Saturday, November 26, 2016

ඒත් ඉතින් මුගේ රූප නෑනේ බං ත්‍රීවිල් වල...............



ත්‍රීවිල් වල රතට රතේ දිදුලපු 
තරුවක් ගහගත්තු තොප්පි කාරයා........
බාගෙට රැවුළ වැවෙන සුදු හාදයා.
මං මුලින් ම හෙව්වේ මිනිහා ගැන.

කැම්පස් එකේ කැන්ටින් පුරා
රීඩින් රූම් පුරා මට මිනිහා හම්බුණා.
ලෝකයක් හොල්ලපු විප්ලවකාරයා......
අන්න මට විප්ලවය හම්බුණ තැන.

සුරුට්ටුවක් ගහගෙන පොතක් කියවන
මහා පෞරුෂයක් තිබුණ කින්ඩි හිනාකාරයා.
වයසක ෆොටෝ ඉතිරි නොකර මියගිය
ලෝකයේ මහා විප්ලව කාරයා............... මචං ඒ තමා චේ......

චේ............... කවුද මචං චේ කියන්නේ
ඒ තමා මචං චේ ගුවේරා.............
චේ කරාලු විප්ලවයක් කියුබාවේ.
එහෙනං හොයන්න වෙනවා කියුබාව ගැන

Cuban Revolution කියලා කෙටුවා විකියේ
මේ තියෙන්නේ සාගරේ වගේ විස්තරේ
මොන්කාඩාවෙන් පටන්ගෙන බැටිස්ටව පෙරළලා 
ඒත් මොකාද මේ හැමතැනම කියන කැස්ට්‍රෝ?

මේ මෙතැනත් ඉන්නවා චේ ගාවින්ම
හත්තිලව්වයි දැන් රටේ ජනාධිපතිලු.
ඉතින් චේ විප්ලව කරානං ඇයි බං මුට දුන්නේ?
ඒ.... චේ නෙමෙයිලු බං නායකයා ෆිදෙල්ලූ.....

අඩෝ ඌත් පට්ට ලස්සනයිනේ බං ඒ කාලේ
ඒත් උගේ නාකි ෆොටෝමනේ බං තියෙන්නේ
59 ඉදන් රට කරනවාලු ඇමරිකාවට ෆුල් ගේමලු
ළගදී ඔබාමත් ගෙන්නුවාලු කකුල් දෙකගාවට....

එතකොට චේ නෙමෙයි ද බං පොර ෆිදෙල් ද ?
එ්ත් ඉතින් මුගේ රූප නෑනේ බං ත්‍රීවිල් වල..............



ෆිදෙල් ඔබට සුභ ගමන්............. 



තුෂාර විතාරණ



.


23 comments:

  1. සුබ ගමන්. ගිහින් ආයෙත් ඇවිත් අනේ අපේ රටත් හදලා දියන්

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ අපිත් විප්ලවයක් කරන්න වෙලාද??????????

      Delete
  2. කියුබා කීවාට ඇත්නම කූබා ලු. කස්ත්‍රෝ වීරයාණෙනි ඔබ මීට වසර 20-30 කට පෙර මියගියානම් මීට වඩා සෙතක් මිලියන 10-11 වන කූබා වැසියන්ට අත්වීමට ඉඩ තිබුණි. අදින් පසුවවත් ඔවුන් නිදහසේ ඉන්නවානම් ඒ පින ඔබට අත්වේවි. ඔබ යන්න ඇත්තේ බැටිස්ටා ගියා දිහාවටම නිසා එයාව හම්බුවුණොත් මතක් කලා කියන්න.

    ReplyDelete
    Replies
    1. ඉයන්............

