Friday, October 28, 2016

ජන්දෙ දීල උඩට ගත්තෙ...



ජන්දෙ දීලා උඩට ගත්තෙ මෙරට හදන්න
වසර දෙකක්වත් බෑ වගෙ හොඳට දුවන්න
දැන්ම හිතල මතල හොඳට වැඩට බහින්න
හිතන්න මේ රට කරවන්න
හිතන්න මේ රට කරවන්න

අපෙ ජහ මනයා අනේ මෙහෙම කියන්නේ
දැන් අතේ මිටේ පිච්චිය නෑ කොහොමද ඉන්නේ
අපි කොහොමද රෙදි ඇඳගෙන දැන් මහමග යන්නේ
ඇයි අපි ජන්දය දුන්නේ උඹලට ජන්දය දුන්නේ

ඇයි ජහ මනයෝ උඹල ඔහොම නටන්නේ
ඇයිද උඹල අපෙ රජයට ගින්දර දෙන්නේ
දෙදහස් විස්සක් වෙනකංවත් අපි ඉම්මු දෙවියනේ
මෙහෙම කිව්ව හැටියෙ ජය මනයා ඇඟට ගොඩවුනේ

ජන්දෙ දීල උඩට ගත්තෙ මෙරට හදන්න...

ජහ මනයගෙ වැඩ පුදුමයි දැන් සිහිවෙනවා
පෙර ආණ්ඩුවත් ඇඩා නැතුව ගෙදරම යැව්වා
කෙළෝගන්නත් ලෝබයි බෙනිෆිට් සිහිවෙනවා
පැලැස්තරයක් ගහලාවත් අපි විසඳුම් දෙනවා

රට අරාජිකයි ඒත් අපිට උත්තර තියෙනා
වැට් එකකුත් ගැහුවා ඒකෙම අපිත් එල්ලුනා
කට ළඟටම එන්නා දැන් ජහ මනයා පිරෙන්නා
එය දුටු අපෙ ලොක්කා මරහඬ දීගෙන පැන්නා

ජන්දෙ දීල උඩට ගත්තෙ මෙරට හදන්න...

මොකද දෙවියනේ ඔහෙලට වෙලා තියෙන්නේ
ඇයි අපෙ රට මේ විදිහට දැන් රුයිතෙට යන්නේ
එය ඇසුණු ගමන් ඇඟේ මාළු ගඟේ නටන්නේ
ජහ මනයට ලොක්කා මේ විදිහට උත්තර දුන්නේ

මම දන්නෙ නෑනෙ කිසිම දෙයක් පත්තර එනකං
දැක්ක ගමන් මම මේ ආවෙමිය දුවං
මටත් බලයක් නෑ වාගෙයි දැන් දැනෙන්නේ හිටං
ලොක්ක එහෙම කිව්ව ජහ මනයට තේරුණ ගොංකං

ජන්දෙ දීලා උඩට ගත්තෙ මෙරට හදන්න
වසර දෙකක්වත් බෑ වගෙ හොඳට දුවන්න
දැන්ම හිතල මතල හොඳට වැඩට බහින්න
හිතන්න මේ රට කරවන්න
හිතන්න මේ රට කරවන්න

-අසංක ගයාන් අබේසිංහ-
(තාලය: ඇන්ටන් ජෝන්ස් මහතාගේ 'සල්ලි දීල ගවුම මැහුවෙ ඇඳගෙන යන්න' ගීතය )

35 comments:

  1. පට්ටෙත් හොඳම එක වන වල්ලා පට්ට... මම ෂෙයාර් කරනවා හැම තැනම..

    ReplyDelete
  2. Maru Anton jones hitiya nm mekath kiya kiya natai

    ReplyDelete
    Replies
    1. දැන් නිකම්ම නැටවෙනවා පූසෝ...

      Delete
  3. හැක්.. හැක්.. නියමයි.
    මේක කියෙව්වම මට එටිසලාට් සිම් එකක් කඩන්න හිතුන.

    ReplyDelete
    Replies
    1. කඩල මදි...කන්නත් ඕන...

