Thursday, November 10, 2016

කළ්‍යාණ මිත්‍ර.....?





සිප් හලෙහිදි හමුවී
දෙසිතක් එකක් වෙලා
එකම පතේ බත් කෑ නුඹ දැන් කෝ
සුහද මගේ මිතුරේ...

ලොව දහසක් අතරේ
ඔබ වෙනුවෙන් කැපවී
සිටියේ මා පමණයි දුක සැපෙහිත්
මතකද මගෙ මිතුරේ...

මාරුතයක පැටලී
ජරපත් සමාජයේ
සිටියදි ගලවාගත් මා මතකද
ඔබට මගේ මිතුරේ...

අද මා අඳුරක වී
යා යුතු මග නොපෙනේ
පාර කියන්නට නුඹ නැතිවාදෝ
දැන් මාගේ මිතුරේ...

ආලෝකය නැතිදා
සෙවණැල්ලද සැඟවේ
එලෙසින් ඔබ මට පිටු පෑවේදෝ
කියන් මගේ මිතුරේ...




අසංක ගයාන් අබේසිංහ

34 comments:

  1. හරි හරි අසංක අයියා මං මේක වරුණ අයියාට පෙන්නන්නං.................

    තුෂාර

    ReplyDelete
    Replies
    1. වරුණයත් මට ආපහු මේකම පෙන්නයිද දන්නෑ බං...හැහ්...

      Delete
  2. දෙනෙතක රැදුණු දුක කඳුලක පා කරණු
    දිනයක පෙරදි සැමරුම් අමතක කරණු
    මිතුරක කළණ හමු වෙනු ඇත සතුටු වෙණු
    හිත්දුක මැකෙන්නට ගයියෝ කවි ලියණු.........

    ඔය වගේ අත්දැකීම් මටත් තියෙනවා. උදව් ගන්නකන් ළඟ ඉඳලා පස්සේ අතුරුදන් වෙනවා. හැබැයි බං කවදක හරි හොඳ මිතුරෙක් මිතුරියක් මුණගැහෙනවාමයි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. උඹේ කමෙන්ට් වලට උත්තර දෙන්න කවි ආයෙත් කල්පනා කරන්න වෙනවා...නියමයි දුමියෝ උඹේ කවි උත්තර...

      Delete
  3. එක් යුගයක ජීවිතයේ සරතස නිවු මා සුමිතුර
    දුර හිඳිනා ඔබ දකින්න ආයෙමි දිගු කලකට පසු

    බමන විදුලි පංකාවෙන් වා ගැබ කැළඹෙන හඩ මිස
    එසඳ ඔබේ මුවග නැඟුණු සාද තෙපුල් නෑසේ මට

    මේසය මත ලිපි ගොනු රැස සුළෙඟ නොයාදී රකිමින්
    ඒ මත හිඳිනා ගල සේ මා අබියස නිහඩය ඔබ

    බිත්තියෙ ඇති සේයා රූ එකිනෙක එබි එබී බලයි
    නැතියෙන් ඔඛෙ වත හසරැලි මදෙස බලා සිනා නඟයි

    බාලේ අපි ගම් දොර කෙළි මඩුලූ මැදින් ආ ගමනේ
    මහදේ ඇති ඔඛෙ සිතුවම කොහි සැඟවිණි දැයි නොදැනේ

    එක යුගයක ජීවිතයේ සරතස නිවු මා සුමිතුර
    ඔබ අසලින් බැහැරට යමි කුමටද ඔබගේ අවසර?

    මොනිකා රුවන් පතිරණ - දිසාපති කාමරයේදීය

    ReplyDelete
    Replies
    1. ගොඩක් යාළුවො මුල අමතක උන් තමයි බං...පොඩිකාලෙ කොයි තරම් සරල වුණත් උන් ලොකු වුණාම මාර සීරියස් වෙනවා...ඒත් අපි තාම පොඩියි...

      Delete
  4. Replies
    1. ස්තුතියි ඉන්දරේ...

      Delete
  5. හැබෑට මු කොයි ගියාද අසංක අයියේ... මේ අපේ වර්ණයා වගේ.....

    ReplyDelete
  6. හැබෑට මු කොයි ගියාද අසංක අයියේ... මේ අපේ වර්ණයා වගේ.....

    ReplyDelete
    Replies
    1. අපේ මිත්‍ර වර්ණයා වගේද...

      Delete
  7. යාලුවො කියන එවුවංගෙන් වැඩි හරියක් ඉන්නෙ තමංට වාසියක් බලාගෙන. මට මේ වෙනකල් හම්බවෙච්ච එවුවංගෙන් වැඩි හරියක් එහෙම උං. ඒ අතරෙ හොඳ එවුවො නැතුව නෙමෙයි.

    මාත් දැං ඔහොම ඉඳල ගියපු එකෙක් හොයනව.

    ReplyDelete
    Replies
    1. ඒකෙන් වෙන්නෙ හොඳ එකාටත් අසාධාරණයක් වෙන එක...

      ඇයි උඹට මොකෙක් හරි තඩි පොල්ලක්වත් තියල ගියාද...

      Delete
    2. නෑ බං. එහෙම එවුවොනං අමතක කරන්න පුලුවන්. මේකා මාත් එක්ක සහෝදරයෙක් වගේ හිටපු එකෙක්. අන්තිම මොහෙත වෙනකලුත් හොඳට කතාකරකර ඉඳල තමයි දැන් මගෑරල ඉන්නෙ.
      මට ඒකට හේතුවක් හොයාගන්න පුලුවන් කමක් ලැබුණ. ඒත් ඒ හේතුව හින්ද මාව මගෑරල ඉන්නවනං ඌ කරන්නෙ ‍තේරුමක් නැති දෙයක්.

