Tuesday, September 22, 2015

උඹලාට ඕනේ එල්ලුම්ගහනේ, ඉඳා තියාගනිල්ලා හොදට සුද්ද කරලා........




උඹලාට ඕනේ එල්ලුම්ගහනේ
ඉඳා තියාගනිල්ලා පරිස්සම් කරලා.......
ඕක ගෙනාවාම ඔක්කොම හරිනේ
උඹලාගේ රට සුඛිත මුදිත වෙලා තියෙයි
වැරදි කරන්න තියා හිතන්නෙවත් නැති 
සුවච කීකරු මිනිස්සු ටිකක් හැදෙයි 
බලාන හිටපල්ලා..... හම්බෙයි මෙන්න කියලා.....


උඹලාට ඕනේ එල්ලුම්ගහනේ
ඉඳා උඩ පැන පැන මිනීමරපල්ලා.......
හැබැයි පොලීසියේ උන්ට පොරටෝක් දුන්නාම
උඹලාගේ දරුවෝ කුඩු පැකට් දාලා අරං
උසාවි දාලා මරණ දඩුවම දුන්නා ම 
උෟව එල්ලලා මරද්දි උෟ වැරදි නෑ කියලා
ගිහින් කියලා බලපංකෝ මහඋන්ට
උඹලාට හම්බෙයි..... මෙන්න කියලා....


උඹලාට ඕනේ එල්ලුම්ගහනේ
ඉඳා අතගගා සතුටු වෙයල්ලා.......
අාණ්ඩුවක් මාරු වෙලා අනික අාපු ගමන්
හිටපු අැමතිලා ටිකයි ලේකම්ලා ටිකයි
එල්ලලා මරලා අාතල් ගන්න පුළුවන්
ඔය විදිහට අාණ්ඩු තුනක් විතර මාරු වුණාම
ඊළග ඡන්දයට නාම යෝජනා දෙන්න
රටේ එක මිනිහෙක්වත් ඉතුරු වෙන එකක් නෑ
බලාන හිටපල්ලා...... හම්බෙයි මෙන්න කියලා...


උඹලාට ඕනේ එල්ලුම්ගහනේ
ඉඳා තියාගනිල්ලා හොදට සුද්ද කරලා........
ඕක ගෙනාවාම මහපාරේ වෙඩි තියලා
කොල්ලො මරන එකක් නම් නැහැ
අායුධ හොයන්න අරං ගිහිල්ලා
වෙඩි තියලා මරන එකකුත් නැහැ
මොකට ද නිකං අතේ ලේ ගාගන්නේ
බලළා ඉද්දි කියලා උං හිතයිනේ
බලාන හිටපල්ලා..... හරි එවුන් මරයි මෙන්න කියලා.....



කසුප් අනුරාධ


.
රූපය - නිවුස් ෆස්ට් වෙතිනි....

68 comments:

  1. එල්ලුම් ගහේ අවධානම විස්තර කළාට ස්තුතියි. මෙහි නරක ඵල විපාක ගැන හිතාගන්න මොලේ නැති මෝඩයො හිතේ ආවේගයට එල්ලුම් ගහ ගේන්න කෑගහනව. ඒකේ ප්‍රතිඵල වලින් උන්ම බැටකනකොට තමයි තේරෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අජිත් සහෝ..............

      ලෝකේ කිසිම රටක තියෙන කිසිම නීතියක් සර්ව සාධාරණ නැහැ.. ඒ වගේ ම ඒවා අතිශය සම්පූර්ණ නැහැ... ඉතින් ඒහෙම නීතියකින් කොහොමද මිනිහෙක් මරන්නේ....

      Delete
  2. අනේ මන්ද කුරුට්ටෝ මටත් මේවා අහලම පිස්සු වගේ .... මෛත්‍රීපාල මහත්තයා හොදින් ද දන්නෑ.......

    සබරේ ඇනෝ

    ReplyDelete
    Replies
    1. ඒතුමාගේ දුර්වලතා පේන්න පටං ගන්නේ දැන් තමයි... මේ වගේ තැනකදී තමන්ගේ ස්ථාවරයයි වැදගත්... නැතුව පාර්ලිමේන්තුවේ ඉන්න අයගෙන් මේක අහන ඒක නෙමෙයි... මොකද ඒතැන හරි මිනිස්සු නැහැනේ... අනික් අතට හරි මිනිස්සු ගේන්න තිබුණ ලිස්ට් ඒකෙනුත් ගෙනාවා ඒස්.බී ඒහෙමනේ...

