Wednesday, January 15, 2014
Tuesday, January 14, 2014
සමනල වැව් තෙරේ සඟවුණ අභිරහස.....................
මාවියරාව ගම තරමක පිටිසරය
පැල්පත පිහිටියේ වෙළ අද්දරය
ගොම පිරියම් කළත් ඇත්තේ සිරිකතය
අඟ හිඟ වුණත් අටු පිරුනේ වී වලින
අයියා මලෝ විසුවේ එහි සමගියෙන
අම්මා රැකගත්තෙ දහදිය වූ ගොව්තැනින
අයියා මලෝ රැකගත්තේ හොඳ හිතය
දහදිය වගුරුවා දිනුවේ තුන්වේල
ගැහැනුන් ගන්න වයසේ උන් පසු වුවද
කලබල නොවී සිටියේ බැඳි සෙනෙහසින
පනස්වියට ආසන්නව මල්ලීට
අඹුවක් ගෙනාවයි අම්මාගෙ පෙරැත්තෙට
අයියා මලෝ බඳි සෙනෙහේ දෙදරන්න
නැන්දා ලේලී කෙහෙවලු දෙක පැටලෙන්න
පටන් ගත්තා අඹු ආවට පසු ගෙදර
තුන් දෙන විරසකව මල්ලී පිටවුණි ගමෙන
බෙලිහුල්ඔය ඉවුරෙ පැල්පත නව ඉදි කෙරිණ
අඹු කීමට වුණත් අතහැරියේ නැත නිවස
නැත අමතක කළේ සුවදුක් විමසන්න
මල්ලී ආවා හැම සතියෙම ඉරිදාට
කාලය ගෙවුණි හීයක වේගෙන්වාගේ
විරසක වුණා අඹු-හිමි සැම නිති වේලේ
මල්ලී අතුරුදන් බව අයියගේ කන වැකුණේ
අයියයි හිතවතුන් හෙව්වා මුළු ගම්මානේ
ගත විය දෙසතියක් නැත මල්ලී කොයි ලෝකේ
සමනල වැව් තෙරේ පාවෙන මළ සිරුරේ
වග තුග කන වැකීඅයියා යන වේලේ
අහෝ දෙවියනේ අයියා සිහිසුන් වූයේ
ගල් ගෙඩියක් ගැට ගසාගෙන ඔහු තම සිරුරේ
සමනල වැවේ ගොඩ වූ රොන් මඩ පතුලේ
සිරවී සිටිය දසුනින් මුළු ගම්මානේ
එකම කඳුළු ගංගාවක් ගලා ගියේ
දිය කබරයන් ඩැහැගත් කුණු වුණ සිරුර
පසක් කළේ අනියත දිවියක වරුණ
නැති බැරිකමක පැවතුණ අපමණ තරම
අදත් අභිරහසක්ය ඔහුගේ මළ ගමන
(සමනල වැව් පතුලේ සිරවී වසර පහකට පෙර මිය ගිය අදටත් අභිරහසක්ව පවතින අහිංසක ගැමියා වෙනුවන් පබැඳීමි)
කාංචනා චන්ද්‍රසේකර
Monday, January 13, 2014
උඹලට ලැජ්ජා නැති වුණාට අපිට ලැජ්ජයි .....///
දුම්වැටි පිටු දැකීමේ දිනය
බෝඩ් උස්සං, කටවල් වල, නහය වල් වල පටි බැදගෙන
වටරවුම් ගානේ දාඩිය පෙරා ගෙන,
ගෙදරින් ගෙනාපු බත් එකවත් කන්න තැනක් නැතුව
කටේ කෙළ හිදිලා දිව ගිලෙන්න එනකං
මොකක් ද මේ නටන විලි ලැජ්ජා නැති නාඩගම.........................
ඔය බෝඩ් උස්සං ඉන්න කීයක්
අද සිගරට් බිව්ව ද ????
ඔය බෝඩ් උස්සං ඉන්න කීයක්
තුන් හිතින් ම කැමැත්තෙන් ඕක කරනවා ද ????
ඔය බෝඩ් උස්සං ඉන්න කීයක්
ඕක කරලා දුම්වැටි නවත්තන්න බෑ කියලා දන්නව ද ????
ඔය බෝඩ් උස්සං ඉන්න කීයක්
ඇත්තට ම දුම්වැටි උවදුර නැති කරන ක්‍රමය දන්නව ද ????
ඇත්තට ම ඔය බෝඩ් එක උස්සං ඉන්න ඕනේ
පාරේ මිනිස්සුන්ට පේන්න නෙමෙයි.
