මම ගියා අවුකන
බුදුන්ටත් දෑස් දුන් මිනිසා සොයා..............
එක රැයින් තරු බවට
පත්වන ලාංකීය ගීත සාහිත්‍යයේ අදටත් උත්කෘෂ්ට පරිකල්පනයෙන් හෙබි ගීත නිර්මාණ බිහි
නොවේ යයි කිව නොහැක. නමුත් එවන් ගීත අද බිහිවන්නේ අතළොස්සකි. එවන් ගී පද රචනාවන්
නූතන පරම්පරාව රුචි නොකරන තත්වයක් උදා වී තිබේ. මා අද තෝරාගත්තේ දැනට වසර දෙක
තුනකට පෙර ලාංකීය ගීත සාහිත්‍ය වංශකතාවේ තවත් එක් සළකුණක් තැබූ ගීතයක් පිළිබඳ සරළ ඉතා
සියුම් කියවීමක් කිරීමටය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කියතොත් මෙය උත්කෘෂ්ට ගීත
නිර්මාණයකි. මේ සඳහා වසරේ හොඳම ගී පද රචනය,
තනු නිර්මාණය, පමණක් නොව හොඳම ගායනය සඳහා ද සම්මාන
හිමිකර ගැනීමට සමත් වේ. තවත් අටුවා ටීකා කීමට අවැසි නැත. එම ගී පද රචනය නම් රජී
වසන්ත වෙල්ගමයන් විසින් ලාංකීය ගීත සාහිත්‍යයට දායාද කළ ”මේ තරම් සියුමැලිද
කළුගල් සිතන්නටවත් බැරි නිසා” යන ගේය පද රචනාවයි.
මෙකී ගීතයට තනු නිර්මාණය කරන්නේ නූතනයේ සංගීත විශාරදයකු වන දර්ශන රුවන් දිසානායකයන්ය.
එම තනුව මධුරතර හඬින් ගයමින් අප
ඉදිරියට ගෙන එන්නේ මධුර මනෝහර හඬ පෞරුෂයක්
හිමි සුනිල් එදිරිසිංහයන්ය. ගීතය තරමක් පැරණි වුවද අදටත් මෙහි රස නොනැසී පවතී.
එනිසා අදටත් රසිකයන් අතර ජනප‍්‍රිය තත්වයේ පවතී යයි කිවහොත් එය සාවද්‍ය නොවේ.
රජී වසන්ත වෙල්ගමයන්
යනු නූතනයේ බිහිවූ අපූර්ව පරිකල්පනයෙන් හෙබි නිර්මාණකරුවෙකි. අපට එදිනෙදා දෘෂ්ඨි
පථයට හසුවන දේ පවා ඔහු ගේ දෙනතින් දැක හදවතින් සිතන්නේ අපූර්ව ආකාරයකිනි. මෙය දක්ෂ
නිර්මාණකරුවකු සතු ලක්ෂණයකි. ඔහුගේ තෙළිතුඩින් මෙලොව දුටු මෙම ගී පද රචනය තුළින්
අප එක්වරම අපේ පැරණි මුතුන් මිත්තන්ගේ හෙළ රාජධානි වන අනුරපුර, පොළොන්නරු යුගය දක්වා
එක් වරම ගෙනයයි. එපමණක් නොව ඔහු අප එම යුගය දක්වා ගෙනගොස් එහි මොහොතකකට අප නතර කර
අප දුටු අතීත කලා නිර්මාණයන්ම අමුතු ආකාරයකට පෙන්වන්නේ දක්ෂ මග පෙන්වන්නෙකු
ලෙසිනි. ඒ ඔහුගේ අපූර්ව පරිකල්පන ශක්තිය නිසා නොවේද ? සාමාන්‍ය ලෝකයේ අප
දැක තිබෙන දේ දෙස ඔහු අපූර්වත්වයකින් නැතිනම් අමුතුම අයුරකින් දකින්නට සමත් වී
තිබේ. එපමණක් නොව එම යුගය දක්වා අප මනසින් ගෙනයාමටද ඔහුගේ නිර්මාණය සමත් වේ.
