Saturday, February 22, 2014

විවාහය..................





කාපට් මාර්ගයක
දෙපසින්ම ව්හිද යන
ශ්වේත රේඛා යුග්මයන් සේ
එකිනෙකට මුහුණලත්
කිසිම දින හමු නොවන..........
දෙමසකට වතාවක්
හමුව සැලසුම් කරන
සයිබර් අවකාෂයේ
හැඟීම් ගනුදෙනුව..............
මිනිත්තු දෙකක් දිනකට
සුව දුක් විමසා බලන
දහසකුත් ඉදිරියේ
දිව්රා ගිව්සගත්.............
ඔබට මා ද නැති
මටද ඔබ ද නැති
පොතේ පමණක් ම ඇති
හිතෙහි කිසිදා නොරැඳි..............
ලොවට බියෙන්
සුරුවම් කරන
අකුරු හතර
වි.......වා..........හ.......ය


කාංචනා චන්ද්‍රෙස්කර

Thursday, February 20, 2014

ඈවරයි........දෑවරයි...............




දිළෙන රන් තරු පැහැය තවරා
හමන මද නල සිසිල දනවා
සඳේ නොමියන කුළුම් පුරවා
එකළු කළ මගෙ දිවිය සනසා............

කල්ප ගණනක් පෙරුම් පුරලා
සොඳුරු සරසවි බිමෙහි දිව්රා
බැඳුනු දෑඟිලි සිතේ රඳවා
ඔබ ගිහින් දුර ඈත හඬවා..............

පරස්පර වූ හීන දැකලා
අපගේ සිත් අප රවටවාලා
හෙළූ කඳුලැළි බිම වැටීලා
සොඳුරු සරසවි බිම තෙමීලා............

එක්ව යන්නට හදෙන් දිව්රා
ලංසු තැබුමුත් පෙමට සැමදා
ඈවරයි දෑවරයි ඔබ මගෙන් උදුරා
ගත්ත ඇය අද ඔහුගෙ වීලා..............

සිනා නොම වෙමි ඔබට කිසිදා
ඔබට බැඳි පෙම ඔහුට පුදලා
හදේ ලූ හිස්තැනම පුරවා
ඔහුගේ සිහිනය මගෙම වීලා..............

නේක රසඳුන් ගතෙහි තවරා
ඔහුගේ පෙම් ලොව රැජින වීලා
හිඳින්නෙමි මම හදෙන් දිව්රා
සිතටවත් ඔබ නොඑන් කියලා............


කාංචනා චන්ද්‍රෙස්කර



Friday, February 7, 2014

අපායක දී....................................



වරම් ලැබු‍වෙමි දින ‍දෙකක්
 සැරිසරන්නට මහා අපා‍යේ
ඉතින් ඇරි‍යෙමි අගුළු ‍දොර දුන් 
යතුර අර‍ගෙන අපා‍යේ
මග උප‍දෙසට ‍නොමිල‍යේ
යක්ෂ‍යෙක් ලැබුණා අපා‍යේ
ඇරඹුවා සැරිසැරිමි මා ‍පෙර
තබා වමි පය අපා‍යේ..................

කටු ඉඹුල ‍ලෝ නැළිය දුටු‍වෙමි
ඇසූ කතා වල ‍පෙර කළ
උල තබන තැන ‍ගෙල සිඳින තැන
‍තෙල් නැළිය ඇත මුළු වල
කතා වල නැති දැක පුරුදු ඇති
නමක් දැක්‍කෙමි මුලට ,ල,
ලංකාව බව දුටු විටදි ම‍ගෙ
‍‍හෙළුව ‍පෙ‍නෙනා ‍ලෙස යස..........

‍කෙ‍සේ ‍‍‍හෝ ‍දොර ඇරන් ඇතුළට
ගිය විටදි මම දුටු තැන
‍වේදිකා‍වේ දැක පුරුදු අය
වට ‍මේස‍යේ ‍බොයි මදු පැන
සර්! ඔබලට නැද්ද දඬුවම්
ලංව ඇසු‍වෙමි ම‍ගෙ පැන
මල්ලි! යමයා ගියා ‍දෙව් ‍ලොව
අපි දීපු ‍කොමිෂන් ‍ගෙන..............


‍මෙත්මල් සුබසිංහ





Tuesday, February 4, 2014

‍හෙට දින පාර්ලි‍මේන්තුව ?...................



පබා ඕෂධී අනර්කලී
ගීතා රුවන්ති ජින්ජර්
රඟයි දැක්මන් විලාසිතා
බලයි අපි ‍ලොබ බැඳන්........

සිංග්ලිෂ් වදන් වැල්
‍තෙපලමින් චාටු බස්
කරයි අපටම මුසා
රවටමින් එහි ඉඳන්..............

