Wednesday, September 3, 2014

මේ කියන්නෙ මේ මොනවද.............!!!



 

















වයිපර්:   හබිය ගෙදර උයයි
             ළමයි බලා ගනියි
             මට තියෙන්නෙ ෂපාන් එකේ
             බලන්න ටීවී...


                                හබී:   වයිෆ් පට්ට තමයි
                                         ඒක හින්ද සැරයි
                                         මට තියෙන්නෙ කියන ලෙසට
                                         වැඩ කරන්නනේ...


වයිපර්:  දැන් ලොව හරි නවයි
            පෙර ලෙසටම නොවෙයි
            මේ කාලෙදි කොහෙද මෙයා
            කුලෑටි ගෑණූ...


                               හබී:  ඒක හරිම තමයි
                                      නෝනට හිස නැමෙයි
                                      බැනුම් අහනු බැහැ මට
                                      කට වහගෙන ඉන්නම්...


වයිපර්:  ගැහැණු පිරිමි කියා
            දැන් වෙනසක් නැතා
            පිරිමි කමයි ගැහැණු කමයි
            දැන් සමානනේ...


                              හබී:  ඒක ඇත්ත තමයි
                                     නෝනට මං බයයි
                                     මං පිරිමිය කියල ඉතිං
                                     නමට විතරනේ...


වයිපර්:  බැන්දානම් කරේ
            ගැහිය යුතුය බෙරේ
            පිරිමි තමයි හැම දෙයක්ම
            කරන්න ඕනේ...


                             හබී:  ගෑණු වැඩත් මගේ
                                     පිරිමි වැඩත් මගේ
                                     මේ මොකක්ද මේ විනාසෙ
                                     තෝර දෙන්නකෝ...

 

සභාව:  ලැජ්ජා නැති කමයි
           ජන්මෙ වරද හැඩයි
           නියම පිරිමි නියම ගැහැණු
           කොහෙන් හොයම්දෝ

           පෙර කාලය අගෙයි
           සැමිය දෙවිය තමයි
           ඒත් එයා දැන් ටොමියා
           වෙලා තියෙන්නේ

           නියම පිරිමි හොඳයි
           ගැහැණුන් ගරු කරයි
           ඒත් පිරිමිකම බල්ලට
           දැමිය යුතු නොවේ

           නියම ගැහැණු හොඳයි
           පිරිමින් ගරු කරයි
           ඒත් ගැහැණුකම හොඳහැටි
           රැකිය යුතු වෙතේ

           ගැහැණු පිරිමි කියා
           පංගුපේරු නැතා
           සහයෝගෙයි ආදරයයි
           තියෙන්න ඕනේ

           සොබාදහම ලොවේ
           මැවු ලස්සන ඇතේ
           ගැහැණු පිරිමි කම් ඒ ලෙස
           රැකිය යුතු වෙතේ

           බාග පිරිමි ගොඩයි
           බාග ගෑණු ගොඩයි
           දැන් ලෝකයෙ ගොඩක් අවුල්
           හැදෙන්නෙ ඒකයි

 

අසංක ගයාන් අබේසිංහ

46 comments:

  1. අම්මපා ඇත්ත.....!!!!!

    ReplyDelete
    Replies
    1. ඈ බං, අත්දැකීමෙන්ද කියන්නෙ?? :D

      Delete
    2. අත්දැකීම් ඇති උන් කියන කතා අහලා කියන්නේ......... :P

      Delete
  2. Replies
    1. //අහෝ… ඉරකි… දුකකි… තිතකි//

      කොමාව කෝ එතකොට????

      Delete
    2. උඹල දෙන්න ඉතින් ඉරටයි, තිතටයි,කොමාවටයි රණ්ඩු වෙවී හිටපල්ලා... වැදගත් මාත්තුරුකාවක් ගත්තොත් ඉතින් වෙන වෙන එව්වා කියලා ලිස්සලා යනවා... මේ කියපුවාගෙ අත්දැකීමුත් ඇති වෙන්ටැ මං හිතන්නෙ...හහ්..හහ්...

      Delete
    3. මම නම් දන්නේ නෑ.... එහෙම උන එවුන් තමා කිව්වේ....
      ඔය උඩ ඉන්න එකලාගෙන් ඕනෙමනම් අහල බලමු,,,,

      (නිකන්ද මං කියන්නේ තනියම සැපයි කියලා,,, කොහෙද.... අහන එකක්යැ )

      Delete
    4. ඒකනේ...මමනම් ඕං නිමෝ කියන එක අහල තාම තනියම...

      ඕන්න ප්‍රියා...පුළුවන්නම් පටන් ගනින් වාද බයිලා...ඔන්න අපේ නිමෝ උඹට දීලා ළපටියෙන්ම....හහ්...හහ්...