      මගේ කියැවීම නං ටිකක් විතර වෙනස්.... ටිකක් නෙමෙයි මං හිතන්නේ ගොඩක්. අපි මේ වෙලාවේ ඉන්න ෆිදෙල් දිහාබලාගෙන කතා කරලා වැඩක් නැහැ. ඒත් 1950 දශකයේ කියුබාව සහ 59 විප්ලවය කරන්න නායකත්වය දුන්නු ෆිදෙල් ව දැකිය යුතුයි. ඒ වෙලාවේ ඇමරිකාවේ ද සහය තිබුණ ඒකාධිපතියෙක් පරද්දන්න තරම් මේ කොල්ලෝ ටිකට හයියක් තිබුණා. එක පාරක් ෆේල් වුණා. ඒ වෙලාවේ රටින් එළියේ ඉදන් විප්ලවය සැලසුම් කරා. චේ වගේ මිනිස්සුත් එකතු වුණා. රටේ මිනිස්සුන්ගේ අවශ්‍යතාවය ඔවුන් කරට ගත්තා. ගරිල්ලා සටන් ක්‍රම කියන සටන් ක්‍රමය ප්‍රාෙයා්ගික ව අත්හදා බලලා ලෝකයට අලුත් දැනුමක් දුන්නා. අද වන විට ලෝකයම කතා කරන අසමමිතික යුද ක්‍රම කියන ජාතියට ඔවුන් ඇත්තම පණක් දුන්නා.

      මෙන්න මේ කරුණු සහ තවත් නොකී බොහෝ කරුණු නිසා ඉයන් ෆිදෙල් කියන්නේ මට ඒ වෙලාවේ මහා දැවැන්ත මිනිහෙක්. මෑත කාලය වෙන විට ෆිදෙල් කරපු වැරදි දිහා බලලා ඒ මිනිහාව සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප කිරීම වැරදියි. එදා ඒ මිනිහා වීරයෙක්. අපි එදා තිබුණ කන්ටෙක්ස්ට් එකට බැහැලා බැලීමයි වැදගත්. ඒක තමා කන්ටෙක්ස්ට් ඇනලිසීස් කියන්නේ. හරි චේ එදා මැරුන්නැත්තං අද වෙන විට චේත් මහා අපරාදකාරයෙක් කරලානේ. ෆිදෙල් විප්ලවය වෙලාවේ මැරුණානං අද චේටත් වඩා වීරයෙක්....... ඕකනේ ඇත්ත......

      Delete
  3. පරම්පරා දෙකක් ඉතර අපා දුක් වින්දා...

    අපායේ ගිහිල්ලත් සිකැරට් එකක් ගහගෙන ආතල් එකේ උන්න අයගේ කතාත් තියෙන්නේ අප්පා...

    ReplyDelete
    Replies
    1. ආ.............. දැන් ඉන්ටවල් ඉවරයි.... හැමෝම ඔලුවෙන් හිටගන්නවා....

      Delete
  4. මොකක්ද මචං කියුබාව කියන්නෙ.....

    ReplyDelete
    Replies
    1. ඒවා ප්‍රසන්න අයියාට ඕන නැති දේවල්. දැනගන්නම ඕන නං කම්පියුටර් මේසේ යටින් ගල්බාගයක් තියලා කෝල් එකක් දෙන්න. මං ආයෙම ලබන අවුරුද්දෙ වැඩට යද්දි ඇවිත් කියලා දෙන්නම්.

      -විදානේ-

      Delete
    2. ගල්බාගයක් තියනවනම්
      ආයෙම ලබන අවුරුද්දෙ වැඩට යන්න තියෙන්නේනම්
      මටත් පුලුවන් ඇවිත් ඕක කියලා දෙන්න

      Delete
    3. ඕන්නෑ ඕන්නෑ......... උඹ අරකක් මහගෙන පරිස්සමෙන් හිටපං.... මං හෙට වැඩට යන්න තීරණය කළා....

      -විදානේ-

      Delete
    4. අනේ පනේ එහම කියන්න එපා අරක්කු ටිකක් බොන්න තියනවනම් ඕක කවදා මහගන්න බැරිද ...
      විදනයෝ..තොට බොන්න දීලා අර මල්ලිගේ බයිසිකලේ නග්ගන්වා

      Delete
  5. //එ්ත් ඉතින් මුගේ රූප නෑනේ බං ත්‍රීවිල් වල//

    මම අහල තියෙන විදිහට මේකට හේතුව, චේ , ‍ෆිඩෙල්ට වැඩිය කඩවසම් වීමයි. බැටිස්ටාගෙ කාලෙ කියුබාව , ඇමරිකාවෙ ගණිකා මඩමක් කියල කතාවක් තියනවා. එහෙම බලන කොට ඔහු ‍ෆිඩෙල් කියන්නෙ පොරක්.මගේ කියවීම සමාජවාදයේ උපන්ගෙයි දෝෂයක් වන, අසීමිත/ සදාකාලික බලය විසින් ,ඒකාධිපතියකු බවට පත්කල හිටපු පොරක්, තමයි ‍ෆිඩෙල්.