      Delete
    3. රස්සාවක් නැතුව හිටිය මගේ යාලුවට අවුරුදු 7 ක් ගෙදෙරට බඩු ටික අරන් දීලා ළමයාගේ ඉස්කෝලේ පන්ති ගාස්තු ගෙවලා ..මට ආපු ජොබ් ඒක (පඩිය අනුදාහක් ) මට වැඩිය ඌ ට මේ වෙලාවේ රස්සාවක් ඕනෙනේ කියලා ඌ ට දීලා ..කාර් එක ගන්න උගේ මස්සිනා බැහැ කියපු වෙලාවේ මම ඇපේට අස්සන් කරලා පොලියට ලක්ස දෙකක් අරන් දීලා එකත් මමම ගෙවලා බැංකු ණයක් අරගෙන ලක්ස දෙකක් දීලා ..මගේ කොල්ලට හබ්වෙන පොත් ටික හිටන් උගේ පොඩි එකාට දීලා පැක්ටරි එකේ සුබ සාදෙකෙන් හබ්වෙන බඩු ටික ගෙදරට ගේන්නේ නැතුව ඌ ට යවලා අද ඔය ඌ ඉන්නේ මගේ මුනවත් බලන්නේ නැතුව

      Delete
    4. @ ප්‍රසා

      යාළුවො විතරක් නෙවෙයි ගොඩක් වෙලාවට නෑයොත් ගොඩක් කරනෙ තේරුමක් නැති දේ තමයි බං...

      @ මෙන්ඩා

      මිනිස් ස්වභාවය මහ අමුතුයි බං...උපදෙසක් විදිහට හිතුවොත් උඹට තිබුණෙ ඒ වෙලාවෙ අරූගෙ මස්සිනා වෙලත් ඌ ප්‍රතික්ෂේප කළේ ඇයි කියල හිතන්න...උගෙ මස්සිනාටත් මුගේ මොකක් හරි අමුත්තක් තෙරුණ හින්ද වෙන්න ඇතිනේ ඌව ඈත් කරල තියන්න ඇත්තේ...අනික ඕනවට වඩා කාටවත් උදව් කරන්න හොඳ නෑ...අපි කරන්න ඕන කන්න ඕන එකාට බිලී පිත්තක් හදාගන්න හැටි කියල දෙනව මිසක් මාළු බාල දෙන එක නෙවෙයි...

      Delete
    5. ප්‍රසන්න අයියා...........

      නැහැ නැහැ තරහා ගන්න එපා... විදානෙයා පුළුවන් වුණ ගමන් එනවා කිව්වා බලලා යන්න.........

      තුෂාර

      Delete
    6. මම ඌ ට හොද යාලුවෙක් උන නිසා අද මට හොද යාලුවෝ හම්බවෙලා තියනවා ...ඌ කරපු දේ ඌ ගෙනියයි...කරදරයකදී අහක බලන්නේ නැති යාළුවොත් ඉන්නවා

      Delete
  8. යාළුවෝ... හ්ම්ම්... එයාලටත් පුග්ගලික ජීවිත තියනවානෙ.පවුල් පංසල් උනාම එව්වාට එක දෙන්න එපැයි.. (කියල හිත හදාගන්නවා.)
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් වෙලාවට හිත හදාගන්න තමා බං වෙන්නෙ...

      Delete
  9. යාලුවෙක් ගැන කවියක් මටත් තියනවා ..පුලුවන් උනොත් හෙට ලියනම්

    ReplyDelete
    Replies
    1. පේන හැටියටනම් මෙන්ඩාට කියන්න ගොඩක් දේ තියනව වගේ...

      Delete
  10. යාළුවෝ නේද...මුකුත් නොකියමි.

    ReplyDelete
    Replies
    1. ඒකෙන් කියන්නෙ යාලුවො ගැන කියන්න ගොඩක් දේ ඇති බවයි...

      Delete
  11. අනේ මං උඹව දාල ගියේ නැ බං.. මේ ටිකේ පොඩ්ඩක් බිසී හිටං.. :)

    ReplyDelete
    Replies
    1. ඒකනෙ කල්‍යාණ මිත්‍ර...? කිව්වෙ...

      Delete
    2. අම්මපා මාත් හිතුවේ මේ කල්‍යාණ මිත්‍ර ගැන තමයි කියන්නේ කියලා.

      Delete
    3. හත්තිලව්වයි කමියා ගැනනේ මේ ලියලා තියෙන්නේ.............??????
      තුෂාර

      Delete
  12. යාලුවෝ හැමෝම නරක අය නෙමයි බං...මුණ නොගහුනත් යාළුකම හිතේ තියන යාලුවෝ ඉන්නවා

    ReplyDelete
    Replies
    1. ඒකනම් හැබෑව බං...ඒත් ඉතිං පාඩමක් ඉගෙන ගත්තම එහෙම හිතෙන්නෙ නෑ...

      Delete
  13. මට හිතෙන දෙයක් තමයි නොදැනුවත්වම කාලේත් එක්ක අපේ වුනු වෙනස් වීම් අපිට යාලුවෝ මූණට කියනවා ඇති ද...අපි අපිට උනු හිත් රිදිම් ගැන කතා කරනවා වගේ අපෙන් අනිත් අයට උනු ( අපිට නොපෙනී ) දේවල්

    ReplyDelete
    Replies
    1. ඒකත් බොහොම ඇත්තක්...අපි අපේ පැත්තෙන් විතරක් හිතල හරියන්නෙ නෑ...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...