Thursday, January 14, 2016

සක නැති රිය ගමන අපගේ ජීවිතය. නුඹෙ බද ගැට ගසා අදිනට දැන් බැරිය..........



ලොවට සිනාසී තනිවම හඬන්නේ
දහදුක් විඳ ගෙනත් දරුනට කවන්නේ
නිදිබර දෙනෙත් තුන්යම නිදිමරන්නේ
ගත රුධිරයයි නුඹ කිරි කර පොවන්නේ...................//


අකුරට යන්න අන්දයි ගත වැරහැලිය
පුතුනට බත් බෙදයි හාරා බත් හැලිය
සක නැති රිය ගමන අපගේ ජීවිතය
නුඹෙ බඳ ගැට ගසා අදිනට දැන් බැරිය


නිදිබර දෙනෙත් තුන්යම නිදිමරන්නේ
ගත රුධිරයයි නුඹ කිරි කර පොවන්නේ..................


දෑස් නොපෙනෙනා තුරු නිදිවැරුවාම
දෑත් වාරු නැති තුරු දුක් වින්දාම
මුවට සිනා දී තුටුවන්නෙද කෝම
ඔටුනු පලන්දනදා නුඹ නැතුවාම


නිදිබර දෙනෙත් තුන්යම නිදිමරන්නේ
ගත රුධිරයයි නුඹ කිරි කර පොවන්නේ..................



තුෂාර විතාරණ



රූපය - http://mahamegha.lk/2015/12/31/mahabowai-mata-maye-amma/
.

76 comments:

  1. Replies
    1. මොනවා කරන්නද බං..........

      Delete
    2. නියමයි අමුඩෙට පුක කමෙන්ට් කරනව, පුකට අමුඩෙ කමෙන්ට් කරනව.
      අපි නොදන්න චෙස්.

      Delete
    3. දැන් කෝ කුඹුරයි උදැල්ලයි............. මේ මී හරකා විතරක් අැවිල්ලා ඉන්නේ............

      Delete
    4. මචෝ කුරුට්ටෝ උඹට නෙවෙයි කිව්වෙ.
      ඔන්න ඔය ආචාරියයි කවලම් අකුරු පොරයි යනයන තැන එකෙටමයි.
      ඕකුන් දෙන්නෙක් නෙවෙයි එකෙක් බව දන්නව උනාට මට ඔප්පු කොරගන්න බෑනෙ අම්මප

      Delete
    5. හත්තිලව්වයි............. මොනවද මේ වෙන්නේ...........

      Delete
    6. දේශෝ මෙන්න උඹලාගේ ජාතික ගීය....

      "පුක හා අමුඩේ නොව අප අපගේ
      හදවත් යුග පෑහී ඇත්තේ ..." හැක් හැක්


      මගේම අනුරුව මගේම ලඟදෝ
      මගේම මුහුණට සමීපවී ..
      මගේම තොරතුරු මගේම දෑසින්
      විමසන දවසක් එනු මැනවි ...

      ඔබගෙන් වෙන්වී ඉන්නා මොහොතේ
      තනිකම නම් අසපුව ඇතුලේ
      ඔබගේ සුවඳයි ඔබගේ සුසුමයි
      නිරතුරු ගැවසෙයි හද මඩලේ ...

      විල හා මල සේ නොව අපගේ
      හදවත් යුග පෑහී ඇත්තේ
      එක ජිවිතයක් දෙතැනක රැඳිලා
      එක මල දෙතැනක පලගත්තේ ..

      ගායනය - වික්ටර් රත්නායක .
      ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්
      සංගීතය - ප්‍රේමදාස අතුකෝරල

      Delete
    7. මේ සින්දුව ගැන කවුරුහරි ළගදි විස්තරයක් අැහුවා වගේ මතකයි...... අහන්න අඩු ම ගීතයක්

      Delete
    8. ඕන් මම නම් නෙවෙයි හොඳේ ..උඹලටත් මේක ගැලපෙන දවසක් ආවා මතකෙයි ...හැක්

      Delete
    9. නියමයි. හැක්...
      -පු.ක.-

      Delete
    10. හරි හරි................... අර බුකි සිද්ධිය ගැන කතා කරපු වෙලාවේ නේද??????????

      මගේ ම අනුරුව මගේම ළගදෝ..........

      Delete
    11. @ ප්‍රසා අයියා...........

      මොකක් ද ප්‍රසා අයියා මේ පු............ කතාව...

      Delete
    12. සිංදුවා මරු සිංදුව..


      අමුඩේ.. හැක්

      Delete
  2. ඔටුනු පැලඳුවට පස්සෙත් මතක තියාගත්තොත් හොඳයි.

    ReplyDelete
    Replies
    1. ගොඩක් දෙනෙක්ට වරදින තැන තමා ඔතන.........

      Delete
  3. මම මේ බැලුවෙ කුරුටු කෙල්ලො සෙට් එකේ එකෙක්වත් ලියපු කවියක්ද කියලා. බැලින්නම් මේ තුෂාරයගෙ කවියක්නෙ.

