වන මෘග වනය මැද
තුරු සිරස දෙදරමින්
හිස් අහස කළඹමින්
හමා ගියෙ ඒ සුසුම්...
වනේ වන සතෙක්වත්
නෑ නොවෙද රුදු වුණේ
මේ තරම්...
අලි සිංහ වලස් කොටි
සතුන් හමු වුණේ නම්
ඇඟ මසම කා දමයි
එක් වරම නෑ දුකක්...
ඒත් මිනිසත් භවය
ලැබූ තිරිසන් පුතුන්
කා දැමිය ආත්මය
එක් වරක් පමණ නොව
ලැබෙන තෙක් උනුන්ගේ
විකල් තිරිසන් සුවය...
අන්තිමේ ගිල දැම්මෙ
හිරිමල් වියේ දිවිය...
විද්‍යා දෝණියේ...සොයුරියේ...ඔබට මතු ජාති ජාතිත් මෙවන් විපතක් නොවේවා...!!!
අසංක ගයාන් අබේසිංහ
විද්‍යා දෝණියේ...සොයුරියේ...ඔබට මතු ජාති ජාතිත් මෙවන් විපතක් නොවේවා...!!!
ReplyDeleteඅපේ එකම පැතුම, විද්‍යා පමණක් නොව එහෙත් මෙහෙත් කොහෙත් අපේම සහෝදරියන් වෙනුවෙන්...
සැබැවින්ම විභී...මේක සංකේතයක් විතරයි...මේ හඬ අපේ සියළු සොයුරියන් වෙනුවෙන්...!!!
Deleteසුවක් සොයා
ReplyDeleteමලක් තලා
කලක් රුහිරෙන් තෙත්වෙලා
බිමක් ආයෙත් තෙත්කරා
හරිම පුදුම වැඩේ කියන්නෙ කිචී...මේ හැම අපරාධයක්ම හැම කාලෙකම නැවත නැවතත් සිදු වෙන එක...එකම විදිහට...
Deleteමේ වැනි සෑම අපරාධයකදීමත් අපි මේ හඬ නගමු. මම හිතන්නෙ යම් බලපෑමක් කළ හැකියි. බුකියෙනම් ඒ තරම් ලොකු කතාබහක් ඇතිවුණේ නෑ. ඒ අටමගලෙ දැන් නොබලන තරම්.
ReplyDeleteඔව් මාධවී...අපිට හොඳක් වෙනුවෙන් බලපෑමක් කළ හැකි සියලු දේ කරමු...බුකිය ගැන නම් අපි කාටවත් පැහැදීමක් නෑ...ඒක නිකම් රස්තියාදු තෝතැන්නක් විතරක් වෙලා...ඒ මදිවට විවිධ ආකාරයේ අපචාර, අපරාධ වලට උදව් වෙන දේකුත් වෙලා...
Deleteමිනිසුන් කීප දෙනෙක් එකතු වෙලා එකම වැරැද්ද කරන්න හදද්දී ඉන් එකෙකුටවත් මේක මහා පොලොව නුහුළන අපරාධයක් කියල නොතෙරුනේ කොහොමද ? ඔය එකෙක්වත් ජීවිතේට කවියක් කියවලා තියෙන්න නැතිව ඇති .
ReplyDeleteකවියක් කියවනවා තියා මනුස්සකම දැනෙන්නෙ නැති තරමට අද වෙනස් වෙලා තිලක...
Deleteමේ රටවල් වල ස්ත්‍රී දුෂණ කියන්නේ කලාතුරකින් වෙන දේවල්.. ඒකට හේතුව මේ රටවල් වල මිනිස්සුන්ට අපිට වගේ පවුඩර් ඉතිහාසයක්,, සන්ස්කුරුතියක් භවුමිකඅකණ්ඩමෙවුවා එකක් නැති හින්දා වෙන්න ඇති මං හිතන්නේ
ReplyDeleteබලහන් තව ටික දවසකින් උබ ආයේ කවියක් ලියයි වනේ වන හතුරෙකුටවත් වෙන්න එපා කියලා . . :(((
Deleteජීවත් වෙලා ඉන්නකං මේ කවි ලියන්න වෙයි ඔමා...අපෙන් පස්සෙ පරම්පරාවටත්...
Deleteඅවාසනාවන්ත සිද්දී අපි හැමදාම ආයේ සිද්ද වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කලාට කලින් සිද්දීය අමතක වුන ගමන්ම ආයේ වෙන්නෙත් එහෙම දෙයක්මයි.. ඊයෙත් එහෙම දෙයක් වෙන්න ගිහින් නැවතුනේ වාසනාවටනේ..
ReplyDeleteඅර ඔමා කිව්ව වගේ අපේ රටේ හොඳ මැකෙන්න තියනවනේ මේ වගේ කරුමක්කාර දේවලුත්...
Deleteවැඩක් නෑ කතා කරලා...ඒක මහා...
ReplyDeleteවැඩක් නෑ බං
ඔව් මෙන්ඩා...
Deleteඔය එක විද්‍යා කෙනෙක් විතරයි.තව කොයි තරම් ඇතිද අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ විදියට අසරණ වෙච්චි මල් කැකුළු.විද්‍යාට විතරක් නෙමේ කිසිම කෙනෙක්ට මේ වගේ විපතක්නම් සිදු වෙන්න එපා ආයෙමත්.
ReplyDeleteඔව් මචං...විද්‍යාව මම පෙන්නුවෙ සංකේතයක් විදිහට විතරයි...කාටවත් මෙහෙම නොවේවා...
Deleteඔව්... මේ වගේ දෙයක් නම් ආපහු අහන්න, දකින්න නොලැබේවා කියන එකයි අපෙත් ප්‍රාර්ථනය.
ReplyDeleteඅපෙත් තුශානි...
Delete