Monday, January 4, 2016

අාදරණීය ජනාධිපතිතුමනි, මට බලාපොරොත්තුවක් තිබුණි........


ඔබතුමා මෙත්සිරිගම් හැදූ බව ද දැන සිටියෙමි.
හිටපු ජනාධිපතිවරු මහින්ද්‍යෝදය හැදූ බවද දනිමි.
නමුත් 
මහින්ද්‍යෝදය මකා දමා මෙෙත්‍රී සෙවනක් නොහදනු අැතැයි
උදෙක් ම බලාපොරොත්තු වුණෙමි.

ඔබතුමා ජනවාරි 8 වෙනිදා රට භාරගත් බව දනිමි.
හිටපු ජනාධිපතිවරු පදවි ප්‍රාප්තිය සැමරූ බව ද දනිමි.
නමුත් 
ඔබතුමා අනුන් ලවා බෝධිපූජා, උත්සව නොකර ගනු අැතැයි
උදෙක් ම බලාපොරොත්තු වුණෙමි.

ඔබතුමාට පුතෙක් අැති බව දැන සිටියෙමි.
හිටපු පුතුන් මෙතෙක් නැටූ විගඩම් දැන සිටියෙමි.
නමුත් 
ඔබේ දරුවන් ඒ නාඩගම් තේරුම්ගෙන අැතැයි
උදෙක් ම බලාපොරොත්තු වුණෙමි.................................

ඔබතුමාට සහෝදරයින් අැති බව දැන සිටියෙමි.
හිටපු සහෝදරවරු මහපුටු රත්කළ බව ද සිටියෙමි.
නමුත්
ඔබේ සහෝදරවරු ලොකු පුටු වල නොනටනු අැතැයි
උදෙක් ම බලාපොරොත්තු වුණෙමි.................................

ඔබතුමා ජනාධිපති බව වූ බව දනිමි.
හිටපු ජනාධිපතිවරු රජ වූ බව ද දනිමි.
නමුත් 
ඔබ රජෙක් නොවනු අැතැයි
තව දුරටත් හදපතුලෙන් ම මම බලාපොරොත්තු වන්නෙමි................................


කසුප් අනුරාධ


.

54 comments:

  1. තව දුරටත් මිත්‍යාවන් පසු පස හබායෑම් නොහොඹි අනුරාධ.. මාර්කටින් මාර්කටින්.. දේසපාලනය = ජනතාව ඇන්දවීමේ කලාව කියන්නේ නිකංයැ.. හැබැයි දැන්නං යහපාලන ලොක්කා ඉවරයි.

    ReplyDelete
    Replies
    1. //හැබැයි දැන්නං යහපාලන ලොක්කා ඉවරයි.//

      උඩ බලාගෙන කෙළ ගහගන්නවා උන්නැහේ.........

      Delete
  2. මටත් ඔය බලාපොරොත්තුවම තිබුණා බන්.
    අපි මෙහෙම කරන්නෑ අරෙහෙම කරන්නෑ කියලත් කරනකොට තමයි දුක.

    ReplyDelete
    Replies
    1. ඒතකොට අපි හැමෝම බලාපොරොත්තු කඩ වුණා නේද??????

      Delete
  3. Me balaporoththu atha hereemata kalayai.

    ReplyDelete
    Replies
    1. අනේ අපේ ප්‍රසා අයියා...........

      අයියෝ ගහක් ගලක් වගේ හිටපු මිනිහා.... කවුද හිතුවේ මෙහෙම දෙයක් වෙයි කියලා දෙයියනේ..............!!!!!

      Delete
    2. බයවෙන්න එපා බොල. අපේ දෙමළ එහෙම නැතිවෙන්නෙ නෑ.
      ඊයෙ මැසිම ෆෝමැට් කළා. ඒකයි මේ අවුල.

      Delete
    3. අා.................... ඒක මිසක්....

      අපි හිතුවා මොකවත් වෙලා කියලා......

      Delete
  4. The final last bit of hope....he he..

    ReplyDelete
    Replies
    1. yap ANO,

      what to do. we can see and discuss. that's all.