”මේ තරම්
සියුමැලිද කළුගල්
සිතන්නට වත්
බැරි නිසා
මම ගියා අවුකන
බුදුන්ටත්
දෑස් දුන්
මිනිසා සොයා ”
වෙල්ගමයන් අප
කිසිදා නොසිතූ දෙයක් ගැන අපගේ අවධානය යොමු කිරීමට උත්සාහ ගනී. එනම් අප බුදු
පිළිමයක් දුටු සැණින් ඒ දෙස බලා නමස්කාර කර මල් පුදා එතනින් නික්ම යයි. නමුත්
වෙල්ගමයන් එතකින් නතර නොවේ. ඔහු කලා නිර්මාණයේ අපූර්වත්වය විඳිමින් මොහොතක්
ඒ ගැන සිතමින් අතීතයට යයි. එනම් ඔහු නමස්කාර කිරීමෙන් පමණක්ම නතර නොවේ. මන්ද එම
උත්කෘෂ්ට කලා නිර්මාණය ලොවට දායාද කරමින් අවුකන පිළිම වහන්සේ සිරිලකට දායාද කරමින්
දෙනෝදාහක් ජනතාවට වන්දනා කිරීමට උන්වහන්සෙට
නේත‍්‍රා දුන් කලාකරුවා සොයා යාමටද අමතක නොකරයි. අවුකන බුද්ධ ප‍්‍රතිමාව
යනු අපගේ 2500 ක් තරම් පෞඪ
ඉතිහාසය අපට කියා දෙන එක් උතුම් කලා නිර්මාණයකි. මෙය අපේ පැරණි ඉතිහාසය අපට කියදෙන
එක් උත්කෘෂ්ට නිර්මාණයකි.
කළුගල් යනු
මොලොක් මෘදු දෙයක් නම් නොවේ. අවුකන බුදු පිළිම වහන්සේ දුටු සැනින් අප ගේය පද රචකයා
ගේ සිතට නැගෙන් මෙවන් නිර්මාණයක් කිරීමට තරම් කළුගල් මෙතරම්ම සියුමැලි
දෙයක්ද කියාය. මා ඉහත කී ලෙසින් අප තාක්ෂණයෙන් දිනෙන් දින ඉදිරියට ගියද මෙවන්
උත්කෘෂ්ට නිර්මාණයක් කිරීමට තවමත් අපට නොහැකි වී තිබේ. මන්ද හෙළ රජ දරුවන් සමයේ
සිටි දක්ෂ කලාකරුවන් විසින් මෙය එක් දිනකින්, සතියකින්, මාසයකින් කරන ලද නිර්මාණයක් නම් නොවේ. ඉතා
දිගු කලක් තිස්සේ සිය ඩහදිය මහන්සිය නොතකා සිදුකරන ලද උත්කෘෂ්ට නිමවුමකි. ඉතා දෘඪ
කළු ගලකට බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය මුසු කිරීම අප සැම දෙනාමටම පහසුවෙන්
කළ හැකි දෙයක් නොවේ. එසේ කිරීමට නම් ඔහු දක්ෂ නිර්මාණ ශිල්පියකුම විය යුතුය.
එමෙන්ම ඔහු මනා සංයමයකින් හා අසීමිත ඉවසීමකින්ද යුතු විය යුතුමය. මන්ද අතීතයේ අද
මෙන් තාක්ෂණයෙන් ඉහළ යන්ත‍්‍ර සූත‍්‍ර නොතිබුණි. අදටත් අපේ පැරණි ඉතිහාසය යයි අප
මහත් උජාරුවෙන් වර්ණනා කරන හෙළ කලාකරුවන්ගේ ස්වකීය නිර්මාණයන් සියල්ලක්ම සිදුකළේ
කටුව සහ මිටිය පමණක් ආධාරයෙන් යයි කීම සාවද්‍ය නොවන්නකි. කටුවක් සහ මිටියක් මගින්
මෙවන් උත්කෘෂ්ට නිමවුවමක් කිරීමට නම් නිර්මාණකරුවා කෙතරම් දක්ෂයකු යුතුද දැඩි අව්
රස්මියට ඔහුගේ සිරුර කෙතරම් වේදනා විඳින්නට ඇත්ද ඔහුගේ දෙනෙත් කීවරක් නිලංකාර
වන්නට ඇති ද? ඔහුගේ නළලට
නැගුණු දාදිය බිඳු මෙතකැයි කිව
හැකිද? එමෙන්ම ඔහු
මෙම කලා නිර්මාණය කිරීමට කොපමණ වාරයක් මිටියෙන් කටුවට පහර දෙන්නට ඇතිද ? ඒපමණක් නොව
මිටියෙන් කටුවට පහර දෙන විට කොපමණ වරක්
ඔහුගේ ඇගිලි කළු පාට ලේ පැල්ලම් මතුවන සේ මිටියට තැලෙන්නට ඇති ද? අප කලා
නිර්මාණ අසල සිටගෙන ඡායාරූප ගත්තා මිස මේ පිළිබඳ මීට පෙර මොහොතක් හෝ
සිතුවාද නිර්මාණය කළ කලාකරුවාගේ වෙහෙස මහන්සිය පිළිබඳ සිතුවා ද? පැරණි කලා
නිර්මාන අසල සිටගෙන එක් එක් ඉරියව්වෙන් ඡායාරූප ගන්නවට වඩා වැඩි යමක් අප මේ පිළිබඳ සිතිය යුතු
නොවේද ? අප ගේය පද
රචකයා අප අතීතය දෙස ගෙනයමින් උත්සාහ කරන්නේ අපගේ සිත මේ පිළිබඳ මොහොතක් හෝ
සිතන්නට හුරු කරවීමටය. ඒ දක්ෂ නිර්මාණකරුවකුගේ එකම අභිප‍්‍රායයි.
