Tuesday, September 23, 2014

විකසිතව තබන්නම්......ඔබේ පෙම් කුසුම් මල්......



හිඳින්නේ ඉවසුමෙන් - සිතුම් විහඟුන් රැසේ
බලන්නේ සෙනෙහසින් - ඔබේ දෙනුවන් දෙසේ
රකින්නේ දිවි මතින් - පැතූ පෙම මා ඔබෙන්
එහෙත් සිත් යා වුණේ - නැතිවදෝ සොඳුරියේ



කීරි ගැසි සෙනෙහසක් - නොහැඟුනිද ඔබෙ හදට
වීරියද ගෙන සිතට - සිනාසෙමි ඔබ දෙසට
ඔබ වෙනත් අයෙකු වෙත - හෙලන පෙම්වත් බැලුම්
වැදී මා හද පතුල - සැලී ඉරි තැලී යයි



පවනක්ව ඔබ දෙසට - සුසුම් පා කරන්නම්
සිනා මවමින් මුවග - හැඬුම් යට යවන්නම්
විකසිතව තබන්නට - ඔබේ පෙම් කුසුම් මල්
මගේ පෙම් කැකුළු මල් - මිලින වී ගියාදෙන්

 

                                                             අසංක ගයාන් අබේසිංහ

30 comments:

  1. එල ද බ්‍රා කියනවා ඇරෙන්න මොනවා කියන්නද

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කියනවා ඇරෙන්න වෙන මොනවා කියන්නද මෙන්ඩියා...බොහොම ස්තුතියි...

      Delete
  2. ලෙන්ගතුකම නෙතග තියා බලනා විට ඕබ...
    සගවාගෙන ඉන්නට බෑ මගේ ආදර සිත...
    මිතුරිය සේ ඔබ උන්නත් මගේ හදවත ලග....
    සොඳුරිය කර ගන්නයි මා සිතුවේ සැම විට...

    ඇස අද්දර හමු නොවුනත් ඔබ එක දවසක්....
    සිතට ඔබව දකිනා තුරු නෑ ඉවසිල්ලක්....
    සඳ තරමට අවිහිංසක සොඳුරු හදවතක්...
    බලා හිදී ඔබේ සිතේ දෙන්න මට ඉඩක්....

    මිතුරු කමට එහා ගියපු ලෙන්ගතු ඇසුරක්....
    ඔබෙන් පතා ගෙවී ගියා කල්ප කාලයක්...
    කඳුළු පිරුණු තනිකඩ වූ පාළු හදවතක්....
    බලා හිදී ඔබේ සිතේ දෙන්න මට ඉඩක්....


    ගායනය :- චාමර වීරසිංහ

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මනෝෂ් අපි ළඟින්ම ඇසුරු කරන එහෙත් කියාගන්න බැරි ආදර කතා කොච්චරක් තියනවද...

      Delete
  3. කාලයක් මගේ ජීවිතයට බෙහෙවින්ම සමීපවෙලා තිබුන සිදුවීමක් තමයි අසංක ඔබ මේ නිර්මාණයක් බවට පත් කරල තියෙන්නෙ. මං ඔය උඩින් දාල තියෙන ගීතය ඒ කාලේ මගේ ජාතික ගීය වගේ.

    ReplyDelete
    Replies
    1. මනෝෂ් මුකුත් නොකියා ගීතයක් විතරක් දැම්මාම මට තේරුණා මෙය ඔබට සමීප අත්දැකීමක් වෙන්න ඇති කියලා...ඇත්තටම තමන්ට සමීපම කෙනෙක් ගැන ඒ වගේ හිතුණම එන හැඟීම හරිම අමුතුයි...මටත් එහෙම වෙලා තියනවා මනෝෂ්...බොහොම ස්තුතියි ඔබට...

      Delete
    2. අයියෝ....මනෝෂා ජාතික ගීය කරගත්ත...හෙක්....හක්.....
      මෝඩ කොලු පැංචා ...........
      එකක් යද්දී........සුටුස් ගාල දාගන්න "ස්පෙයා"එකක් තියා ගන්න ඕනී ......

      Delete
    3. ඒක ජාතික ගීය කරගත්තට පාඩුවක් උනේ නෑ. ස්පෙයා වීල් ඕනිතරම් තියෙනවා. ඒත් ජීවිතයට ස්පෙයා වීල් නෑ.

      Delete
  4. ඔහොම කීවට පෙම් කැකුළු මල් පාත්ති පිටින් හතර වටේ පිපෙන්නේ

    ReplyDelete
    Replies
    1. හුම්...හුම්...ඒකත් එහෙමද...

