Saturday, May 2, 2015

විලියම්ගේ අලුත උපන් දියණියට අාදරයෙන්.................



සැපනම් තමයි.
තාත්තා කිරුළ හිමි කුමරු...
සීයා කිරුළ අහිමි කුමරු...
අාතම්මා රුජිණ...
තව මොනවද මීටත් වඩා.................

ඒත් නුඹ ලොකු දැරියක් වුණාම තේරේවි
එක පැත්තකින් කිරුළ
පරම්පරා තුනක් අෑතින් තිබුණත් 
උණුසුම දැනෙන කිරුළ...........

අනික් පැත්තෙන් ඒකාධිපතීන්,
ඒකාධීපති අාණ්ඩු වගේම
රජවරු පවා ප්‍රතික්ෂේප කරන
අතිශය ලිබරල් සමාජය...........

දැන් ලෝකයම බලාන ඉන්නේ නුඹ දිහා
දැනට නොදැනුනාට ටිකෙන් ටික දැනෙයි
ඒකෙ බර...... පීඩනය..... කරදරය......
කවදාවත් තමන්ට වුවමනා දේ කරන්න බැරි
රටට සහ ලෝකයට අවශ්‍ය දේම කරන්න වෙන
කුමාරියක් වුණාම තියෙන අමාරුව............................

ඒත් සමහර විට උඹටත් හැකිවේවි
රට්ටුන්ට බයේ හැංගිලා ජීවත් නොවී
ලෝකයාට බයේ උන්ගේ පදේට නොනටා
කිරුළටවත් සමාජයටවත් යටනොවී
තමන්ට නේ විදිහට අඩුම ගානේ
තමන්ගේ මිනිහාවත් තෝරාගන්න

හරියට සීයා වගේ....................................


තුෂාර විතාරණ


.

19 comments:

  1. ආත්තම්මා වගේ ලස්සන හදවතක් ඇයටත් හිමි වේවා,,,
    නපුරු පැපරාසිනන් ගෙන් බේරී ජිවත් වෙන්න හැකි වේවා

    ReplyDelete
    Replies
    1. ඒත් ඒ අත්තම්මා සමහර වෙලාවට නපුරු වෙනවානේ......................

      Delete
  2. හරියටම කියනවානම් සීයා වගේ නෙමේ අත්තම්මා වගේ.

    හම්මේ ඉතිං කිඹුහුමක් යන හැටිත් පත්තරේ වැටුනම රැජිනගෙන් බැණුම් අහන්න වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒක හරි මාධවී.................

      කෑමක් කන්න, අැදුමක් අදින්න, යාලුවෙක් අාශ්‍රය කරන්න, ගමනක් යන්න හිතනවාවත් බොරු තමා ඉතින්

      Delete
  3. නුඹ වෙනස් වනවාටටත් වඩා ලෝකයම නුඹ දිහා බලන විදිහ වෙනස් වෙනවනම් කොච්චර හොඳද කියල හිතෙයි .......

    ReplyDelete
    Replies
    1. අැත්ත හංසි................

      මං මේ බැලුවේ අපේ බ්ලොග් කාන්තා සංගමය විතරයි තාම මේකට තතු කිව්වේ.... පිරිමි ගෑණු කතා වලට අත දානවා අඩුයි වගේ නේද???? නැත්තම් කුමාරිකාවක් කිව්වා ම අවුල් වෙලාවත්ද????

      Delete
  4. මම නම් කියන්නේ ඔය කෙල්ලගේ ජිවිතේ අපරාදේ....නිකන් හැංගි හැංගි තමා ජිවත් වෙන්ඩ වෙන්නේ.....
    හැබැයි ගේමක් දීලා බලු මාධ්‍යකාරයන්ට ගේමක් දීලා ඕනේ විදියකට ජීවත් වෙන්ඩ පුළුවන් නම් මල් හතයි...

    ReplyDelete
    Replies
    1. ඔව් රූපේ..............

      අැය දැනටමත් මේ ක්‍රමය තුළ පීඩනයට පත් වෙමින් ඉන්නේ.. අැයට ඒක දැනෙන්නත් බොහෝ කලක් යාවි.... ඒත් තේරුම් අරන් ඊට අභියෝග කළොත් ජීවිතයක් තියේවි.. නැතිනම් ලෝකයට ම ඔ්නේ විදිහට කූඩු වෙලා ඉදලා මැරිලා යාවි

      Delete
  5. ලස්සනයි කුරුටු. කුමරියට ලොවේ හැමගෙම ආදරය හිමි වේවා!

    ReplyDelete
    Replies
    1. අපිත් ප්‍රාර්ථනා කරන්නේ පීඩනයෙන් තොරවූ අාදරයක් ලැබේවා කියලා තමයි...........