”කලාවැව ළඟ ඉලුක් හෙවනක
මැටි පිලක
පැදුරක් එලා
රිදුම්
පිරිමදිමින් බලයි ඔහු
මැරෙන ඉපදෙන
රළ දිහා”
කලාකරුවා යනු
අපූර්ව නිර්මාණකරුවෙකි. ඔහුතරම් සොබා දහමේ නෙත ගැටෙන දේවල් අපූර්වත්වයකින් හා
පරිකල්පනයෙන් යුතුව දකින්නට මිහිපිට තවෙකකු නැත. පරිසරයේ නෙත ගැටෙන හහ කොළට පවා ඔහු ආදරය කරන්නෙකි. වෙල්ගමයන් ගීතය තුළින්
රසිකයා කිසියම් ගැඹුරු චින්තනයක් කරා රැගෙන යාමට උත්සාහ ගන්නා බවක් විශද වේ. ඒ
අනෙකක් නොව බුදුදහමේ ඉගැන්වෙන ගැඹුරු චින්තනයක් වන ඉපදීම, කර්මය සහ පුනරුත්පත්තියයි. මේ ලෝකයේ උපන් කෙනෙක් වේ නම්
ඔහුට මරණයෙන් ගැලවිය නොහැක. උපන් කෙනෙක් වේ නම් ඔහුට මරණය සදාතනිකය. ඒ ලෝ දහමයි.
ඉපදීම දුකකි. බුදුරජාණන් වහන්සේ සංසාරය නැමති ගෙය හදන වඩුවා හමුවී සසර ගමන කෙළවර
කළ සේක. එහෙත් එකී යථාර්ථය තේරුම් ගැනීමට නොහැකව සසර ගමනට ලොල් වඩමින් අප තවමත්
සසර ගමන් කරති.