මැකියා‍වෙල්ලි‍ගේ කුමාරයා
lion fox  න්‍යායන්
ඇරිස්‍‍ටෝට්ල් ප්‍ලේ‍ටෝ
තියා ‍නොදනියි ‍අද ගැනත්...........

ර‍ටේ ‍හෙට ගැන වුනත්
‍ගොතයි පද ‍දෙක තුනක්
නදීෂා ඉඳන් තාලයක්
‍‍දේවි කදිමට නළඟනන්.............

රඟන දැක්මන් විලාසිතා
‍ගොතන බයිලා හැඩ දමා
රඟන නැටුමන් බල බලා
අපිත් ඉඳීවිද සැනසිලා............


කාංචනා චන්ද්‍රසේකර

Monday, February 3, 2014

අසම්මතයේ සොඳුරු වග.............................



සිහින් සිරිපොද වැටෙන වැහි බිඳු
හීන් සැරයෙම වියළිලා
සොඳුර ඔබ මා බැඳුණු අත් වැල්
අපිට නොදැනිම ගිලිහිලා................

සොඳුරු අහඹුව මැව්ව අරුමය
අසම්මතයේ පැටලිලා
සදා ඔබ ළඟ රැඳී ඉන්නට
 නොහී මගෙ සිත පෑරිලා....................

එදා සෙනෙහෙන් බැඳුන වග තුග
ගලේ ඇඳි ලෙස ලියවිලා
මගේ නෙත් තුළ ඔය සොඳුරු බව
සිරවෙලා මට හැඬීලා......................

අගුළු ලා තද කර පතමි මම
හදේ කොනකටවත් එපා
අගුළු සිඳ ඔබ යදම් හී සර
හදෙහි කිමිදෙන රඟ සුබා..................

කාලයේ රුදු බව ඔබව මට
කළත් අහිමිව සැහැසිකම්
මගෙ නෙත් පියවෙන නිමේෂෙත්
දුවයි මසිතට ඔබව නම්.....................


කාංචනා චන්ද්‍රෙස්කර 

Thursday, January 30, 2014

ගැට‍ඹේ බෝ සමිදු නමදිද්දී සිහි කළෙමි..................



රෑ සඳපහන දිළිසෙන ඝණ කළුවරට
ගැට‍ඹේ බෝ සමිදු නැමදිමි මම ‍පො‍හොය දින
පැතුවා පැතුම් දහසක් ම‍ගෙ   සි‍යොළඟට
‍බෝ සමිඳු‍නේ ‍දෙනු මැන මට සිත සුවය..............

පසු කර මල් වත්ත ‍පේරා‍දෙනි සරසවිය
හදවත ගැ‍හෙයි සිරකරමින් සි‍යොළඟම
ඔබ ‍නෙත ගැ‍ටෙයි මම බිය‍වෙමි හැමදාම
‍බෝ සමිඳු‍නේ ‍නෙත ‍නොගැ‍ටෙන් ඔබ මටම............

සිත්තම් කරන ලද ‍පෙම් සැමරුම් අප‍ගේ
සිරකර හඬමි හැඬුමන් සඟවා රහ‍සේ
අමතක කර ‍දොරඟුළු ලූවත් මසි‍තේ
සිහි වී හැඬුම් එයි නිතරම හද පතු‍ලේ................

දහසක් ‍බො‍හෝ දෑ හැඳි‍නෙමි  ඔබ‍ගේ ගැන
එනමුදු අඩු ‍නො‍වෙයි ‍සෙ‍නෙ‍හේ කිසිදාක
පත‍නෙමි ඔබට ගැට‍ඹේ සමිඳු‍ගෙ පිහිට
සිර කර තබමි හද පතු‍ලේ ඔබ‍ගෙ රුව..............

කාංචනා චන්ද්‍රසේකර
.



Monday, January 27, 2014

නයි නළඟනගෙන් පසුව සුදු කැස්බෑවාට පිං සිදු වන්නට......................






ශ්වේත කැස්බෑ රැජිනියනි ඔබ
කරන ලද අකුසලයකට ලෙද
ගැනුම්කරු රට දිනූවකු විය
පූර්වයෙහි කළ කරුමයක තර...............


දහසකුත් දෙන උහුලමින් ගිනි
කුසට අහරක් පතන රටකදී
පුවත් මැව් නයි නළඟනම සේ ඔබ
පුවත් මැව්වා ඉකුත් වසරෙදී...................


වෙළාලගන නයි රජකු ඇඟ වට
සුරාවෙන වී මත් මුලාවෙන
පිරිමි සැනසවූ පුරා රැයෙදිම
පුවත් මැව් නළඟනක විය ඇය.................


අසම්මත නයි ඇසුර හෙළි කර
හඬන සඳ ඇය උසාවිය ළඟ
දෑස නොවසා ඉකි ගැසිනි මට
අහෝ රටකට වෙච්ච අරුමය..................


