Tuesday, May 5, 2015

මෙෙත්‍රී හමුවී මහින්ද කියන ගීතය......... (අනේ සර් මට හිමි තැන දෙනවාදෝ....)


පණම් අටෙන් මට වැඩිකර දුන්න
හැකි වුනත් බත් කටක් පවුලට කවන්න
මාස්ටර් සර් මගෙ හිමිතැන දෙනවාදෝ
අනේ සර් අනුකම්පා නොසිතේදෝ


අප අතරේ කඹ ඇදිල්ලේ තරඟේ මේ
නිම වෙන්නට කල් ගත වෙයිදෝ
අනේ සර් අපි මිතුරන් වෙයිදෝ
එදා දවස උදාවේවිදෝ


මට මතක් වෙනවා සරත්ට තැලූ පෙලූ හැටී
ඒත් සරත් අාවේ නෑ මං වගෙ දණින් වැටී
මාස්ටර් සර් මගෙ හිමිතැන මට දෙන්න
අනේ සර් කරුණාවෙන් සලකන්න

අප අතරේ කඹ ඇදිල්ලේ තරඟේ මේ
නිම වෙන්නට කල් ගත වෙයිදෝ
අනේ සර් අපි මිතුරන් වෙයිදෝ
එදා දවස උදාවේවිදෝ


සැබෑ ගීතයේ අයිතිකරුවන්
ගායනය - නෙවිල් ප්‍රනාන්දු / නීලා වික්‍රමසිංහ (සිංහල), Sandra Edema / නිමල් මෙන්ඩිස් (ඉංග්‍රීසි)
පද රචනය - නිමල් මෙන්ඩිස් (ඉංග්‍රීසි) 
පරිවර්තනය - කරුණාරත්න අබේසේකර
සංගීතය - නිමල් මෙන්ඩිස්


පසු සටහන - මෙය මෙම ගීතය කෙරෙහි කිසියම් හෝ වරදක් කිරීමේ අටියෙන් සටහන් තබන ලද්දක් නොවන බව සැලකුව මනාය. ඉහත සිද්ධිය හා මෙම ගීතයේ අැති ගැලපීම දුටු විට මෙය සටහන් නොකර සිටීමට නොහැකි යැයි හැගුණ බැවින් සටහන් තබන ලද්දකි.... 


කුගැගීප 


.

39 comments:

  1. දුකයි...

    ඔච්චර හොඳ සිරිසේන ඇයි දන්නේ නැහැ මෙච්චර දූශන භීශන කල මහින්ද හම්බවෙන්නේ....

    ReplyDelete
    Replies
    1. ඊට කලින් ඔබ විසින් අැසිය යුතු ප්‍රශ්ණය තමයි ඔච්චර හොද සිරිසේන අැයි දන්නෑ මෙච්චර භීෂණ කළ මහින්දව අැතුළට දැම්මේ නැත්තේ කියන ඒක..... තමන් ඒක්ක ඡන්දය ඉල්ලපු මිනිහාව අැතුළට දාලා...ඒත් ඒක්ක අනික් හමුදාපතිවරුන්ට තානාපතිකම් දීපු කෙනෙක් මෙයා.. වෙනකතා මොකට ද ලොක්කා මෙහෙම නාඩගම් නට නට ඉන්න දීලා තියෙන ඒකත් ලොකු දෙයක් නේද??? ඉතින් සිරිසේන හොදයි කියලා ඔබට ම තේරෙනවානේ.....

      ඔ්නේ ම මිනිහෙක්ට ජනාධිපති හම්බෙන්න පුළුවන්.... ඉස්සර වගේ නෙමෙයි දැන් නිදහස තියෙනවා... ඒකයි හම්බෙන්නේ..... අැයි අවුල්ද????

      Delete
    2. //ඊට කලින් ඔබ විසින් අැසිය යුතු ප්‍රශ්ණය තමයි ඔච්චර හොද සිරිසේන අැයි දන්නෑ මෙච්චර භීෂණ කළ මහින්දව අැතුළට දැම්මේ නැත්තේ කියන ඒක //

      වැරැද්දක් නැතිව මහින්දව ඇතුලට දාන්න නම් සිරිසේනටයි දහම් පුතාටයි තමා පොලිස් නිල ඇඳුම ඇඳන් එන්න වෙන්නේ... මොකද නීත්යානුකූල නැති දේවල් කරන්න අපේ හොරා පොලිස් එච්චර කැමති නැහැ...