ඔය බෝඩ් උස්සං තම තමන්ගේ අමාත්‍යංශ වල
මහඋන්ට පේන තැනකට ගිහිං
ඔය කෑ ගැහිල්ලම කරා නම්
මහ උන් රැස්වෙන පාර්ලිමේන්තුවට හරි කැබිනට් එකට
අමාත්‍යවරයෙක්ගේ යෝජනාවක් විදිහට
දුම්වැටි තහනම් කිරීම ගෙනිච්චනම්
ඔය බොරු නාඩගම් එකක් වත් නැතුව
මතට තිත වගේ ලස්සන වචනවත් නැතුව
ආණ්ඩු පක්ෂයටයි, විපක්ෂයටයි දෙගොල්ලන්ට ම
සහෝදරකමින් එකතු වෙලා ඒක තහනම් කරන්න පුළුවන්නේ.........................
හැබැයි
අපි හැමෝම දන්නවා ඒක එහෙම වෙන්නෑ කියලා.
එහෙනම් අහවල් එකට ද ඔය දිනේ .................
අහවල් එකට ද අපිට ඔය බෝඩ් පෙන්නන්නේ ....................
අහවල් එකට ද යකුනේ කෑ ගහන්නේ ..................
උඹලට ලැජ්ජා නැති වුණාට අපිට ලැජ්ජයි ..............................///
කසුප් අනුරාධ
.
Sunday, January 12, 2014
CAMPZ කොක්කට සෙනෙහසින් අකුරු කරමි............................
නෑයන් සනුහරය පිරිවරා - ගියෙමි නිවසින් නිදිවරා
කැළණිය විදු බිමට හිනැහිලා -පා තැබීමි හා හා පුරා
නිල්වන් තණපිටිය පීදිලා-කහ පැහැ මලින් බරවෙලා
හැල්මේ දුවයි අයියලා -අලුත් නැව පිළිගන්ටලා
ගැහෙයි හද ඩික් ඩික් කියා -දැනෙයි තනිකම හදපුරා
බලයි සීනියර් අක්කලා -රැගින් වලටම අතවනා
තෙල් බැම්ම ඇත හිනැහිලා -අලුත් නැව එහි නවතලා
හඬයි ජූනියර් නංගිලා -තැනින් තැන ඔහෙ හැංගිලා
අද පටන්මොණරී කියා -පට බඳිමු නුඹ හට කියා
කාඩ් එක පට බැඳුණු හින්දා -විදු බිමේ මොණරී වුණා
වරෙන් මොණරී මෙහෙ කියා -අතක් දුනි මට පටලවා
ගතිමි මම අත හඬ හඬා -ටින් ටින්ගෙ අත උදුරලා
බැඳි දෑත් අපගේ එදා -අහඹුවක් ගෙන දුනි සදා
ඉරණමේ ඇති ගති සොබා -වැටහුණේ මතු පසුවදා
බැඳි දෙඅත ඉරණම කියා -නොදැන සිටියෙමි හදපුරා
රැගින් වලටම බඳුණු දෑඟිලි -ඇත්තටම අද මගෙ වෙලා
ටින් ටිනුයි මොණරියි එදා -එකම වහලක් යට මෙදා
පතමි ටින් ටින් ඔබට දිගාසිරි -මොණරී ඔබගේ දිවිතුරා
කාංචනා චන්ද්‍රෙස්කර
Saturday, January 11, 2014
නායකත්වය පුහුණුව ......................
උසස් පෙළින් සමත් වෙලා හිතට දැනුන සතුට අරං
කැම්පස් වෙනුවට ඇවිදින් හමුදා කදවුරු පෙරළං
බස් පුරවං උදේ ඉදන් හතර අතේ කරක් ගහං
නායකයෙක් වෙන අයුරුව ඉගෙන ගන්නේ කෝම කියං
සුදට ඇදන් PT ගිහිං අඩි දහයක් ඇවිද්දාම
දකුණ වමට බලා හැරිලා අඩි උස්සලා බිම තිබ්බම
නායකයින් වෙනවානම් අනේ ඔයිට වඩා හොදට
කොක්කු රෑන් පිටිං ඉදියි නායකයින් වෙලා යසට
කෑම වේල් තුනක් කාලා තේ තුනකින් බඩ පුරවන්
ෆිල්ම් බලලා බජව් අහලා නැටුවම තුනටිය කරකන්
පොළවෙන් ඉහළට උස්සලා සුරංගනා ලෝක මවන්
නායකයෙක් වෙන්න කලින් පොළවේ දෙපයින් හිටගන්
අව්ව පොදක් වැටෙන්නැතුව නායකයින් රකින රටක්
වැහි බිදුවක් වැටෙන්නැතුව නායකයින් හදන රටක්
බඩගින්නක් දුකක් නැතුව නායකයින් දකින රටක්
කැම්පස් ගියදාට දැනෙයි අව් වැහි බඩගින්න හුගක්
කෑම බීම වතුර ඇදුම් ටෙන්ඩර් ගන්නේ කවුරුද
රැග් එක නවත්තන්න ගිහිං ඇත්තට රැග් වුණේ කවුද
කැම්පස් යන්නත් කලියෙන් කොක්කක් ගොඩ නොගියේ කවුද
තුන් සතියක සැපක් අරන් නායකයෙක් වුණේ කවුද
කසුප් අනුරාධ
.
