Tuesday, September 16, 2014

ඔබ නොවී ඒ......



















ඔබ කොහේදෝ... ඔබ කොහේදෝ...
කාලයේ වැලිතලා අතරින්
සොයමි තවමත්...
 



ඈත කඳු නිම් වළල්ලේ සිට
පාවී ආ ඔබ
රැඳී මුළු සිත
පෙළයි මා අද...
 


ඔබ කොහේදෝ... ඔබ කොහේදෝ...
ස්වප්න ලොව මා රැජිනියේ...
 



නිරුදක කතරේ මිරිඟු පසුපස
ලුහුබැඳී ඔබ මහත් වෙහෙසින්
නැවතුනේ සිත රවටමින් මා
හමුවුණා ඔබ... හමුවුණා ඔබ...
 


ඔබ නොවී ඒ... ඔබ නොවී ඒ...
ස්වප්න ලොව මා රැජිනියේ...
 



දකිනු රිසියෙන් ඔබේ රූ සිරි
සිහින ලොව වෙත යළි පලා යමි
මවෙත එනු මැන සිහිනයෙන් බැස
ස්වප්න ලොව මා රැජිනියේ...

 

අසංක ගයාන් අබේසිංහ

26 comments:

  1. හීනෙක දැවටී නොයිද
    එන්න දෙනෙත් අබිමුවට
    සාංකාව හිත ළග
    නුඹ ළග නැතිව...

    ලස්සන කවියක්..
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ඔබටත් ජයවේවා මහේෂ්...හැමදාම ඔබත් සංවේදී කවියක් පබඳිනවම තමයි උත්තර විදිහට...ඔබේ හැකියාව කදිමයි...ඔය හැකියාව ඉදිරියට ගන්න කියලා කාරුණිකව ඉල්ලා සිටිනවා අපි... බොහොම ස්තුතියි ඔබට...

      Delete
  2. මේ අර සුවප්නා (සන්ධ්‍යා) නාට්ටියේ තේමා ගීතයද??

    ReplyDelete
    Replies
    1. ඇත්තටම දේශකයා...පහුගිය අවුරුදු 12 ක වෙලේ ඉඳන් ටෙලිවිෂන් එකත් එක්ක මගේ කිසිම ගනුදෙනුවක් තිබුණේ නෑ...අන්තිමට මම ගෙදරින් එළියට ඇවිත් ජීවත් වෙන කාලසීමාව තුළ මේ වෙනතුරු කිසිම ටෙලිනාට්‍යක් හෝ බැලුවේ නෑ...ඇත්තටම ඒවයින් මට අවංකවම ගන්න කිසිම දෙයක් තිබුණේ නෑ...මිනිස්කම අවුල් කරන ප්‍රශ්න ගොඩක් විතරක් බවයි ඒවා නොකඩවා බලන අයගෙන් මම ලද ප්‍රතිචාරය...අද ලංකාවේ මාධය්‍ය වුණත් එච්චරම තමයි...ඉතින්...ඔබ කියන ස්වප්නා නාට‍ය්‍ය ගැන කවර කතාද?...කොහොම වුණත් නාටය්‍යකට දාන්නේ ඉතින් ලස්සන කවියක් හරි ගීතයක් හරිනේ නේද...හහ්...හහ්...බොහොම ස්තුතියි දේශකයෝ ඔබේ අගය කිරීමට...

      Delete
  3. කියාගන්න වචන නෑ ගී පවුරේ.. ඒ තරම්ම ඔබේ නිර්මාණය විශිෂ්ඨයි. මං එදත් කිව්ව වගේ මේ නිර්මාණ ගීත බවට හරවන්න පුලුවන්නම්... මට මැවිල පේනවා, ඇහෙනවා, සුනිල් එදිරිසිංහයන් හරි අමරසඉරි පීරිස් හරි මේ ගීය ගයනවා. මධුර තනුවක් හිතින් මිමිණෙනවා.

    ඇත්තටම මේ අසම සම පදරචනා..

    ReplyDelete
    Replies
    1. ඔබලාගේ මෙවැනි අගය කිරීම් පමණක් වුවත් මට කොතරම් වටිනවාදැයි කියාගන්න වචන නෑ මනෝෂ්...ගීතයක් විදිහට හරි වෙන විදිහටකට හරි මේවා එළියට ගියත් ඔබ විසින් මේ කරන්නා වූ අගය කිරීම් වල වටිනාකම මට හැමදේටම වඩා ඉහළයි...ඔබ සැම තමයි මගේ වාසනාව...මම ගොඩක් කාලෙකට කලිනුත් කිව්ව වගේ...කොහොම වුණත්...මම දන්නෙ නෑ මේ පදරචනා ගායකයන් වෙත යොමු කරලීමේ ක්‍රියාවලිය...මමත් උත්සාහ කරනවා... හැකිනම් ඔබට හැකියාවක් තිබේනම් ඒ සම්බන්ධයෙන් මට උදව් කරන්න කියා කාරුණිකව ඉල්ලීමකුත් කරනවා...මේ ඉල්ලීම ගී පවුර වටා ඉන්න හැමෝගෙන්ම කරන කාරුණික ඉල්ලීමක්....මම මේ සහයෝගය ගී පවුරේ අපේම සහෝදර සහෝදරින්ගෙනුත් ඉල්ලලා තියෙන්නේ...