”ඉසුරුමුණියේ
නුඹ තැනූ
පෙම්බරිය
කොතනද කියා
මා ඇසූ කළ
හිනැහුනා ඔහු
තවම තනිකඩ
යැයි කියා”
උක්ත ගී පද
සංකල්පනාව දෙස නෙත් යොමා බලන කළ ගේය පද රචකයා හෙළ රජ දරුවන්ගේ උපදෙස් මත හෙළයේ
කලාකරුවන් විසින් නිර්මාණය කරන ලද අපේ හෙළ සංස්කෘතිය ලොවට හඬගා කියාපාන
නිර්මාණයන් සිහි ගන්වමින් අප අතීතය වෙත ගෙන යාමට උත්සාහ ගනී. අද වනවිටත් ලොව ඉතිරි
වී ඇති ගල් කැටයම් අතරින් අද්විතීය එමෙන්ම පැහැදිලි කැටයමක් ලෙස ඉසුරුමුණි පෙම්
යුවල ලොව පතල නිර්මාණයකි. මෙය තනි කළු ගලින් කළ නිර්මාණයකි. එමෙන්ම ඒ දෙස ඉතා
සංයමයෙන් නෙත් යොමා බලන කළ අපට පෙනී යන්නේ හෙල කලාකරුවා කෙතරම් දක්ෂ වීද යන්නයි. ඒ
අනෙකක් නිසා නොව ඒ තුළ අපූර්ව නිර්මාණ කෟෂල්‍යයක් පමණක් නොව පෙම්වතිය හා පෙම්වතා
තුළින් පවා සැබෑ මිනිස් ගති ගුණයන් විදහා පාන අයුරින් නිර්මාණය කිරීමට සමත්ව ඇති
හෙයිනි. එහි පෙම්වතිය වෙතින් සැහැල්ලූ බව පමණක් නොව ළද , බොළද, සුකොමළ බව මොනවට කියා පායි. එමෙන්ම පෙම්වතා
තුළින් සැබෑ පෙම්වතකු තුළ දක්නට ලැබෙන ගති ලක්ෂණයන් මෙන්ම එඩිතර බව, පෙරුෂය වැනි පිරිමි
ගති ලක්ෂණයන් ඉතා පැහැදිලි ලෙස විද්‍යමාන වේ. මෙවන් කළු ගලක් තුළට පෙම් යුවලකගේ
මානුෂීය ගති ලක්ෂණයන් කැටි කරමින් සැබෑ මනුෂ්‍ය සොබාවය ලෝකයාට පෙන්වීමට තරම් හෙළ
කළා කරුවා කෙතරම් දක්ෂ කැටයම් ශිල්පියකු වී ඇත්ද යන්න අප තව වරක් සිතා බැලිය යුතු
කරුණකි. මෙකී හෙළ කලා නිර්මාණයන් වෙත රැගෙන යන ගේය පද රචකයා පවසන්නේ එය නිර්මාණය
කළ කලාකරුවා හමුවීමට තමන් ගිය බවයි. මෙය යථාර්ථයක් නොනුනද ඒ තුළින් කුළුගැන්වීමට
උත්සාහ කරන අර්ථ රසය අපූර්වත්වයෙන් යුත්තය. ඉසුරුමුණියේ නුඹ තැනූ පෙම්බරිය
කොතනද කියා............ මෙම ගේය පද තුළින් වාච්‍යාර්ථය ඉක්මවන ව්‍යංග්‍යාර්ථයක්
මතු කරයි. එනම් මෙතරම් ලස්සන මනබඳනා පෙම්වතියක්
මේ ලොව කොහේනම් සිටිත්ද ඇය ඔහුගේ පෙම්වතිය නම් ඇය සිටින්නේ කොහිද යන ප‍්‍රශ්න
තුළින් මතු කිරීමට උත්සාහ කරන්නේ මෙතරම් සුන්දර යුවතියක් මෙලොව තමන් කොහේහෝ දැක
නොමැති බවයි. එසේ නම් ඇය සිටින්නේ කොහිද යනුවෙන් නිර්මාණකරුවා අසන්නට පසුබට
නොවන්නේ එනිසාය. නමුත් ඉසුරුමුණි නිර්මාණකරුවාගේ පිළිතුරෙන් අපගේ සිත් සතන් තුළට
එක්වරම සියුම් වේදනාවක් මතු කරන සෙයක් විද්‍යමාන වේ. එනම් ඔහු එදා ඉදිකළ පෙම්වතිය
පෙර දින තමා පෙම්කළ යුවතිය විය හැකි නමුත් තමන් තවමත් තනිකඩයකු බව ඔහු නොපැකිළිව
පවසන හෙයිනි. මෙය ඇසූ සැණින් අපගේ සිත් තුළට කිසියම් දුකක් සංකාවක් නැඟීම
නොවැළැක්විය හැකිය. මේ දක්ෂ කළා නිර්මාණකරුවකුගේ අපූර්ව පරිකල්පන ශක්තිය නොවේද
විශිෂ්ට නිර්මාණයකින් සමාජයට විය යුත්තේ
මෙය නොවේද නූතනයේ බිහිවන ගීත දෙස බලමින් මෙවන් විශිෂ්ට නිර්මාණයන් දෙස අප නැවත
වරක් මොහොතක් නැවතී සිතිය යුතු කාලය නොවේද මන්ද මේ තුළින් සහෘදයාගේ ගතට නොව හදවතට
ආමන්ත‍්‍රණය කිරීමට සමත් වන නිසාය.
