Monday, September 1, 2014

සීයගෙ ආසාව......


























කට්ට අව්ව පායා තිබු දවාලක
ගිනි ගහනා රස්නය ඇති වෙලාවක
ටවුම මැදින් වැටිලා ඇති මහ පාරේ
සීය කෙනෙක් ගමනක් යයි කුදු ගැහිලා

ගොක්කොළ පෙනෙනා වයසේ මේ සීයා
ගමන යන්නෙ කඩිමුඩියේ හැරමිට්ටෙන්
ඔළුව රත්වෙලා ගිනිකන අව්ව නිසා
සීයා හට දැන් දැන් එයි කලාන්තය

ඔන්න ඔහොම ගිහින් ගිහින් බැරි ගාතේ
හොඳටම උත්සන්න වීල කලාන්තේ
හිටිහැටියේ වැටුනි පාර මැද්දෑවේ
හතරගාතෙ දාල සීය උඩුබැල්ලෙන්

සිහිය නැතිව සීයට වී අසාද්ද
මේක දැකල වටවීලා මිනිස් කැළ
දැන් දැන් කතාවෙයි දිය යුතු බෙහෙත් ගැන
මැරෙන්නට නොදී බේරමු සීයාව

හරි හරි දන්නවා කළ යුතු ප්‍රතිකර්ම
කියමින් එකා දෙන්නා එයි පෙරමගට
ඉන් එක අයෙක් ගියේ පිරිස තල්ලුකර
ප්‍රථමාධාර දෙන්නට මේ සීයාට

ගෙනාවොතින් වතුර ටිකක් ඉසින්නට
විහගට හැකිය සීයව ගොඩ දාන්නට
අර ගිය එකා සීයගෙ හිස අල්ලගෙන
බෙරිහන් දෙනව වටේ ඉන්න පිරිස වෙත

මේ කලබලය අස්සේ එක තරුණ ළඳක්
එබිලා බලා සීයා වෙත පහත් වෙලා
කිව්වේ මෙලෙස සිය රූමත් මුහුණ විදා
රැස්ව සිටි පිරිස ඇත දැන් පුදුම වෙලා

මම දන්නෙමි හොඳහැටි ප්‍රථමාධාර
කර ඇත මමත් එහි ලොකු පාඩම් හොඳට
මුවට මුව තියා දිය යුතු වෙයි හුස්ම
නැතිනම් බැරිය සීයගෙ පණ අරගන්න

දැන් මේ පිරිස සීයගෙ පණ පසෙක තියා
ප්‍රථමාධාර වාදෙක පැටලීල ගියා
වතුර ඉහින්නට පොරකයි අර කොල්ලා
කෙල්ලගෙ කෘත්‍රිම හුස්ම දීම හුළඟෙ ගියා

මේ රණ්ඩුව අස්සෙ සීය පණ ඇවිදින්
හෙමින් සැරේ ඇරලා එක ඇහැක් සලා
කෙඳිරි ගෑවෙ එතන හිටපු අයෙක් වෙත
රහසින් මෙන්න මේ ලෙස වේදනාවෙන්

 

අර ලස්සන කෙලී මට කරන්න හදපු එක ඒකිට කරන්න ඇරපල්ලා...උඹල මෙතන මට වතුර මල ජරාවක් ඉහින්න හදන්නෙ නැතුව...!!!



( ඇසූ කතාවක් වෙනස් කර කවියට නැගීමකි )

අසංක ගයාන් අබේසිංහ

28 comments:

  1. හෙහ්, පවු අප්පා සීයගේ ආසාව.. කොහේද වටේ ඉන්න එවුන් ඉරිසියාවටද කොහෙද ඒක කරන්න දීලා නෑ..

    ReplyDelete
    Replies
    1. අපේ එවුන්ගෙ හැටි එහෙමමයි නේ දිනේෂ්....බොහොම ස්තුතියි ඔබට

      Delete
  2. හෙක් හෙක් හෙක් ,වතුර ඉහින්න ගිහින් කස්ටිය සීයාගේ චෑන්ස් එකට බස්ටිය දීලා නේද ?

    ReplyDelete
    Replies
    1. සීයට තියන චාන්ස් අපිට එහෙම තිබුණනනම් නේද ඉවාන්...හිහ්..හිහ්...

      Delete
  3. නාකි උනත් මගුල් විසේ
    නොයයි කියා කියම් කෙසේ
    හැට පැනලත් මෙලෙසේ
    තරුණ මදේ හිත අස්සේ

    අනේ මෙහෙමත් සීයලා, ඊට හපන් ඔය ප්‍රථමාධාර දෙන්න එන එකීලා


    ReplyDelete
    Replies
    1. හා...හා...එහෙම කියන්න එපා සොමියා...අපිත් නාකි වුණාම විසේ ඉතුරුවෙලා තිබුණොත් මේ වගේ...අනික අර අහිංසක කෙල්ල පව්... නෙහ්....බොහොම ස්තුතියි සොමියා...

      Delete
  4. දැන් සීයලට විතරැයි ඔය ප්‍රථමාධාර ක්‍රොමේ හරි යන්නෙ?? :D :D

    ReplyDelete
    Replies
    1. නෑ...නෑ...ප්‍රියා...උඹටත් නියමෙට හරියයි...උඹත් දැන් කොහොමත් සීය කෙනෙක් වගේ නෙව...නැද්ද මං අහන්නෙ....හිහ්...හිහ්...