      ඔච්චර ප්‍රසිද්දියක් දුන් දේවයා ට ගැහුවා කියන කස්ටිය ඇතුලට දැම්මෙ නැත්තෙ ඇයි? ඒකට උත්තරේත් ... වැරැද්දක් නැතිව දේවයා කීව පලියට මිනිසුන් ව ඇතුලට දාන්න නම් සිරිසේනටයි දහම් පුතාටයි තමා පොලිස් නිල ඇඳුම ඇඳන් එන්න වෙන්නේ... මොකද නීත්යානුකූල නැති දේවල් කරන්න අපේ හොරා පොලිස් එච්චර කැමති නැහැ...

      Delete
    3. මේ පොන්න වේසිගෙ පුතාලා රනිල් ප්‍රේමදාස කාලේ මහ එකාගේ ඇටදෙකේ ඉඳල ඇවිත් දැන් බයිලා ගහනවා දුෂණ භීෂණ ගැන.
      ගිහින් අහපිය මහ උන්ගෙන් උන් කියල දෙයි තොපිට
      ඇටෙන් පොත්තෙන් ආපු ගමන් ලොකු කතා කියවනවා, පඩත්තලයෝ.

      Delete
    4. @ සරස

      ඔබ කියන කතා දෙකේම යම් අැත්තක් තියෙනවා... යහපාලනය තුළ නිසි ක්‍රියාමාර්ග මත නඩු අහලා තමා කට්ටියට දඩුවම් දෙන්න අවශ්‍ය... සුදුවෑන් දාලා උස්සන්න බැහැ... ෆයිල් හංගන් ඉදලා කට්ටිය නටවන්න බැහැ.... කෝල් කරලා තග දාලා බය කරන්න බැහැ..... පොලිස් අත්අඩංගුවට අරන් අායුධ පෙන්නන්න ඒක්කං ගිහින් ඒ අායුධ වලින් ම ගහන්න අාවා කියලා මරන්න බැහැ.... ඒවා කරපු නිසානේ ඔබේ ඔය මහා මහින්දගේ අාණ්ඩුව ජනතාව විසින් පෙරළලා ඒතුමාව ගෙදර යැව්වේ.... ඒකනේ පස්සේ දවසේම රෑ මල්ලිලා රට පැන්නේ..... ලොකු අය්යාගේ පිහිටෙන් අාපු හැත්ත බුරුත්ත පිටින් ම ගෙදර ගියේ.....

      හැබැයි ඒකක් මතක තියාගන්න.. ඔබ අා වඩන ඔය අාණ්ඩුව චෝදනා හදලා මිනිස්සු අැතුළට දැම්මා.... ගස් බැන්දා.... සුදු වෑන් දාලා ඉස්සුවා.... මැරුවා.... පවුල් පිටින් අතුරුදහන් කරා.... සද්දේ දාපු අයගේ කට වැහුවා.... තමන්ට විරුද්ධ හැමෝම අැතුළට දැම්මා.... දැන් ඒවා නැහැ... ඒහෙමයි කියලා මේක වල්බූරු නිදහසකුත් නෙමෙයි... මේ නිදහස වැරදි විදිහට භාවිතා කරලා ඔය නාඩගම් තවත් නැටුවොත් ජනතාව ඊළග ඡන්දෙදි ගෙදරට විතරක් නෙමෙයි කුණුබක්කියට ම යවයි ලොක්කාව.....

      Delete
  2. අන්න වැරදුනු තැන. මෛත්‍රී මහින්දට සර් කියලා කතා කරන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒ ඉස්සර... දැන් වෙනස් වෙන්න ඒපැයි නේද????? මොකද මෙෙත්‍රී නෙමෙයිනේ හම්බෙන්න දගලන්නේ.. ජනාධිපති හම්බෙන්න රටේ සාමාන්‍ය මනුස්සයෙක්නේ දැන් ඒන්නේ

      Delete
  3. සිරිසේනගේ මොළේ චෙක් කලා නම් හොඳයි අර මුතුහෙට්ටිට සහතිකේ දුන්න දොස්තරගෙන්..

    ReplyDelete
    Replies
    1. නෑ මාතා.... මේක යහපාලනේනේ...............

