නිදහසේ දුව පැන්න දවස් හිත තියෙනවා
ඒ දවස් යළි යළිත් මැවී හිත රිදෙනවා
කොයි තරම් කැප කළත් තව තවත් යදිනවා
කරන්නට හැකි දේත් බැරි දේත් තියෙනවා
හමන හුළගක රැදුණු නිදහසත් දකිනවා
සරන සියොතුන් කියන කතාවත් අහනවා
සල්ලි කොළ මිටි වලින් ඉහේ ගොඩගැහෙනවා
ගෙවල් වාහන බරට උරපත්ත රිදෙනවා
අතේ සතයක් නැතිව වින්ද දුක් හරි රහයි
කන්න වේලක් නැතුව විදෙව්වට සුන්දරයි
නිදහසේ අැවිද ගිය හැටි හිතට ගතු කියයි
ජීවිතය නැති කරන් ජීවිතය හොයාගයි
අලුත් පෙම් කුරුල්ලන් දසඅතේ සරනවා
උන්ගෙ ජීවිත මලක පෙති වගේ දිලෙනවා
අාදරෙන් හිටපු හැටි නෙත් ඉමේ දකිනවා
අතීතය අායෙමත් අායෙමත් මැවෙනවා ...........................
තුෂාර විතාරණ
.
පට්ට...
ReplyDeleteස්තූතියි ඉන්ද්‍රජීත්...................
Deleteහුරතලේට කවි කියමින්
ReplyDeleteඑහෙ මෙහෙ ගිය මං …
බාල බොළද බස් දොඩමින්
කැලේ පැන්න මං…
බාල වියෙන් පිටමන් වී
යොවුන් වියට පිය මැන්නේ …
පිය ළඳුනෙ
නුඹ නිසාය …
කැදලි පුරා කුරුලු පුරේ
ආල හැඟුම් මැවෙනු දුටිමි
කැලේ පුරා ලතා ලපලු
තුරුවැල් පෙම් කෙලිනු දුටිමි
එවන් දසුන් මාදුටුවේ
පිය ළඳුනේ ...
නුඹ නිසාය
හුරතලේට කවි කියමින් ...... …
උනුන් හඹා දුවන පනින
සමනල පෙම්වතුන් දුටිමි
රැලෙන් වෙන්ව පීනායන
ආදරවන්තයින් දුටිමි
එවන් දසුන් මාදුටුවේ
පිය ළඳුනේ ...
නුඹ නිසාය
හුරතලේට කවි කියමින් ...... …
ගායනය හා සංගීතය :වික්ටර් රත්නායක
පද රචනය :මහාචාර්‍ය සුනිල් ආරියරත්න … …
අගෙයි සින්දුවෝ........................
Deleteඔන්න මාත් එකක් ලිව්වා ...
ReplyDeleteපුංචි මල් වැස්සේ - දුව පැන නටා ඔහේ
මල්ලිත් එක්ක රණ්ඩු වී - ගුටි කයි දෙන්නාම අම්මාගෙන්
මහ වැසි වසින විට - අපි සේරම එකතු වෙලා
කඩදාසි ඔරු හදා - පාකර යවා සතුටු වෙයි වතුරේ
කිචි බිචි නදින් කුරුල්ලන් සේ - කෑ ගසා දුව පනිමින් ගේ පුරා
හැපෙයි අම්මාගෙ ඇඟෙත් - සුරතල් රැවුම් මැද ඇගේ
ඉස්කෝලෙ යන්නට කම්මැලි වී - ඇඳට ගුලි වී හොර පූසන් සේ
සිටින විට සැර වෙයි අම්මා - තාත්තාටද කියයි කේලම්
ඉස්කෝලේ යාම හරිම යුද්ධයකි - උදේට කෑමත් හරිම කරදරයි
අම්මා කරවයි ඒ සියළු දේ බලෙන් - කිරි කොකුන් සේ අපි ගෙදරින් යන්නේ
හවසට ගෙදරට එන්නේ - මඩ තවරාගෙන මුළු ඇඟ පුරා
