Wednesday, February 10, 2016

දේශපාලන අායෝජන සහ දේශපාලන පරිභෝජන


දේශපාලනයේ ද අායෝජන කළ යුතුය
ඒ සදහා සුදුසු කාලයන් ද තිබේ.
යමෙක් විපක්ෂයේ ඉන්නේ නම්
ඒ සුදුසු ම කාලයයි..............................

පළමුවෙන් ම අාණ්ඩුවට විරුද්ධව
යුධ ප්‍රකාශ කළ යුතුය.
පාර්ලිමේන්තුවේ පිකට් කළ යුතුය.
ලිප්ටන් වට රවුම බදුගත යුතුය.
කොහේ හෝ වැසිකිලියකට අත දා
හැකි පළමු අවස්ථාවේ ම 
බන්ධනාගාර ගත විය යුතුය....................

පොලිසියෙන් කදුළු ගෑස් කෑ විට
අායෝජන දෙගුණ වේ
උසාවි ගොස් සිර ගත වීමට හැකි වූ විට
අායෝජන තෙගුණ වේ
පාර්ලිමේන්තුවේ දී නම කියා බැනුම් අසාගත් විට
අායෝජන සිව්ගුණ වේ
වෑන් හෝ ඩිෆෙන්ඩර් වලින් යා ගත හැකි වූ විට
අායෝජන දසගුණ වේ........................

දේශපාලනයේ දී පරිභෝජනයන්ද කළ හැකිය
ඒ සදහා ද සුදුසු කාලයන් තිබේ.
බලය ලබා ගෙන භුක්ති විදීම
ඒ සදහා සුදුසුම අාකාරයයි ...........................

බලය ලැබෙන තුරු බලාහිද
පරිභෝජනය කිරීම අවම පරිභෝජනයයි.
පවතින බලය පෙරළා ලබා ගෙන
පරිභෝජනය කිරීම මධ්‍යම පරිභෝජනයයි.
විපක්ෂ අායෝජනය විවෘත වෙළදපොළේ විකුණා
අාණ්ඩුවට පැන පරිභෝජනය කිරීම ඉහළ පරිභෝජනයයි.

මේ අනුව මහජනතාවගේ දේශපාලනය යනු
විපක්ෂ දේශපාලනඥයන්ගේ 
දේශපාලන අායෝජනයන් සහ
අාණ්ඩු පක්ෂ දේශපාලනඥයන්ගේ 
දේශපාලන පරිභෝජනයන්
දෙස පෙරේතකමින් බලාහිද
ජනතාව විසින් කරන්නා වූ 
කෙළ ගිලීමක් පමණක් ම වේ...............


කසුප් අනුරාධ



.


53 comments:

  1. අන්න කතාව. අද මොකද මේ වගේ එකක් ගෙන ලියන්න හිතුනේ...

    ReplyDelete
    Replies
    1. රටේ ලෝකේ වෙන දේවල් හින්දා බං.....

      Delete
  2. අන්න උඹල බැන්න දයාසිරි සුදු කොල්ලා හොද දේශපාලන ආයෝජනයක් කරනවා හරේ.. හැක්

    ReplyDelete
    Replies
    1. දයාසිරි හරියට කාලේ බලලා තමන්ගේ අායෝජනය පරිභෝජනය කරගත්තානං අද ඔතනට ගොඩක් ඒහා ගිහිල්ලා..

      Delete
  3. දයාසිරි අන්කල් තමා මේ දවස් වල හොදම ආයෝජනය කරන්නේ..හිකිස්..

    ReplyDelete
    Replies
    1. නෑ ගිම්මියාේ..................

      දයාසිරි අන්කල් අායෝජනය කරේ අර සුවර්ණවාහිණියේ සින්දු කිව්ව කාලේ. විපක්ෂයට වෙලා ලස්සනට කෑ ගහගෙන, නැගලා යන්න සින්දුවක් ඒහෙම කියාගෙන හිටිය කාලේ තමා අායෝජනය කරේ. අර වරායේ පතුලේ ගලක් ඒහෙම තියෙනවා කියලා අායෝජනය දෙගුණ තෙගුණ කරගත්තේ හිටං....