      Delete
  3. ...ලිවිල්ල එලකිරි ...

    ReplyDelete
    Replies
    1. ඔබේ දිරිමත් කිරීමත් එළකිරි...කාලෙකින් දැකීමත් සතුටකි...

      Delete
  4. Replies
    1. හා...හා...මෙහෙම කියල මග ඇරලා යන්න නම් වච්චි දිලිනි නංගියෝ...මෙව්වයෙ ඇත්ත නැත්ත පැහැදිලි කරන්න වෙනව ඕං....

      Delete
  5. එක ඇත්ත තමයි...
    වචන පට්ට රහයි..

    ඉස්සරහට මේ විදියට තව ලියවෙයිදෝ...

    ReplyDelete
    Replies
    1. ඒව දන්නෙ නැතේ
      එන විදිහට වෙතේ
      ඒ වුණාට විභීෂණගෙ
      කවියත් පට්ටයි...

      Delete
  6. හෑ...බැලුවාම ඒකත් ඇත්ත නෙහ්..

    ReplyDelete
    Replies
    1. හෑයි හූයි නෙමෙයි...උඹටත් ටොමියෙක් වෙන්න වෙයි ළඟදිම...ලෑස්ති වෙලා හිටහං...

      Delete
    2. දැන් ඉතින් ගහපු මඩ හෝදන්නත් එපැයි. උඹ හරි හැඩයි බං සංචාරකයෝ..

      Delete
    3. ටොමියෙක් වෙන්න ආසන්නයිනේ මනෝෂ්...ඒකයි ඔය ලස්සනට ඉන්නවා ඇත්තේ...නැද්ද හා...

      Delete
    4. හුහ්...අපිනං ඔය වලේ වැටෙන්නෑ.. :D

      Delete
  7. එකිනෙකා සහයෝගයෙන් ස්වේච්චාවෙන් කරනවා නම් අවුලක් නෑ.. නැතුව ඉතින් කොමාන්ඩ් දෙනකොට තමයි ඔක්කෝම අච්චාරු වෙන්නේ..

    ReplyDelete
    Replies
    1. පට්ට ඇත්ත තමයි
      ඔබේ වචන අගෙයි
      දෙන විට මහ අමුතු කමාන්ඩ්
      මල පනියි අනේ...

      Delete
  8. බුල් ටොමිය මගේ
    ගේ දොරකඩ පිලේ
    දාපු පැටිය වටේ
    නිල මැස්සන් පිරේ.

    ReplyDelete
    Replies
    1. බූල් ටොමිය උඹේ
      දාපු පැටිය අගේ
      මැරිල වගෙයි මට හිතෙන්නෙ
      ගිහිල්ල බලපන්...

      Delete
  9. බෙදා හදාගෙන දෙන්න එකට වැඩ කරනව නම් අවුලක් නැහැ.....
    පුරුෂය නිවසේ සිටින විට අනිවා ගෙදර වැඩට උදව් කල යුතුයි......
    අනිත් කරුන තමයි බිරිද වැඩක නියැලී ඉන්නා විට......එයාගෙ පුක ටිකක් මිරිකීම.......කන් පෙති ලාවට විකීම .......... කම්මුල් සිබීම ..........දරුවො ලගපාතක නැති නම් විනාඩි 2 ක් පමණ කට කෑම ...... වගෙ දේවල් සිදුවිය යුතුමයි.....
    රාත්‍රී යහනට යෑමට ඉදිරි වැඩ කටයුතු ගැන විනාඩි 30 ක පමණ සාකච්චාවක් දැමිය යුතුමය.....
    යහනේදී මහ වැඩේ දිනපතා නොකලත් දෙදෙනාගෙ හැගීම් අවදි වෙන අවයවයන් විනාඩි කීපයක් ස්පර්ශ කරගත යුතුයි.......
    නිදා ගන්නා විට ඇයගේ බෙල්ලට යටින් අත යවා .....තමාගෙ පපුවට ඇයගේ මුහුණ තබා ගත යුතුය......මෙය ට බිරින්දෑ වරුන් ඉතාමත් කැමතිය.....
    මසකට වරක්වත් දරුවන් නොමැතිව පිටත ගොස් පැය දෙක තුනක් නිදහසෙ සිටිය යුතුයි.....(ඇවිදීම/පිචර් බැලීම/කෑම ගැනීම වගේ දේවල්)
    තව තියෙනව බං ........ කියන වා නම්....හෙක්...හෙක්.....අදට ඇති......

    ReplyDelete
    Replies
    1. *රාත්‍රී යහනට යාමට පෙර * .....කියා විය යුතුයි......

