් ගිල්ලා නම් වහාම වමාරනවා හොඳයි...ඌ කොයි තරම් අමාරුවෙන්ද ඕවා දාන්නෙ බොලව්....ආයෙ කියන්න ඉඩ තියන්න එපා....!!!

      ඔන්න විදානයෝ...මම සද්දෙ දැම්මා...ඕව ගණං ගන්න එපා...දැන් හරි...ආයෙ එහෙම වෙන එකක් නෑ...මුන් මට බයයි...හික්ස්...බොහොම ස්තුතියි අගය කිරීමට...ඒ වගේම මේවා ගීත කරන විදිහ තමයි මමත් හොයන්නේ...

      Delete
    2. මුගේ කමේන්ට් එක ගිලලා මට දැන් වමාරන්න බැරුව යකූ මේ ඉන්නෙ! මට දැන් ඉස්මුරුත්තාව වගේ!! :D :D

      Delete
    3. අන්න දැක්කද විදානයෝ ඇස් පනාපිට ප්‍රතිථල...අත්දුටුවයි..ප්‍රත්‍යක්ෂයි නේ...මං කිව්වේ මුං මට බයයි කියලා...සද්දෙ පොඩ්ඩක් දැම්මා විතරයි සීන් එක එළි වුණා... හික්ස්...උඹ කිසි දේකට බය වෙන්න එපා මං ඉන්නවනේ...

      Delete
  7. ම්ම්ම්ම්......
    කාගෙ හරි හඩකින් අහන්න ආස සිතෙන පද ටිකක්.....
    එල මචෝ........

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කෙන්ජියෝ උඹලාගේ මෙවැනි දිරිමත් කිරීම් වලට...උඹලා වෙනුවෙන් නිර්මාණ ඉදිරිපත් කරන්න ලැබීම මා ලැබූ වාසනාවක්...

      Delete
  8. මරු නෙ. අන්තිම පද හතර මුල් ටිකට වඩා ඉහලින් ඉන්නව වාගෙ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි චන්දනයෝ...උඹලගෙ අගය කිරීම වල වටිනාකම කියල නිම කරන්න බෑ...

      Delete
  9. පට්ට පට පට මචෝ...
    කුරුටු පවුර උඹටම සින්න උනත් හැමදාම දෙන කවි වල අඩුවක් නෑ... රසයත් උපරිමයි...
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මචෝ...මේ ගී පවුර මට සින්න වෙලා නෙවෙයි බං අපේ හැතිකරේ එකෙක්වත් මේ පැත්ත පළාතෙ එන්නෙ නෑනෙ...එවුන්ට කවි වලින් හොඳවයින් කුණුහබ්බ ටිකක් අතහරිනවද කියල මම මේ බැලුවේ...එතකොටවත් එයිද බලන්න...හික්ස්...

      Delete
    2. අර සම්භාව්‍ය එව්වයින් කියන්න හොඳේ :P

      Delete
    3. අපේම උන්ටත් ඒ බෙහෙත් හරියන්නෙ නෑ වගේ නංගියෝ...මුන්ට සම්භාව්‍ය හොඳ වැඩි...අමුවෙන්ම දෙන්න කියල මමනම් හිතුවේ...

      Delete
  10. නියමයි බොල!!

    මේ පදමාලාව ගොඩක් වටින්නෙ ගීතයකට මචෝ, උත්සහ කරලා බලපන්. අනිවා හරි යයි.

    ReplyDelete
    Replies
    1. ඔව් බොල ප්‍රියා මචං...උඹලා මේ තරම් කියන එකේ යමක් තියනවා ඇති...මම උත්සාහ කරනවා බං...කවදාහරි බැරිවෙලාවත් මේවා ගීත බවට පත්වෙලා කල එළි බැහැලා ප්‍රසිද්ධ වුණොත් එහෙම උඹල සෙට් එක එදාටත් මාත් එක්ක සිටිය යුතුමයි...දැම්මම කිව්වා ඕං...

      Delete
  11. සදුමල් කියලා තියන විදිහට මේක සිංදුවක් විදිහට අහන්න ලැබේවා..එදාට මම වටේ ඉන්න උන්ට කියන්නේ අඩෝ අපේ කොල්ලෙක් තමයි ඔික ලියලා තියෙන්නේ කියලා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මෙන්ඩියා...මම හැකි උත්සාහයක් ගන්නවා මේවා ගීත බවට හරවගන්න...සත්තකින්ම මට කිසිම අදහසක් තිබුණේ නෑ මේවා ගීත බවට හරවන්න පුළුවන් කියලවත්...ඔහේ ලිව්වා විතරයි...ඒත් ඔබේ අදහස් හින්දම මම උත්සාහ කරනවා දැන්...උඹලට ගොඩක් ස්තුතියි...

      Delete
    2. මං ඒකට සංවේදනාවකුත් ලියනවා. එකෙන්ම.

      Delete
    3. බොහොම ස්තුතියි මනෝෂ්.

