Saturday, April 26, 2014

එතකොට බණ කියන්නේ දැන් පොලිසියද ...... ??



ඔවැනිම හඩක් මතකයි පෙර අතීතේ
පනස් ගණන් වල ඒ හඩ හටගත්තේ
බණ්ඩා චෙල්වා ගිවිසුම ගිනි අරගත්තේ
කහ සිවුරක්ය මහ පාරේ ඉදගත්තේ .............

හැත්තෑ ගණන් වලදී රට ගිනිගන්න
කලියෙන් හැකිය මේ ගැටළුව විසදන්න
චෙල්වා එක්ක හැකි වූවත් අරඹන්න
කහ සිවුරටයි බැරිවුණෙ ඉවසා ඉන්න .............

ගිවිසුම ඉරා මහ පාරේ ගිනිතියලා
ඒ ගිනි වලින් මේ ලක්දිව උණුකරලා
ඉන්පසු උපන් දරුපරපුර මරවාලා
පස් වසරයි ගත වුණේ ඒ ගිනිනිවලා .............

ද්‍රවිඩ සතුරා නැති තැන මුස්ලිම් ගන්නේ
මෙහෙම ද හිමියනේ බුදු බණ පිළිගන්නේ
වෛරය නොවේ වෛරෙන් අවසන් වන්නේ
මතකයේ නොවේ නම් දැන්වත් දැන ගන්නේ ......

ඔය කැත වචන බුදු දහමට අදාළ ද 
අශෝභන ව හැසිරෙන්නට පුළුවන් ද
කඩා පනින බුදු හමුදාවක් වෙයි ද
එතකොට බණ කියන්නේ දැන් පොලිසිය ද  .......

සිවුරක් ඇදන් කොළඹට වී උන්නු නිසා
නොදැනුණ නමුත් මිනි මැරුවා යුද රකුසා
තවත් යුද්ධයක් ඕනෙද වෙන්න තොසා
කියනු ගාන බිල්ලට දෙන්නම් සකසා ............



කසුප් අනුරාධ

.

47 comments:

  1. මුන් බුදු දහම විතරක් නෙමේ රටට නැති කරලා දාන පිරිසක්.

    ReplyDelete
    Replies
    1. මනෝජ්,

      කාගේ කාගේ වුවමනාට වුණත් මේ අය සෙල්ලම් කරන්නේ අපේ ජීවිතත් එක්ක. මේ දේවල් විසදන්න මැදිහත් වෙන්න ඕනේ නෑ කියලා අපි කියන්නේ නෑ. හාමුදුරුවරුන්ටත් අයිතියක් සහ වගකීමක් තියෙනවා රට හමුවේ ඇති ජාතික ගැටළු වලදී මැදිහත්වෙන්න. ඒත් ඒක කරන විදිහක් තියෙනවා. මේ නටන නාඩගම් කවුරුවත් ම අනුමත කරන්නේ නෑනේ. අඩුම ගානේ මේ දේවල් බුදුදහමටවත් අදාල නෑනේ.....

      ආණ්ඩු පෙරළන්නත් හදන්නත් බොදුබළ සේනාවට පුළුවන් කියන්න තරම් මේ ව්‍යාපාරයන් අන්තවාදී වෙලා......

      Delete
  2. විකටර් අයිවන් මේ දේ ඉතා පැහැදිලව සරළව කිව්වා..
    "මහින්ද කියන්නේ ලංකාවේ හිටපු අදූරදර්ශිම පාළකයා"

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉලන් කන්න යන්නේ

      Delete
    2. ඔබේ අදහසට බොහොම ස්තූතියි මාතලන්,

      එහෙම කියන වික්ටර් අයිවනුත් චන්ද්‍රිකාගේ ආණ්ඩුවෙන් යස අගේට කාලා ඉදලා පස්සේ චෞර රැජිණ ලියනවා. ඕක ඒත් එක්ක එකට බොද්දි කියන්න බැරි වුණානේ. වික්ටර් අයිවන් කියන්නේ ඔය විදිහේ අවස්ථාවාදියක් විතරයි. කරුමෙට මහින්ද වික්ටර් අයිවන් ව කරට ගත්තේ නෑ. ඒත් අතේ දුරින් තියාගෙන ඉන්නවා. ඒකනේ ලොකුවට කෑ ගහන්නේ නැත්තේ. වික්ටර් අයිවන්ලා කියන්නේ ලංකාවේ අවලංගු වුණ පරණකාසි විතරයි.......

      ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්ණය තමයි මේ දේවල් තේරෙන අය තේරෙන්නෑ වගේ ඉදීම. විශේෂයෙන් ම වික්ටර් අයිවන් වගේ අවස්ථාවාදියෝ..

      Delete
    3. ඇනී,

      ඉල්ලන් කන්න දෙයක් නෑ. කොහොමත් එයාලා ඉල්ලලාම දෙන්නයි යන්නේ.......

      Delete
    4. විකටර් අයිවන් කියලා තියෙන ලොකුම ඇත්ත එක වෙන්න ඇති අනිවර්යෙන්ම.

      Delete
    5. කඳුලු සලන පාරාදීසය ලියපු වික්ටර් අයිවන්. තමන් විසින්ම තමන්ගෙ වටිනාකම නැතිකරගත්ත අවස්ථාවාදී මනුස්සයෙක්.

      Delete
    6. ඔතන වික්ටර් අයිවන් විතරක් නෙමෙයි. තව කීපයක් දෙනෙක් ඉන්නවා. ලංකාවේ මහා බුද්ධිමතුන් විදිහට පෙන්නගෙන හිටපු සහ ඉන්න අය. මේ ආණ්ඩුව ඇවිල්ලත් ටික දොහක් යනකල් විපක්ෂ මතයක් දරාගෙන ඉදලා මේක පෙරළන්න බැලුවා. ඒත් බැරිවුණ තැන ආණ්ඩුවට කොක්ක ගැහුවා. ඒත් වික්ටර් අයිවන්ලාට මේ ආණ්ඩුවේ මහා චරිතයක් දුන්නේ නැති හින්දා ඔවුන්ට කරගන්න දෙයක් නැතුව ඉන්නවා. ඒකට හේතුව මහින්ද හොදට දන්නවා මෙයාලා කවුද කියලා. විශේෂයෙන් ම වික්ටර් අයිවන්ව. ඒ හින්දා නිශ්ශබ්ද වුණ චරිත තමයි මේ................
      අපි කලින් කිව්වා වගේ මෙතන වික්ටර් අයිවන් විතරක් නෙමෙයි තව කීපයක් ම ඉන්නවා. පතාක යෝධයෝ වගේ හිටපු............

      Delete
    7. මං බලාගෙන ඉන්නෙ වික්ටර් අයිවන් “සූර චෞරයා“ ලියනකන්.

      Delete
    8. සහතික ඇත්ත අද වික්ටර් අයිවන් කියන්නේ රුපියලේ කාසියක්. මූනත් වටිනාකමක් ඇත්තෙම නෑ..

      Delete
    9. වික්ටර් අයිවන්ලා ගැන කතා කරන කාලයත් අපරාෙද්. කලූ කියපු කතාව තමයි අැත්ත. එ්ත් කලූ ෙම් අාණ්ඩුව වික්ටර් අයිවන් ව එච්චර ළගට ගත්ෙත් නැති නිසා එ්ක නම් ලියන්න ෙවන එකක් නෑ.

      අැත්ත මාතලන් ඔය චරිතය විතරක් ෙනෙමයි පැරණි වාමාංශිකෙයා් කියලා ෙපන්න ෙපන්න හම්බ කරගන්න ගියපු ෙගාඩක් ෙදෙනක් අද සද්ද නැතිෙවලා........

      Delete
    10. වික්ටර් අයිවන්ගේ පාප කර්මය

      වික්ටර් අයිවන්ව මට පෙනුන හැටි 2010දි.