      Delete
  6. කතාව ඇත්ත.. රජ පවුලේ ඉපදෙනවා කියන එක ලේසි දෙයක් නෙමෙයි.. කිරුළට හිම් කම් කියන්න නම් වෙන්නේ නැති වේවි.. ඒත් රාමුවකට හිර වෙලා ඉන්න වේවි..

    ReplyDelete
    Replies
    1. ඔව් දිනේෂ්..................

      අර අන්තිම ලිබරල් සමාජය තුළ අතිශය සාම්ප්‍රදායික කිරුළක් රෙද්දට ද නේද???? යකෝ ලෝකයට කෑ ගහන්න කලින් තමන්ගේ අැහේ තියෙන පරාලය අයින් කර ගනිල්ලාකෝ

      Delete
  7. ඇත්තට එහෙම ඉපදෙන එකත් එක අතකින් හෙන කරුමයක් තමා නේද.

    //තමන්ට ඕනේ විදිහට අඩුම ගානේ
    තමන්ගේ මිනිහාවවත් තෝරාගන්න
    හරියට සීයා වගේ//
    ++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. මොන දුකක්ද මනා............ ජීවිතේම හිරවෙලානේ....... ලෝකේ ඉන්න හැම හිගන්නෙක්ටමත් තියෙන නිදහස ඒ ළමයා ඉපදුන දවසේ ඉදලාම ඒයාට නැහැනේ

      Delete
  8. ඕක හරියට ඇඹුල් කනකොට බලන් ඉන්න අයට කටට කෙල උනනෝ වගේ. අමාරුව දන්නේ කන කෙනා විතරයි

    ReplyDelete
    Replies
    1. හරියට ම හරි ............

      අැත්තම කතාව ඔ්ක තමා......

      Delete
  9. අනිත් එක මට UK වල ඉන්න යාලුවෝ කිව්වා UK වල බුවාලට පට්ට මල ලු රජ පවුල එක්ක , මොකද උන් ජනතා මුදල් වලින් යැපෙන නිසා.අලුතින් ළමයෙක් රජ පවුලට ඉපදෙනකොටත් සුද්දෝ කියනවලු "හපොයි ඔන්න තව එකෙක් ආවා අපේ සල්ලි කන්න" කියලා. ඒත් ඉතින් මේ පොඩි උන් මොනා කරන්නද බන් ඒකට ?

    ReplyDelete
    Replies
    1. ///අනිත් එක මට UK වල ඉන්න යාලුවෝ කිව්වා UK වල බුවාලට පට්ට මල ලු රජ පවුල එක්ක , මොකද උන් ජනතා මුදල් වලින් යැපෙන නිසා.///

      ඒ කාලකන්ණි එහෙම කිව්වට එහෙම හිතුවට උන් අමතක කරපු අපේ උන්ටත් මතක නැති සත්‍යය තමයි ඔය රජ පවුල තමයි අපේ වගේ රටවල් වලට ඇවිත් ඒවා මංකොල්ල කාගෙන ගිහින් උන්ගේ රටවල් සුඛිත මුදිත කලේ කියලා
      ඒ සාමාන්‍ය මිනිස්සුන්ට පවා මේ රටවල් වලට ඇවිත් කුණු කොල්ලෙට ඉඩම් අරගෙන අපේ මිනිස්සු තලා පෙලාගෙන දියුණු වෙන්න ඉඩ සැලසුවේ ඔය රජ පවුල
      ඔය රටේ මොන තරම් දේවල් තියෙනවද අපේ රටින් හොරකම් කරගෙන ගියපු දේවල්, ඒ සමහර බඩු තියෙන කෞතුකාගාරෙකට ගිහින් අඩු ගානේ ඒ දේවල් වල ෆොටෝ එකක් ගහන්නවත් ලැබෙන්නේ නැහැ අපේ රටේ උන්ට
      ඒ හොරකම් කරපු සහ අපේ රට වලින් උපයපු දේවලින් ලබපු අඩිතාලම නිසා තමයි උන් දැන් දියුණු...
      වැඩක් නැති මට්ටමට ආවට පස්සේ බරක් වගේ දැනුනම නිකම්ම නිදහස දීල ගියේ අපිට තියෙන ආදරේකට නෙමෙයි,
      යුෂ බීලා රොඩ්ඩ ඉතුරු උනාට පස්සේ වැඩක් නැති නිසා
      හරිනම් අපියි ඕකුන්ගේ පවුලේ එවුන් දැක්කම සාප කරන්න ඕනේ, බනින්න ඕනේ
      උන්ගේ රටේ එවුන් නෙමෙයි

      ///ඒත් ඉතින් මේ පොඩි උන් මොනා කරන්නද බන් ඒකට ?///
      මේ කතාව හරි බං... පොඩි එවුන්ට ඉපදෙන තැන තීරණය කරන්න බැහැනේ...

      Delete
    2. අැත්ත කතාව මචංලා.................. ඒත් අන්තිමට පොඩි උන් මොනවා කරන්න ද ඒවාට නේද??

      Delete

Related Posts Plugin for WordPress, Blogger...