Tuesday, November 15, 2016

බජට්......( ජය ශ්‍රී, 'ශීලා' ගීතයේ තාලය )



ආදර බජටය, මේ ගීතයෙන්වත් දැනගන්න
මගේ හදවතේ දුක...


බැලු බැලු හැම අතම හොල්මන් වාගේ
අයවැය සේයාවන් මසිතේ ඇඳේ
සුළඟේ පාවී සුසුමන් යාවී
දැනුනොත් දෙනවාදෝ සැනසුම ආයේ

මා හට සැරවීලා හොයි, කොහෙදෝ යන්නේ මෙසේ
හිත රිදවන්නෙපා, අය වැය ආදරේ
කෙළවීලා හොයි, මම ඉන්නේ කෙසේ
දේවීදෝ සැනසීම ආයේ

රටම මිරිකීලා, ගිනිගෙන වටේ
බිය සහ වියදම, දැවටී වතේ
දුරකතනයකින්, අමතනු බෑ දැන්
ආතල් ගන්නෙමි තනි ලෝකයේ

මා හට සැරවීලා...

ගිනිගත් සිහිනෙට එන විට තවමත් රස්නෙ දැනේ මට
හීනෙන් සැනසුම් ලබනටවත් වරම් ලැබේද මට

මේ ලස්සන අය වැය තවකෙකු හට දුක් දෙන්න එපා
ඒවීදෝ...ඒවීදෝ...ඒවීදෝ සැනසීම ආයේ

බජට් බජට් මේ, බජට් බජට් ඕ
බජට් බජට් මේ, බජට් බජට් ඕ හෝ හෝ හෝ

බජට් බජට් මේ, බජට් බජට් ඕ
බජට් බජට් මේ, බජට් බජට් ඕ හෝ හෝ හෝ

දේවීදෝ සැනසීම ආයේ...

-අසංක ගයාන් අබේසිංහ-

37 comments:

  1. අම්මට හුඩු හුග කාලෙකට පස්සේ මම එක වෙලා

    ReplyDelete
  2. Replies
    1. අයියෝ...මම පහනේ...

      Delete
    2. තුන වැටෙයි බලාගෙන.

      Delete
    3. තුන නැතිවෙනවට කැමතිද?

      Delete
    4. දිවි පුදා හෝ තුන රැකගමු...

      Delete
  3. ඔන්න උඹලගෙ ගින්න නිවන්න අපි ජල ගාස්තු වැඩිකරන එක නැවැත්තුව. හැක්..
    දැන්වත් නාගනිං. හැක්.. x 2

    ReplyDelete
    Replies
    1. අපි කියන්නෙ කවුද හිටං?

      Delete
  4. "හොල්මන්" අයවැය.බලපං ආණ්ඩුවේ විශ්ලේෂනය "හොල්මන්"

    ReplyDelete
    Replies
    1. ඔය දෙන්නෙ හෙලවිලාම කෙලවිලාම යන්න...

      Delete
  5. පහුගිය බජට් එකෙන් අන්තිමට ඉතුරු උනේ 2016 විතරයි. අනිත් හැමදේම වෙනස් උනා. මේ ගමනත් ඒ වෙනස පටන් අරන් වගේ. අන්තිමට 2017වත් ඉතුරු උනොත් ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. 2017 වත් ඉතිරි ෙවයිද ෂුවර් නෑ මට නම්.

      Delete
    2. 2017 වෙනකම් අපි ඉඳීද බං...

      Delete
  6. පට්ට. කුරහන් කියන්ඩ වාෙග 2017වත් ඉතිරි ෙවයිද කියලා ෂුවර් නෑ.
    අවුලක් නෑ ඒ් ෙලවල් ළමයින්ටයි ගුරුවරුන්ටයි ටැබ් ෙදනවලුෙන්. මං හිතන්ෙන ඒච්චරයි අඩුෙවලා තිබුෙන

    ReplyDelete
    Replies
    1. ළමයින්ට නම් ටැබ් හම්බුවෙයි...අපිට නම් ටැබ්ලට් තමා බොන්න වෙන්නේ...

      Delete
  7. අඩේ මරුනෙ. (ගීතය ගායනා කරමින්)

    ReplyDelete
  8. Replies
    1. අටපට්ටමට දාන්ට වටින අයවැයක්...

      Delete
  9. මට ඉස්සෙලම කියහන් උබට කොහෙන්ද මේවා ලියන්න හිතට එන්නෙ... :)
    පට්ට...!
    එළ...!
    සුපිරි...!

    ReplyDelete
    Replies
    1. ඇත්තම කිව්වොත් උඹල හින්දම තමයි මේව හිතට එන්නෙ...ඒ කියන්නෙ අපි ලියන ඒව බලන්න උඹල කැමැත්තෙන් ඉන්න බව හිතෙනකොට නිකන්ම අදහස් එනව බං...

      Delete
  10. අපිට ආ අය
    වැය කරන විදිය ගැන
    හැමෝටම ඇහෙන්න
    කියල දෙන පත්‍රිකාව
    අය වැය

    ReplyDelete
    Replies
    1. අපිට හම්බුවෙන තුට්ටු දෙක වියදම් කරන්න ප්ලෑනක් ඕන නෑ බං...ප්ලෑන හදද්දිම සල්ලි ඉවර වෙලා...

      Delete
  11. මේක ජයශ්‍රීලාට යවන්නද....

    ReplyDelete
    Replies
    1. කුරුටුස්ලා......මේක ඇතුලට ආපුවහම දැන් වනචර සයිට් එකකුත් ඕපන් වෙනවා. මේක නිවිසැනසිල්ලේ හොයලා බලපන්. ඒක එච්චරම හොඳ නැහැ කොලුවෝ.. දැනුත් වුනා. මම ක්ලෝස් කරා. වැඩේ සීරියස්ද මන්දා. මට විතරද එහෙම වෙන්නේ.

      Delete
    2. මළ කෙලියයි...බොහොම ස්තුතියි අරූ අයියේ...ඒකමද කොහෙද අපේ සයිට් එකට කාන්තා ප්‍රතිචාර අඩු...හම්මෝ...

      තුෂාරයෝ...මෙහෙ වරෝ...හෙල්ප්...හෙල්ප්...

      Delete
    3. අරූ සහෝ...............

      අටමත් ඇවිත් බැලුවා කිව්වා. ඒත් එහෙම එකක් ගැන ආරංචියක් නැහැනේ.... මමත් ටිකක් හොදට බැලුවා..... එහෙම නැහැනේ....... තව බලන්නම් අරූ සහෝ........ වෙන එකෙක්වත් මේ ගැන කියන්නැත්තේ ඒක ඕපන් වුණාම බල බල ඉන්න ගිහිං කියන්න අමතක වෙන හින්දද මන්දා........

      කාන්තා ප්‍රතිචාර නැත්තේ අසංක අයියා බැන්දා කියලා කට්ටිය දැන් දන්න නිසාවෙන්ටෑ...........

      මේක ගැන ටිකක් විශේෂයෙන් බලමු.... ඇත්තට ම එහෙම වෙනවානං අපිට කියහල්ලා යකුනේ...........

      තුෂාර

      Delete

Related Posts Plugin for WordPress, Blogger...