      Delete
  5. මරු බං.. කයිය තව ලස්සනට හැදුව නං සුපිරියට තියෙන අයිඩියා එකක් බං..

    ReplyDelete
  6. හිහ් හි.. සීයත් හෙන කුකුළ නෙහ්...

    ReplyDelete
    Replies
    1. සීය විතරද?...ඇයි උඹ උපාසකයද?....බොහොම ස්තුතියි සංචාරකයෝ...ගොඩක් කාලෙකින් මේ පැත්තේ....

      Delete
  7. බස් එකක නඩයක් වන්දනා ගමනක් යනකොට හොරැ රැලක් පැනලා කි්වලු අපි දැන් උඔලාව මංකෝල්ලා කලා ගැනුන්ව දුෂනය කරනවා කියලා
    නඩේ ගුරා කිව්වලු අපේ සල්ලි ගන්න ගෑනුන්ට මුකුත් කරන්න එපා කියලා.
    එතකොට වයසක ආච්චි කෙනෙක් කියනවලු
    ගුරෝ මේ තමුසේ පැත්තකට වෙලා ඉන්නවකෝ උන්ට ඔින දෙයක් කරගන්න

    ReplyDelete
    Replies
    1. හහ්...හහ්....හා..... මරු කතාව මේකත් මෙන්ඩියා...ඔන්න ඔහොමයි ප්‍රසිද්ධියේ නොකිව්වට හිත්වල තියෙන හැබෑ තත්ත්වෙයි ආසාවයි....හා බොරුද මං අහන්නෙ??

      Delete
  8. පට්ට පට පට. පව් සීන් එක .පැහැදිලි ඉරිසියාව . :)

    ReplyDelete
    Replies
    1. ඔව්...ඔව්...දැන් රට යන අත බැලුවම සීයල තමයි ගොඩ යන්නෙ දිලිනි....සීයලට තමයි කෙල්ලොත් කැමති...අපිට හුළං.... ඒ හින්ද ඉතිං අපිටත් ඉරිසියයි නෙව...ඕං කිව්ව....හිහ්...හිහ්...බොහොම ස්තුතියි දිලිනි...

      Delete
  9. මටත් ඕනෙ වෙයි කියලා හිතෙනවා. කොහෙද ඔය කෙලී ඉන්නේ?

    ReplyDelete
    Replies
    1. හහ්...හහ්...හා....එහෙම තැන කියන්න බෑ විචාරක...සීයලට විතරයි එයා එහෙම...ඔබ තාම නාඹර තරුණයෙක්නේ....ඒ හින්දා නාකි වුණාමම කියන්නම් හොඳේ....

      Delete
  10. මේ... සීයට ඕනි මඟුලක් වෙච්චාවෙ කියල කවුරුවත් කැමරා ෆෝන් කබල් අල්ල ගෙන ඕක වීඩියෝ කරල ෆේස්බුක් දාන්න එහෙම ට්‍රයි කලේ නැද්ද දන්නෑ??

    ReplyDelete
    Replies
    1. ඒක හැබෑව...දැන් කොයි මඟුලත් වීඩියෝ කරන එකනේ මෝස්තරේ...ඒක නොදැම්ම එකත් හොඳයි....නැත්තම් කවියක් ලියන්න මට තේමාවක් නැති වෙනවා...හහ්..හහ්.... බොහොම ස්තුතියි මනෝෂ්....

      Delete
  11. හැක් හැක්... සීයගෙ කැත හිත

    ReplyDelete
    Replies
    1. හැක්...හැක්....මල් මල් ට එහෙම ඔහොම වුණොත් ඔබේ හිතත් කැත නොවී මල් මල් වගේම තියෙයිද ඈ....මටනම් සැකයි ඕං මල් මල් ගැන...මොකද කියන්නේ???

      Delete
  12. හි.. හි... දැන් කට්ටිය කලන්තේදාන්න ගනීද දන්නේ නෑ.. :D

    ReplyDelete
    Replies
    1. හහ්...හහ්....සීයෙක් වීම තමයි කලන්තේ දාන්න එකම සුදුසුකම....බ්ලොග් සීයලා කීයක් කලන්තේ දායිද දන්නෙ නෑ... අපේ තුශානි එහෙම ප්‍රථමාධාර කෝස් කරල නෑනේ?...බුදු අම්මෝ...හහ්...හහ්...

      Delete
  13. හරි අහිංසක අසරණ සීය කෙනෙක් වගේ...දුක හිතෙනවා බොලවූ...

    ReplyDelete
    Replies
    1. මේ අපි ගැන දුක හිතෙන්නෙ නැද්ද බොලං....සීයලට මෙහෙමවත් චාන්ස්...අපිට???

      Delete
  14. හෙහ් හේ . සීයාට ඔය කෙලීගේ ප්‍රතමාධාරේ එදා ලැබුණානම් හැමදාම ඔය විදිහට සිහිය නැති වෙලා වැටෙයි.

    ReplyDelete
    Replies
    1. එහෙම නෙමෙයි තිලක...සීය ජොලිය වැඩිවෙලා එතනම කූරියා ගහයිද දන්නෙ නෑ....හහ්...හහ්...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...