ශ්වේත කැස්බෑ රැජින ඔබ හට
කතා කරනට නොහැකි පිනකට
පුවත් මවනා දනන් ඔබ හට
කතා හදනා අරුම නොපෙනෙද..................


කළක් නයි නළඟනක පස්සේ
එළව එළවා පුවත් සෙව්වේ
අහෝ එදනන් ඔබම මත්තේ
නැහෙන හැටි දැක හැඬුම් එන්නේ................


කුසට අහරක් හිසට සෙවණක්
පතන මිනිසුන් හඬන රටකදි
නයි නළඟනන් කැස්බැ රැජිනන් 
මවන පුවතේ අරුම මක්කේ......................


කාංචනා චන්ද්‍රෙස්කර


Saturday, January 25, 2014

මැරුණු අප්පා දනී නම් උඹ රෙදි නැතිව නටනා අගේ ..........................



හිරුණිකා මගේ නංගියේ ඇයි
කොළොම් පුරයට ගොඩවුණේ,
අප්පා මැරු එක හම්බකරගෙන
කන්න යනවද නංගියේ .....................

සුදු ඇදන් නුඹ උසාවිය දොර
දිවා රෑ සක්මන් කළේ,
මිනීමරුවන් රටින් පන්නපු 
උන් හිනාවෙනවා නගේ .............................

අප්පා මැරුවම නංගියේ උඹ
අඩ අඩා නෙව දුක්වුණේ,
මැරු එකා ළග මැතිසබේ හෙට
පෙම්කෙළින්නට යයි වගේ .........................

මැරුණු අප්පා දනී නම් උඹ
රෙදි නැතිව නටනා අගේ,
ආයේ ඇවිදින් උඹ මරාගෙන
මැරෙනවා සත්තයි නගේ .......................


කසුප් අනුරාධ

.

කෑම වෙනුවෙන් දිවීම සහ කෑම දිරවීමට දිවීම ..................

ඇස් ගිලී හකු ඇට පෑදුණු,
කලු ගැහුණු මුහුණු වලින් වේදනාව බේරෙන,
නෙරූ කළගෙඩි වැනි බඩගෙඩි එල්ලාන,
කුරුටු කොන්ඩය නියෙන් කසමින්,
කොරළ පිපුණු කෝටු කකුල් වලින් පණගනිමින්,
ඉරටු කූරු වැනි ඇට ගැහුණු අත් දිගුකරමින්,
උන් දිවයති.........................
වේල් ගණනක් නොව දවස් ගණනක්,
අහරක් නොලද හිස් කුස් වෙනුවෙන්,
පාන් පිටි ගුලියක් හෝ ලැබේදැයි බලමින්.
උන් දිවයති.......................


මස් පිරුණු හකු එල්ලා වැටෙන,
බෙල්ලක් නැතුව කර මුහුණට පිම්බුණ,
පපුව බඩටත්, බඩ දණිහටත් බේරුණ,
කකුල් තරමේ අත් කොට ඇති,
ඉණ පනහේ කලිසම් ඇදගත්,
විකෘති වූ අගපසග ඇති,
උන් දිවයති .....................
මාස ගණනකට සරිලන කෑම
වේලට දෙකට ගිලදැමු බඩ වෙනුවෙන්,
තවත් වේලක් කන්නට ඉඩකඩ විවර කරගනු වස්,
උන් දිවයති .........................

තුෂාර විතාරණ

.

Tuesday, January 21, 2014

රැවටිලිකාර කොක්කට කොක්කක්................




කවිකාර වදන් වැල් රස මුසුව ගොතා ගෙන
ඉර හඳත් මුතු රනුත් රැගෙන දී පය මුලට
ලොව පුරා දිළෙන තරු රැසක උපමාව ගෙන
නොදිළේවි ඔබ වන්ව පවසමින් නිරතුරුව............

හිටි අඩියේ සිහි වෙලා හලෝ කොහොමදැයි අසා
රැය පුරා බොරු සෙනෙහේ ගඟේ මා පා කළා
නළවමින් බොහෝ සිත් නිදිවරා රැය පුරා
එළි වෙලත් නිදිකිරයි වී වගේ මං මුලා.............

දහසකුත් අනග පෙම් රැගුම් සුරවිමනෙදී
සනසවා ඇගේ සිත කිමිදවා රස ගඟේ
දිව්රමින් ඔබ මගේ යැයි කියා තෙපලමින්
නොයෙක් ඇවිටිලි කරයි මා හටම වද වෙමින්..........

කවිකාර ඔබේ සිත් මණ්ඩපය බොර දියක්
බොර දියේ පාව යන කඩදාසි ඔරුව මම
පාව යනු මිසක එහි නොගිලෙමිය ගැඹුරු දිය
බොර දියක ගැඹුර දැන පාව යන ඔරුව මම............

කාංචනා චන්ද්‍රසේකර

Related Posts Plugin for WordPress, Blogger...