Sunday, September 7, 2014

දනිමි නොදනිමි...



















නොමැත මා අසල සියපතක් - එනමුදු දැනේ මල් සුවඳ
නොමැත මා වට මඳනලක් - එනමුදු දැනේ මුදු සිසිලස
පිරිවර දනන් ඇත මා වෙත - එනමුදු දැනේ අපමණ හුදකලා බව
රිසිව සරනෙමි තනිවුණු ලොවක - එනමුදු නොමදැනේ හුදකලා බව


 

කිමද මේ හැඟුම ?...

නොහැක හඳුනා ගන්නට... අවදි සිතින්...


 

මායාවකි එය - හුදකලා ලොවකට කැඳවන
රසඳුනකි එය - නෙතට පිය දසුන් සලසන
සඳ කිරණකි එය - පහන් වනතුරු රැය සරසාලන
ගිරි ශිඛරයකි එය - තරණය කෙරුමටම සිත අදවන

කිමද මේ අරුමය - විටෙක සිත රිදවාලන
කිමද මේ වර්ණය - විටෙක සිත අලවාලන
කිමද මේ ස්වරය - විටෙක සිත නළවාලන

කිමද මේ බැඳුම - විටෙක සිත නවතාලන

 


දනිමි නොදනිමි... එනමුදු...

ඔබයි... ඔව්... ඔබම පමණයි... රැගෙන ආවේ...

ඒ හැඟුම මා වෙත...

 


අසංක ගයාන් අබේසිංහ

30 comments:

  1. පීඩිත වී සිටිනා සඳ අඳුරේ ඔබ පමණයි ගෙන ආවේ හසරැල් ...

    කෝ මේ පවුරේ අනික් උන් ටික .. අසංකට බදු දීලා මාරු වෙලාද?

    ReplyDelete
    Replies
    1. කිව්වම මොකද ඉවාන්...මම මේ දැන් අපේ එකෙකුට කතා කළා විතරයි...මිනිස්සුන්ට මාව එපාවෙන්න කලින් වරෙල්ලා කියලා... උන්දැ කිව්ව ඊළඟ එකේ සිට එතුමාත් තරඟයට අවතීර්ණ වනු ලැබේ කියලා...මටත් ටික දවසකට සමුගන්න පුළුවන් වෙයි...කොහොම උනත්...බොහොම ස්තුතියි ඉවාන් ගී පවුරත් එක්ක නිබඳව සිටිමින් අපි හැමෝවම දිරිමත් කරමින් නිර්මාණ රස විඳින්න ආවට...ඔබ අපිට මහා ශක්තියක්....තවත් දෙයක්...ඔබ සැම වෙනුවෙන් නිර්මාණ ඉදිරිපත් කරන්න ලැබීමත් මට නිහතමානී ආඩම්බරයක්...

      Delete
  2. යකෝ...... උන්ටත් වැඩ ඇති.......
    තොපි කට්ටියම එකෙක් ඩෝ ....
    පංගු පේරු නොලිය ...ඉතට එන දේ...... හෙක්...හෙක් .... කොටපිය....
    මොකෑ ලිව්වම මොකෝ....කු....ගෑ ......ගී......පවුරෙ ....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කෙන්ජියෝ...උඹේ වචන අපිට අවංකවම මහා ශක්තියක්...ඇත්තටම හැමෝම කාර්යබහුල වෙලාවෙ මේක කොහොම හරි කරමු කියන මතය විතරයි තිබුණේ...අපි අතර පංගුපේරු නෑ...එකෙක්ට හරි වෙලාව තියන හැටියට ඇදගෙන යාම ගැම විතරයි හිතුවේ...ඒකට උඹලගෙන් සිදුවුණු දිරිමත් කිරීමත් කියල නිමකරන්න බෑ...ඒ වුණත් ඉතින් එකෙක් විතරක් ලියද්දි පොඩි අවුලක් වගේ නෙ...හහ්...හහ්...ඒකයි ඉතින් මමත් අපේ අනික් උන්ට ටිකක් සද්දයක් දැම්මෙ...උඹලට විතරක් නෙවෙයි මටත් වැඩ තියනවා කියලා...හහ්...හහ්...ඔන්න එකෙක් ඒක ඇහුවා ඉතින්...ඌ එයි ළඟදීම...අනිවා...අපි හැමෝම එකෙක් තමයි...අපි හැමෝම උඹලත් එක්ක මේක කරගෙන යනවා හැකි තාක් කල්....

      Delete
  3. ඔබේ සිනා ළඟ නෙත නැවතුනු දා
    ඔබේ කතා ළඟ සිත නැවතුනු දා
    ප්‍රේමය හැදින්නෙමි //
    මේ ලෝ තලයේ //

    එහෙම නේද?