      Delete
  3. අන්න කස්ස කතාව... කවුරුවත් තමන්නෙ පැත්තෙනුත් ඇත්තටම මේකෙ රියල් රිසික් එක හිතන්නෙ නැති හින්දත් කෑ ගහනව.. හැබැයි මෙහෙම එකක් තියෙි තමන්නෙ එකත් වැරදී නං ඒ වැරැද්දට උට දඩුවම් ලැබිය යුතුයි කියල ිතන අය ඉ්නව නං මගෙ කමෙන්ටුව සාධාරණ නැ.. ඒකත් මට පිලිගන්න වෙනව
    ඒත් ඒ වගේ අය ඉන්නවද සැකයි
    අපූරුි ජයවේවා

    ReplyDelete
    Replies
    1. මහේෂ්................ වැරදිකරුවන් දඩුවම් ලැබිය යුතුයි තමයි........ ඒකේ වෙනසක් නැහැ.. ඒත් අපේ පහුගිය සිදුවීම් දිහා බලන්න..... කාටද මේ පවතින ක්‍රමය ගැන විශ්වාසයක් තියෙන්නේ.... කොහොමද විශ්වස කරන්නේ... අාණ්ඩු මාරු වුණ ගමන් උසාවිය ගාව පෝලිමට හිට ගන්නේ පැරදුන කට්ටිය.. ඒයාලා බලයේ ඉද්දි විපක්ෂයේ අය... ඉතින් මොන කතාද ???

      Delete
  4. ලංකාවෙ මිනිස්සු මොළේ පාවිච්චි කරල වැඩක් කළේ කවද්ද?
    ඔය මරණ දඬුවම නැවත ක්‍රියාත්මක කිරීමෙන් වෙන අහිතකර ප්‍රතිඵල බොහොම තියෙන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. මේකනේ ප්‍රසා............. අපේ කට්ටිය හිතාගෙන ඉන්නේ ඔ්ක ගෙනාවාම ඔක්කොම හරි කියලා.... ඒත් ඒකේ තියෙන අවධානම ගැන හිතන්නෑ.....

      Delete
  5. නියමයි!! නියමයි!! නියමයි!!

    ReplyDelete
    Replies
    1. තැන්කූ............... තුන්කූ............... තැන්කූ................

      Delete
  6. කුරුටු අනුරාද,
    මේ එල්ලුම්ගහ ඉල්ලන උන් දන්නෙ නෑ ඒකෙන් තවත් මිනිහෙක් මැරෙනවා කියලා. උන් හිතන්නෙ එල්ලුම්ගහ දුන්නම සේරම හරි කියලනෙ. අර ශරියා නීතියට විරුද්දව කෑ ගහපු උන්ම අද එල්ලුම්ගහ දියව් දියව් කියලා කෑ ගහන්නෙ මේ රටේ මිනිස්සුන්ට සතියෙන් අමතක වෙනවා කියලා කියන නිසා වෙන්නැති. එල්ලුම්ගහ ක්‍රියාත්මක කරනවනම් මේක යහපාලන ආන්ඩුවක් කියන්නෙ කොහොමද? එතකොටනම් හැබෑම යමපාලන ආන්ඩුවක් වේවි. යහපාලනේ මහ එකත් අත පිහදගත්තෙ ඒකාදිපති බලතල ක්‍රියාත්මක නොකරනවා කියල ලෝකෙට පෙන්නන්න. නමුත් මේ රටේ මොලයක් තියෙන මිනිස්සු දන්නවා තමන්ගෙ වාසියට බලය පාවිච්චි කරා කියලා. අනිත් බූරු රැලත් එල්ලුම්ගහ ක්‍රියාත්මක නොකලොත් ඒ තීරනය ගැන හිස නැමිය යුතුයි වගේම එය ක්‍රියාත්මක කලොත් අපි ඊට විරුද්දව එකතු විය යුතු බවත් මතක් කරන්න ඕනෙ.

    කුරුටු, මේ පදටික අර එල්ලුම්ගහ ආයේ ගේන්න ඕනෙ කියලා කියන උන්ට ප්‍රින්ට් කරලා බෙදල දෙන්න. එතකොටවත් මේ ගැන තේරේවිද බලමු.

    ReplyDelete
    Replies
    1. අහස්..............

      ජනාධිපති අත පිහදාගත්තු ඒක ගැනනම් ලැජ්ජයි.... මේක අහන්න අාපහු පාර්ලිමේන්තුවට ගිහින් හරි යයිද????? ඒකට ගේන්න තිබුණ බුද්ධිමතුන් ටික වෙනුවටත් ගෙනාවේ රට හරක් ටිකක්නේ..... ඉතින් පාර්ලිමේන්තුව ගැනවත් අපිට විශ්වාසයක් තියෙනවායෑ...... අම්මපා මේක දැම්මොත් අති බහුතරයෙන් සම්මත වෙනවා..... ඒත් ඊට පස්සේ අාණ්ඩුව මාරු වුණ දවසකට උන් ටිකම හිරේ යවනවා ෂුවර්..... ඒල්ලලා මරණවා ඊටත් වඩා ෂුවර්........