      මං අගය කරනවා ඔබ විසින් අපිට කරන්නා වූ දිරිගැන්වීම ගැන. විශේෂයෙන් ම අසංක වගේ බොක්කෙන් ම ලියන කෙනෙක්ට. ස්තූතියි මචං ඒ අදහස් අපිව දිරිගන්වනවා විතරක් නෙමෙයි අපේ අතට පෑන ගෙනත් විවිධ නිර්මාණ කරවනවා...................

      Delete
  12. ඔය උඩ යක්කු කිව්ව වගේ මාත් බැලුවේ අපේ කඳු ගී වගේ කුරුටු ගී කියල ටැග් එකක් තියේද කියල. ඕ යේස්.. ඔව් ඉදගෙන..

    බ්‍රැන්ඩ් එක ගල්

    ReplyDelete
    Replies
    1. තව බලාපන් දේශකයා....බොහොම ස්තුතියි..ඕ යේස්...උඹත් පත්තරයගෙ වචන හොරකම් කරනව වගේ...

      Delete
    2. //උඹත් පත්තරයගෙ වචන හොරකම් කරනව වගේ...//
      හූ හූ දේශා

      Delete
    3. ඔය හූවට තව හූ දාහක් (1000) සමග මමත් එකතු වෙමි...

      Delete
  13. අයියේ ඇත්තටම වචන නැහැ කියන්න ඒ තරම් ලස්සන පද ටික...........විරහව මේ තරම් ලස්සන කවිකාරයො බිහි කරන අපූරුව.......දිගටම ලියන්න අයියේ අපි ඔබගේ නිර්මාණ රස විඳිනවා.
    ළඟදිම ගීයක් කුරුටු ගාන්නම්............

    .කාංචනා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නංගි අගය කිරීමට...ඔව්...ඔව්...උඹලා රස විඳ විඳ ඉඳපල්ලා...මේකෙ එවුන් මාව කන්නෙ නැති ටික විතරයි...තව ටිකක් කල් තනියම ලිව්වොත් ඒකත් වෙන්න බැරි නෑ...ඉතින් තවත් අගය නොකර විජහට වරෙල්ලකෝ දෙයියනේ...

      Delete
    2. අසංක අයියේ මාත් ඔය කතාවට එකතු වෙන්න කැමතියි.

      මේ ගීතය කියවද්දි මටත් හිතුණ දේ කියන්න ඕනේ. ඒක පට්ට නිර්මාණයක්. ඇත්තට ම ගීතයක්. අපිට ඒකට ගොඩක් දේවල් කරන්න පුළුවන් වෙයි. මං උපරිමයෙන් ම උත්සහ කරනවා ඒ වෙනුවෙන්. අපි වෙලාවක සෙට් වෙලා තව ටිකක් මේ නිර්මාණය පොලිෂ් කරමු. මේක පට්ට ගීතයක්. මටත් මේක අහන්න ඕනේ පරිණත හඩකින්. මං දන්නෑ ඔබේ කැමැත්ත. අපි දෙන්නා දවස් 07 කට කලිනුත් මේ ගැනම කතා කරා. ඒත් ඒ වෙලාවේ මං පස්සට ඇද්දාද කියලා මට පස්සේ හිතුණා. ඇත්තට ම අසංක අයියා මං කිව්වා වගේ මමත් මීට කාලයකට පෙර මේ දේට උත්සහ කරලා තියෙනවා.ඒත් ඒකට සහයක් ලැබුණෙත් නැහැ. මට ඒ දේ කරගන්න ලැබුණෙත් නැහැ. ඒ නිසා ඒක කරන විදිහ මම දන්නෙත් නැහැ.

      ඒත් දැන් අපි ඉන්නේ බ්ලොග් මිතුරන් එක්ක. මං හිතන්නේ අපිට මේ හරහා ලොකු දෙයක් කරන්න පුළුවන් වෙයි. ඉතින් අපි මේ හැමෝගෙන් ම ඒකට උදව්වක් ඉල්ලමු..........................

      අපි කොහොම හරි මේ දේ කරමු....... මං එතන ඉන්නවා...

      Delete
    3. සහෝදරයා...බොහොම ස්තුතියි උඹේ අගය කිරීමට...ඇත්තටම උඹ මේ දවස්වල හරිම අසහනකාරී කලබලකාරී ජීවිතයක් ගෙවන බව මට එදා උඹත් එක්ක කතා කළාම තේරුණා...ඉතින් මම උඹට මොකුත් කියන්නේ නෑ...උඹ මට කොයි තරම් උදව් කරල තියනවද බං...උඹ නිදහස් වෙලාවක වරෙං...අපි අපේ සේරමලත් එකතු කරගෙන මේක ගීයක් කරන්න බලමු...මේක සාර්ථක වුනොත් ඒ සාර්ථකත්වය අපේ සියළුම බ්ලොග් මිතුරන්ට අයිතියි...ඔවුන් තමයි මට ශක්තියක් වුණේ...උඹලට ශක්තියක් වුණේ...අනිවාර්යයෙන්ම...අපි උත්සාහ කරමු...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...