    ReplyDelete
    Replies
    1. හරියටම හරි සොමියා...ඔබ හරියටම ගැලපෙන ගීතයක් ඉදිරිපත් කරලා තියෙන්නේ...හරිම ලස්සන සුන්දර ගීයක් සොමියා...නිරන්තරව රස විඳීමට හැකි ගීයක්...

      Delete
  4. තිබෙන තුරු මගෙ ජීවිතේ....
    ඔබට පමණයි අාදරේ............


    ජ ය ෙව් වා !!!!

    ReplyDelete
    Replies
    1. කාටද විදානේ??...ආදරේ....හහ්...හහ්...ජයවේවා...!!!...උඹේ ආදරේට...

      Delete
    2. - ආදරේ කරාට කමක් නෑ සීට් කුරුටු ගාන්න එපා -

      ඕ යේස් !!!

      Delete
    3. ඔව් ඔව් ඒක ඇත්ත...කුරුටු ගී පවුරෙ ඕනමනම් කුරුටු ගෑවට කමක් නෑ...ඒ වගේ වැඩ නම් කැතයි තමයි පත්තරේ...ඕ යේස්!!!

      Delete

  5. හසිත හර්ෂණ වීරසිංහ
    තුෂාර විතාරණ
    කාංචනා චන්ද්‍රසේකර
    සුරංග එස් විජේසූරිය
    අසංක ගයාන් අබේසිංහ
    ඩබ්.ටී වීරසිංහ
    කසුප් අනුරාධ
    චතුරිකා චන්ද්‍රසේකර
    මෙත්මල් සුබසිංහ
    ඉසුරිකා චූලරත්න

    ReplyDelete
    Replies
    1. ඉලව්වේ...මේ විදානයට මුක කීන්නද කියා සිහියට නැගෙන්නෙ නැතුවා වෙද...අපේ ඇත්තො 10 දෙනාගෙ විලාසම් මතක් කොරලා දුන්නට බොහෝම පිං ඔය ඇත්තට ඕං...

      Delete
    2. අප්පට සිලි.........හෙහ්... හෙහ්.....ටොපි 10 නෙහ් .......
      මං ඉතන් උන්නෙ පායි කීල ......
      අඩෝ.....අඩච්චියො ඉතිරි 9 දෙනා ට හොදින් කියන්නෙ .... හරිය.....
      අසංක කොල්ලවම වෙහෙස නොකොර මාසෙකට එක ගානෙ අලි බොලාලත් ....මොනා අරි කොටපල්ල .......
      මේ අන්තිම නිවේදනේ .....

      Delete
    3. අඩා කෙන්ජිල ඇත්තො... උඹලට බොහොම පිං මා වෙනුවෙන් කතා කේන්ට ආපි එකට...අඩේ අයියණ්ඩි...ඒත් අපේ රැහේ එකාලට එකීලට වින කටින්ට එහෙම තනන්න කාරි නෑ ඕං...ඒකලා බොහොම අහිංසක එවුන් වෙච්චි...අපි සනුහරේම එකා වගේ වෙච්චි කොට ඔය සුට්ටං ආඩපාලි මොකටදෑ ආයි...මේ මුළුක්කාදියේම එකාල එකීලගෙ බ්ලොග් පොජ්ජවලුත් එක්ක මේ කුරුටු බ්ලොග් පොජ්ජත් මංද කොරාන අපි ඔන්නොහේ ඉමු බං...

      Delete
    4. මං කාලකට කලින් මුලින් කැරැල්ල ගැහුවේ.. කෝ බොලාලා බෝඩ් මීටින් දදා ඉද්දී වැඩේ හරි..

      Delete
    5. ළඟදිම ඉතුරු වැඩ ටිකත් හරියයි දිනේෂ්...හහ්...හහ්...බොහොම ස්තුතියි ඔබට...

      Delete
  6. බොහොම කාරුණිකව ඔබට යෝජනාවක් කරන්න කැමතියි. මේ පදවැල ගායකයකුට හෝ ගායිකාවකට ඉදිරිපත්කර බලන්න, ගීතයක් ලෙස එළිදැනක්විය හැකිද කියා. මම මේ පද පෙළ කියවාගෙන යද්දී, සුනිල් එදිරිසිංහගේ හඬ ඒ අතරින් මට ඇහුණා.

    විශිෂ්ඨයි ඔබේ ප්‍රතිභාව.

    ReplyDelete
    Replies
    1. ගීතයක් ලෙස ඉදිරිපත් කිරීම පසෙක තිබියදී, ඔබේ මේ අගය කිරීම සහ දිරිමත් කිරීම මට දැනෙන විදිහ කියාගන්න මම වචන වලින් අපොහොසත් විචාරකතුමනි. ඒ තරම් සතුටක් මට දැනුණා. වෙන කිසිවකුට මේවා ඉදිරිපත් නොකළත් ඔබලාගේ මෙවැනි වචන ගෙනදෙන්නේ පුදුමාකාර හැඟීමක්. කෙසේ වුවත්, මම උත්සාහයක් ගෙන බලන්නම් ඔබ කිව් ලෙසට මෙය ගීතයක් ලෙස ඉදිරියට ගන්න හැකියාවක් තිබේද කියා...සමහර විටක ඊට ඔබගේ දායකත්වයද කවදාක හෝ මා හට අවශ්‍ය වේ යයි මම විශ්වාස කරමි...