      Delete
  7. කුරැටු සෑහෙන දවසකට පස්සේ කුරැටුගාලා තියෙන්නේ

    අංගුලිමාල සූත්‍රයේ (පිරිතේ නොව) තියනවා කොසොල් වැසියෝත් එදා ඔය විදියටම උද්ඝෝෂණය කලාලු අංගුලිමාලව අල්ලගන්න නැත්නමි මරලා දාන්න කියලා.පසේනදි කොසොල් රජතුමා මහා සේනාවක් අරගෙන යනවා අංගුලිමාලව මරලා දාන්න.එහෙම යන අතරේ කොසොල් රජු ජේතවනාරාමයටත් යනවා.ඒ වෙනකොට බුදුන් වහන්සේ අංගුලිමාලව පැවිදි කරලා.අංගුලිමාල පැවිදි වෙලා ඉන්නවා දැක්ක කොසොල් රජු බුදුන් වහන්සේට කියනවා ස්වාමිනි මහාපිරිසකට ආයුධවලට,දඩුවමකට කරන්න බැරිදේ ඔබ වහන්සේ කලා කියලා.එතැන තියනවා ගැඹුරින් හිතන්න යමක්.අපරාධකරැ නසන එකද ඵලදායි අපරාධවලට හේතුවෙන පසුබිම කරැනු නසන එකද ඵලදායි.මරන දඩුවමකින් කරන්නේ අපරාධකරැ නසන එක විතරයි.හේතු පසුබිම එහෙන්මයි.

    ReplyDelete
    Replies
    1. මනෝ......................

      අැත්තම ඔ්ක තමා.... ඔබ සීයට සීයක් හරි... මං නං බෞද්ධ ඒ නිසා සාදු සාදු කියලා බුදු බණ පිළිපදින්න මං ලෑස්තියි.... ඒත් පාර්ලිමේන්තුවේ ඉන්න සහ ඔය පාරට බැහැලා කෑ ගහන උන් බෞද්ධ ද කියලා චෙක් කරන්න වෙනවා..... මං නං හිතන්නෑ උන්ට බුදු බණ තේරෙනවා කියලා......

      Delete
  8. උඹලට ඕනේ එල්ලුම් ගහනේ..
    මෙන්න තියෙනවා තියා ගනිල්ලා ඔලුව උඩ..
    මහා එකා කුඩු ගේන.. බොන එකා එල්ලුම් ගස් නගින..
    සියක් බඩු ගසා පාර්ලිමේන්තු යන..
    හදිසියේ පත්තුවෙච්චි මෝල් උණකට..
    අල්ලපු ගෙට පැනපු එකා එල්ලන..
    විස්සක් මරල වීරයෙක් වෙද්දී..
    ඉවසගන්නම බැරුව කෙලපු පොරෝපාරෙන්
    රාජු ව මරපු එකා ගස් යන..
    ඔක්කොමත් හරි කියපන්..
    දාහක් ගේම් මැද කහවනු වලින් ඇත්ත යටයන
    පොලිසියට කළු කොට කාරයන්ට
    ගෙවාගන්න රිදී නැතුව..
    නිවැරෙද්දේ එල්ලුන් ගහට යන
    ඒ නිර්දෝෂී අසරණයා..
    උඹේම මිනිහ නැත්නම් පුතා වෙනකොට..
    උඹලට හම්බ වෙයි නීතියේ සාධාරණත්වය..
    මෙන්න මේන් ....කියල..

    ReplyDelete
    Replies
    1. නියමයි කමියො.
      ඇත්තටම නඩු කියාගන්න සල්ලි වියදම් කරන්න නැති එදිනෙදා කුලී වැඩක් කරල එදා වේල හොයාගන්න එකාට තමයි මේකෙන් ලොකු අසාධාරණයක් වෙන්නෙ.

      Delete
    2. යකෝ................... ඒල්ලුම් ගහ ගේන්න කලින් තව කෑගහන්න ඔ්නේ තරම් දේවල් තියෙනවා.... කෝටි ගණන් ගසා කාපු උන්ට නඩු ගොණු කරන්න අපේ නීතිපතිටවත් කරුණු නැහැලු...... ඒත් අර පොඩි ඒකාගේ ලැප් ඒකේ තිබුණ ටික නිසා උෟ මිනීමරුවෙක් කරලා ඉවරයි...... අනේ මෙහෙමත් නාඩගං

      Delete
  9. මම නම් හිතන්නේ ඉකමනටම නිසැක ධාතු ප්‍රදර්ශනයකුත් පටන් ගන්න වෙයි..

