Saturday, June 11, 2016

තුන්වෙනි හයිකුව.......................



හොරු ඇරං ගිය පිච්ච මල
රැකිය හැකි නං හැමදා ම එක වගේ
තරහක් නැහැ හොරාටවත්


තුෂාර විතාරණ


.

43 comments:

  1. හොරු කව්ද
    පිච්ච මල කඩපු
    රැකිය හැකි මල​
    එය නම් ගල් මල

    ReplyDelete
    Replies
    1. හැම මලක් ම අන්තිමට හොරු කඩාවි..................

      Delete
  2. නටුවෙන් මුදාගෙන බදාගෙන හාදු දී
    මල් බිම හලන එක, සුළං වල පුරුද්දය
    රිදවුම් අයිති පොළොවට...

    ReplyDelete
    Replies
    1. නටුවෙන් ගිලිහුනු පින්න මලක්.. සුළගට පාව ඇවිත්....

      Delete
    2. ඒ කියන්නේ හුළගත් හොරෙක්..............

      Delete
  3. හැඩකාර හයිකුවක් තුෂාර...බොහෝ වෙලාවට, හොරකම් කරන්න තියන හදිසිය රකින්න නැහැ...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ගැඹුරට හිතලා නොවැ.............. මිනිස් ගතිය නේද?????

      Delete
  4. හොරකම් කරන්නයි රකින්නයි තියන ඉඩ නිදහසිනුයි තේරුන්ගැනිමෙනුයි පිරවුනොත්....

    ReplyDelete
    Replies
    1. වැදගත් වෙන්නේ ඒකයි............ චතූ මේ ගැන හොදට දන්න පාටයි.........

      Delete
    2. හිතට ආව දේ ලියලා ගියා විතරයි තුෂාර ...

      Delete
    3. හිතට එනවා කියන්නේ ඉතින් හරි තමා...... ජයවේවා

      Delete
    4. ඒකනේ කියන්නේ.................

      Delete
  5. Replies
    1. තෑන්කූ විභියා..........

      Delete
  6. හොරා රකියි අරං ගිය මල
    තණමල්විල එකක් වූ වා නම්
    අගෙයි මේ හයිකුව

    ReplyDelete
    Replies
    1. ආ.................... මේ ඉන්නේ අර සම්මානලාභී දමිල නයන අයියා....... අඩේ ප්‍රසා අයියා සුභ පතන්න බැරිවුණා....... මේ වෙලාවේ හරි සුභ පැතුවා ඔන්න හරිය.... පහුගිය දවස් ටිකේ ටිකක් වැඩ වැඩිවුණා...... ටිකක් විතර බ්ලොග් මගහැරුණා...... ඒ ගැන වෙනම කතා කරමු......... සම්පූර්ණයෙන් ම මගහැරෙයි ද මන්දා........ බලමුකෝ නේද?????????

      Delete
    2. කොකා සංගමයෙ සභාපති විදියට උඹලට බ්ලොග් නොලිය ඉන්න මම ඉඩ තියන්නෙ නෑ හිටං. හැක්..

      Delete
    3. ඒ විස්තරේ කියන්නම් කෝ දුක ඇමතුමකින් ම .................. හිටං

      Delete
  7. ගසක් හැඬ කරන මල
    වෙන් නොකර නටුවෙන
    හැඬ බලනු ඇති ලෙසටම

    තුශාරගේ මේ හයිකුවත් අපූරුයි... අගෙයි...

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත නිර්මාණී............. එක එක මල්වල කැමැත්ත වෙනස්.... සමහර මල් සමනල්ලු එනකල් මගබලනවා..... සමහර මල් බඹරු එනකල් මගබලනවා..... තවත් සමහර මල් පූජාසනයක පූජා වෙන්න මගබලනවා.... තවත් සමහරු හොරු එනකල් බලාන ඉන්නවා..........

      Delete
  8. හොරා ගැන තරහවක්
    නොමැත මග දමාගිය
    බැල්ලි පැටියා ගැනම මිස....

    ReplyDelete
  9. හොරා ගැන තරහවක්
    නොමැත මග දමාගිය
    බැල්ලි පැටියා ගැනම මිස....

    ReplyDelete
    Replies
    1. බලු පැටියෙක් නං ඔය රිස්ක් එක අඩුයි............. හයිකුව නියමයි.......

      Delete
  10. අලුත් ම ට්‍රෙන්ඩ් එක හයිකු නොවෙයි හබරල නේද?

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇදලා යනවා............ හබරල නෙමෙයි පතොක් වුණත් මොකෝ වැඩේ ඇදලා යනවානේ...... ජයවේවා රසිකයියේ....

      Delete
  11. ගෑණිත් එක්ක වලියක්ද
    ඒකි හොරු ගෙනියකනක් ඉන්නෙ?

    ReplyDelete
    Replies
    1. ඕකනේ කියන්නේ ඔක්කොම හරහටනේ බලන්නේ......... වයසෙ වැරැද්දද මන්දා........

      Delete
  12. කාටත් හොරෙන් ගෙනගිය
    ගෙන නොගිය බව පවසන
    මලක් රැකුනිද කිසි කලෙක?

    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ෂාහ්........... ලබ්බාගේ හයිකුව බලහල්ලාකෝ............ ජයවේවා....

      Delete
  13. හොරු ගැන විශ්වාස තියන්න හොද නෑ.

    ReplyDelete
    Replies
    1. හැම හොරාම එකවගේ නැහැනේ දිනේෂ්........ බලමුකෝ.......

      Delete
  14. හැම කලු වලාකුලකම රිදී ඉරක් තියනවනෙ, රකිනවනම්, ආදරේ දෙනවනම් හොරා මොකෝ කියල මලට හිතිලද දන්නෑනෙ. කොහොමවෙතත් ඔය හොරු නෙවේ, උපාසක කියන ඈයො කම්බ හොරු. මල දන්නව ඇති ඒක

    ReplyDelete
    Replies
    1. යකෝ................ හයිකුව ගිය දුර............ ලේ දන්න දේවල්...... අලේ අලේ...........

      Delete
  15. මලක් තිබේ මගෙ වත්තේ
    පාට හොඳයි සුවඳ වැඩියි
    මල් ඕනෑ හොරෙක් වෙතොත්
    තරහක් නෑ කඩන් යන්න....

    ReplyDelete
  16. මට නං ඔය හයිකු දැනෙන්නෙ කවි වගේ නොවෙයි. ප්‍රචාරක පෝස්ටර් වගේ.

    ReplyDelete
  17. නිසදැස් වලට නිමක් නැති
    සිවුපදයට හතරක් ඇති
    හයිකුවකට නම් තුනක් ඇති

    ReplyDelete
  18. හොරෙක් හරි අරං ගිහින් පණ වගෙ රකිනවනම් කමක්නෑ.. කවිකාරිගේ නැතිවුන බලු පැටිය වගෙ. .

    ReplyDelete
  19. හැමදේම අස්තිර ලෝකේ ඒක විතරක් හැමදාම බලාගන්නේ කෝම ?

    ජයවේවා !!!

    ReplyDelete
  20. දැන් කවුද පිච්ච මල?
    නියම හයිකුව !

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...