Thursday, September 25, 2014

පුබුදමු මිනිසත් බව අපගේ...



මිනිසත් බව වියැකී යාදෝ...
ගුණවත් බව වැළලී යාදෝ...


පහන් සිලක රැඳි සුමුදු එළිය පොද
ලෙස දිලෙනා අපගේ
සොඳුරු මිනිස් බව
රුදුරු වෙසින් එන
ලොව අදහම් හමුවේ...

වියැකී යාදෝ... වැළලී යාදෝ...

පවනක සිසිලස දැවටුණු වදනින්
හදින් බැඳෙනු හැකිවේ
මුව රැඳි අකුටිල සිනහව පුරමින් සෙනෙහස වපුරවමින්
යා කර මිනිසත් බව රැඳි මිතුදම් යදම් ලෙසින් සවියෙන්
බැඳ ලා ලිය යුතු වේ...

සියුමැලි සුන්දර රසයන් විඳිනට
බාධක පිරි දිවියේ
ඉසිඹුවකින් තොර මිනිස් සිතට අප
හුරු කර ලිය යුතු වේ...

කණ කැස්බෑවෙකු දකීද අහසක්
සිදුරින් විය මෙලොවේ
ඒ ලෙස පෙර පිනකින් ලද දිවියේ
මිනිසත් ගුණ වඩවා
අප ලද දිවියේ සුවඳ විහිදුවමු

මිනිසත් බව පුබුදා...
ගුණවත් බව වඩවා...

 

අසංක ගයාන් අබේසිංහ

41 comments:

  1. මේ පද වැල් ගීතයක් ලෙසින් ඇසිය හැකි නම්!!! අපේ බලාපො‍රොත්තුව ඉක්මනින් ඉටු වේවා!

    නියමයි අසංක.

    ReplyDelete
    Replies
    1. එකතු වෙමි...


      Delete
    2. බොහොම ස්තුතියි ප්‍රියා...විදානේ...අපි බලමු ...ඉදිරියට...

      Delete
  2. එකගයි ප්‍රියා සමග..
    එල ද බ්‍රා අංසක..

    ReplyDelete
    Replies
    1. බ්‍රා නම් මෙන්ඩිස් - මෙන්ඩිස් නම් බ්‍රා....

      Delete
    2. බොහොම ස්තුතියි බ්‍රා මෙන්ඩියා...ඒත් මගේ නම 'අංසක' නෙවෙයි 'අසංක' තමයි ඕං...මං තලායි...නම වැලැද්දුවට...

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. නෑ නෑ නංගියෝ මම දැන් අංසක 180...අනික් පැත්තම හැරිලා ඉන්නේ...හික්ස්...

      Delete
  3. ඊළඟ භවයේ හමුවන්නේ අපි
    කොහොම ද කොතැන ද කවුරු ලෙසේ
    හඳුනා ගන්නේ කෙළෙස ද අපි අපෙ
    සතුරන් මිතුරන් නෑදෑයෝ...

    මේ භවයෙත් එය වටහනු බැරි වී
    අපි අප ඇසුරෙහි පසුවන්නේ...
    එනමුත් සේරොම විහාර මළුවෙදි
    එක පහනෙහි තෙල් පුරවන්නේ...

    අපි අප කවුදැයි යළි උපදින දා
    හිරු සඳු පමණ ද ළඟ ඉන්නේ...
    කුල මල ආගම් බෙදී බිඳී ගොස්
    ඇයි මිතුරන් සතුරන් වන්නේ

    ගේය පද: ප්‍රේමකීර්ති ද අල්විස්
    තනුව හා ගායනය: වික්ටර් රත්නායක

    ReplyDelete
    Replies
    1. සින්දු ඇනෝ.....උඹ ගැන ආපහු ලියන්න ඕන නැහැ. උඹ ලෝකය දකින ,ලෝකය අත පත ගාන සොඳුරු මිනිහෙක් බව නම් කිව යුතුමයි. උඹේ කාලය සහ උඹේ නුවනට මගේ වැඩිහිටි වයසින් ගෞරව කරමි!!!!!!!!!!

      Delete
    2. ජය වේවා!!!

      Delete
    3. ඇත්තටම අරූ කිව්ව වගේ සිංදු ඇනෝ කියන්නේ ලෝකෙ ගැන බොහොම අවබෝධයක් තියන කෙනෙක් වගේ...මොන දේ කිව්වත් ඒක ගැන දන්නවා...ඒ ගැන තියන සිංදුවක් හොයලා දෙනවා...ඒකම කොයි තරම් අමාරුද...මම නම් සත්තකින්ම සිංදුවා දෙන සමහර ගීත දන්නෙවත් නෑ...කොහොම හොයාගන්නවද මංදා...මගෙත් ආචාරය පුද කරනවා ඔබේ හැකියාවට සහ රසවින්දනයට...

      විදානෙයා ඉතිං කොයි සෙයිලමේ ඉඳන් හරි අපිව හොයාගෙන එනවනේ නේද මෙන්ඩියා...ඒකම කොයි තරං අපිට වටිනවද...