      Delete
  5. Replies
    1. ඔබ නිරෝධ ද සමාධි ද???????

      මොනවා වුණත් ඔබ අාපු පාර දිගේ බ්ලොගයට ගියා... අගෙයි.... අලුත් ම බ්ලොගයක්... දිගට ම ලියමු......... ජයවේවා

      Delete
  6. ඩෙෆෙන්ඩර් ආපුදෙන්
    ටෙලිකොම් මල්ලිට ගියදෙන්
    ඉරිසියාව තනපටේ ගියාදෙන්
    හොර රජ පවුල නැත්නං

    ReplyDelete
    Replies
    1. අපි පවුලක් ගෙදර යවලා පවුල් කීපයක් ගත්තා වගේ ද කියලත් හිතෙනවා....

      Delete
  7. කියලා වැඩක් නෑ කුරුටු ළමයි. අපි හිතපු වෙනස කවදාවත් අපේ රටේ වෙන්නේ නෑ. කොයි එකා ආවත් අන්තිමට අපි එතනමයි. ඒත් අපි එක එකාට බැන බැන ඉන්නවා. රටක් විදියට අපි කවද්ද ඉස්සරහට යන්නේ මමත්වයෙන් තොරව.
    සිරිසේන මහත්තයා ගැන අයියෝ සිරිසේන තමයි දැන් නම්...

    ReplyDelete
    Replies
    1. මෙතුමා තමන් විසින් ම ඉදිරිපත් කරපු ප්‍රතිපත්තිත් දැන් දැන් වෙනස් කරගෙන යනවා..... අඩුම අාපු කාරණාවවත් මතක තියාගෙන වැඩ කරගෙන යනවා නං හොදයි.......

      Delete
  8. කාටද කුරුටු මේ කියන්නේ...වෙනස් උනේ පුද්ගලයා විතරයි ක්‍රමය තවමත් එහෙමමයි පොඩි අයිසින් පාරක් දාලා විතරයි.

    ReplyDelete
    Replies
    1. ඒකත් හරි සබරේ.............

      පුද්ගලයා වෙනස් වුණා ම ක්‍රමය වෙනස් කිරීම ඒ පුද්ගලයාගේ වැඩක් මිසක් ඒකත් අපේ වැඩක් නෙමෙයිනේ...... කතාව නං හරි සබරේ.....

      Delete
  9. බාලාපොරොත්තුවෙමි කියලා හිටං මදි. බලාපොරොත්තු කඩකළොත් මොකෑ වෙන්නේ කියලත් කියා දුන්නා නම හොඳයි.

    ReplyDelete
    Replies
    1. ඒකත් හරි............ ඒවා ඉතින් විචාමාමලාගේ ඒහෙම වැඩ තමා.... කීකරු පුරවැසියන් හැටියට උත්තර සෙවිය යුතුයි...

      Delete
  10. මමත් හිතාගෙන හිටියෙ ඔය ටිකමයි.

    ReplyDelete
    Replies
    1. අපි හැමා්ම ඒකවගේ තමා නේද?????? තව මොනවා මොනවා වෙයිද බලමුකෝ..............

      Delete
  11. "රටට කලක් යයි නො දනිම්
    රටට කලක් යයි නො දනිම්
    වැජඹෙන මේ අපි උතුමන්
    මන්තිරි නම්
    වන්නම මේ ලෙස නටනෙම්
    වන්නම සුදනනි දැන ගම්"

    https://www.youtube.com/watch?v=JbYYPlEqMZs

    ReplyDelete
    Replies
    1. ඔව් සින්දුවෝ මේවා වන්නම්ම තමා............

      Delete
  12. හොරකං කරගන්න බැරි උන කීපදෙනෙකුට නිදහසේ හොරකමක් කරගන්න ගහපු ගැටේකට අපි අහු උනාදෝ.....
    ජයවේවා...!!

    ReplyDelete
    Replies
    1. පැත්ත මාරු වුණා.............. සියල්ල ඒහෙමමයි.........

