Tuesday, June 2, 2015

විද්‍යා...!!!




වන මෘග වනය මැද
තුරු සිරස දෙදරමින්
හිස් අහස කළඹමින්
හමා ගියෙ ඒ සුසුම්...

වනේ වන සතෙක්වත්
නෑ නොවෙද රුදු වුණේ
මේ තරම්...

අලි සිංහ වලස් කොටි
සතුන් හමු වුණේ නම්
ඇඟ මසම කා දමයි
එක් වරම නෑ දුකක්...

ඒත් මිනිසත් භවය
ලැබූ තිරිසන් පුතුන්
කා දැමිය ආත්මය
එක් වරක් පමණ නොව
ලැබෙන තෙක් උනුන්ගේ
විකල් තිරිසන් සුවය...

අන්තිමේ ගිල දැම්මෙ
හිරිමල් වියේ දිවිය...

විද්‍යා දෝණියේ...සොයුරියේ...ඔබට මතු ජාති ජාතිත් මෙවන් විපතක් නොවේවා...!!!



අසංක ගයාන් අබේසිංහ

19 comments:

  1. විද්‍යා දෝණියේ...සොයුරියේ...ඔබට මතු ජාති ජාතිත් මෙවන් විපතක් නොවේවා...!!!

    අපේ එකම පැතුම, විද්‍යා පමණක් නොව එහෙත් මෙහෙත් කොහෙත් අපේම සහෝදරියන් වෙනුවෙන්...

    ReplyDelete
    Replies
    1. සැබැවින්ම විභී...මේක සංකේතයක් විතරයි...මේ හඬ අපේ සියළු සොයුරියන් වෙනුවෙන්...!!!

      Delete
  2. සුවක් සොයා
    මලක් තලා
    කලක් රුහිරෙන් තෙත්වෙලා
    බිමක් ආයෙත් තෙත්කරා

    ReplyDelete
    Replies
    1. හරිම පුදුම වැඩේ කියන්නෙ කිචී...මේ හැම අපරාධයක්ම හැම කාලෙකම නැවත නැවතත් සිදු වෙන එක...එකම විදිහට...

      Delete
  3. මේ වැනි සෑම අපරාධයකදීමත් අපි මේ හඬ නගමු. මම හිතන්නෙ යම් බලපෑමක් කළ හැකියි. බුකියෙනම් ඒ තරම් ලොකු කතාබහක් ඇතිවුණේ නෑ. ඒ අටමගලෙ දැන් නොබලන තරම්.

    ReplyDelete
    Replies
    1. ඔව් මාධවී...අපිට හොඳක් වෙනුවෙන් බලපෑමක් කළ හැකි සියලු දේ කරමු...බුකිය ගැන නම් අපි කාටවත් පැහැදීමක් නෑ...ඒක නිකම් රස්තියාදු තෝතැන්නක් විතරක් වෙලා...ඒ මදිවට විවිධ ආකාරයේ අපචාර, අපරාධ වලට උදව් වෙන දේකුත් වෙලා...

      Delete
  4. මිනිසුන් කීප දෙනෙක් එකතු වෙලා එකම වැරැද්ද කරන්න හදද්දී ඉන් එකෙකුටවත් මේක මහා පොලොව නුහුළන අපරාධයක් කියල නොතෙරුනේ කොහොමද ? ඔය එකෙක්වත් ජීවිතේට කවියක් කියවලා තියෙන්න නැතිව ඇති .

    ReplyDelete
    Replies
    1. කවියක් කියවනවා තියා මනුස්සකම දැනෙන්නෙ නැති තරමට අද වෙනස් වෙලා තිලක...

      Delete
  5. මේ රටවල් වල ස්ත්‍රී දුෂණ කියන්නේ කලාතුරකින් වෙන දේවල්.. ඒකට හේතුව මේ රටවල් වල මිනිස්සුන්ට අපිට වගේ පවුඩර් ඉතිහාසයක්,, සන්ස්කුරුතියක් භවුමිකඅකණ්ඩමෙවුවා එකක් නැති හින්දා වෙන්න ඇති මං හිතන්නේ

    ReplyDelete
    Replies
    1. බලහන් තව ටික දවසකින් උබ ආයේ කවියක් ලියයි වනේ වන හතුරෙකුටවත් වෙන්න එපා කියලා . . :(((

      Delete
    2. ජීවත් වෙලා ඉන්නකං මේ කවි ලියන්න වෙයි ඔමා...අපෙන් පස්සෙ පරම්පරාවටත්...

      Delete
  6. අවාසනාවන්ත සිද්දී අපි හැමදාම ආයේ සිද්ද වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කලාට කලින් සිද්දීය අමතක වුන ගමන්ම ආයේ වෙන්නෙත් එහෙම දෙයක්මයි.. ඊයෙත් එහෙම දෙයක් වෙන්න ගිහින් නැවතුනේ වාසනාවටනේ..

    ReplyDelete
    Replies
    1. අර ඔමා කිව්ව වගේ අපේ රටේ හොඳ මැකෙන්න තියනවනේ මේ වගේ කරුමක්කාර දේවලුත්...

      Delete
  7. වැඩක් නෑ කතා කරලා...ඒක මහා...
    වැඩක් නෑ බං

    ReplyDelete
  8. ඔය එක විද්‍යා කෙනෙක් විතරයි.තව කොයි තරම් ඇතිද අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ විදියට අසරණ වෙච්චි මල් කැකුළු.විද්‍යාට විතරක් නෙමේ කිසිම කෙනෙක්ට මේ වගේ විපතක්නම් සිදු වෙන්න එපා ආයෙමත්.

    ReplyDelete
    Replies
    1. ඔව් මචං...විද්‍යාව මම පෙන්නුවෙ සංකේතයක් විදිහට විතරයි...කාටවත් මෙහෙම නොවේවා...

      Delete
  9. ඔව්... මේ වගේ දෙයක් නම් ආපහු අහන්න, දකින්න නොලැබේවා කියන එකයි අපෙත් ප්‍රාර්ථනය.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...