Saturday, December 3, 2016

ගහපියකෝ ලක්ෂ දෙකහමාරක්ම............. ඉවරයිනේ.


දැන් ඔය කියන විදිහට රට වල්වැදිලානං
හැම එකාම බීලා ලයිසන් නැතුව යනවානං
කනේ ගෑවෙන්වන වමෙන් ඉස්සර කරනවානං
ගහපියකෝ ලක්ෂ දෙකහමාරක්ම............. ඉවරයිනේ.


තගදාලා බය කරාම ඔය තරංම හැදෙනවානං
නීතිය නහයට උඩින් ගලද්දි රට බබළනවානං
දඩ ගගහා උසාවි ගානේ දක්කද්දි තොපිට මාරයිනං
දීපියකෝ ජීවිතාන්තය දක්වා ම................. ඉවරයිනේ.


මහඋන්ට පඩි වැඩි වෙලා කාර් පර්මිට් හම්බෙනවානං
මහබැංකුවෙන් අරහෙන් මෙහෙන් ගතමනාවත් ලැබේනං
ඡන්දෙ දුන්න උන් ටිකෙන් ටික නංපචං ගානවානං
දීපියකෝ මරණ දඩුවමම....................... ඉවරයිනේ.


කසුප් අනුරාධ



.

30 comments:

  1. இதඉවරයි..

    ජ ය වේ වා !!

    ReplyDelete
    Replies
    1. ගල්බාගේ මේසේ යට උඹ අද එනවාද

      -ප්‍රසனන-

      Delete
    2. කෝ හල්කිරීම??

      Delete
    3. උඹටත් දැන් හල්කිරීම තමා ඕනේ නේද???????

      Delete
  2. Replies
    1. කවිය එළ වුණාට ලොක්කෝ ජීවිතේ නං අනාත වේගන යන්නේ.........

      Delete
  3. කවුද ඩෝ පොලිස්පතිට වගේ පොලිස් වාහන වලටත් නීතිය නවන්න බෑ කියන්නේ? අල්ලලා නවලා බුබුලේ බූ කරනවා හරිය?

    ReplyDelete
    Replies
    1. සර් කිව්වොත් ඉතින් අපි අහවල් එක වුණත් දෙනවා....... කීයටවත් ඇරස් කරන්නෑ සර්.........

      Delete
  4. අපිට පිස්සු කසුප්........

    ReplyDelete
    Replies
    1. අපිට 2020දි වත් ආයෙම පිස්සු හැදෙන එකක් නැහැ මයේ හිතේ........

      Delete
    2. එදාට මීට වඩා පිස්සු ඩබල්වෙලා තියෙයි. රැවටෙන එක නවත්තන්න වෙන්නේ වෙන ක්‍රමේකින් වගේ.

      Delete
    3. මොනවා................... එහෙම එකක් වෙයිද????

      Delete
  5. Replies
    1. දඩයමට එරෙහිව...........

      Delete
  6. නීතිය ඉදිරියේ මහ උන් ගොඩක් සමානයි...
    මහ හොරු ඩීල් දාල කියන එක අපුරුවට ඔප්පුවෙනවා.
    ජහ පාලනේට අබ සරණයි...
    ලලිත්...
    සිංහල බ්ලොග්ගල...

    ReplyDelete
    Replies
    1. දැන් දැන් ආණ්ඩුව රෝන්ග් යන්නේ ලලිත්..............

      Delete
  7. ලයිසන් චන්ඩි මචෝ...
    අපි අයින් වෙලා යමු

    ReplyDelete
    Replies
    1. අපි අයින් වෙලා පයින් යමු මලේ...................

      Delete
  8. Replies
    1. අනිවා තමයි මචං.........

      Delete
  9. දඩේ නම් වැඩියි මචං.හැබැයි එහෙමයි කියලා උන්ට ඕන ඕන විදියට නටන්න දෙන්න හොඳ නැහැ තමයි.

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නැහැ මචං........

      Delete
  10. කසුප්, කවුරුහරි තමන්ව යටපත් කරන්න හදන කොට යන්න එපා තවත් සෘන පැත්තට.. කවියෙන් හරි යන්න බලන්න උඩට

    ReplyDelete
    Replies
    1. රටම යටපත් කරන්න යන්නේ..............

      Delete
  11. http://www.get-in-love.com/?subid=16120508_16_42551_58451d66e2fd6f&utm_source=a42551s42472

    going to site...from ur blog Kasup

    ReplyDelete
    Replies
    1. එහෙමද?????????? අවුලක් තියෙන වග අරූත් කිව්වා............ කවුරු හරි උදව්වට ගන්න වනවා නේද?????

      Delete
  12. මට මතක් වෙන්නේ නන්දා මාලනීගේ සින්දුවක්. “නීතිය උන්ගේ හිරබත අපේ උන්ගේ...“.

    ReplyDelete
  13. ාර්ලිමේන්තුවේ කැන්ටිමේ පුන්නක්කු දෙන්න පටන් ගන්න ඕන පලමුවෙන්ම..ගහටන් ගත්තනම් නෙ හොද

    ReplyDelete
  14. මම සති දෙකකට කලින් කටුනායක එද්දී 15 වත්වක් වමෙන් ඉස්සර කලා. නැතිව බැහැ කියලනේ කියන්නේ. දෙන්නෙක් ඉදිරියෙන් වාහන එන පාරේ ගිය. ඒ පැය එකහමාරක් ඇතුලත. කසුප් මල්ලියේ නවත්වන්න වෙන අදහසක් වත් කියන්න.

    ReplyDelete
  15. බඩුත් හාන්දුරුවන්ගේ නඩුත් හාන්දුරුවන්ගේ කිව්වලු...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...