      Delete
  13. ඔබතුමා කුරුදුවත්තේ පොෂ් කෙල්ලෙක්ගේ අහවල් එකක් ගැන
    කථා පැවැත් වූ බව දනිමි,
    මෝඩ උපදේසකයන්ගේ බස් අසා හුදී ජනයන්ගේ උපහාසයට නැවත ලක් නොවෙතැයි
    උදක්ම බලා පොරොත්තු වෙමි.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා.................

      Delete
  14. x වල ඉඳල එක සැරේම yවලට යන්න කාට හරි හිතුනත් අනික් අය ඒකට සහයෝගය දුන්නත් එයාට y වලට යන්න පුළුවන් ඒත් y වලට අදාළ වැඩ ටික හරියට කරන බැහැ කියල මට නම් හිතුනා. නියම ක්‍රමය වන්නේ x1,x2 ,x1\3,x4 ,......x අනන්තය දක්වා ගොස් y- අනන්තයට පැමිණ ඉන්පසු ක්‍රමයෙන් - අගයන් අඩුකර y තත්වයට පැමිණීම බවයි මට දැනුනෙ. ඒ නිසා මම නම් පසුගිය කාලයේ හංසයාට x ඉඳලා y තත්වයට යන්න කැමැත්ත දුන්නේ නැහැ. අනික හංසයා තම වගකීම් යටතේ තිබු සෞඛ්‍ය අමාත්‍යාංශය හරියට කලෙත් නැහැනෙ. ඒ තීරණය නිවැරදි බව දැන් පෙනුනත් සතුටක් හෝ දුකක් නම් නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔබතුමා කියන කතාවේ අැත්තක් තියෙනවා..... අනික මේ අාණ්ඩුව කියන්නේ කලින් අාණ්ඩුවේ ම බහුතරයක් ඉන්න තැනක්..... දැන් ක්‍රිකට් අායතනය බලන්නකෝ..... අර්ජුන පරදිනවා... තිලංග දිනලා අර්ජුනට නඩු දානවා කියලා තගත් දානවා.... අැමතිත් අපරාදේ කියන්න බැහැ ඒ ජයග්‍රහණය අගය කරනවා..... ඒ කියන්නේ ක්‍රිකට් අායතනයවත් අාණ්ඩුවට පාලනය කරගන්න බැහැ... සමහරු මේක හොද අතටත් දකිනවා.... බලන්න අාණ්ඩුව මේවාට බලපෑම් කරන්නැහැ කියලා ඔවුන් කියනවා.... ඒත් අැත්ත තමා පරණ කට්ටිය තාම හොල්මන් කරනවා.....

      ඔබතුමා කියනවා වගේ ම රටේ ජනතාව වෙනසක් කරලා මේ අාණ්ඩුවෙන් අපි බලාපොරොත්තු වුණ දෙයක් තියෙනවා.... ඒත් ඒ වෙලාවේ බලය ගන්න ජනප්‍රිය කරගෙන භාවිතා කරපු දේවල් මේ අාණ්ඩුවත් දැන් කරනවා..... කලින් අාණ්ඩුවේ වැරදි කියලා පෙන්නපු දේවල් මේ කට්ටියත් කරනවා අපි දකිනවා.... ඒවා ඒ තැනම විවේචනය කිරීම අවදියෙන් ඉන්න පුරවැසියන්ගේ යුතුකම්..... රටේ ජනතාව ඡන්දය දීලා අාණ්ඩුවක් ගෙනාවේ ඔවුන්ට හැමදේම භාරදීලා ගෙදරට වෙලා නිදා ගන්න නෙමෙයි.

      Delete
  15. අනේ මංදා හිටං...කවදා කලක් යාවිද මංදා හිටං...විල්පත්තු බෝඩ් එකේ බ්‍රා එල්ලලා තියෙනවානං දැක්කා.

    ReplyDelete
    Replies
    1. යකෝ දැන් තහනම් වචනය බ්‍රා...............

      Delete
  16. අපිටත් තිබුනා ඔය වගේ හීනයක්...

    ReplyDelete
    Replies
    1. අපි හැමෝම හීන දකින මිනිස්සුනේ..................... ඒ හීන සමහර විට හැබෑ වෙන්නත් බැරි නැහැ....