      Delete
  4. මටත් නිකං මේක ගීයක පදවැලක් වගේ දැනෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මටත් එහෙමයි..

      Delete
    2. මටත් එහෙමයි මනෝජ්...විදානේ...හි..හි...බොහොම ස්තුතියි ඔබ දෙපළටම...

      Delete
  5. මමත් එකඟයි මේ මෑතක ලියපු බහුතරයක් ගීත ලෙස ගත හැකියි..ඔහොම ගිහිං
    ගීත එකතුවක් විදියට එළිදැක්වුවොත් මොකද??? මට නම් හිතෙනව සාර්ථක වෙයි කියල...ජයවේවා අසංක අයියේ!!! දිගටම ලියමු..ගීත එකතුවක් කරමු :)

    ReplyDelete
    Replies
    1. හරි ගීත එකතුවක් කරමු.. හැමෝටම සරුවත් වීදුරුව ගානේ මගෙන්..

      Delete
    2. දිලිනි නංගිගෙ අවංක සුභ පැතුමට ගොඩක් ස්තුතියි...ගොඩක් පිං...මුලින්ම...ඔබ වැනි අය හින්දම නිර්මාණ කරන මට මේවා ගීත නොකළත් පොත් නොකළත් කමක් නෑ...මට ඊට වඩා ඔබ සැමගේ මෙවැනි අගය කිරීම් වටිනවා...සත්තකින්ම...අපි බලමු ඉදිරියට...ඒත් මම කැමති නෑ තනිව ගමනක් යන්න...මට ඔබ සැමගේ සහයෝගය ඕන...විශේෂයෙන්ම මම දැකපු කවි අතරේ දිලිනි නංගිගෙ කවි වල තියෙනවා අපූරු සංවේදී අරුත්...ඒකම මම මගේම කවි වලටත් වඩා කැමතියි...කොහොම වුනත්...ඔබ කැමති නම් මාව සම්බන්ධ කරගන්න...මෙන්න මගේ ඊමේල් එක...අපි එකතු වෙලා ගමනක් යමු...මේ නිර්මාණ ලෝකය අර්ථවත් කරමු...මේ ආරාධනය අපේ අනෙක් සහෝදර බ්ලොග් මිතුරු මිතුරියන්ටත් එක්කයි...

      asankagayanpga@gmail.com

      විදානයෝ...ඊමේල් එකක් දාලම සරුවත් බොමු නේ...හික්ස්...

      Delete
  6. සැමදා නිබද පැතුවත්
    කිසිදා සැබෑ නොමවෙත්

    ReplyDelete
    Replies
    1. ජනපති සිහිනය

      Delete
    2. අත පය හකුළා සිටියොත්
      කිසිවක් සැබෑ නොමවෙත්

      සමාජයේ වැරදි පෙන්වා දීමේ ඔබේ ආදර්ශය බොහොම වටිනවා මාතලන්...ඉතිං ඔබ වැනි අයත් මොකුත් නොකියා ඒවා හෙලි නොකළොත් මේක තවත් නරකාදියක්ම වෙයි...මේවා කීමෙන් කිසිම ප්‍රතිථලයක් අත් වුනත් නොවුනත් අපි මේවා කිව යුතුමයි නේද...

      Delete
  7. සින්දුවකට ගැලපෙනව තමා..

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ..

      Delete
    2. ඒකනේ...ඒකනේ...යකඩෝ...මේ විදානයා නැති තැනක් නෑ නෙව...බොහොම ස්තුතියි චන්දනයෝ...

      Delete
  8. කුරුටු ළමයි ලෝකය දකින්නේ දැසින් නොව, මනසින් බව මම තේරුම් ගත්තේ කාලයකට ඉහතින්. මේ නිර්මාණය තවත් නිදසුනක්. යමු ඔහොම!!!!!!!!

    ReplyDelete
    Replies
    1. පාගල යං.. ආයේ මග නවත්තන්න එපා...

      Delete
    2. බොහොම ස්තුතියි අරූ...ඔබ වැනි අයගේ මෙවැනි ප්‍රකාශ අපිට මහමෙරක් තරම් වටින බව කිව යුතුමයි...

      පාගලා ගියාම ඉතිං බ්‍රේක් නැති වුණොත් නං සොරි තමයි විදානේ...

      Delete
  9. රයිට්, මං තාම ඉන්නේ නිට්ටඹුවේ දන්නවනේ නිට්ටඹුවට සිග්නල් නෑ.. දැං හදිසි වැඩකට පස්යාලට යන ගමං. ලැප් එකත් උස්සං ආවා.. තව ටිකකින් ආයේ නිට්ටඹුවේ එතකොට ආයෙත් බඩු බනිස්...
    වෙනදා වගේම පදවැල සුන්දරයි අසංක...

    කට්ටියම කිව්වා වගේ සිංදුවක් කරමුද??

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. මොකෑ බං නිට්ටඹුවට ඔය හැටි සිග්නල් නැත්තෙ..