පද ගැලපුම -
සුරංග එස්. විජේසූරිය
++++++++
ReplyDeleteස්තුතියි ට්‍රාන්ස්........
Deleteඅපූරු විචාරයක් කුරුටු....රජී ගේ මේ පදවැල අහන හැම වතාවකම මා විශ්මයට පත්වෙනවා ඔහුගේ භාව පුර්ණ නිර්මාණය කෞශල්‍ය ගැන හිතලා...
ReplyDeleteස්තුතියි..............පොකුරු ඔබගේ අදහස් දැක්වීම අපට සවියක්
Deleteමෑතකදී නිර්මාණය වූ අපූරු ගියක්. ස්තූතියි මෙවන් ගීයක් පිළිබදව සටහන් තැබුවාට.
ReplyDeleteජයවේවා!!!
ස්තුතියි ඔබගේ අදහසට..........
Deleteහොඳ විචාරයක්.. වත්මනෙහි හොඳ ගී නෑ කියා අඬනා උන්ට වෙලා තියෙන්නේ ලෙඩක්.. හොඳ නිර්මාණ ඕනා තරම්... ඒ ගැන දැණුම්වත් නැති වීමට ඒ මිනිස්සු මක්කා කරන්නද...?
ReplyDeleteනියම විචාරයක්.
ReplyDeleteසුනිල් එදිරිසිංහගෙ මනා හඬ හැසිරවීම මේ ගී තනුවට උපරිම අලංකාරයක් එක් කරන්න දායක උන බවයි මගේ හැඟීම.
ඔබගේ අදහස් දැක්වීමට අපගෙන් තුති..
Deleteරජී වසන්ත වෙල්ගම මේ ගීතය රචනා කලේ උසස් පෙල කරනා කාලයේ බව මා අසා ඇත. එය ඇත්තද
ReplyDeleteඅපි අසා තිබෙන්නේ මෙම ගීතය රජී වසන්ත වෙල්ගමයන් සරසවියේ ඉගෙනුම ලබන සමයේ ගිය විනෝද චාරිකාවක් අතරතුර තමා නැරඹූ තැන් සිහිකරමින් මෙම ගීතය රචනා කළ බවයි.
Deleteමෙවැනි ගීත රචකයන් තව තවත් බිහිවන්නේ නම් ප්‍රබුද්ධ ගායකයන් අකාලයේ ගායන ලොවින් ඉවත්වීම මගහැරෙනු ඇති.
ReplyDeleteඇත්ත විචාරක වර්තමානයේ බොහොමයක් බිහිවන්නේ අරැත් සුන් ගීත ඒ අතර වෙල්ගම යනු අග්‍රගන්‍ය ගේය පද රචකයෙක්
DeleteJayawewa
ReplyDeleteස්තුතියි විදානේ.....................
Delete
ReplyDeleteගී පද රචකයාගේ හෝ ගල් කැටයුම් කරුවාගේ නිර්මාණ කුසලතාවන් වර්ණනා කරන ඔබගේ අකුරු කිරීමේ අපූරුවටයි මගේ හිත ගියේ. පද රචකයාගේ හා ගල් කැටයුම් කරුවාගේ කලාත්මක කුසලතා සංයෝගය ඉදිරිපත් කරමින් ඔබ පෙන්වූ අකුරු කලාව සිත් වශීකරයි.
කියවන්න සිතාගෙන නෙමෙයි, නිකමට මා මේ පිටුව පෙරලුවේ,,, දැනුනු රසය නිසයි හිටි තැන නොනැවතී, මට එය කියවුනේ....
ඔබට ජය
ස්තුතියි උන්මත්තක. කාර්ය බහුල නිසා ගොඩක් කාලකෙින් ලියන්න බැරිවුණා. මගේ වියමන පිළිබද ඔබගේ ඇගයුමට ඔබට තුති.........................
Deleteකෙතරම් අගේ වුවත් නැවත කිසිදා සජීවීව අසන්න නොලැබෙන ගීතයක්... ගීතයේ අයිතිය සහ සදාචාරාත්මක ගැටළු ඇතිවීම නිසා සිදුවූ තවත් අබග්ගයක්.
ReplyDelete'කලාකරුවාගේ පෙම්වතිය කලාව ම වේ' වගේ අදහසක් අවසන් කොටසින් කාන්දු උනා කියායි ගස්ලබ්බා නම් හිතුවෙ..
ජයවේවා..!!