Friday, January 10, 2014
කවියක් ලියන්න බෑ අද මට ...............
දැන් දවස් ගානක් තිස්සේ
බෑ ලියා ගන්නට පේළි දෙකක් වත්
ගැලපෙන්නෑ එකකට එකක්
ගැලපෙන්නට ලියවුණත් ආයෙම හිතෙන්නේ
ඒක හරියන්නෑ කියලා තව තව ලියන්න..............................
කොහොම හරි ලියනවාමයි කියලා හිතාගෙන
අද ඉදගතිමි පෑනක් පොතක් ගෙන
කුරුටු ගෑ වෙමි පොත පුරා
නැත ලියවිලා එකම වචනයක් වත්
ඉතින් කොහොමද අද කවියක් දාන්නේ.............................
තුෂාරට එපා වෙලා ද බ්ලොග් කෙරුවාව
හැමෝම අහනවා කෝල් කරකර
ඉතින් නොලියත් බෑනේ ලැජ්ජාවට
සිත හදාගමි කොහොම හරි ලියන්නට
අනේ අපරාදේ කාලය
කෝ තිබ්බ කවිකම
ආගිය අතක් නෑනේ................................
ඉරහද තරු, ආදරය, ජීවිතය, දුක සතුට
මොනවත් එන්නෑ දැනෙන විදිහට
ඒ නිසා සමාව දෙනවානේද
කවියක් ලියන්න බෑ අද මට......................................
තුෂාර විතාරණ
.
Tuesday, January 7, 2014
සංවර්ධනයේ අරුණළු සොයන කොළොන්ගස්තැන්න......................
හද්දා පිටිසර කොලොන්ගස්තැන්න ගම පිහිටා තියෙන්නෙ බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් බල ප්රදේශය තුළයි.බෙරගල සිට වැල්ලවාය මාර්ගයේ කොස්ලන්ද පසු කර කි.මී 8ක් පමණ ගිය පසුව ස්වභාව සෞන්දර්යයෙන් පිරි මෙකී ගම්මානය හමුවේ.බෙරගල සිට කි.මී 35 ක් වුවත් කොලොන්ගස්තැන්න සිට වැල්ලවායට ඇත්තේ කි.මී 7 ක් පමණි.අධ්‍යයන කටයුත්තක් සඳහා කොලොන්ගස්තැන්නට ගිය ගමනෙහි තතු කිහිපයක් ඔබට කියන්නට මා අදහස් කළේ ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය කරා ගමන් කරමින් පසුවන කාල වකවානුවක් තුළ සිටයි.
කොළොන්ගස්තැන්නට පිවිසෙන ස්ථානයේ වූ නාම පුවරුව කියා පෑවේ ඔවුන් තවමත් ආසියාවේ ආශ්චර්යයට බොහෝ දුරින් පසුවන බවයි.
හද්දා පිටිසර වුවත් ගොව්තැනින් දිවි සරි කර ගත් අව්‍යාජ ගැමියන් කියා පෑවේ උත්තුංග මිනිසත්බවේ සලකුණුය.ඔවුන්ගේ නිර්ව්‍යාජ සිනහව හා ආගන්තුක සත්කාර සැබවින්ම හෘදයාංගම වීය.පසු දා රාත්‍රිෙය් වර්ෂාවෙන් ගලා යන නිල් පැහැ දිය පාරක් සපත්තු පාලමක් උඩින් ගලා යන දසුන පරිසරයට එක් කළේ අපූර්ව චමත්කාරයකි.පවුල් ඒකක 255 වාස බිමක් වූ මෙම ගම්මානය රාත්‍රියේදී වල් අලින්ගේ පාරාදීසයකි.දිනකට ගමන් වාර දෙකකට පමණක් සීමා වූ බස් රථ සේවාව ගැමියන් තවත් හුදකලා කිරීම වස් සාධක එකතු කර ඇත.
