Tuesday, January 5, 2016

කිරි බුරුලු තද කරං එරෙනා සුදට සුදු ලේ කිරිවලින්


රෝස පෑ මුව මතක් වෙනවිට නෙතින් කදුලැල් ගලනවා
හීං හඩලා වැල්ලෙ පෙරළී මවට හුරතල් පානවා
මගේ පා ළග දැවටෙමින් නුඹ උන්නු හැටි මට පෙනෙනවා
පුංචි වටකුරු නුඹේ උණුහුම දැනෙනවා තව දැනෙනවා

සුමුදු අත් පා හයිය අරගෙන එදා නුඹ නැගිටපු දිනේ
නුඹේ අක්කා මල්ලි දෙන්නා පසුවදාමයි නැතිවුණේ
මගේ තනියට කිරි උරන්නට නුඹ පමණි මට හිමිවුණේ
ඒත් දෙවියනි මෙහෙව් විපතක් අනේ අැයි මට සිදු වුණේ

කියන්නට හැකිනං කියමි දුක පපුකැවුතු කෑරෙන හැගුම්
හැලෙන කදුලැළි මදිද මහතුනි දරු සෙනෙහෙ දකිනට උතුම්
පුංචි උන් හරි හැඩයි ඒ බව නොතේරේ මවකට තරම්
ඒත් සතියයි දෙකයි පැටියට කොහොම ඉන්නද නැතුව මම්

කිරි බුරුලු තද කරං එරෙනා සුදට සුදු ලේ කිරිවලින්
නුඹේ කුසගිනි නිවන්නට බැරි අැයිද පුතුනේ මව්කිරෙන්
රසට පිසෙනා දිව්‍ය භෝජන ඉසුරු සැපසම්පත් මතින්
මවට පුතෙකුගෙ පුතුට මවකගෙ අාදරේ දැනුණද ඉතින්...........!



තුෂාර විතාරණ



.

33 comments:

  1. පූසියන්ට ඔය වගේ සීන් වෙනව මම කීපපාරක් අත්විඳල තියෙනව.
    මොනව කරන්නද ඉතිං.

    ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ප්‍රසා අයියේ..............

      හරිම දුක හිතෙන කතාවක්.... මේ බැල්ලියට පැටවු තුනක් හම්බෙලා තියෙනවා.. පැටවු ලස්සනට හොදට හිටපු නිසා කට්ටිය ඒකපාරක් පැටවු 02ක් අරන් ගිහිල්ලා..... ඒත් ඒක පැටියෙක් හිටපු නිසා මේ බැල්ලියයි පැටවයි හොදින් ඉදලා.... ඒත් අන්තිමට කවුරු හරි මේ පැටියත් අරන් ගිහිල්ලා...... බැල්ලිය කෑ ගගහා හැමතැනම දුවනවා...... දැක්කා ම දුක හිතෙනවා ප්‍රසා අයියේ....

      Delete
  2. ගෙවල් වල ඉපැදෙන බලු පැටව් පංසල් ගානේ හංදි ගානේ ගෙනත් දාන මිනිස්සු අපි අතරම ඉන්නවා බන්..
    කවිය අගෙයි...

    ජ ය !!1

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි විදානේ..............

      අැත්තට ම මේ බැල්ලිය සහ පැටවු ටික මමත් දවස් කීපයක් ම දැක්කා.... මං වැඩ කරන තැනයි මෙයාලා හිටියේ..... ඒත් ඒක දවසක් බලද්දි පැටවු තුන්දෙනාගෙන් ඒකයි ඉතුරු වෙලා හිටියේ...... ඒත් ඊයේ බලද්දි අනික් පැටියාවත් කවුරු හරි අරන් ගිහිල්ලා... බැල්ලි කෑ ගගහා හැම තැනම පැටියාව හොයනවා... අඩනවා වගේ ම තමයි....

      වෙන තැන් වල වෙන්නේ පැටවු කොහේ හරි ගෙනිහින් දාන ඒකනේ... ඒත් මෙතැනදී වෙලා තිබුණේ මිනිස්සු පැටවු ටික ගෙදර අරන් ගිහින්.... පැටවු ලස්සනට හිටියා.... ඉතින් අැති කරන්න තමයි මෙහෙම ගෙනියන්නේ.... ඒත් බැල්ලි ඒකෙන් මාර දුකක් විදින්නේ.... තව ටික දවසක් බැල්ලි ගාව තියලා කිරි බීලා ටිකක් ලොකු වුණාම ගෙනිච්චානං කියලා හිතුණා මටත්...