      Delete
  17. මගේ නම් දේශපාලනය ගැන කිසිම බලාපොරොත්තුවක් නැත. දේශපාලුවන් ගැනත් කිසිම බලාපොරොත්තුවක් නැත. ඔය ඔක්කොම එකය. මම ජන්දය වත් දෙන්නට නොගියේ අවසානයේ වෙන දේ දැන සිටි බැවින්ය.

    ReplyDelete
    Replies
    1. ඒත් අගහරුවෝ.......... ඡන්දය කියන්නේ අපේ අයිතිය.... අපිට තියෙන බලය අපි නැතිකරගත යුතු නැහැ...... දේශපාලනයට අපි කැමති නැහැ කියලා ඒක මුළුමනින් ම ප්‍රතික්ෂේප කරන්න ඒපා..... තමන් හොදට හිතලා සුදුසුම තැනට ඡන්දය භාවිතා කරන්න.... ඊට පස්සේ ඒක විවේචනය කිරීම හෝ සහය දීම ඔබේ වැඩක්..... සක්‍රීය පුරවැසියෙක් විදිහට පස්සේ ඔබතේරූ හෝ නොතෝරා අාණ්ඩු බලය ගත් අයව නිසිපාරේ ගෙන යෑමට ඔබට ජනමාධ්‍ය හෝ මහපාරට බැහැලා වුණත් අදහස් දැක්විය හැකියි...... ඒක තමා දේශපාලනය..............

      Delete
  18. අපිත් හරියට බිජ්ජ දැන් වැටෙයි දැන් වැටෙයි කියල හිතාගෙන එළුව පස්සෙන් යන බල්ලා වගේ කුරුටු. අන්තිමේ වැටෙන බිජ්ජක් නෑ.



    ReplyDelete
    Replies
    1. අන්න දවසේ කතාව.................

      Delete
  19. දේශපාලකයෝ ගැන ඕනවට වඩා බලාපොරොත්තු තියා ගන්න එක හොද නෑ.

    ReplyDelete
    Replies
    1. ඒක හරි............. අපි අායෙමත් සෘජු ප්‍රජාතන්ත්‍රවාදයට ගියානං හරි කියලා හිතෙන්නේ මේ වෙලාවට තමා නේද,,,,,????

      Delete
  20. දේශපාලනයේ ඔව්වා සුළු දේවල්.........

    ReplyDelete
    Replies
    1. කතා නොකර හිටියොත් මහා දේවල් වෙනවා මේවා........

      Delete
  21. රෙද්ද තමා
    අර යකා කරන දෙයක් එළිපිටම කලා මේ යකා ඒකෙ අනික වහල ගහනව

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා...........................

      Delete
  22. මඩු වල්ගයක් හොයාගේන උඹේ පුකට උඹම ගහ ගනින්... මම කිව්වේ ඕකයි බුදු හාන්දුරුවෝ ආවත් ඔච්චරයි... මුන් ඔක්කෝම එක සෙට් එකක්.. ආයෙත් මේ රටේ විප්ලවයක් එයි.. ඉක්මනටම ආර්ථිකයට දැණෙන යමක් නූනොත්...

    ReplyDelete
    Replies
    1. ජවිපෙ හරි අනික් කට්ටිය ටික හරි විප්ලව කරයිද මාතා...........??????

      Delete
  23. හරි කමක් නෑ ඊලග පාරත් රැවටෙමු...

    ඩිපෙන්ඩරයක හඩ යාන්තමින් ඇසේ ..


    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. ළගට අාවාම බලාපං ඒක සුදු ද කලුද කියලා............

      Delete
  24. දේශපාලනය අත්නොහරින්න.. දේශපාලකයන් ගැන වැඩි විශ්වාසයක් නොතබන්න..

    ReplyDelete
    Replies
    1. දේශපාලනය හරි මාවතට ගන්න ක්‍රියාකිරී වන්න..

      Delete
  25. This comment has been removed by the author.

    ReplyDelete
  26. pathkala janathawama thamai balapàm
    kara ho uparimaya labà gatha yuththe.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...