    ඉස්සෙල්ලම නිසැක ධාතු පෝලිමේ යනවා..

    ඊළඟට එල්ලුම් ගහේ එල්ලනවා බලන පෝලිමට එකතු වෙනවා...

    ReplyDelete
    Replies
    1. නෑ මාතා...................

      වැරදි කරපු උන් ඒල්ලලා.. අනික් ඒවුන් ටික අලුගෝසුවෝ වුණාම රටේ අායේ ඒකෙක්වත් ඉතුරු වෙන ඒකක් නැහැ..... ඒතරම් අලුගෝසුවෝ ඉන්නවානේ දැන්....... ගැහැණු ඒල්ලන්න ගැහැනු අලුගෝසුවොත් ගත හැකියි......

      Delete
  10. වෙනස් විදිහට සිතුවිල්ලක්

    ReplyDelete
    Replies
    1. නෑ බං

      වෙනස් විදිහක සිතුවිල්ලක්....

      Delete
  11. ඇතුවත් බැරි නැතුවත් බැරිද...? ඕක ගේන්න කලින් නීතියෙ තියෙන අඩු පාඩු හදලා ඉන්න ඕනෙ කියන එක ලොකු ලොක්කෝ නොදන්නවා නෙවෙයි. ඒත් එහම කරාම උන්ටත් ඕකෙ නගින්න වෙන නිසා උන් බේරිලා අහිංසකයො ගහේ නග්ගන්න පුළුවන් වෙන්න නීතියෙ හිල් වහන්නෙ නැතුව ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. නෑ.............. නෑ............ ශ්‍රීනාත්

      ඔය දගලන්නේ අායෙම අාණ්ඩුව පෙරළුණ දාට අැමතිලා ටිකම දිවි තොරකරගන්න තමයි......

      Delete
    2. කුඩු පැකට් එකක් දාල ඕන එකෙක්ව එල්ලන්න පුළුවන්.

      Delete
    3. අැත්තම කතාව ඔ්කයි ම.ම.....

      දැන් නීතිය ගේන්න යන්නේ මිනී මැරුම් වලට මරණ දඩුවම කියලා... ඒත් ඒක ටික දවසක් ගියාම හැම රෙද්දට ම උත්තරය කර ගන්නවා.... ඊට පස්සේ පරිසර දූෂණයත් මහා අපරාධයක් කරලා ඒකටත් මරණ දඩුවම දෙනවා.... අන්තිමට වාතයක් පිට කරපු ඒකත් අල්ලලා මරලා දානවා... ඔ්කයි තත්වය...

      Delete
  12. හම්මට සිරි ඇසිඩ් කයියක්. මේවා බලල වත් අපේ තකතිරුවොන්ගේ ඇස් අරුනොත් හොඳා. ඒත් වෙන්නෙ නැති ඒකයි දුක. මොක්කුද වගේ උඩුබුරුලනවා.මේකේ (ලංකාවේ )කවද්ද සාධාරණයක් ඉෂ්ට උනේ...

    ReplyDelete
    Replies
    1. අපෙත් අරමුණ ඒකමයි...... යකෝ අැහැට අැහැක්.... කනට කනක් ගන්න නීති තිබුණේ ගල් යුගයේ..... ගෝත්‍රිකයෝ අතරේ මිසක් දියුණු සමාජයේ නෙමෙයි......

      Delete
  13. බ්ලූ ෆිල්ම් බලපු නැති එකෙක් විනිසුරු කරව්.

    ReplyDelete
    Replies
    1. බ්ලූ ෆිල්ම් ඒකක් ජීවිතේට දාලා නැති ලැප් ඒකක් හොයලා දියව්.........

      Delete
  14. එල්ලුම් ගහ ගෙනත් බය කරලා මිනිස්සු අපරාධ අපචාර වලින් ඈත් කරන්න පුළුවන් නම් අරාබි රටවල මෙලහට සුරපුර වෙලා..
    නියමයි කසුප්
    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. බය කරලා කරන්න පුළුවන් රෙද්දක් නැහැ වර්ණ.... ඒහෙනම් අර කිව්වා වගේ මැදපෙරදිග යන අපේ ගෑණුන්ට තමන්ගේ අම්මාට නංගිට වගේ උන් සලකන්න ඒපැයි.....

      Delete
  15. අපේ රටේ ප්‍රශ්න වලට විසඳුම් දෙන්නෙ ඔන්න ඔහෙම තමයි. මරණ දඬුවම දුන්නාම ගැටළුව විසඳෙන හැටි උන් රටටම කියා දෙනව. අපේ මන්ත්‍රී මණ්ඩලේ බුද්ධිමත්තු විසඳුම දෙන්න කතා කරන හැටි බලා ඉන්න ආසයි

    ReplyDelete
    Replies
    1. ඔව් ගුණසිංහ මහත්තයෝ............