      Delete
  3. සමාන අත්දැකීම් මටත් තියෙනවා තුෂාරයියේ
    ඒ වගේ වෙලාවට නම් ගොඩක් දුක හිතෙනවා
    තිරිසන් වුණත් ටික කාලයකට හරි මවු සෙනෙහස තදින් දැනෙනවා ඇති..

    සංවේදීයි
    ජයවේ තුෂාරයියා!

    ReplyDelete
    Replies
    1. ඔව් වර්ණ සහෝ...........

      දැක්කා ම අැස් වලට කදුලු ඒනවා..... කවියක් ලියන්න පද ගලපා ගන්නත් ටිකක් විතර අමාරු වුණා....

      Delete
  4. හනේ මේ දවස්වල අපේ ගෙවල් ළඟ පාරේ හන්දියේ පැටව් හත අටක් ඉන්නවා. අම්මෙක් පෙනෙන්න නැහැ. චූන් පාන් එකෙන් බනිස් හතරක් අරන් කෑලි කඩලා දැම්මා. බස බස ගාලා කෑවා.

    ReplyDelete
    Replies
    1. ඔව් විචාමාමේ............ අපිත් සමහර දවස් වලට හවසට වෙනම කෑම අරන් යනවා බල්ලන්ට දෙන්නම.... ඒත් සමහර ගමේ මිනිස්සු කැමති නැහැ.... ඊට පස්සේ සත්තු යන්නෑ කියලා.... ඒත් ඉතින් අහිංසකයොනේ..........

      Delete
  5. හරි දුක හිතෙන දසුනක්. ලඟදී මගේ පුතා බළු පැටියෙක් මිලට ගත්තා. අපි පැටියා අරගෙන එනකොට බළු අම්මා දුකෙන් බලාගෙන හිටියා. බළු පැටියා දවස් දෙකක් විතර කාන්සාවෙන් වගෙ ඉඳලා අලුත් ගෙදරට පුරුදු උනා.

    ReplyDelete
    Replies
    1. අනික හරිම අහිංසක සත්තු ජාතියක් ට්‍රාන්ස්........ කන්න දෙන මිනිහා පස්සෙ ඔ්න තැනකට යන්න ඒනවානේ..... අපි පැන්නුවත් බල්ලා අපිව දාලා යන්නෙ නැහැ....

      Delete
  6. කිරි ටික වරන කං වත් නොයින්න තරං තිබ්බ ලොකු හදිස්සිය මොකද්ද දන්නෑ බං..
    අර පාරට පැටව් විසික්කන මහත්තැන්ලයි මේ පැටව් ඇන්න ගිය මහත්තැන් ලයි වෙනසක් නැ මට නං...
    අපේ කික්කි පැටව් ගහල හිටිය දෙන්නෙක් පැටව් දැක්ක දා ඉදල ඉල්ලනව. මං කීව පැටව් දෙන්නෙ උංට මාසයක් වත් ගියාම ඒකත් එක්කෙනෙක් දෙන්නම ගෙනියනව නං විතරයි කියල.. එකික් බැල්ලක් අනික බලු කුක්කෙක්.
    අන්තිමේ මගෙ ත් එක්ක කට්ටිය අමනාපත් වුනා
    මගෙ යාලුවෙක් දෙන්නම ගෙනිච්ච..
    පව්නෙ බං උං දෙන්න පිස්සු නටනව බලන්න ආසාවෙ බැ

    ReplyDelete
    Replies
    1. අැත්ත මහේෂ්..............

      සත්තු වුණාට උන්ටත් අපිට වගේ ම දරු දුක දැනෙනවා කියලා සමාජයට නොතේරෙන හැටි.......

      Delete
  7. "දෙ තන එරෙණ කිරී දොවා ඉවත ලමි ..
    තෙපිටයි ඒ සාපේ පවුකාරයිණේ ....
    හදෙහි නැගෙන ගිණි කඳුළින් ඉවසමි ...
    තෙපිටයි ඒ පාපේ පවුකාරයිණේ"

    මෙහෙම සින්දුවක් තියනවා ප්‍රදීපා ගයනා කරන ..මුළු ගීතයම මෙතැනට ගැලපෙන්නේ නැති උනත් ඔය පද පේලි දෙක නම් හොඳට ගැලපෙනවා වාගෙයි ...පින්තුරේ දැක්කම පපුව පිච්චිලා ගියා කුරුට්ටෝ ...තිරිසනෙක් උනත් අමමා කෙනෙක් නේ ? ...