      Delete
  4. කරුනාවෙන් තමයි සලකන්නෙ. නැත්තං මෙලහකටත් අැතුලෙ නෙව.

    ReplyDelete
    Replies
    1. රාජ්.................

      මේ නිදහස වැරදියට තේරුම් ගත්ත කොටසක් ඉන්නවා... උන් හිතන්නේ පිරිමි කමේ අඩුවක් නිසා මෙහෙම නාඩගම් නටන කල් බලාන ඉන්නවා කියලයි.... අනික ඉතින් කකුළුවෝ මුල් ටිකේ ඔහොම නටනවාම තමා නේද????

      Delete
  5. Replies
    1. රසිකයියේ.................

      වෙසක් ඉවරවුණා නෙවැ..........

      අානන්ද සර්පයා දුටුවේද???

      Delete
    2. දැක නැර මෝඩයා.

      Delete
  6. ඇත්තම සීන් එක කියල තියෙනවා..

    ReplyDelete
    Replies
    1. ඔ්කනේ යන්නේ............... හා වෙන මොකටද????
      ඔහොම නෙමෙයි දාන්න පුළුවන් අන්තෙට ම දැම්මත් සරත් ෆොන්සේකා ගියාද කකුල් දෙක ගාවට....... ගිහිං නිකමට හිනා වුණානම් මොනවද නොදෙන්නේ..... ඒත් දැන් කකුල් ලෙවකන්න අාවා කියලා බලමුකෝ ලැජ්ජාවට අමතරව මොනවද හම්බෙන්නේ කියලා

      Delete
  7. සිරිසේන ජනාධිපතිතුමා හිතන පතන ක්‍රමය මොකක්ද කියලා මටනම් තවම හරියට නොතේරේ...ඒක එතුමගෙ යහ ගුණයද නැත්තම් දේශපාලන පරිණතභාවයද කියලත් නොතේරේ...හැබැයි එතුමා ලේසි පහසු පුතයකුත් නොවෙන වගනම් තේරෙනවා...ඒ කියන්නේ කරන්න ඕන දේ හොඳින් හරි යාප්පුවෙන් හරි කරගන්නවා...

    අසංක

    ReplyDelete
    Replies
    1. අසංක අයියා...........

      අැත්තට ම ඔහු බබෙක් නොවන වග නම් හැබෑවක්... නැත්නම් අදවන විට ලංකාවේ තියෙන ප්‍රධාන දේශපාලන පක්ෂයන් දෙකම තමන් යටතේ තියාගන්න කාටවත් බැහැනේ... අද වන විට ඔහුගේ වචනයට පිටින් යූඒන්පීයවත් නිදහස් පක්ෂයවත් වැඩ කරන්නෑ.... ඔහු කාගෙවත් පැත්ත ගන්නෙත් නැහැ... නොගෙනත් නැහැ.. මේක පරිණතකම වෙන්ටෑ... නමුත් ඉදිරි කාලය තමයි හරිම සුක්ෂමව පාලනය කරගත යුතු වන්නේ.. මැතිවරණය වෙලාවෙදී ඔහුගේ හැසිරීම දිහා බැලුවාම ඉදිරි වසර 5 ගැන තීරණය කළ හැකි වේවි.......

      කසුප්

      Delete
    2. //ඔහු කාගෙවත් පැත්ත ගන්නෙත් නැහැ... නොගෙනත් නැහැ.. මේක පරිණතකම වෙන්ටෑ...//

      තමන් ගේ මල්ලී ගේ මල ගෙදර යන්නෙ නැහැ... ඒත් තමන් විසින් තමාට ගිටි ඇනගත්තු ඩේවයා බලන්න ඉස්පිරිතාලෙ යනවා....මේක පරිණතකම වෙන්ටෑ...//

      Delete
    3. මේක කලින් තැනක දාපු කමෙන්ට් එකක්. ආයත් කියන්න තියන්නෙ මේ ටිකම නිසා මෙතනත් ඇලෙව්වා

      මම වැඩිය දේශපාලනේ ගැන කතා කරන්න කැමති නෑ, මොකද ඒක මිනී මරාගන්න සබ්ජෙක්ට් එකක් හින්දා. එට එසේ වියයුතු නෑ. මිනී මරාගෙන දේශපාලනය කරන තත්ත්වයට පත්වෙලා තියෙන්නෙ සිස්ටම් එක අන්තයටම පිරිහිලා නිසා.