බනිමින් ඒත් ආදරෙන් අපිව - නාවයි රෙදි සෝදා දෙයි අම්මා
පාසලේ පාඩම් හොඳින් -කරයි තාත්තාගෙ අණින්
නොලැබෙන විටදි ප්‍රතිඵල - දඬුවමත් ලැබෙයි හොඳහැටි
මට විරුද්ධව මල්ලි කියයි කේලම් - මාත් අත නොහරිමි ඒ රණ්ඩුව
අම්මාගේ පැමිණිලි රැසක් මැද - තාත්තාටද වෙයි මැදිහත් වන්නට
ලෙඩක් දුකක් වූ විටක - කිහිලි ගන්නාගෙන මල්ලීව
අතින් අල්ලාගෙන මාව - අම්මා යන්නෙ තාත්තත් සමග
බොන්නට නොහැකිව තිත්ත බෙහෙත් - ගේ පුරා දුවන්නෙමු අපි
පන්නයි අම්මා නිරතුරු පස්සෙන් - පැණිරසක් එක්ක බෙහෙත් ගිල්ලන්නට අපිට
කොලු කෙල්ලන් සමග එකතු වී - සෙල්ලම් කරයි අල්ලයි කිරිගස්
දුව පැන නටා රිසි සේ - අඳුරට කලින් එන්නෙ සිහිවී අම්මාගෙ බැනුම්
සිහිවනා විට ඒ සොඳුරු විය - නැවත නොඑන බව මේ භවේ
සිතේ සිරවුණු අමුතු දුකකින් - පෙළයි මා වැඩිහිටි වියේ......
අසංක ගයාන් අබේසිංහ
http://kurutugegeepawra.blogspot.com/2014/08/blog-post_17.html
අසංක අයියා මෙන්න සින්දුවා ඔයාවත් උපුටාගෙන........
Deleteඅපි වගේ අංකුරයින්වත් උපුටාගත්තට සිංදුවාට මෙන්න මගේ උපහාරය...!!!
Deleteඒක නෙවෙයි මචං...උඹ අර එවලා තිබුණු ගීතය ගැන කියලා වැඩක් නැත...වචනයේ පරිසමාර්තයෙන්ම පට්ට...ඒත් උඹ ඊය එව්ව වෙලාවෙ මට මොකුත් කරගන්න බැරිවුණාට සමාව ඉල්ලා සිටිමි...මේ දැනුත් ඉන්නෙ පුදුම අවුල් ජාලාවක මචං...අපේ ජොබ් එකේ...ඒ හින්ද දැන් මගේ විතරක් නෙවෙයි ඔෆිස් එකේ සේරමලගෙ වැඩේ මේ දවස්වල අර්බුද විසඳන එක...පුදුම ඔළුව කැක්කුමක්...ඒත් ඉතිං පටන් ගත්තු ගේම අත්හරින්නෙත් නෑ...මේ හින්දම මොකුත් ලියන්න කල්පනා කරන්නවත් දශමයක ඔලුවේ නිදහසක් නෑ බං...
අසංක
සික් අන්තිමට අසන්කයාගේ නම තිබිලානේ ...හැක්
Deleteඅසන්කයෝ ගනන්ගන්න එපා හැමදේම හොඳට විසදෙයි ...
අාදරෙන් හිටපු හැටි නෙත් ඉමේ දකිනවා
ReplyDeleteඅතීතය අායෙමත් අායෙමත් මැවෙනවා
පට්ට පට්ට....
ස්තූතියි රූපේ.......................
Deleteඅමූලික ඇත්ත..
ReplyDeleteජයවේවා..!!!
ස්තූතියි ගස්...................
Deleteකාලය මැව් වෙනසක අරුමේ..............!
ReplyDelete(පද රචනය උපරිමයි තුෂාරයා)
බොහොම ස්තුතියි මාධවියෝ...අපි හැමෝටම මේක පොදුයි...
Delete//කරන්නට හැකි දේත් බැරි දේත් තියෙනවා///
ReplyDeleteමරු....
බොහොම ස්තුතියි සුසී...