      Delete
    2. උඹ මේ විදිහට කලබලකාරී ජීවිතය අස්සේ ඉඳන් හරි මේ කරන දිරිමත් කිරීම් වල වටිනාකම කියලා නිම කරන්න බෑ විදානේ...උඹටත් ජය වේවා..!!!

      සංචාරකයෝ...මේ විදානෙ මළ යකා නිට්ටඹුවේ කැලේක නිධන් හාරනවද දන්නෙත් නෑ...කොයි වෙලෙත් සිග්නල් නෑ ලු...හික්ස්...

      Delete
  10. පොඩි ප්‍රශ්නයක් තියෙනවා, ඇත්තට "මිනිස්සු" කොතනද ඉන්නේ? මනුදම් ගුණ වඩන්න?

    ReplyDelete
    Replies
    1. රුපියල් ලක්ෂයක් තෑගි ලංකාවෙන් හොයලා දෙන්න
      අවුරුදු ගානක්ම හොයනවා ..
      බොහොම කලක් තියෙන දිවිය ..
      හම්බ උනොත් ගෙනත් දෙන්න
      නොකා නොබී මාත් හොයනවා ..

      ලඳක් නොවෙයි හැඩරුව ඇති
      දෙයක් නොවෙයි බොහොම වටින
      ඒ උනාට අපිට වටිනවා
      කරුණාකර හොයා දෙන්න තෑගි මුදල අරන් යන්න
      රුපියල් ලක්ෂයක් තියනවා ..

      මලක් නෙවෙයි වැලක් නෙවෙයි
      ඔබත් නෙවෙයි මමත් නෙවෙයි
      උඩ පැන පැන තවම හොයනවා
      ඔයක් නෙවෙයි ගඟක් නෙවෙයි
      යකෙක නෙවෙයි සතෙක් නෙවෙයි
      තිබුන දෙයක් තවම සොයනවා ..
      රටක් වටින දෙයක් මේක
      ඉස්සර අපේ රටේ තිබුන
      නිධානයක් වගේ හොයනවා
      රනින් පිරුන නිධානයක් නෙවෙයි ඒක අතගෑවෙන
      ජිවත් වෙන අපිට වටිනවා ..

      සල්ලි වලට ගන්නට බැරි දෙයක් මේක හොයලා දෙන්න
      ලක්ෂ මුදල මෙන්න ගෙනාවා
      තියන තැනක්වත් කියන්න එහෙන් ගිහින් බලාගන්න
      මමත් තවම මේක හොයනවා ..
      අටුවල නැ පුටුවල නැ
      ගමේ නගරේ කොහෙවත් නැ
      හැම මුල්ලේම තවම හොයනවා
      සාධාරණකම තියනා තැනක් ලෝකේ පෙන්නා දෙන්න
      ලක්ෂයකින් තෑග්ග දෙනවා ...

      රුපියල් ලක්ෂයක් .....

      ගායනය -ෆ්‍රෙඩ් සිල්වා
      පද රචනය - හඩ්සන් සමරසිංහ
      http://www.infolanka.com/miyuru_gee/
      (මේ සින්දුව හොයාගන්න මාව දැනුවත් කල ඉන්දිකට නොහොත් සිංහයාට බොහොමත් ස්තුතියි )

      Delete
    2. මෙවැනි දෙයක් කියන්න හරි උඹේ මනුස්සකම තියනවා නේද සොමියා...ඉතිං ඒ වගේ මිනිස්සු තව ඉන්නවා හැංගිලා...බයට නැත්තම් කලකිරීම හින්දා...කොහොම හරි අපේ ආගම් වලින් කරන මග පෙන්වීම් හරියට කලා නම් මේවා කිය කියා ඉන්න ඕන නෑ බං....ආගමක තියෙන්න ඕන සෘජු බව අද කෝ... අද ආගමත් වාසියට කරන බිස්නස් එකක් වෙලා..දේශපාලන පිළිකාව නැත්තෙ කොතනද... ඉතිං හොඳ මිනිස්සු යට ගිහින් ඔහේ ඉන්න එකෙන් උඩ ඉඳන් දඟලන එවුන් ටික මේක කනවා....

      සිංදුවාගේ හැකියාව ගැන නැවත කිව යුතු නොවේ...ඉහතදී ප්‍රකාශ කර ඇත...

      Delete
  11. මොකෑ කියන්නෙ හැමෝම කිව්ව වගේ ගීතයක්වත් කරමුද..
    උඹෙ පදවැල් නං කවදත් ලස්සනයි..
    ජය වේවා.

    ReplyDelete
    Replies
    1. අපි බලමු සංචාරකයෝ ඉදිරියට...බොහොම ස්තුතියි උඹට මේ කරන දිරිමත් කිරීම් වලට...

      Delete
  12. මිනිසත් බව ඇති ලෝකයක් , සැමදා හීනයක් පමණයි

    ReplyDelete
    Replies
    1. ඒ හීනය හැබෑ කරන්න පුළුවනුත් අපිටමයි ඉවාන්...ඒ මොකද මොකක් කලත් අන්තිමට අපිට ඕන වෙන්නෙ මනුස්සකම විතරක් හින්දා...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...