      ඒත් අකමැති වුනත් කතා කරන්න වෙනවා, ඒ දේශපාලනය , අපේ ජීවිතත් පාලනය කරන නිසා.

      //වටපිටාවේ ඉදන් අපි දකින දේශපාලනයට වඩා වසර ගනනාවක දේශපාලන අත්දැකීම් ඇති පරිණත දේශපාලකයින් යම් යම් දේ දකින්නේ සහ සමහර අවස්ථා වල ක්‍රීයා කරන්නේ වෙනස් විදිහකට බවයි මගේ නම් අදහස//

      මේක තමයි මගේ අදහසත්. අපේ බලාපොරොත්තු බොහොම ඉහලයි, මේ වැඩ පිලිවෙල හරි මන්දගාමියි. ඒ වගේම ලිස්සා යැවීම්, යටිකූට්‍ටු වැඩ, අතයට ඩීල් එහෙමත් තියනවා වගේ පේනවා.

      ඉතිං අපි කලකිරෙනවා - සාධාරණයි.

      නමුත්, අපි මෙහෙම හිතමු. ඇටක‍ටු වලටම ජීරණය වෙච්ච, හොරා කෑම, ඤාති සංග්‍රහය, මිනී මැරීම සමාජ සම්මතයන් තරමටම, සාමාන්‍යකරණය වෙච්ච සමාජයක දූෂිත ක්‍රමයක්, ඔච්චර ඉක්මනට, ජාම බේරගෙන කනපිට හරවන්නෙ කොහොමද?

      මට හිතන්නෙ, ඒකට කල්යාවි. ඒ වගේම හීන් නූලෙන් කරන්න ඕනෙ දෙයක්, ඇයි තාමත් රටන් බාගයක් බලාගෙන ඉන්නෙ ඇන ගන්නකම් නෙව?

      පරණ, පලපුරුදු කපටි දේශපාලන ඥාණය අවශ්‍ය වෙනව ඒකට. ඒ නිසා අපි කල් දීලා බලමු , කියන එකයි මගේ අදහස.

      ඒ අතරවාරෙ සතු‍ටු වියහැකි කාරණා

      1.මහින්ද ගෙදර යැවීම, පාඩමක් ඉගැන්වීම - checked

      2. Absolute power corrupts absolutely - විධායකය මකා දැමීම, වාර දෙකකට සීමා කිරීම - checked

      මිනිස්සු කියන්නෙ කලු-සුදු නැත්නම් අළු චරිත කියලයි මට හිතෙන්නෙ. මහින්ද නෙමෙයි, ඔතන වඳුරෙක් තියලා , අවුරුදු දහයක් " ආයුබෝවන් මහරජානෙනි " කිව්වොත්, ඌ උනත් රජාට අඳිනවා.

      හැබැයි ප්‍රබාකරන් කියපු එක ඇත්ත. සිංහලයට සති දෙක යනකොට ඔක්කොම අමතකයි

      Delete
    4. @ බස්සා............

      ඔබ කියන බොහෝ දේට ඒකගයි.. අපිට කලු සුදු දේවල් හොයන්න බැහැ... නමුත් කරපු කොටස සහ පැවති අාණ්ඩුව හිටියානම් වෙන දේ අනුව මේතාක් සතුටුවිය හැකි දේවල් තියෙනවා.... ඒත් ඒ මගින් සමස්ථය සාධාරණයි කියන්න බැහැ තමයි... අපිට තිබුනේ විකල්ප දෙකයි... ඒක්කෝ තිබ්බ අාණ්ඩුව තියාගන්නවා... නැත්තම් අාණ්ඩුව වෙනස් කරලා අලුත් අාණ්ඩුවක් ගේනවා.... ජනතාව දෙවැනි ඒක කරා... දැන් හිටපු අාණ්ඩුවට සාපේක්ෂව අපි දිනාගත්ත දේවල් වැඩියි... ඒත් අපි ඒතැනින් නොනැවතී මොවුන්ට බලකළ යුතු දේවල් තියෙනවා... ඒවාට මේ අාණ්ඩුව තුළ තාම අවස්ථාව තියෙනවා.... ඒ ගැන සතුටුවිය හැකියි තමයි

      Delete
    5. @ සරස...........