      Delete
    11. අැත්තට ම අරූ වික්ටර් අයිවන් කවිෙය් ප්‍රස්තුතයටත් වඩා මාතෘකාවක් වුණා. අෙප් මාතලයාට තමයි ෙම්කට වග කියන්න ෙවන්ෙන්......

      මට වික්ටර් අයිවන් එක්ක වැඩ කරන්න ලැබුණා 2009 දී. මං අත්දැකීෙමන්මයි ෙම් මනුස්සයා ගැන කියන්ෙන්. අන්තිම අවස්ථාවදිෙයක්........
      වික්ටර් අයිවන් විතරක් ෙනෙමයි මං දිගටම කිව්ව විදිහට ම ෙමතන කීපයක් ම කට්ටිය ඉන්නවා. දැන් අාණ්ඩුෙව් කර උඩ නැගලා දුවන පත්කරකාරෙයා් , කොමිසම් සභාපතිලා වෙග් ෙගාඩක් අය ෙමතන ඉන්නවා.........

      කියන්නත් ලැජ්ජයි.................. විලි ලැජ්ජයි..........

      Delete
  3. රටේ දැවෙන ප්‍රශ්න වහගන්න මුංව පාවිච්චි කරන එකේ රඟ පාලකයන්ට ඉක්මනටම තේරේවි.

    ReplyDelete
    Replies
    1. ඔව් හැලපේ....

      ක්‍රිකට් මැච් එකක්වත් දැම්මනම් ඉක්මනටම හරි නේද????

      Delete
  4. මේක නාට්‍යයක් බොලල්ලා හෙහෙ හෙහෙ.

    දැක්කොත් පද්මාවතී එකේ දිල්ලියෙ වෙළෙන්ද වගෙ නාන එනව රෙදි පොට්ටනියක් කරේ තියාගෙන
    නාන කියනව මැද පෙරදිග පුර වරුණාව
    එතකොට නානසාර එනව. කියනව සින්දුව
    නානයි නානසාරයි එකිනෙකාට වහසි කියනව මනමේ එකේ වැදිරජුයි මනමේ කුමාරයයි වගෙ
    මැද්දට පනිනව විජිත
    ඊට පස්සෙ නානසාර විජිත පස්සෙ පන්නනව
    නානා දෙයියන්ට කන්නලවු කරනව නානසාරගෙ කටේ බ්‍රේක් වෙනුවට ඇක්සලේටරේ පාගන්න කියල
    දෙයියො එහෙම කරනව
    නානසාර නාට්‍යයෙ ඔක්කොටම බනින අතරෙ ඩිරෙක්ටර්ලට හිටන් බනිනව.
    ඊට පස්සෙ ඩිරෙක්ටර්ල නළුවන්ට පොල් පිතිපාර දෙනව
    සභා තොමෝ සතුටින් විසිර යනව.

    බර්ටෝල්ට් බ්‍රෙශ්ට්ගෙ එයාගෙ නාට්‍ය වලට සම්ප්‍රදායික නාට්‍යවලට වඩා විශේෂාංග එකතුකලා.ප්‍රේක්ෂකයො අතරින් නළුවො ඒම වගෙ දේවල්.නාට්‍ය ස්වාභාවිකකරනය කලා

    ඒ වගෙ දෙයක් මේ. නාට්‍යයක් නලුවො ඩිරෙක්ටර්ලගෙ පොල් පිතිපාර කාල ඉවර වෙන එක සම්ප්‍රදායික නාට්‍ය කලාවෙ හැරවුම් ලක්ෂයක්.නළුවො සී සී කඩ දුවනව.සමහරු ලියුම් ලියනව,රට පනිනව

    පසුබිම් ගී ගායනා වලට තමයි පොලීසිය ඉන්නෙ

    ReplyDelete
    Replies
    1. නියමයි යකා....

      නාට්‍යය නියමෙට විස්තර කරා.... අපේ ප්‍රණාමය.