      Delete
  7. //පිරිවර දනන් ඇත මා වෙත - එනමුදු දැනේ අපමණ හුදකලා බව
    රිසිව සරනෙමි තනිවුණු ලොවක - එනමුදු නොමදැනේ හුදකලා බව//
    මේ ටිකෙන් ඔය කවියේ අරටුව තේරුම් ගියා...
    හොඳයි..රහයි...

    ReplyDelete
    Replies
    1. මම එක වතාවක දිලාගෙ ලෝකයට ඇවිත් එහි තිබූ කවියක් ගැන කිව් අදහස මතකද?...ඇත්තෙන්ම ඒ හැඟීමේ තිබුණු අදහසින් පුංචිම පුංචි කොටසක් වෙන විදිහකට ඉදිරිපත් කිරීමක් තමයි මේ...ඔබට ස්තුතියි නංගි...දැන් ඉතින් ඔයා හොඳයි රහයි හෙව්ව මදෑ... දැන් ගුණයත් හොයන්න කාලෙ හරි නේද...හහ්...හහ්...

      Delete
  8. හා හා අසංකයො ඕක බයානක ලෙඩක් ඈ...
    හම්මේ හැදුනාම බේත් එහෙමත් නෑ...
    කන්න බෑ නිදාගන්න බෑ
    තනියෙං හිනා වෙනව...
    විකාර වැඩ කෙළ කෝටියයි...

    හිහි..
    කවිය නං පට්ටයෝ
    ජයෙන් ජය

    ReplyDelete
    Replies
    1. හා...හා...මහේෂ්ටත් හොඳහැටි අත්දැකීම් තියනවා වගේ...හහ්...හහ්...ඔය පැන්නෙ බළලා මල්ලෙන්...කොහොම වුණත්...බොහොම ස්තුතියි අගය කිරීමට ඔබේ....

      Delete
  9. ඔබේ ආදරේ දෙවනි පෑතිස් රජ සමයේ
    ශිලා ලිපියක් වාගෙයි..ශිලා ලිපියක් වාගේයි..
    කියවාගන්නට බෑ..වටහා ගන්නට බෑ..

    මර්වින් පෙරේරාගේ ඒ ගීය මතක් උනා අසංක. ඇත්තමයි.. මේක ගීයක් කරන්න පුලුවන්නම්. ඉතාම අපූරුවට තියෙයි.

    ReplyDelete
    Replies
    1. මං ඒත් බැලුවා අපේ මනෝෂ් කොහෙද කියලා...වෙනදට මුලින්ම මොකක් හරි දෙකින් එකක් කියන කෙනානෙ...හොඳයි හරි නරකයි හරි කියලා වගේ...හහ්...හහ්...ඔබට බොහොම ස්තුතියි මනෝෂ්...මේක ගීතයක් කරන්න පුළුවන්දැයි උත්සාහයක් ගෙන බලන්න ඕන...මේ කතාවම විචාරකතුමන්ගේ කමෙන්ට් එකෙත් තිබුණා...කොහොම වුණත් මට හැමදාම වටින්නේ ඔබලාගේ අදහස් විතරමයි...

      Delete
  10. අඩේ පට්ට කවිය මචන් පළවෙනි කවියේ තියෙන අත්දැකීම නැති එකෙක් නැතුව ඇති.

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත මනෝජ්...මේක දැනුනම ලෙඩ ගොඩයි නේ.....බොහොම ස්තුතියි මනෝජ්...අත්දැකීමෙන්ම අදහස් දැක්වුවට....

      Delete
  11. මටනම් ටිකක් තේරුම් ගන්න අමාරුයි බං..තුන් හතර කියවල තමයි තේරුම් ගත්තෙ..හැමදෙයක්ම එක්තරා මායාවක් තමයි බං..

    ReplyDelete
    Replies
    1. ඔන්න උමේෂ් ඔබට තමයි හරියටම තේරිලා තියෙන්නේ මටනම් හිතෙන්නේ..හහ්...හහ්...මේකෙ තියන මායාව නොතේරෙන එකම තමයි තේරුම් ගැනීම උමේෂ්....ජය වේවා..

      Delete
  12. ගි පවුර කට්ටියකගේ එකතුවක් කියලා දැනගත්තේ අද.
    කවිය එල ද බ්‍රා.

    ReplyDelete
    Replies
    1. ඒ කට්ටිය හින්දාම තමයි එල ද බ්‍රා වෙලා තියෙන්නේ මෙන්ඩියා...හහ්...හහ්...ස්තුතියි ඔබට....

      Delete

Related Posts Plugin for WordPress, Blogger...