      ඔබ කියනවා වගේ සිද්ධි අල්ලං මේ තත්වය ගැන තර්ක කිරීම වැරදියි... ඔබේ ප්‍රකාශයට මට මෙහෙම කියන්න පුළුවනි... සිරිසේන ජනාධිපතිතුමා හිටපු කෙනා වගේ මල්ලිලාගේ වැරදි වහගෙන පරිස්සම් කරන්නෑ.... වැරදි විදිහට ඔහුව අාරක්ෂා කරන්නෙත් නැහැ... ගහපු මිනිහා නීතියට පිටිං ගෙනියලා මරන්නෙත් නැහැ.... කොහොමද කලින් කෙනාගේ මල්ලිට අතවත් තිබ්බානම්... ඔ්ක තමයි අැත්ත...

      ඒත් අපි ඒ වගේ පටු විචාර වලට නොයා ඉමු..... සමස්ථය ගැන කතා කරමු......

      Delete
    6. [අපිට තිබුනේ විකල්ප දෙකයි... ඒක්කෝ තිබ්බ අාණ්ඩුව තියාගන්නවා... නැත්තම් අාණ්ඩුව වෙනස් කරලා අලුත් අාණ්ඩුවක් ගේනවා.... ජනතාව දෙවැනි ඒක කරා...]

      පහුගිය ජන්දය තිබ්බේ ජනාධිපති කෙනෙක් පත් කර ගන්නද, ආණ්ඩුවක් පත් කර ගන්නද. ඒකවත් තේරෙන්නේ නැති හරකෙක්ද ඔබ

      රනිල් මෛත්‍රීගේ පත්වීම හරහා ආණ්ඩුව හයිජැක් කරපු එක හරි කියනවනම්, ඒක යහපාලනේ කියලත් හිතනවානම් ඔබ නියම කේප්ප වස්සෙක්.
      ඔබ වැන්නවුන් දේශපාලනය කතා කරන්නවත් සුදුසු නැහැ

      Delete
  8. දැන් ඉතිං ලංකාවේ බහුතරයක් මිනිස්සු කියනව වගේ සිරිසේන මහත්තයටත් මෙන්න මෙහෙම කියල සිංදුව අවසන් කරන්න තියෙන්නෙ.

    "අනේ මහී....., දැන් ඇති! ගෙට වී ඉන්...න.." :D

    ReplyDelete
    Replies
    1. යකෝ ජනතාව ඡන්දෙකින් කියලාවත් මේ මිනිස්සුන්ට තේරෙන්නැති හැටි... දැන් ඉතින් අායෙම තේරුම් කරලා දෙන්න වෙනවා

      Delete
  9. මහින්ද මෛත්‍රී සමගිවෙලා රනිල් හුරු පුරුදු විපක්ෂනායකය වෙලාම මේ නාට්‍ය අවසන් වෙයිද දන්නෙ නෑ නේද

    ReplyDelete
    Replies
    1. ඒහෙම වෙන්න විදිහක් නැහැ ම.ම......

      මොකද ජනතාව පහුගිය අවුරුදු 10 යේ අාර්ථික කටයුතු සහ අනෙකුත් දේවල් ගැන බලලා ඒක වෙනස් කළ යුතු නිසා හිටපු අාණ්ඩුවේ නායකයා පරද්දන්න ඡන්දය දුන්නා... ඒ කියන්නෙම වෙනස් ක්‍රමයක් හොයනවා කියන ඒකනේ.. ඉතින් අායෙමත් ඒ ක්‍රමයම ගේන්න ගියාට සිරිසේන ජනාධිපතිතුමාටවත් ඒක කරන්න බැරිවෙයි...... අනික් ඔය සාකච්ඡා ගැන කලින් පුරෝකථන දෙන ඒකත් වැරදියිනේ අපි...

      Delete
  10. සිරිසේන ජනාධිපති තුමා කරන වැඩයි කරන්න හිතන් ඉන්න ඒවයි තේරුම් ගන්න තව සෑහෙන්න කල් යාවි වගේ..

    ReplyDelete
    Replies
    1. හ්ම්............... බබෙක් නොවන වගනම් දැන් කට්ටියට ම පැහැදිලියි...