රට සීග්‍ර සංවර්ධන කටයුත්තකට අත ගසා පැවතියද සංවර්ධනයේ අරුණළු කොලොන්ගස්තැන්නට තවමත් උදා වී නැතැයි යන්නට සාක්ෂි පිණිස පහත ඡායා රූප පෙළ ගෙන එමි.ගම්මානයේ පවතින සැබෑ වාතාවරණය වටහා ගැනීමට එම ඡායාරූප පෙළ පමණක් ප්‍රමාණවත් වෙතැයි විශ්වාස කරමි
![]() |
පෙර පාසැල් ගොඩනැගිල්ල
පෙර පාසල් දරුවන්ගේ වැසිකිලිය
ගොම මැටි පිරියම් කර බිම සකසා තිබූ අ තර රාත්‍රී කාලයේදී ගවයන්ගේ තිප්පලක් බවට පත් වන පෙර පාසල් ගොඩනැගිල්ල
පෙර පාසැල් දරුවන්ගේ සෙල්ලම් උයන


කොලොන්ගස්තැන්න දෙහිලන්ද විහාරස්ථාන ගොඩනැගිල්ල
අටුවා ටීකා ටිප්පනි ඉදිරිපත් නොකරමි.වචනයෙන් කිව නොහැකි බෙහෝ දේ මෙම ඡායා රූප පසුපස ඇතැයි මා හුදෙක්ම විශ්වාස කරමි.
සංවේදී ඔබගේ අවධානය පිණිස ගෙන එමි.
කාංචනා චන්ද්‍රෙස්කර
Sunday, January 5, 2014
වෙන්ව යමි ඔබෙ සිතින් කඳුළු බිඳු සඟවාන....................
කාශ්ටක අව්වට
ගෙන දෙමින් නිගාවත
වැටෙන සඳ සිහිල් දිය
පොළෝ ගැබ රූරාන
පෝළිමේ සිටගෙන
ගොහොරු මඩ තවරාන
මල් වැටුණු ඔසරි පොට
දෑඟලක් ඔසවාන..............
කිලෝ ගණනක් බරැති
ඇඳුම් මලු ඔසවාන
රෙජිසිටර් පෝලිමේ
විඳින සඳ විරවාන
නෙත ගැටුණු
සුනිල නෙත්
කෙලෙස අතහැරලම් ද..................
සම්මතය අසම්මතය
අමතකව ගිය අරුම
ළං වුණා ටික දිනට
කල්පයක් තරමටම
සිතින් විඳි සැනසුමම
අපමණයි ඔබ මෙන්ම
ඒ නමුදු සුහදිනිය
නැත උරුම ඔබ සිසිල..................
නික්මුණත් ඔබ ළඟින්
බොහෝ දුර ඈතකට
යදිමි මම අවසරය
නික්ම යන්නට පෙරම
මා මෙන්ම ඔබ හදත්
සැලෙන බව දැන දැනම
වෙන්ව යමි ඔබ සිතින්
කඳුළු බිඳු සඟවාන...................
මියන දා මගෙ දිවිය
වඩිනු මැන මගෙ සිතට
නිල් දෑස ඔබෙ දිළෙන
ගෙන දේවි නිවන මට..................
කාංචනා චනද්‍රෙස්කර
Friday, January 3, 2014
උපාධි පත්වීම................................
ගත්තඋපාධියට අවස්ථාවක්
මෙන්න රජයෙන් ....
ලොරියෙන් පැළ බාන්න
පැළ බෙදන්න ඇට බෙදන්න
වසමට කිලෝ මීටර 70 යි
මුළු ගමනට පැය පහයි
සාරි උස්සගෙන මඩේ.
තව පැය දෙකයි..........
පැළ කාලෙට පැළ මිස් ලු
ඇට කාලෙට ඇට මිස් ලු
ඒත්............
S 3ට අමාරුවෙන් ගොඩදාගත්ත
බාහිර උපාධියට මල් හතයි.....
ඇමතිතුමාගෙ පත්වීම් ලු
අව්වෙ යන්නත් බෑලු
ඇට බෙදන්නත් බෑලු
ඒත් මැඩම්ගෙ සම්බන්ධීකාරකලු
හත්දෙයියනේ උපාධීයට වෙච්ච දෙයක්
චතුරිකා චන්ද්‍රසේකර
Subscribe to:
Posts (Atom)