      හැමදාම වුණේ මේක. බූරුවෝ යනවා බල්ලන්ගේ වැඩේ කරන්න. එතකොට අපි ඡන්දය දීලා පත්කරලා යවපු මහජන නියෝජිතයෝ මොකට ද ??? අපි පඩි ගෙවලා නඩත්තු කරන රජයේ සේවකයෝ මොකට ද ????

      Delete
  5. මට නං තිත්ත වෙලා මේවට එක එක ඒවා කිය කිය බයිල ගහන එක..

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ දේශකයා.....

      මේක තිත්තයි.... ලැජ්ජයි .... කුජීතයි ..........

      Delete
  6. බොබසේ, ජාබසේ, රාවණා,
    අර සේ, මේ සේ...
    සියල්ලන් ඩොලර් උදෙසා මොරදෙයි..
    අපි..
    නානා ගේ සරුවත් හට් එක කුඩුකරයි..
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. හැබැයි විදානේ නානා නම් වේලු වගේ අත ගගා ඉන්න එකක් නෑ..............

      Delete
    2. විදානේ බ්ලොග් එකට මොකද වෙලා තියෙන්නේ අලුත් පෝස්ට් එක බලන්න බෑනේ...................

      Delete
    3. ෂැහ්
      පොඩි අත්වැරදීමකින් පබ්ලිෂ් කිලික් උනා දැං හැදුවා..
      සිදුවූ ප්‍රමාද දෝශයට මාගේ බලවත් කණගාටුව..

      Delete
    4. කණගාටුව අපිට විතරක් නෙමෙයි. මං හිතන්නේ හැමෝට ම කණගාටුවෙන් හිටියේ...........

      Delete
  7. ඔය බොරු බලු සේනාවට ඇත්තටම අවශ්‍යතාවය තියෙන්නෙ ශාසනේ නඟාසිටුවන්නනම්, ඉස්සෙල්ලාම සටන් කරන්නෝනි රටේ බාර් ටික වහල දාන එක, මේ විවෘත කරන්න යන කැසිනෝහල් ටික නවත්තල දාන එක. මේ තියෙන වංචාව දූෂණය දාන එක. මුස්ලිම් එවුන් හදන්න කලින් බුද්ධ ශාසනේ කාල දාන අපේ එවුන් ටික හදාගන්න එකයි කරන්නෝනි. අන්තවාදී, බඩගෝස්තරවාදී කල්ලියක් විදියටයි මං මේ සංවිධානෙ දකින්නෙ. බුදුරජාණන්වහන්සේ ඔය විදියෙ දහමක් දේශනා කලේ නෑනෙ කොහෙවත්.
    එන්න ධර්මය දකින්න, හොඳයිනම් වැළඳ ගන්න. එහෙමයි උන්වහෙන්සේ දේශනා කලේ. විවේක වෙලාවට අන්‍යාගමික ස්ථාන කුඩුකරන්න ගිය එක නෙවෙයි උන්වහන්සේ කලේ. ඒ අයගෙ ආරාම වලටත් ගිහින් ධර්ම කරුණු සාකච්ඡා කල එකයි කලේ. මුස්ලිම් එවුන් හරි කියන්නෙ නෑ මං. ඒත් මේ ක්‍රමය නම් කොහෙත්ම ගැලපෙන්නෙ නෑ. මේක අති උතුම බුදු දහමටත් කරන නිග්‍රහයක් විදියටයි දකින්නෙ මං.

    ReplyDelete
    Replies
    1. බුදු හාමුදුරුවෝ වැඩසිටිය තැන අල්ලපු ඉඩමේ ඌරෝ මැරුවා... අනික් පැත්තේ වැදි බණ කිව්වා. ඒත් බුදුහාමුදුරුවෝ ඒ අයගේ ඉඩම් වලට කඩා පැනලා ගහලා පන්නන්න ගියේ නෑනේ... නමුත් ලංකාවේ බුද්ධ පුත්‍රයන් වහන්සේලා තමයි වැඩේ......