කලාකරුවා සොබාදහමේ හමුවන දේවල් අපූර්ව අයුරකින් ඉදිරිපත් කිරීමට ඉතා දක්ෂයෙකි. නෙත ගැටෙන සාමාන්‍ය දේවල් පවා ඔහු අපුර්වත්වයකින් යුතුව දැකීමට ඔහු තරම් සමතෙක් තවත් නැත.ඔබගේ අදහස් දැක්වීමට ස්තුති
Delete//ඉසුරුමුණියේ නුඹ තැනූ
ReplyDeleteපෙම්බරිය කොතනද කියා
මා ඇසූ කළ හිනැහුනා ඔහු
තවම තනිකඩ යැයි කියා
මේක තමා මට තදේටම වදින එක :)
ඔය ප්‍රශ්ණෙට උත්තරේ "ඔය ඉන්නෙ අැතුලෙ" වගේ උනානං... මම හිතන්නෙ ඔය පිලිමෙ කවදාවත් හැදෙන්නෙ නෑ!
ඔව් තනි අලියා....... මේ කොටස තුළ ලොකු ව්‍යංග්‍යක් ගැබ් වෙලා තියෙනවා ඒක තමයි උසස් කලා නිර්මාණයකින් විය යුතු දෙය ලෙස අපි දකින්නේ................ ස්තුතියි ඔබට
Deletehttps://www.youtube.com/watch?v=B5nEI_PK3ag
ReplyDeleteස්තුති් මධු මාධවී.................
Deleteඅපූරු විචාරයක්....සුන්දර වගේම අරුත්බර ගීත අපි අතර තාමත් නොනැසි පවතිනවා.ඒත් ඒ ගීත පිළිබද දැනුම අඩුයි හුඟදෙනෙකුට
ReplyDeleteස්තුතියි ගිම්මි. කාර්යබහුලත්වයත් එක්ක ලියන්න හිතුවත් ලියන්න බැරිවුණා. ඔබේ ඇගයීමට ස්තුති
Deleteකුරුටු හොඳ ලිපියකින්ම ඇවිත් තියෙන්නේ. මම ලඟකදී අහපු පියකරු ගීතයක්. හොඳ අර්ථවත් විචාරයක්.
ReplyDeleteඔව් ටිික කලකින් ලියන්න බැරිවණා. ඔබගේ අදහස් දැක්වීමට ස්තුති
Deleteඇත්තටම හොඳ ගීතයක් වගේම ගීතය ගැන අපූරු ලියවිල්ලක්, ස්තිතුයි කුරුටු..
ReplyDeleteමේ වගේ ගීතයක් ඇහෙන එකත් කොච්චර හිතට සැනසීමක් ද? ඕනෑම කෙනෙකුට තේරෙන විදියට පද රචනයක් කරනවා කියන එකත් ලොකු දස්කමක්. ගොඩක් හොඳ විචාරයක් කුරුටු.
ReplyDeleteමනරම් රසාස්වාදය අගේ කොට සළකමි...
ReplyDeleteනිවැරදි දේ බිහිවන්නේ කොහෙන්ද,කාගෙන්ද,කොහොමද,වටිනාකමක් ඇත්ද,මේවා සිංහළ සමාජය අතරට යෑම බොහොම ප්‍රමාදය.අද තාක්ෂණය තියුනු වුනත් ලාංකීය සමාජය අතරට හොඳ තොරතුරු වැමෑරෙනවා අඩුය.කාගෙද මේ වගකීම,කවුද සමාජය දැනුවත් කරන්නෙ,එකහෙලා පවසන්න සිදුවෙලා ඇත්තේ රටේ මාධ්‍ය ආයතන වල අයගෙන් බවට ලියමි.බොහෝ මාද්‍යය ආයතන කටයුතු කරමින් ඉන්නේ සමාජයෙ බුද්ධියට යමක් එකතු කරනවා වෙනුවට බුද්ධීන් ඝාතනයට ලක් කීරීම නම් සැකයක් නැතිව ලියත හැක.වටිනා දේ සමාජය අතරට විසිරී යනවා මදිය.මෙම තොරතුරු පමා නොවී කොමන්ට්ස් ලියන අය අතරින් වත් මුහුනත් පිටු හරහා හෝ සමාජගත කරන්න හැකිනම් ඉතාම වටී.
ReplyDelete