Monday, April 14, 2014

සුභ අලුත් අවුරුද්දක් වේවා .................................



කොවුල් හඩ හා රබන් හඩ විත්
සවන්පත් සතුටින් පිරේ
රතිඤ්ඤා පුපුරන හඩට ඇස්
පියන් හදවත් සිසිල් වේ ....................

කැවුම් අලුවා කොකිස් උදුවැල්
රස නහර සුවදින් වැසේ
වෙලේ කමතේ නැවුම් පුසුඹට
ලැබූ අවුරුදු සුව දැනේ ......................

පංච කෙලියට කැට ගැහිල්ලට
තවත් දිනයක් නැත සිතේ
තෑගි ලැබුණා නේක පෑයට
ඇදුම් ආයිත්තම් වතේ ....................

නෝක්කාඩු සිත් මුවින් හිනැහී
කැවිල් වට්ටිත් මාරු වේ
අඹර මුදුනත නැගී හිනැහෙන 
හිරු කුමරු අරුමෙකි කළේ .....................

ලැබූ අවුරුදු සතුට සැම සිත් 
පහන් කරමින් පතල වේවා
පතන පැතුමන් සපළ වීමෙන්
සිත් සතන් හැම සතුටු වේවා .......................


කුරුටු ගෑ ගී පවුරේ අවුරුදු සුභ පැතුම් ....................

.

26 comments:

  1. කුරුටු ගී පවුරේ සියළු දෙනාට සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා!!!

    ජය වේවා!!!

    ReplyDelete
  2. එසේ ම වේවා විදානේ. ඔබ ඇතුළු පවුලේ සැමටත් සුභම සුභ නව වසරක් වේවා කියලයි අපි හැමෝගෙම පැතුම ........................

    ReplyDelete
  3. ඔබ සියලුදෙනාට සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා.

    ReplyDelete
    Replies
    1. ඔබටත් ඔබේ පවුලේ සියලු දෙනාටත් සුභම සුභ නව වසරක් පතන්නෙමු අපි ...........................

      Delete
  4. මේ අඩවිය ලියන, කියවන හැමෝටමත් සුභ අළුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
    Replies
    1. ඔබටත් ඔබේ අඩවියටත් සුභම සුභ නවවසරක් වේවා චන්දන ..................................

      Delete
  5. සියළු පැතුම් ඉටුවන යස ඉසුරින් බර කිරි ඉතිරෙන හිට්ස් කොමෙන්ට්ස් උතුරන සුබම සුබ නව වසරක් වේවා

    ReplyDelete
    Replies
    1. ඔබටත් යක්ෂ සිතුවිලි ඇතිවන සුභම සුභ නව වසරක් වේවා. යක්ෂ භවන සතුටින් සාමයෙන් ඉතිරේවා ..................

      Delete
  6. හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා...

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුභම සුභ නව වසරක් වේවා රවින් ......................

      Delete
  7. උඹලා ඔක්කෝටම සුබ අළුත් අවුරුද්දක් වේවා....!!!

    ReplyDelete
    Replies
    1. මාතලන් උඹටත් සුභම සුභ නව වසරක් වේවා.......

      ඔබගේ පැතුම් ඉටුවෙන සතුට උතුරණ නව වසරක් වේවා කියලා අපි හැමෝම පතනවා ..................

      Delete
  8. කරුටු පවුලේ සියළු සාමාජිකයන්ටත් ඒ සාමාජිකයන්ගෙ පවුල් වල සැමටත් සුබ නව වසරක් වේවා……!!!

    ReplyDelete
    Replies
    1. ඔබටත් ප්‍රියා ......................

      ලැබුවා වූ නව වසර ඔබටත් ඔබගේ පවුලේ සැමටත් සතුට සාමය පිරේවා..................
      අඩවියේ කටයුතු සාර්ථක වේවා.......................

      Delete
  9. මුළු පවුරම ශක්තිමත් වේවා!!!!

    ReplyDelete
    Replies
    1. අරූ ඔබටත් ඔබේ පවුලේ සැටමත් සුභම සුභ නව වසරක් අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා.................

      අඩවියේ කටයුතුත් දියුණු වේවා තව තවත් කතා කියවන්න හැමෝට ම ලැබේවා..................

      Delete
  10. සුබ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
    Replies
    1. දිනේෂ්,
      ඔබටත් සුභම සුභ නව වසරක් ප්‍රර්ථනා කරනවා...................

      ඔබ පතන පැතුම් ඉටුවෙන අලුත් පැතුම් ඇතිවෙන අලුත් කාලයක් උදාවේවා...................

      Delete
  11. "මැකී ගොස් ලතැවිලී
    පිපේවා හසරැලී"

    ඔබටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. ඔබටත් සිතේ ඇති පැතුම් ඉටුවෙන අලුත් පැතුම් ඇතිවෙන සතුට උතුරණ නව වසරක් වේවා කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා දුල්.......................

      Delete
  12. \\ලැබූ අවුරුදු සතුට සැම සිත්
    පහන් කරමින් පතල වේවා
    පතන පැතුමන් සපළ වීමෙන්
    සිත් සතන් හැම සතුටු වේවා\\

    ගී පවුරේ හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...!

    ReplyDelete
    Replies
    1. නිමෝටත් සුභ නවවසරක් වේවා ...................

      Delete
  13. ගී පවුරේ සැමට සුබම සුබ නව වසරක් වේවා....!!!!!!

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුබම සුබ අලුත් අවුරුද්දක් පතනවා මනෝජ්.................

      Delete
  14. ගී පවුරෙන් ගී උතුරන
    මී බිඳු සේ රස පතුරන
    වේවා සුබ නව වසරක් !!

    ReplyDelete
    Replies
    1. සිතුම් පැතුම් ඉටුවන සිරි සුබ නව වසරක් වේවා තිලක සිත............

      Delete

Related Posts Plugin for WordPress, Blogger...