      Delete
  8. අහෝ රටකට ගිය කලක්.… මේ ව්කාර කොහෙන් නතර වෙ‍යිද? :(

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ ප්‍රියා.......

      මොකක් ද මේ උස වැඩියි කියලා එක එක්කෙනා කියන කතාව....

      Delete
    2. ඕවා කුමණ්ත‍රන. ගනන් ගන්න එපා. මම හරී කොටාආආආආයි. :)

      Delete
    3. අම්මපා ෙකාච්චරක් විතරද දන්නෑ.....

      Delete
    4. වැඩිය නෑ ඇනෝ, අඩි හයකුයි අඟල් හතරක් විතර… ;)

      Delete
    5. ෂුවර් ද හයයි හතරයි කියලා ...................

      Delete
  9. නිතියක් විනයක් නැති රටක් උනාම ඔහොම තමා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත කැන්ඩියන්,
      ස්තූතියි අදහසට...................

      Delete
  10. නානසාඅර කරන විනාසෙ තරම තෙරෙනකොට පෙරහැර ගිහින් ඉවරයි

    ReplyDelete
    Replies
    1. ඔව් දමිත්.......
      කියලා වැඩක් නෑ තමයි ඉතින්.............

      Delete
  11. මේ විකාර නවත්තන්න බැරි තරමට ඔඩු දුවලා. අපිටම තමයි බෙහෙත් දාගන්න වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔව් එ්ත් ෙකාෙහාමද අපි උත්තරයක් ෙහායා ගන්ෙන් අරූ,

      ෙම් හැම ෙදයක් ම ෙවත්දිත් අෙප් මහ උන් නිදිෙන්.............. අැයි එ් තැන් ෙමච්චර නිහඩ ...........

      Delete
  12. මේවා ජාතිවාදයේයි පුරුෂාධිපත්‍යයේයි සම්මිශ්‍රණයක් හැටියටයි එළිබහින්නේ. අපි මේවා පිළිකුලෙන්යුතුව හෙලා දැකියයුතුයි.

    ReplyDelete
    Replies
    1. ව.හ.....උඹත් එක්ක නම් බැහැ කෙල්ලේ මේ වැඩේ කරන්න. රත්තරනේ.. උඹ මේ හැම රෙද්දකටම පුරුෂ මොකක්ද එක කෙලින් කරගන්නවානේ.

      Delete
    2. ස්තූතියි ඔෙබ් අදහසට වනිතා,

      අරූ කියනවා විදිහට අැත්තටම ෙකාෙහාමද ෙමෙතන්ට පුරුෂාධිපත්‍යය එන්ෙන් ටිකක් විස්තර කරන්න.
      වැරදියට හිතන්න එපා අපි කැමතියි ෙම්ක ගැන කතා කරන්න.

      Delete
  13. ඕක තමයි ඒ කාලේ කොතලාවල උන්නැහේ කිව්වේ දුසිල් මහණුන්ගේ සිවුර කඩා 'තකේ පූර' ගාන්න ඕනේ කියලා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විචාරක අදහසට ........................

      Delete
  14. මේක හොඳ මාතෘකාවක්,, අවංකවම මට නම් මේ ගැන කතා කරන්න හිතෙන්නේ නැහැ...
    මොකද මේක හරිද වැරදිද කියල තීරණය කරන්න තාම මට නම් තේරෙන්නේ නැති නිසා....
    කවි නම් වෙනද වගේම එල !!

    ReplyDelete
    Replies
    1. කවි ගැන රවින්ෙග් අදහසට ස්තූතියි.........

      එ්ත් රවින් ට ෙත්ෙරන විදිහට විස්තර කරනවා නම් තමයි ෙහාද, ඔබ දකින විදිහ හරි ද වැරදිද කියලා කාටවත් තර්ක කරන්න බෑෙන්. එ්ක ඔෙබ් දැක්ම.................

      Delete

Related Posts Plugin for WordPress, Blogger...