    ReplyDelete
    Replies
    1. එකගයි මචං...... ඔය සමාජවාදය ගැන කියලා තියෙන දේ ගැනනං ගැටලු තියෙනවා... ඒත් උඹේ කතාව ඇත්ත........

      මචං ෆිදෙල්ගේ කියුබාව ගැන කොමියුනිස්ට්වාදය ගැන අගේට ලියැවුණ නලීන්ද සිල්වාගේ ලිපියක් තියෙනවා. ඒක වැඩි ආටෝප නැති එකක්. එතුමා ගැන බොහෝ අයට විවේචන ඇති. ඒත් මේ ලිපිය මේ වෙලාවේ කියැවීම වටිනවා කියලා හිතුණා........ හැකිනං බලන්න....

      http://www1.kalaya.org/2016/11/blog-post_27.html

      Delete
  6. මේ මක්කයි????

    ReplyDelete
    Replies
    1. මචං කියුබාව කියලා රටක් තියෙනවා. ඒකේ හිටපු නායකයාගේ නම ෆිදෙල් කැස්ත්‍රෝ... මිනිහා ඊයේ පෙරේදා මළා මචං....... ඒකයි මේක ලියුවේ.........

      Delete
  7. උබ මම කියනවට ඔය ත්‍රි විල් මල්ලිලා දෙතුන් දෙනෙක්ගෙන් අහලා බලපන් ගොඩක් උන් චේගේ පින්තුරේ ගහගෙන හිටියට කතා කරන්නේ බොබ්මාලේ ගැන ...
    ගොඩක් උන්ට ඒ දෙන්න ටැපලිලා

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා........... හැබැයි උන් මාලේ ගැන වුණත් මහ දෙයක් දන්නෑ........ සූස්ති පප්පෙක් කියලා විතරක් නං දන්නවා....

      Delete
  8. "ෆිඩෙල් කස්ත්‍රෝ" ඉන් පස්සේ "රාවුල් කස්ත්‍රෝ" අනේ මන්දා බං උනුත් සහෝදර සමාගම්ද කියලා හිටං.

    ReplyDelete
    Replies
    1. එක විදිහකට බැලුවොත් ෆිදෙල් ඒකාධිපතියෙක්. තවත් විදිහකට ෆිදෙල් සාර්ථක විප්ලවවාදියෙක්. එක විදිහකට ෆිදෙල් අන්තවාදියෙක්. තවත් විදිහකට ජනතාවාදී නායකයෙක්. එක විදිහකට ෆිදෙල් ප්‍රජාතන්ත්‍රවිරෝධී පාලකයෙක්. තවත් විදිහකට තමන්ගේ අනන්‍යතාවය තියාගත්තු ඍජු නායකයෙක්............. ඒක මචං එක එක්කෙනාට අනුව විචාරය වෙනවා......

      Delete
  9. තාම අපි මැන්ඩෙලාලා ක්‍රස්තෝලා ගැන කතා කරනවා. ආදර්ශෙට ගන්න පාලකයො දැං මුලු ලෝකෙම නෑ වගේ

    ReplyDelete
    Replies
    1. මැරුණාම කොහොමත් මිනිස්සු පොරවල් වෙනවානේ උඩුවෝ....... අනාගතයෙත් මැරුණම පාලකයෝ පොරවල් වෙයි...... සමහර විට ට්‍රම්ප් කියන්නෙත් මාර පොරක් කියලා තව අවුරුදු 50 කින් දේශපාලන විද්‍යාෙවදි පවා උගන්නයි........ ඒ මේ ලෝකේ හැටි මචං....

      Delete
    2. මාකෝස්ගේ බොඩියත් වීරයන්ගේ සුසානයට ගෙනියන්න කියලා එහේ සුප්‍රීම් කෝට් එකම කිව්වේ මේ ළඟදි නොවැ..

      Delete
  10. අහපු සුපිරිම කවියක්...මතක හිටින කවියක්.........
    වීරයෝ තමන්ගේ වැඩේ කරලා යනවා....වවාගෙන කන්නෙ නෑ.......
    සුපිරියි ආ....

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...