      බුද්ධිමත් සංවාදයක් නියමෙට තියෙයි..... දැන් තියෙන්නෙත් ජාතික අාණ්ඩුවක්නේ.... යහපාලනය සමරන්නත් ඒක්ක පළවෙනියට ම ඔ්ක ඒකමතික ව ම සම්මත කරගත්තා නම් සුපිරියි......

      Delete
  16. එල්ලුම් ගහ ගැන එහෙම කියන්න එපා කුරුටු. උද්ඝෝෂණය කරලත් පෙන්නන්නෙ . ඒක තමයිලු හොඳම විසඳුම. උද්ඝෝෂණ හොය හොයා සංවිධානය කරකර ඒව වීඩියෝ කරන්නත් කවුරුවත් යනවද මන්දා. ඉස්සෙල්ලා විකුණගන කෑවෙ (රේට් එක නග්ග ගත්තෙ) අර අහිංසක දියණියගෙ මළ මිණියයි ඒක වටේ ගෙතිච්ච ඕපදූපයි අරගෙන නාට්ටිය හදල. දැන් එල්ලුම් ගහේ උද්ඝෝෂණ ! එහෙව් එකේ එල්ලුම් ගහට විරුද්ධ වුනාය කියල මටනං එල්ලුං ගස් යන්න බෑ ඔන්න.

    ReplyDelete
    Replies
    1. මේවා බහුතරය මාධ්‍ය සංදර්ශන...... මිනිස්සු තේරුම් ගන්න ඔ්නේ මේ නාට්‍ය බැලිල්ලේ සීමාවක් තියාගන්න..... මාධ්‍යයටත් මොකක්දෝ අහුවුණාවගේ... නියමෙට රහ කර කර බෙදනවා....... මිනී මරන්න නේද මේ සහය දෙන්නේ කියලා හිතන්න තරං උන්ටත් ඔලුවක් නැහැ..

      Delete
    2. මට හිතෙනව මාධ්‍ය වලට ඉලක්කයක් තියනව. එල්ලුම්ගහ ආවොත් වොයිස් කට් අරන් ඩ්‍රාම එක වගෙ පෙන්නන්න. ඉන්දියාවෙ එහෙම කළා.

      Delete
    3. මාධ්‍ය මේ කරන විකාරය පාලනය කරන්න ඔ්නේ... අනික ජනතාවාදී පාලනයක් හෝ යහපාලනයක් කියන්නේ රටේ මිනිස්සුන්ගේ ජීවිත අනතුරේ දාන ඒක නෙමෙයි..... මේකෙදිවත් ජනාධිපතිට කතා කරන්න බැරි නම් ජනාධිපති අයින් කරලා පඹයෙක් වගේ තිබ්බානම් හරි... අා........ මං මේක පාර්ලිමේන්තුවට දානවා කියලා රෙකෝඩින් ඒකක් දාපු පඹයෙක් තිබ්බානම් අැති....

      Delete
  17. දැන් තමයි නෙට් එකට ආවෙ. සතුටුයි පෝස්ට් එක ගැන.
    ඇත්තටම එල්ලුම්ගස් යන්නෙ මොකවත් කර කියා ගන්න බැරි එවුන්. ලොකු එවුන්ගෙ එල්ලුම්ගස් යන්නෙ නැහැ.
    එල්ලුම්ගහෙන් ප්‍රශ්න විසදෙන්නෙ නැහැ. දේශපාලන අනුභාවයෙන් දුවන පාතාලෙ හෝ කුඩු ගෙනයාම නවතින්නෙත් නැහැ
    බාලයන් සමග ලිංගිකව එක්වීමේ කාමරෝගයෙන් පෙලෙන අය ට ඒ වැඩේ ඔලුවට ගැහුවම එල්ලුම් ගස් මතක් වෙන්නෙ නෑ.
    ලුම්පන් පාදඩ අයට නීතිය ,ධර්මය එල්ලුම්ගස් වලින් වැඩක් නෑ .උන්ට ඕන ශොට් එකක් ගහන්න.ඊට පස්සෙ ඔළුව නරක් වුනාට පස්සෙ වයින් වුන බෝනික්කො වගෙ. අපි ඒ සමාජ ප්‍රවණතායි වළක්වන්න ඕන.
    එල්ලුම්ගහ කියන්නෙ සිතූ පැතූ දේ දෙන කප් රුකක් නෙමෙයි.