      Delete
  11. දෙපැත්තටම කියනන් දෙයක් නැහැ. හැබැයි ඉතින් මල්ලි සරසා කියනවා වගේ වැරදි කරලා තියනවනම් දඬුවම් කරන්නේ නැත්තේ ඇයි කියන ප්‍රශ්නය තිබෙනවා. ඒ කියන්නේ එක්කෝ එහෙම කරලා නැහැ. නැත්නම් දෙගොල්ලම කරලා තියෙන නිසා ..........(මේ මගේ පෞද්ගලික අදහසක් පමණයි.)
    http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/16852-2015-05-05-21-11-29

    ReplyDelete
    Replies
    1. //හැබැයි ඉතින් මල්ලි සරසා කියනවා වගේ වැරදි කරලා තියනවනම් දඬුවම් කරන්නේ නැත්තේ ඇයි කියන ප්‍රශ්නය තිබෙනවා. ඒ කියන්නේ එක්කෝ එහෙම කරලා නැහැ. නැත්නම් දෙගොල්ලම කරලා තියෙන නිසා//

      ඔන්න කුරුට්ටෝ මොලේ තියෙන අජිත් ගෙන් ඉගෙන ගන්න....

      Delete
    2. @ අජිත්...................

      බොහොම ස්තූතියි... (මොකට ද කියලා දන්නවානේ)

      වැරදි වලට දඩුවම් දීම ගැන අපිටත් ගැටලු නැතුවාම නෙමෙයි.... මොකද ඔය කවුරු කොච්චර කෑ ගැහුවත් සුදුවෑන් සහ අතුරුදහන් කිරීම් ගැන මහා වරදරුවන් ගැන තාම කවුරුත් කතා කරන්නෑ.... අනික් පැත්තට අර අාචාර්ය අැමතිතුමා දැන් ලංකාවේ ඉන්නවාද නැද්ද කියලාවත් කවුරුත් දන්නෑ.... යකෝ ඒවා ගැන කතා නොකරන අාණ්ඩුවක් ගැන තවත් මොන කතාද කියලත් අපි දන්නවා... ඒත් තිබුණ අාණ්ඩුව තිබුණානම් මේ වෙනකොට වෙලා තියෙන දේවල් ඒක්ක අපි මේක සංසන්දනය කරාම තමයි අැත්ත තේරෙන්නේ.... අපි සර්ව සාධාරණ දේවල් බලාපොරොත්තු වෙනවානම් අපියි වැරදි.....

      මේක හොදයි කියලා නෙමෙයි අපි කියන්නේ... නරකම නෑ කියලා විතරයි

      Delete
    3. @ සරස

      හ්ම්..................... හ්ම්................... තව ටිකක් හොයලා බලන්නකෝ......

      Delete
  12. මේ ගිතයේ වැඩි කොටස මෙන්ඩිස්..
    එල ද බ්‍රා
    යකෝ බලන් ගියාම අපේ නම තියන වැඩ්ඩොත් ඉදලා තියනවා

    ReplyDelete
    Replies
    1. යකෝ උඹට පෙනුන දේ....... ඔව් ඔව් වැඩ්ඩෝ වර්ග ගොඩක් ඉන්නවා

      මෙන්ඩා වැඩ්ඩෝ
      බ්‍රා වැඩ්ඩෝ
      ද වැඩ්ඩෝ
      ඒල වැඩ්ඩෝ

      Delete
  13. හිමිතැන නොදීම වරදක් තමයි. දුන්නනම් මෙලහකට බැසිල් මල්ලිත් එක්ක ජාතික රෝහලේ ඉන්න තිබ්බා පරණ කතාවක් දාගෙන

    ReplyDelete
    Replies
    1. ඔය කිව්වේ ගානට....... ඒහෙනම් ඉතින් ඒන්නේ අැම්බියුලන්ස් ඒකේ.... යකෝ ඊළග නඩු දවසට හර්ස් ඒකේ ඒයිද දන්නෑ,...

      Delete
  14. මේ සිංදුව මෙහෙම වෙනස් කරලා උඹට නිලා ගහලා ගනී හිටං.

    ReplyDelete
  15. :D :D :D
    හොඳ හොඳ හීන එළිවෙන ජාමෙට කිව්වලු. චුට්ටක් බලන් ඉමු අපිත්

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...