      Delete
    2. ඇත්තමයි අසංක, ඒ ගැන යමක් නම් මාත් දන්නෙ නෑ. අහල තියෙන දේවල් වල හැටියටනම් ඉතින් පදරචනාව අරන් ගිහින් ගායකයෙක් පුද්ගලිකවම මුණගැහෙන්නෝනි. යම් අවස්ථාවක් මේ සම්බන්ධව ලැබුනොත් අනිවාරෙන්ම අපි ඒ යුතුකම ඉටුකරනව අසංක. ඉස්සරනම් ගුවන් විදුලියට අපේ නිර්මාණ යැව්වම ඒවයි හොඳ නිර්මාණ තෝරගෙන ඒව ප්‍රසිද්ධ ගායකයෝ ලවා ගායනා කරවනවා. ඒ නිසා සිංහල ගී සාහිත්‍යට තිලිණ වුන නිර්මාණ අප්‍රමාණයි. බිහිවෙච්ච ගී රචකයොත් බොහොමයි. ඒත් අද ඒ ස්වර්ණමය යුගය බල්ලට ගිහින්.

      Delete
    3. ඒකනම් ඇත්ත තමයි මනෝෂ්...අද හැමදේකම වටිනාකම සල්ලි...ඒකම තමයි අපි වගේ අයට ඉස්සරහට යන්නත් බැරි...අපිත් එහෙම වුණානම් සල්ලියි ලෙඩයි හම්බකරගන්න තිබුණා...එහෙම නොවුන හින්දා ඉතින් මේ වගේ හිතේ සතුටින් කුරුල්ලෙක් වගේ හිතට එන දේවල් ලිය ලිය අපි වගේම යහපත් සහෝදර සහෝදරියන් ටිකක් අතරේ සැරිසරනවා...කොහොම වුණත්...ඔබ සැවොම වටේ ඉන්න මේ ජීවිතේ මට හැමදේකටම වඩා වටිනවා...

      Delete
  4. අර කිව්වත් වගේ සින්දුවක් කරමුද මේක ?

    ReplyDelete
  5. නොදැක සිටි කල්, කල්පයක් වුව
    තවම සිත නුඹ හැරගියේ නැති
    රැයේ සිහිනෙන් නොආවෝතින්
    සිතේ උපදී දහක් මැසිවිලි

    ReplyDelete
    Replies
    1. සේරටම කලින් දිලිනි නංගිගේ පබැඳුම ගීයක් කළොත් හොඳයි...ඒ තරම්ම ඔයාගෙ පද රචනයත් ලස්සනයි...ඇත්තමයි...මම ප්‍රබුද්ධ විචාරකයෙක් නෙවෙයි...මම මේ කවි ලිව්වට කිසිම දෙයක් ඒවා ගැන පොතෙන් ඉගෙනගෙන නෑ...මම ලියන්නේ මට අවංකවම පපුවට දැනෙන දේවල්...ඉතින්...ඔයාගෙ කවි වලිනුත් මට ඒ බව පෙනුනා... ඔබට බොහොම ස්තුතියි...

      Delete
  6. අපූරු කවියක් අසංකයො..

    ReplyDelete
    Replies
    1. අපූරු අගය කිරීමක් අසංකයො...

      Delete
  7. Replies
    1. බොහොම ස්තුතියි ප්‍රියා මචං...

      Delete
  8. ම්ම්ම්..... අම්බට සිරි......
    බිල නොහිටපු වෙලාවක ...කියෙව්වෙ ...... ඩෝ .....
    එල පද ගැලපිල්ල.......
    අද බොන ගමන්......ලැප පපුව උඩ තියන්.....ඇද උඩ හාන්සි වී.......
    කියනව මගෙ ..... වෙන්න ඉන්න අනීට ......
    හෙක්.... හෙක්..... බීල කිව්වොත් අවුල ද මචෝ..... හෙක්......හෙක්....

    ReplyDelete
    Replies
    1. උඹේ අගය කිරීමම මට ලොකු ශක්තියක් මචං...මටත් බොන්න හිතෙනවා...හහ්...හහ්...උඹ බීල කිව්වත් නොබී කිව්වත් පපුව හොඳ අවංක එකානෙ...ඒක හින්දා කොහොම කිව්වත් අවුලක් නෑ ඉතිං මටනම්...හැබැයි උඹේ අනීට මේවා තේරෙයිද අප්පා...කොහොම හරි...උඹ දැන් කොහෙද ඔය ඉන්නේ...ජපානෙ නෙවෙයිද...එක තැනක හිටපං...අපිට හොයාගන්න අමාරු වුණොත් එහෙම...

      Delete
  9. අපූරු පද වැල් ටිකක්..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි තුශානි...

      Delete
  10. අපූරුයි අසංක.. ඉස්තරං..

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. අගය කිරීම පංකාදුයි විදානයෝ...ජයවේවා!!!

      Delete
  11. ලස්සන ලියමනක්, ජය වේවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සොමියා...ජයවේවා උඹටත්...

      Delete
  12. මට නම් ගිය එවුන් එපා බං

    ReplyDelete
    Replies
    1. අඩෝ එහෙනං උඹට මාවත් එපාද ඉවානයා?...මාත් ගී පවුරෙන් ටිකක් එළියට ගිහින් ආපහු ආවනේ....හහ්...හහ්...උඹ හරි බං...ගිය එවුන් එපා තමයි...ඒත් ඉතිං මතක් වෙනවනේ...ඒ නැතත් සිහිනයේ ඉන්න කෙනෙක්ව හරි මතක් වෙනවනේ හැබැහින් නැතත්...බොහොම ස්තුතියි මචං...

      Delete
  13. බ්‍රා එළ ද? මෙන්ඩියා....හහ්...හහ්...අපිනං දන්නෑ ඕං...බොහොම ස්තුතියි අගය කිරීමට....

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...