    එල්ලුගහෙන් ප්‍රශ්න රැසක් මතුවෙනව.අපි හිතමු අපරාදයක් වුනා කියල. මාධ්‍ය කියන කුනු මිනී කාක්කො විමර්ශනයක් කරන්න දෙන්නෙ නැතිව නඩු අහන්න ගන්නව.ඊට පස්සෙ පොලීසියට පීඩනය.පොලීසිය පීඩනය නිසා මොකෙක් හරි උසාවියට ඉදිරිපත් කරනව. අධිකරනය සාධාරනව නඩුව විභාග කරල සැකකරුවො නිදහස් කළත් ජනතාව ආයෙ උද්ඝෝෂනයෙ මොකද ඔවුන් හිතන්නෙ කොල්වින්ගෙ ගොයම් කොළ තියරියෙන් අපරාධකාරයො නිදහස් වුනා කියල.

    සැබෑ අපරාදකාරය එළියෙ.

    මම නම් එල්ලුම්ගහට හුගක්ම විරුද්ධ කෙනෙක් අහවල් දවසෙ අරනව කියල හිර කළාම මොන තරම් මානසික පීඩනයක්ද ඒ ඉනිහට. මැරි මැරී උපදිනව.බෙල්ලෙන් එල්ලනව කියන්නෙ මනුෂ්‍යත්වයට කරන නිගාවක්.විදුලි පුටුව හෝ විශ එන්නත ඊට වඩා ශිෂ්ටයි.

    ReplyDelete
    Replies
    1. ම.ම මේකට උපරිම ඒකගයි.....

      අනික මචං පොලීසියටත් වැඩේ ලේසියි. අපරාධයක් වුණ තමන් කවුරු හරි ඒකෙක්ව අල්ලලා මරලා දානවා... ඊට පස්සේ නඩුත් ඉවරයි... පොලීසිය වැඩේ කරා වගේ පේනවානේ... දැක්කානේ කොටකෙතන... අර මිනිස්සු ඒල්ලුවානම් අද කවුද ඔය ගැන කතා කරන්නේ.... අාණ්ඩුව මාරු වුණාම අායෙම මැරුණ උන් ගැන නඩු අහන්න තමා වෙන්නේ...

      Delete
  18. බොහොම හොඳයි කවිය. මේ අදහස තමා දෙන්න ඕනේ රටට. ජීවිතාන්තය දක්වා හිරේ යැව්වම ඉවරයි එවැනි වරදකට.

    ReplyDelete
    Replies
    1. ඔව් අජිත් අයියා.......

      මේවා ගැන සමාජය තුළ දැනුවත්භාවයක් අැති විය යුතුයි වගේම මේ වෙනුවෙන් සමාජය පෙනී සිටිය යුතුයි.. මරණ දඩුවම තියෙනවා කියන්නේ අපි හැමෝම ජීවත් වෙන්නේ අවදානමක් අැතිවයි.... අපි නොකරන වරදකට වුණත් අපිව මරන්න පුළුවනි.... අැත්ත ඔ්කයි..

      Delete
  19. ඇතුවත් බැරි නැතුවත් බැරි එල්ලුම්ගහ.. එල්ලුම්ගහ ගෙනාව කියල අපරාද වලට සෘජු විසඳුමක් නෙවෙයි. එත් මම හිතන්නේ නැහැ එල්ලුම්ගහට වගේම වෙනයම් වූ ක්‍රියාමාර්ගයකට අපේ රට හදන්න පුළුවන් වෙයි කියල. ඉස්සෙල්ලම විය යුත්තේ පාලකයින් ධාර්මික වීමයි..දෙවනුව විය යුත්තේ සෑම ආගමකම පූජ්‍ය පක්ෂය තමුන්ට අයිති රාජකාරිය නියමාකාරයෙන් ඉටු කිරීමයි. ඊට පසුව රටේ මිනිස්සුන්ගේ ආකල්පමය වර්ධනයක් කරන්න බුද්ධිමත් රාජ්‍ය මැදිහත්වීමක් අවශ්‍යයි. ඒත් රට කරවන තැන 99% ඉන්නේ භූරුවන් නිසා කවදාවත් මේ රට හැදෙන්නේ නැහැ. එල්ලුම්ගහ ක්‍රියාත්මක කරනවානම් සාමාන්‍ය සිවිල් වැසියෙකුට රාජ්‍ය අනුග්‍රහය යටතේ නීතීඥ සහය ලබාදෙන වැඩසටහනක් තිබිය යුතුයි. එහෙම නොවුනොත් හොඳ ලෝයර් කෙනෙක් අල්ලන්න බැරිවෙන චූදිතයින් සියල්ලටම වෙන්නේ එල්ලෙන්න. අනේ මන්ද.. ඇතුවත් බැරි.. නැතුවත් බැරි එල්ලුම්ගහ ..

    ReplyDelete
    Replies
    1. ඔ්ක තමා අැත්ත අම්බලන්......