      Delete
  5. ඇවිලිච්චිදෙන් ඇවිලිච්චිදෙන්

    ReplyDelete
    Replies
    1. නියමයි නියමයි...තව තව ඇවිලිච්චදෙන් දේශෝ...

      Delete
    2. ඒ මොකෝ දේශෝ පිදුරු ටිකක්වත් දමන්නද??

      Delete
    3. දේශාට ඉතින් පුළුවන් ඇවිලෙන ගිනි වලට පිදුරු දමන්න තමයි නංගියෝ...හික්ස්...

      Delete
  6. පට්ට පට පට ඈ....
    ගිනි ගින්දර...
    ආයෙ මොනවද එළම තමා...
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. එළම තමා මහේෂයා...උඹල හින්දම තමයි නිර්මාණ කරන්න මට හැකියාව ලැබිලා තියෙන්නේ බං...බොහොම ස්තුතියි....

      Delete
  7. විකසිතව තබන්නට - ඔබේ පෙම් කුසුම් මල්
    මගේ පෙම් කැකුළු මල් - මිලින වී ගියාදෙන්

    පට්ට මචෝ!! නියමයි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ප්‍රියා මචෝ...

      Delete
  8. https://www.youtube.com/watch?v=1Z_KrDaB-kI

    //පවනක්ව ඔබ දෙසට - සුසුම් පා කරන්නම්
    සිනා මවමින් මුවග - හැඬුම් යට යවන්නම්//

    පුදුම ලස්සනයි සංවේදීයි... මට නම් මතක් උනේ ඔය උඩින් දීපු ලින්ක් එකට ගියාම ඇහෙන සිංදුව...
    හැමදාමත් වගේ අදත් කියන්න තියෙන්නෙ අනර්ඝයි !!

    ReplyDelete
    Replies
    1. 'හදවත පාරන සොඳුරු හැඟුම්...' හරිම ලස්සන ගීතයක් නංගියෝ...හරිම සොඳුරුයි...ඒ වගේම ඔයාගෙ අගය කිරීමටත් ස්තුතියි...ඔයා ලියන කවිත් හරිම ලස්සනයි සංවේදීයි...ඇත්තටම.... මම ඒවත් ගොඩක් රස විඳිනවා...

      Delete
  9. උඹෙ නිර්මාණනං ඉතිං කවදත් සුපිරියි අසංකයො...

    ReplyDelete
    Replies
    1. උඹේ අගය කිරීමත් ඉතිං කවදත් සුපිරියි සංචාරකයෝ...බොහොම ස්තුතියි බං හැම වෙලාවකම ගොඩවෙලා අපිව දිරිමත් කරන එකට...

      Delete
  10. ලස්සනයි, රසවත්. මං මෙහෙම මාරු කලා. "මිලින වී ගියාදෙන් - මගේ පෙම් කැකුළු මල් "

    ReplyDelete
    Replies
    1. මේක තමයි බලාපොරොත්තුව චන්දනයො...උඹල කවි රස විඳිනව වගේම ඒවයෙ රසය වැඩි කරවන්නත් උත්සාහ කරනව...ඒක හරි වටිනව බං...උඹ කිව්ව වගේ මේක මේ විදිහට කණපිට ගැහුවොත් තවත් හොඳ වෙන්න තිබුණ වගේ මටත් දැන් හිතෙනවා...බොහොම ස්තුතියි අගය කිරීමටත්...

      Delete
  11. හොද කවි පේලියක්.

    ReplyDelete
    Replies
    1. හොඳ අගය කිරීමක්...ස්තුතියි අමිලයෝ...

      Delete
  12. අපූරු පද වැලක්.. ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. හා හා තුශානි අගය කිරීමත් ලස්සනයි...

      Delete
  13. රස බේරෙන සිතිවිල්ල............
    මම නම් ඉතිං ඔය දුක් ගී ගය ගයා.......අස අසා........ හිටියෙ නැහැ බං ......
    ගිය එකී පලච්චදෙන් කියල ........හෙක්.......හෙක්........
    කියන්න ඕනි නැහැනෙ ......මචෝ.........

    ReplyDelete
    Replies
    1. රස බේරෙනවනම් ඒ ඇති මචෝ...

      උඹ කියනව වගේ ගිය දේවල් ගැන හිත හිත ඉන්න එකේ තේරුමක් නෑ තමයි...යන එකා කොහොමත් යනවනේ...ඒත් ඉතින් අපේ හිත අපෙන් යන්නෙ නෑනෙ...ඒක අපිත් එක්ක ඉන්නකොට දැනෙන දේවල් තමයි ඉතිං අවුල...කොහොම හරි...බොහොම ස්තුතියි මචෝ...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...