    ReplyDelete
    Replies
    1. ඔය සින්දුව අහලා තියෙනවා...... ඔ්ක රණවිරුවෝ ගැන කියපු ගීතයක් මං හිතන්නේ..... ළගදී රියැලිටි ඒකකදී ඔය සින්දුව ගෑණු ළමයෙක් හපනවා දැක්කා....

      Delete
  8. සමහරක් බැල්ලියන්ට නං ඔවිවා ගානක් නැ

    ReplyDelete
    Replies
    1. සිරාවට ම ද කිව්වේ.....?????

      Delete
  9. ඒ බන් මං මුලින් දැක්කේ එලදෙනකගේ පින්තූරයක් වගේ නේ..
    මමත් ගොඩක් දැකලා තියනවා මේ වගේ සිදුවීම්...
    ගොඩක් ලස්සනයි.)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහේෂ්..............

      හොද වෙලාවට අපේ කට්ටිය සිංහයෝ හදා ගන්නෙනේ නැත්තේ... නැත්තං සිංහයොත් අනාථ වෙනවා...

      Delete
  10. ලස්සනයි කුරුටු.
    අපේ අම්මලාගෙනුත් දරුවො උස්සන් යන කාලයක් කුරුටු එහෙවු එකේ සත්තු ගැන මොන කතාද

    ReplyDelete
    Replies
    1. ඒක අැත්ත සබරේ........

      මේ දැනෙන දුක අපිටත් දැනෙන්න ඔ්නේ... අපි මිනිස්සුද කියලා හිතෙනවා වෙලාවකට..... දරුවන්ට තියෙන අාදරය සත්තුද මිනිස්සුද කියලා වෙනසක් නැහැ සබරේ......... අැහැට කදුලක් අාපු සිද්ධියක්.... ඒකයි කවියකට පෙරළුවේ...

      Delete
  11. ලස්සන කවිය. ඇස්වලට කදුළු අවා ...

    ReplyDelete
    Replies
    1. ඔව්............. සිද්ධිය දැකලා මං ගොඩක් වෙලා ඒක දිහා බලාගෙන හිටියා..... අනේ පව්...... අැත්තට ම දුක හිතෙන සිදුවීමක්...... අදත් පුළුවන් වුණොත් යනවා බලන්න..

      Delete
  12. හ්ම්,පොඩි පැටියා අරන් යනවා.මහා එකා අමතක කරලා.

    ReplyDelete
    Replies
    1. ඔය කතාව ම කිව්වා මේ සිද්ධිය වෙලාවේ ඒතැන හිටපු කොල්ලෙක්... මිනිහාගේ විසදුම් දෙකක් තිබුණා...

      1. පැටියා අරන් ගිය උන්ම අම්මත් අරන් යන්න ඔ්නේ....
      2. පැටියා අරන් ගියානං දැන් අැවිත් බැල්ලිගෙන් කිරි බොන්න ඔ්නේ...

      Delete
  13. සංවේදි අදහසක්.

    ReplyDelete
    Replies
    1. අැත්තට ම හරිම සංවේදී දර්ශනයක් දිනේෂ්.......

      Delete
  14. ඕක තමා ඉතිං අපේ රටේ වැඩේ.. මට නම් කියන්න අදහස් තියනවා.. ඒ උනාට ඕනේ නෑ...

    ReplyDelete
    Replies
    1. කියන්න තියන දේ කියන්න අගහරුවෝ...........

      Delete
  15. දුක හිතෙනවා බං මේ සිද්දියට.

    ReplyDelete
    Replies
    1. අැත්තමයි මනෝ............. අැහැට කදුලක් අාවා මේ බැල්ල තමන්ගේ ඉතුරු වෙලා හිටිය ඒකම පැටියා හොයනවා දැකලා.......

      Delete
  16. තිරිසන් සතුන්ටත් මවු සෙනෙහස හොඳින් දැනෙනවා.
    ගොඩක් ලස්සනයි තුෂාර.
    ජයවේවා...!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අසෙනි...............

      ජය

      Delete
  17. sanwedhi kathawak harawathwa kavi kerala....

    wisistai thusaa.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...