      ඉස්සල්ලා අපි ගාව සර්ව සාධාරණ ක්‍රම තියෙන්නේ ඔ්නේ. දෙවැනුව ඒක හැම මිනිහාටම සාධාරණ වෙන්න ඔ්නේ.. මේ දේවල් නැතුව මිනිහෙක් මරන්න අායතන පද්ධති හෝ ව්‍යුහයන් හදලා වැඩක් නැහැ.... ඒකෙන් ප්‍රයෝජන ගන්නේ අපි කවුරුත් නොහිතන කට්ටියක්.....

      Delete
  20. එල්ලුම් ගහ ඕනේ කියලා පුක උඩ දාගෙන නටන මෝඩ අම්මන්ඩියෙක් ගෙනිහිල්ලා මරණ දඬුවමට නියමිත එකෙක් එල්ලුම් ගහේ එල්ලලා මරලා පෙන්නන්න ඕනේ. අනේ අනේ නන්නානේ.

    ReplyDelete
    Replies
    1. මෙහෙමනේ විචාරකතුමෝ......

      මේ අම්මන්ඩිලා කෑ ගහනවා මදිවට උන් ලැහැස්තියිලුනේ අලුගෝසු වැඩේ කරන්නත්.... ඒ තරම් පොරටෝක් මාධ්‍යයට පේන්න...... මේවා මාධ්‍ය විකාර...

      Delete
  21. මං නං ඉස්සෙල්ලම මරන්නේ අසංකයවයි තුසාරයවයි!!!
    ඊට පස්සේ, ඉවාන්, පත්තරේ, මෙන්ඩා, මනොස්, මාතලන්, රසිකලොජි, හැලපේ, විචාරක උන්දෑ බ්ලා බ්ලා බ්ලා.......

    අන්තිමට ඉතුරු වෙන්නේ මං විතරයි!!!!

    ReplyDelete
    Replies
    1. ුනෑ බොලේ කවුරු හරි මාවත් මරයි!!!

      Delete
    2. ඒ කියන්නේ උඹද අලුගෝසුවා.. අනේ උඹට සුපර් රස්සාවක් තියෙන ඒකේ අර අහිංසකයින්ගේ බලාපොරොත්තු නැති කරන්න ඒපා.. මචං උන් දැන් පොරකන්නේ රජයේ රස්සාවක් ගන්න... පව් අහිංසකයෝ

      Delete
  22. ඒක නම් ඇත්ත.. ඔය දියවන්නාවේ ඉන්න සෙට් එකේ කරන වැරදි වලටත් නීති හඹ දාලා අන්තිමේ අහිංසකයෙක් එල්ලාවි.. අපේ එවුන්ගේ වැඩ ඉතින් එහෙමමනේ..

    ReplyDelete
    Replies
    1. අනිවා කැකිල්ලේ රජ්ජුරුවෝ වගේ පොරවලුත් ඉදියි හෝ ගාලා...

      Delete
  23. උඹලාට ඕනේ එල්ලුම්ගහනේ
    ඉඳා තියාගනිල්ලා හොදට සුද්ද කරලා........
    ඕක ගෙනාවාම යුද්ධ අපරාධ හොයලා
    ඒවට දඬුවම් කරන එකක් නෑ
    කවදා හරි එහෙම නඩු ඇහුවත්
    එකෙක්වත් එල්ලන එකකුත් නැහැ
    එතනත් පොඩි කොස්සක් ඉතුරු වෙනවා
    සාක්කි උඩනෙ හැම දේම වෙන්නේ
    බලාන හිටපල්ලා..... හරි එවුන් මරයි මෙන්න කියලා.....

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නැහැ මධුවෝ............. මුන්ට හම්බෙයි මෙන්න කියලා..... කාලෙන් කාලෙට මාධ්‍ය හදාගන්න සංදර්ශන වලට රැවටිලා නටන රට්ටුන්ට විකාර මචං

      Delete
  24. මමත් එල්ලුම් ගහ ගේන එකට පක්ෂව කතා කරපු එකෙක්, ඒත් මේ වගේ ස්වාධීන නැති නීති පද්ධතියකට එහෙම බලයක් පැවරීම භයානකයි...