      Delete
    2. අඩේ...කෙන්ජියෝ...අම්මපා මේ කියන්නේ...උඹේ උපදෙස් ටිකනම් පට්ට ඇත්ත බං...ඕව ඔහොම වෙන්නම ඕන කියලයි මාත් අහල තියෙන්නෙ සාර්ථක පවුලක් නම්...උඹ මේ අත්දැකීමෙන්ම කිව්ව එකෙන් ඒක තවත් ඔප්පු වෙනවා...ඉතින්...මාත් කවදක හරි උපදෙස් පතාගෙන උඹේ උදව් ඉල්ලුවොත් අහක බලන්න එහෙම එපා ඕං....හහ්...හහ්...අවංකවමයි මේ කිව්වේ....

      Delete
    3. උඹලට මොන අහක බැලිලද මල්ලිය ... දෙන්නම් any time ........
      කමෙන්ට් වලින් බැහැ බං .........
      එහෙම කිව්වම අපේ සම හරක් "සිරා" පොරවල් මාව වලත්තය ගානට දානව .....
      එම නිසා..... kenji.oas@gmail.com එකට විදපන් ඊ .... හෙහ්...හෙහ්.. ඕන දෙයක් ආල......

      Delete
    4. දන්නව දන්නව බං කෙන්ජියෝ උඹ ගැන...අනිවා...අනාගත උපදෙස් පතමි...එතෙක්....

      කෙන්ජි බොක්ක තමයි
      අපි හැමෝම දනියි
      ඒක හින්ද අපි හැමෝම
      උඹට ආදරෙයි...

      Delete
  10. කොහෙන් එනවද මංද අසංකටත් මේ මල් මසුරන් අදහස්. කෝ මේ වනිතා? ආවනම් මරු.

    ReplyDelete
    Replies
    1. මේව එන්නෙ මනෝෂ්...මේ අපේම එවුන්ව දැකලමයි...හිනාත් යනවා දුකත් හිතෙනවා අපේ සමහර එවුන්ගෙ දැන් හැටි දැක්කම...

      Delete
  11. හිනාවෙලා පන ගියා ඕයි. වනිතා අක්කා ආවනම් අසංක බත් කාලා හමාරයි

    ReplyDelete
    Replies
    1. වනිතා අක්කා මට වහ කවයිද දන්නෙ නෑ ඕං කොන්ත්‍රාත් එකක් දම්මලා ඉවානයෝ... මටනම් දැන් බයෙත් බෑ...

      Delete
  12. Replies
    1. මොකක්ද නියම?....මොක වුණත් කාරි නෑ...ස්තුතියි දේශකයෝ..හැක්..හැක්...

      Delete
  13. //බාග පිරිමි ගොඩයි
    බාග ගෑණු ගොඩයි//

    ReplyDelete
    Replies
    1. // දැන් ලෝකයෙ ගොඩක් අවුල්
      හැදෙන්නෙ ඒකයි //

      Delete
  14. ෦෯෮෮෭෬෮෮෭෬෫෪෪෩෩෨෧෪෫෬෭෮

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. අඩේ විදානයෝ
      කමෙන්ට් පේන්නැතෝ
      උඹ මොකක්ද ලිව් ඉලව්ව
      තෝර දියන්කෝ...

      Delete
  15. Replies
    1. තනි ඇහැටද...ඇස් දෙකටමද දිනේශ්???

      Delete
  16. ගෑනි මිනිහා තමයි
    මිනිහා ගෑනි තමයි
    ළමයි ගෙදර නටයි
    මිනිහට වැඩ ගොඩයි

    ගෑනි සැපට නිදයි
    මිනිහ ගෙදර උයයි
    ගෑනි ටීවී බලයි
    මිනිහා බිල ගෙවයි

    යකෝ තනි ඇහැට ඇඩේන්නේ.

    ReplyDelete
    Replies
    1. ඕකම තමයි බං මාත් කියන්න හැදුවේ...අද අපේ රටේ ගොඩක් පවුල් කොහේ යනවද මංද...හැමදේම අනිත් පැත්ත...ලැජ්ජත් නෑ...මම කියන්නේ පිරිමි පිරිමි විදිහටයි ගෑණු ගෑණු විදිහටයි හිටපල්ලකෝ...ඒකත් නෑ...

      Delete
  17. ගැණු ඔහොම තමයි
    මෝඩ පිරිමි අපියි
    මොනා කරන්නයි
    කරුමේ එහෙම තමයි

    ReplyDelete
    Replies
    1. මෝඩ කමත් වෙනයි
      පිරිමි කමත් වෙනයි
      ඒ දෙක හරියට
      තේරුම් ගන්නවා හොඳයි

      Delete
  18. මේ මොනාද මේ කියන්නේ ..? :D

    ReplyDelete
    Replies
    1. සුසී, තෝර දෙන්නකෝ...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...