      ඒත් පුද්ගලයා ඒක හරි කාලය ඒන්න කලියෙන් විකුණාගෙන පරිභෝජනය කරා. ඒකත් පළාත් සභාවකට. කොහොමින් කොහොම හරි දැන් පහුගිය ඡන්දයෙන් කුණුකොල්ලයට ම විකුණුනානේ..... දැන් ඒවා පරණ අයිටම්....... වටිනාකමක් නැහැ.......

      Delete
    2. ඉක්මනට නැගලා එන අයිටම් වැඩි කාලයක් තියෙන්නේ නෑ.. අපූ ඉක්මනටම වැලලිලා යනවා. ඒ අයිටම් ගෙන වර්ණනා කිරීමේදී අපි ප්‍රවේශම් විය යුතුයි. නැත්නම් අපි තමයි කරදරේ වැටෙන්නේ..

      Delete
    3. ඔය විදිහ අයිටම් ඒකත් තමා සිරසෙන් උඩ පැන පැන ඒජාප නායකයා කරන්න හැදුවෙත්. අද නායකයා වුණානං මේ සෙල්ලං ටික දායිද?????????? ලක්ෂ 5 යි. පනස්දායයි. විසිදාහයි වගේ ඉලක්කම් කියනවා අැර මොනවා කරන්නද?????????

      Delete
  4. එක්සත් ජාතීන්ගේ සංගමයේ ශ්‍රී ලංකා මූලස්ථානය ඉදිරිපිට රෑට ලෙමන් පෆ් කමින්, අයියා ඇවිත් තැඹිලි පොවන තුරු උපවාස කිරීමට ලකුණු කීයක් විතර ලැබෙනවාද?

    ReplyDelete
    Replies
    1. ඒවා මාර ටැක්ටික්ස් විචාමාමේ...... ඔය ජෙප්පො කියන්නේ මාර විදිහට අායෝජනය කරන්න දන්න ජාතියක්. ඒකනේ සන්ධාන ගහලා ඡන්දයට ගියාම හැම දිස්ත්‍රික්කයකින් ම ලිස්ට් ඒකේ මුලට ම ජෙප්පො අාවේ... ඔය කන ගමන් උපවාස කරන පාස්පෝට් හාදයා අාවෙත් ඔය රතු පාට ගාගෙනනේ.. ඉතින් මිනිසා දන්නවා කොහොමද ලස්සනට අායෝජනය කරන්නේ කියලා....

      මේකේ ලස්සනම කෑල්ල තමා විචාමාමා මතු කරලා තියෙන්නේ.... දැන් ඔය පාස්පෝට් හාදයා දන්නවා පරිභෝජනය කරන ගමන් අායෝජනය කරගන්න. ඒකනේ අාණ්ඩුවේ ඉන්න ගමන් ඔය නාඩගම් නටන්නේ..... ඒකනේ පක්ෂෙ පැරදුනත් මිනිහා දිනන්නේ. මේවා මාර දේශපාලන ටැක්ටික්ස්..... බැට්ල් ටැක්ටික්ස් පරාදයි....... හැක්

      Delete
  5. දේශපාලනය කිරීම යනු මිනිසුන් විවේචනය කරනවා තරම් සරලව කල හැකි දෙයක් නොවේය. විවේචනය කරන මිනිසුන්ද දේශපාලනය කරන්නට ආවිට රුදි සිටිමේ දුෂ්කරතාවය පෙනෙනු ඇත. අඩුම තරමේ මරණාධාර සමිතියක්වත් නිලයක් ලැබුනොත් විවේචනය කරන බහුතරයකට (මටද ඇතුලුව) වැඩක් කරගෙන යන්නට බැරිය.

    ReplyDelete
    Replies
    1. ඔ්කට අපේ චූටි මාමා ලස්සන කතාවක් කිව්වා...... ලංකාවේ සදාකාලික විපක්ෂයේ ඉන්න අයට හොදට ම පුරුදු විවේචනය කිරීම විතරලු. ගෙදරක පුටු ටිකක් තියන්න කිව්වොත් ඔවුන්ට කොහෙත් ම ඒක කරන්න බැරිලු. හැබැයි කවුරුහරි පුටු ටික කොහොම තිබ්බත් ඒක වැරදියි කියන්න ඔවුන්ට මාර තර්ක තියෙනවාලු.... ඒවා වැරදියි කියන්න මොන ජගතාටවත් බැරිලු.......

      Delete
    2. එකෙන්ම... ආයෙ කියන්න දෙයක් නෑ කුරුට්ටෝ...