Deleteඔන්න අවසන් යථාර්ත. ජීවිතයේ සදාතනික සුවය අතෑරල අපි හැමෝම මවාගත්ත ලෝකවල රජවරු සිටුවරු වෙන්න දඟලනවා. ඒත් අපිට නොදැනිම හිසෙන් ගිලිහුනු කොස් කොල ඔටුන්න අපිව ඇත්තටම රජකලා.
ReplyDeleteනිර්මාණය උපරිමයි ගී පවුරේ... අපි කාලෙකින් හම්බුනේ..
ඒ කොස් කොල් ඔටුනු පැලැන්දුව කාලෙ කොයි තරම් සුන්දරද මනෝෂ්...මේ වගේ පරක්කු වෙලා හමුවන්නෙත් මේ කලබලේ ජීවිතේ හොයන්න ගිහින් තමා මනෝ...මොනව කරන්නද...
Deleteකාලෙකින් මේ පැත්තේ ආවෙ . අපටතියෙන දේ ගැන ආදරයක් නැතුව නැති දේ හොයන එක තමා සතුට කියල හිතීමක් ගැන නේද කියන්නේ.
ReplyDeletehttp://nelumyaya.com/?p=3334
සහතික ඇත්ත අජිත්...අපි හැමෝම හොයන්නෙ නැති දේම තමයි...අපිට තියෙන දේවල් අපි කොයි තරම් පිටුදකිනවද...
Delete//අතේ සතයක් නැතිව වින්ද දුක් හරි රහයි
ReplyDeleteකන්න වේලක් නැතුව විදෙව්වට සුන්දරයි//
මේ අත්දැකීම නම් මටත් තියෙනවා... පරණ මතක අළුත් උනා...
මේ මතක හරිම සුන්දරයි සත්තකින්ම...
Deleteලස්සන කවියක්
ReplyDeleteමට මේක කියවද්දි
එදා වාගේ අදත් පොද වැස්ස වැටෙනවා
සිංදුව මතක් වුණා ඒ බීට් එක ටිකක් තියෙවනව
එදා වාගෙම දේවල් වෙනවනම් කොයි තරම් සුන්දරද මහේෂ්...බොහොම ස්තුතියි ලස්සන ගීතයකුත් මතක් කළාට...
Deleteමදි මදි.. තව මටසිලුටු වෙන්න ඕන. වැඩි අකුරු කැපෙන්න ඕන.. රිදම් එක එන්න ඕන.. ගානට ඇලයින් වෙන්න ඕන.. තව මොනාද??? හැක් හැක්..
ReplyDeleteතව මොකුත් නෑ දේශෝ...මරු...හැක්...හැක්...
Deleteහරිම අපූරුයි....
ReplyDeleteබොහෝ අය අත් විඳින යථාර්තය මේකයි...
ඇත්තෙන්ම තුශානි...
Deleteමමනම් බොක්කෙන්ම කැමතියි අතීතය ආපහු මැවෙනවට.. වර්තමානය තිත්ත වෙලා තියෙන්නේ. මෙකගැන කියන්න ලේසිම විදිය තමයි.. පට්ට..
ReplyDeleteනෙදකින් එතකොට ආයෙමත් විභාග ලියන්න එපැයි මචෝ .අනේ අයෙත් පාඩම් කරන්න බැරියෝ .......
Deleteවිභාග ඇර අතීතයට යමුද කමි...හැක්...හැක්...
Deleteඅප්පට බෝල තුශාරයා කාලෙකින්
ReplyDeleteඔව් ඔව් බෝල ඉවානයෝ...හැක්...හැක්...තොපි වගේ නෙවෙයි අපිට වැඩ තියනවනේ...හැක්...හැක්...
Deleteවචන නැත අගයන්නට.. සුපිරි!
ReplyDeleteවචන නැත ස්තුති කරන්නට...ඒත් බොහොම ස්තුතියි රොහාන්...
Deleteඑල ද බ්‍රා
ReplyDeleteහරි අපූරු පැදි පෙල.. ජය!!!
ReplyDelete