    ReplyDelete
    Replies
    1. හැම මිනිහාටම සාධාරණ ප්‍රවේශයක් සහ සර්ව සාධාරණ ක්‍රමයක් නැතුව මේ තරම් දරුණු බලයක් දිය යුතු නැහැ.... අපේ පළමු තර්කය ඒකයි... දෙවනුව හිතන්න වෙනවා මේ විදිහ දඩුවම් ක්‍රමයක් කොයි තරම් දුරට ගැලපෙනවාද කියලා... මොකද මේ විදිහට මිනිහෙක් වැරැද්දක් කරද්දි ඒ පිටුපස ඉන්න ඒකට පසුබිම හදපු සමාජය ගැනත් දකින්න ඒපැයි.... මිනිහෙක් මෙතනට යොමු වෙන්නේ සමාජයේ සහ ඔහුගේ වටපිටාවේ තියෙන වැරැද්ද නිසා..... ඔහු තුළත් වැරැද්දේ කොටසක් තියෙනවා... ඒත් ඔහුව ඒතනට ගෙනාපු සමාජය වන අපේ අතේත් වැරැද්දක් තියෙනවා....

      Delete
  25. කොහොම හරි එල්ලුම් ගහ ගෙනවානම් ඔක්කොම් හරි කියන එක තම සමාජ මතය මේ වෙලාවේ , ඊ;ලඟට ඔය මිනිස්සුං අපරට බහියි එල්ලූ ගහ එපා කියලා

    ReplyDelete
    Replies
    1. ඒකත් නිවුස් ඒකක්නේ...... අපේ මාධ්‍ය ටික ඒකත් උඩ පැන පැන පෙන්නයි.....

      Delete
  26. විශිෂ්ටයි ! මේ වගේ දසදහසක් හඬ අපේ සමාජයට ඕන http://syberheartblog.blogspot.com/

    ReplyDelete
    Replies
    1. මේ සංවාදය තමයි ඉදිරියට ගත යුත්තේ.... අගෙයි ඔබේ ලිපියත් කියෙව්වා.....

      Delete
  27. නොපෙනෙන උන්ට ඇහැට ඇනලම තියනවා... අගෙයි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගස්................ අැන්නත් මුංට තේරෙයිද කියන ඒකයි ගැටලුව...

      Delete
  28. http://sinhala.lankanewsweb.net/featured/cyber-wall/item/905-2015-09-23-20-58-55

    ReplyDelete
    Replies
    1. අජිත් අයියා අපේ කවියට ලොකු වටිනාකමක් දීලා තියෙනවා.. ස්තූතියි මේ දක්වන සහයෝගයට.... ජයවේවා

      Delete
  29. කෙටියෙන්ම කිව්වොත් “කළබලේට මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට“ පෙර රට තුල විශ්වාසදායක සහ කාර්යක්ෂම නීති පද්ධතියක් පිහිටුවාලීම කළ යුතුව ඇතැයි මම පුද්ගලිකව සිතමි. මක් නිසාද පවතින තත්ත්වයන් මත “දඬුවම ලැබ“ සුදු ඇඳුමින් මරණයට පත්වන්නේ “නියම අපරාධකරුමද?“ යන්නත් , මාංචු දම්වැල් වලින් මිදි සුදු ඇඳුමින් සිනා සෙමින් , උද්යෝගයෙන් උසාවියෙන් පිටවන්නේ “ නියම නිවැරදිකරුමදැයි“ සැකයක් ඇති කරන වටපිටාවක් පැවතුනු සහ පවතින හෙයිනි.
    http://www.nursinglk.com/2015/09/174.html

    ReplyDelete
    Replies
    1. ඔබේ ලිපියත් කියෙව්වා...... වටිනා ලිපියක්... මේ අධ්‍යයනය සහ සංවාදය ඉතා වැදගත්..... මේ සදහා දායකවීමත් අනාගතය වෙනුවෙන් කරන්නා වූ යුතුකම් ඉටු කිරීමක්.....

      Delete
  30. එළකිරි,වරදකරුවෙකුට දඬුවම් ලැබිය යුතුයි.හැබැයි ඒ දඬුවමෙන් වෙන්න ඕනේ වරදකරුව සමාජයෙන් ඉවත් කර දැමීම නොවේ වරද හදාගෙන ඔහු හෝ ඇයව නැවත සමාජගත කිරීමයි කල යුත්තේ.අනිත් අතට මේක ලංකාව නිසා මේ නීතියට මුවා වෙලා උඹ ඔය කියනවා වගේ අසරණ මිනිස්සු උනත් නීතියේ නාමයෙන් එල්ලුම් ගස් යවන්න බැරි නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔව් මනෝජ්....... බලය තියෙනකල් පිරිසක් අැමතිවරු වෙන්නයි අාණ්ඩු මාරු වුණාම හිරේ යන්නයි මෙතන මොකක් හරි වැරැද්දක් තියෙනවානේ.... ඒ විදිහ දෙයකට මරණ දඩුවම වගේ නොගැලපෙන බලයක් දීම සමාජයට කොච්චර අහිතකරද?????

      Delete
  31. When you temporarily upset, don't do something permanently stupid කියලා කවුදෝ කියපු කතාව මට මතක් වුනේ.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...