      Delete
    3. අන්න කැමාට තේරුණා..................

      Delete
  6. එතකොට සිරගත වෙලා ප්‍රිස්න් හොස්පිටල් ඉන්නකොට මොනවගේ තත්වයක්ද ඇතිවෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. අන්න ප්‍රසන්න අයියාගේ ටිකිරි මොලේට අාපු අදහස....... දැන් ඒකත් හිතහංකෝ.......

      Delete
  7. සහතික ඛරන ළද පරම සත්‍යය..

    ReplyDelete
    Replies
    1. අනිවා මාතා....................

      හරි වෙලාවට හරියට අායෝජනය කරලා දෙතුන් ගුණයකින් අායෝජනය වැඩි කරගෙන හරි වෙලාවට විවෘත වෙළදපොලේ විකුණාගත්තානං බඩුම තමා.

      Delete
  8. හරියටම හරි, හැමෝම කරන්නේ ඕක තමා. මගේ බ්ලොග් ලිස්ට් එකේ දාගත්තා කමක් නැහැනේ.

    ReplyDelete
    Replies
    1. අනේ කොයිතරම් දෙයක් ද කුකුළෝ.............. කමක් නැහැ නෙමෙයි ස්තූතියි...... ඉතින් කුකුළෝ විස්තරත් ටිකක් කියමුකෝ... පේන විදිහට නං බ්ලොගයක් ලියන්නෑ...

      Delete
    2. කුකුලත් බ්ලොග් එකක් ලියනවා..
      http://kukulagekotuva.blogspot.com

      Delete
    3. තැනකූ මචං.... ඒහෙට ගියා. සින්ඩියටත් දා ගත්තා.... අලුත් විස්තර තිබුණොත් අපිටත් කියහං.... සින්ඩිය පැත්තට කමෙන්ටුවක් දාහංකෝ.....

      Delete
  9. ලංකාවේ දේශපාලනය ආයෝජනයකි

    ReplyDelete
    Replies
    1. තනිකරම අායෝජනයකි. හැබැයි අවුල තමා කවුරුත් ඒක හරියට පරිභෝජනය කරගන්න දන්නෑ.......

      Delete
  10. මීයක් කඩන්නෙ අත ලෙවකන්ටයැ බං...

    ReplyDelete
    Replies
    1. මීයා මීයා කියන්න ඒපා බං විදානේ දැක්කොත් දුක හිතෙයි.......... හැක්

      Delete
  11. දේශපාලඥයා කියන එක වෙනුවට දේශයකන්නා වගේ නමක් හරි යන්නේ නැති වෙයිද බං

    ReplyDelete
    Replies
    1. උන්ව ඒතැනට යවලා කන්න දීලා දත නියවන අපියි බං දේශය කන්නේ.........

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. සහතික ඇත්ත.උන්ව එතෙන්ට යවන්න අසල්වැසියන් පවා හතුරෝ කරගෙන මරාගන්නවා අපේ ගොන්නු.

      Delete
    4. උඹට හොදට ම තරහා ගිහිල්ලා නෙවැ....... අපි මොකට තරහා අරන් වයසට යනවාද///

      Delete
  12. "හරක් නොමැතිනම් එඬෙරු බිහිනොවනු ඇත"

    ReplyDelete
    Replies
    1. ඔව් කසුට්ටා............. මෙහෙම දේකුත් තියෙනවානේ. කොහේ හරි හරක් රැළක් ඉන්නවානං උන් අතරින් බිහිවෙන නායකයත් හරකෙක් ම තමා. මොකද සිංහයෙක් හෝ නරියෙක් නායකයා කරගන්න තරම් උං මෝඩ නැති නිසා. ඉතින් අපි තෝරපු කටටියට බැන්නට වැඩක් නැහැ. අපිත් ඒ ගොඩේම තමා........

      Delete
  13. hondha sasadeemak kasuph. supiriyatama liyala thiyanawa. :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සෙනරත් සහෝ................