      Delete
  4. ප්‍රශ්නේ ඡන්දේ දීපු උන් විතරක් නෙමෙයි ඡන්දේ දුන්නේ නැති එකාත් මේ කරන ගොන් වැඩවලින් විඳවනවනේ

    ReplyDelete
    Replies
    1. ඒකනේ බං දැන හෝ නොදැන ඕන මිනිහෙක් මොකක් හරි දේශපාලනේකට යටයිනෙ...

      Delete
  5. ඇයි මොකක්ද තියෙන අවුල හිටං...

    එනිවේ ලස්සන සිංදුව...

    ReplyDelete
    Replies
    1. මොකුත් අවුලක් නෑ බං...

      Delete
  6. පොරොන්දු දී බලේ ගත්තෙ පවුල රකින්න
    පරම්පරා හත අටකට හම්බ කරන්න
    ඊට පස්සෙ පුළුවනි රට ගැන සළකන්න
    රකින්න විශ්වාසෙ තියන්න....
    රකින්න විශ්වාසෙ තියන්න....

    මරු සින්දුව ගයියෝ.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. කොච්චර ලිව්වත් ඔච්චර තමයි කියලත් හිතෙනව දුමියෝ...බොහොම ස්තුතියි...

      Delete
  7. හෙහ් හෙහ්. පට්ටයිනෙ බං. මේක දියවන්නාවට යවමු. නැත්නම් පත්තරේට දාමු.

    ReplyDelete
    Replies
    1. කොහෙට යැව්වත් මිනිස්සුන්ට සෙතක් වෙයිද මචං...

      Delete
  8. අසංක අයියා විසින් උර දී කරගෙන යන වැඩකටයුත්ත ගැන මාගේ බලවත් මෙව්වා එක වේවා.....

    පද ටිකනං පට්ටයි..... ඇන්ටන් ජෝන්ස් හිටියා නං ෂුවර් මේකත් කියනවා......

    තුෂාර

    ReplyDelete
    Replies
    1. අඩේ උඹගෙ ඩ්‍රාෆ්ට් එක දැක්කෙ නැතුව ඩෝං ගාලා මගේ එක පබිලිස් කොළා...ඉතිං ඒකට සමාව භාජනයකට දමනු මැනවි...

      Delete
    2. ඒක නිකං කෙටුවේ............ ඒක ගැන හිතන්න එපා...... ඔය හිතෙන වෙලාවට ලියාපං අයියේ..... ඒකම ලොකු දෙයක්........ නැත්තං මේක වලපල්ලට යයි....... අපි බ්ලොගය ගොඩගැනීමේ මහා සංවාදයක් පටන්ගන්න කාලය හරි කියලා හිතෙනවා..... බලමුකෝ නේද??????

      තුෂාර

      Delete
    3. ගොඩනැගීමේ හා ගොඩගැනීමේ යන දෙකම අඩංගු වෙන තාලෙට කොරමු...

      ගිය පාර සංගායනාව ඔන්න මෙන්න තියලා උඹ ගස්ලබු නෙලන්න තියාගත්තනේ...ඉතිං කොහොමද...ඔන්න මේ පාර නම් ඒ වගේ වෙන වැඩ එහෙම දාගන්නවා නෙවෙයි...හැහ්...

      Delete
  9. අඩේ වේලාවට බං පන ඇද ඇද හරි ලංකවේ පත්තර කර්මාන්තය තියෙන්නේ.නැතිනම් එතුමා මේ මුකුත් දන්නේ නැහැනේ.

    ReplyDelete
    Replies
    1. ඒකනේ බං...හිතා මතා ඔතන පත්තර...

      Delete
  10. Replies
    1. බොහොම ස්තුතියි මචෝ...

      Delete
  11. Replies
    1. බොහොම ස්තුතියි මචෝ...

      Delete
  12. නියමයි අසංක..තාලේට වචන ටික හොඳටම ගැපෙන්න හදලා...

    ReplyDelete
    Replies
    1. අපි මොක කළත් රට හැදෙන තාලය බොහොම මදි නිර්මාණි...

      Delete
  13. අපොයි දෙවියනේ.. කියනවා ඇර වෙන මක්කා කියන්නෙයි?
    ජයවේවා..!!

    ReplyDelete
  14. දෙයියන්නෙ ගංයායේ වැලපිල්ල අනේ කතරගම දෙයිහාමුදුරුවනේ !

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...