      Delete
  14. මාත් මේ ආයෝජනයක් කරනන් හොඳ තැනක් හොයනවා.
    http://nelumyaya.com/?p=5195

    ReplyDelete
    Replies
    1. සම්මාන උලෙළට අාවාම නවතිමු.......... මෙහෙ තමා සුපිරිම තැන........ හැක්

      අා......... ස්තූතියි අජිත් අයියා සහයෝගයට

      Delete
  15. //වෑන් හෝ ඩිෆෙන්ඩර් වලින් යා ගත හැකි වූ විට
    අායෝජන දසගුණ වේ........................//

    ඒ කාලේ නම් හැබැයි ප්‍රතිලාබ පරිභෝජනය කරන්න වෙන්නේ ලඟම ඥාතියාට තමයි.. :)

    ReplyDelete
    Replies
    1. ඉස්සර වෑන් වල ගියාම අායේ අාවේ නැතුවාට දැන් ඩිෆෙන්ඩර් වල යන්නේ පොඩි දුරයිනේ බං..... ඒ නිසා බලෙන් හරි දවසක් ගියානං ගොඩ..........

      Delete
  16. හැක් හැක්.. ඒ අතින් බැලුවම ජෙප්පො ආයෝජනය කරලත් නෑ පරිභෝජනය කරලත් නෑ.. කොටස් වෙලඳපොල දර්ශක උස්ස උස්ස දෙනවා විතරයි. කොහේවත් නැති එවුන් පරිභෝජනය කරනවා.

    ReplyDelete
    Replies
    1. ඒහෙම දේකුත් තියෙනවා තමා..... ඒත් අැත්තට ම ජෙප්පෝ කියන්නේ තනිකර ම අායෝජනයක්. ඒකෙන් හරියට පරිභෝජනය කරගන්න හැකි වුණේ පාස්පෝට් ලොක්කාට විතරයි. තාම අැදලා යන්නේ ඒ කාලේ කෑ ගගහා කරපු අායෝජන තමා....

      Delete
  17. ලංකාවේ දේශපාලනය හොඳ ආයෝජනයක් දේශපලකයින්ට.

    ReplyDelete
    Replies
    1. ඒක හරි................. අනික් රටවලට මේ දැනුම විකුණතැහැකි....

      Delete
  18. ඔය ආයෝජනය, පරි බෝජනය කරන උන්ව අපයෝජනය කරන්න ඕනෙ.

    වැරදුනා. උන් ම අපයෝජනයත් කරනවනෙ. හැක හැක.

    ReplyDelete
    Replies
    1. උඹ හරි කසුනා.......... උන් පරි බෝජකයෝ..............

      Delete
  19. සිරා කතාව. හැබැයි දැන්නම් පක්ෂ විපක්ෂ ඔක්කොම එකතු වෙලා ශේප් එකේ පරිබෝජනය කරනවනේ. එතකොට ඒකට මොකද කියන්නේ?

    ReplyDelete
    Replies
    1. මේ වෙලාවේ හරියට අායෝජනය කරන්නේ අර ඒකාබද්ධ විපක්ෂය ද මොකක් ද කියන ඒකේ කට්ටිය විතරයි. අනික් හැමෝම අඩු වැඩි වශයෙන් පරිභෝජනය කරනවා දිනේෂ්.......

      Delete
  20. එතකොට වික්රමබාහු සහෝදරයා කිසිදු ආයෝජනයක් හෝ පරිබෝජනයක් කරලා නෑ නේද

    ReplyDelete
    Replies
    1. වික්‍රමබාහු සහෝ කියන්නේ ලංකාවේ තියෙන ලොකුම අායෝජන වලින් ඒකක්. ඒත් ඒකේ පොඩි අවුලක් තියෙනවා. ඒකේ අායෝජනය කරලා තියෙන්නේ මීට අවුරුදු බර ගානකට කලින් මුදල් ඒවා දැන් මහබැංකුවෙන් අවලංගු කරලත් ඉවරයි. ඒ නිසා ඒ අායෝජනය විකුණගන්නවත් හැකි වෙයිද මන්දා........... ගියත් ඉතින් කුණුකොල්ලයට තමා....

      Delete
  21. පට්ට නිර්මාණයක් සහෝ,
    මටත් හිතේන්නේ මේ දවස්වල වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ආයොජනය කරන්නේ එකාබද්ධ විපක්ෂය තමා

    ReplyDelete
    Replies
    1. මේ වෙලාවේ වැඩේ හරියට කරන්නේ ඔවුන් විතරයි....... ඒක වුණත් විකිණෙන්නට බැරි නැහැ.... මොකද මේක වෙළදපොළක්නේ............

      Delete

Related Posts Plugin for WordPress, Blogger...