    දුක තමා බං. සන්සාරෙ දුක.

    ReplyDelete
    Replies
    1. උඹටත් ඉතින් කෙල්ලෝ ලියපුවා තමා කියවන්න ඔ්නේ නේද?????????? අපි ලියපුවා ම මොකෑ වෙන්නේ..... කොහෙද මේ දවස් වල වහං වෙලා ඉන්නේ.........????????

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මුවට සිනා දී තුටුවන්නෙද කෝම
      ඔටුනු පලන්දනදා නුඹ නැතුවාම...
      හිතට දැනෙන කවි.

      http://ketykatha.blogspot.com
      කෙටිකතා වගේ කතා එක්ක කවි වගේ පද පේළි

      Delete
    2. දැනටමත් තියෙනවා.... සින්ඩියේ දෙවැනි පේලිය බලන්න......

      ස්තූතියි නොකී........

      Delete
    3. හරි හරි............. නොකී.........

      ඒකත් දැම්මා..... පළවෙනි පේළිය බලන්න........

      Delete
    4. නොකී කතා නං කලිංම දාලනෙ තිබුණේ ...
      කෙටිකතා කවි දැම්මට ස්තූතියි ..

      Delete
    5. තිබුණ නම ටිකක් විතර දිග වැඩි වුණ නිසා අපි ඒක කෙටි කරා..... තරහක් නැහැනේ..... සින්ඩියට පහසුවෙන්නයි හැදුවේ......

      Delete
    6. කිසිම තරහක් නෑ. දිග වැඩි තමයි. ඒත් ඒකෙන් එන අදහස දෙන්න ඕනෙ නිසයි එහෙම දැම්මෙ.

      Delete
    7. ඒක හරි....... බ්ලොගය දිගට ම ලියමු..................

      Delete
  5. සුනිල් එදිරිසිංහට ගැලපෙන පදමාලාවක්

    ReplyDelete
    Replies
    1. මගේ හිතේ තියෙන හඩත් ඒක තමයි...............

      Delete
  6. දුකම තමා කවද හරි උරුම වෙන්නේ.
    ලස්සන කුරුට්ටෝ.)

    ReplyDelete
    Replies
    1. //ලස්සන කුරුට්ටෝ.)//

      ස්තූතියි ස්තූතියි අපි ලස්සනයි කිව්වාට.... ලියපු දේ ලස්සනයි කියනවාට වඩා ඒක ටිකක් වැඩිපුර දැනුණා....... (මචං ළගම තියෙන කඩෙන් ඔ්න දෙයක් ගනින් අපේ පොතට...... අපි ගානේ...... හැක්)

      Delete
    2. සිංහයා බීලා කෝ මේ ඇඹිලිපිටිය පොලෝසිය

      Delete
    3. සිංහයා බීලා කෝ මේ ඇඹිලිපිටිය පොලෝසිය

      Delete
    4. සබරේ මම මොන පෝලෝසියකටවත් බය නෑ..කුරුට්ටගේ පොතට බෝතල් දෙකක්ම ගන්නෝ..
      ණයත් නෑ බයත් නෑ.

      Delete
    5. මචං බෝතල් ගන්නවානං ගං කිසිම අවුලක් නැහැ...... ඒත් හිස් බෝතල් අරං මක්කටෙයි......... සබරේ මේකා අැඹිලිපිටිය පොලීසියට අල්ලලා දෙන්න ඔ්නේ තට්ටු දෙකේ ගෙයක් අස්සෙදි තමා.... නැත්තං අාතල් ඒකක් නැහැ....

      Delete
    6. මෙන්න යකෝ මුන් දෙන්නා එක්කාසු වෙලා මාව පොලෝසියට අල්ලලා දෙන්න හදනෝ. මිත්‍රතුමාවත් පොලෝසියට කොටු කලේ මුන් දෙන්නද දන්නෑ...

      Delete
    7. උඹව නං අල්ලලා දෙන්නේ අැඹිලිපිටිය පොලීසියට හරිය....... තට්ටු දෙකේ ගොඩනැගිල්ලක් අස්සෙදි තමා කොටු කරලා දෙන්නේ..... හැක්

      Delete
  7. රෑ වැඩ මුරය අවසන් වන කණිසමට.. ලයින් එකේ.. සුනිල් ලොක්කට තමයි සෙට් වෙන්නේ සිංදුව..

    ReplyDelete
    Replies
    1. රෑ වැඩ මුරය ගීතයේ මාත්‍රා ගාණට සමාන ව යන මාත්‍රා ගණනක් මේ පද වලටත් තියෙනවා..... ඔබ හරි බිගුන්... ඒත් මගේ හිතේ තියෙන තාලයනං වෙනස්.......... ඒක ඉතින් සංගීතය ගැන හොදට දන්නා කෙනෙකුගේ සහයකින් මිසක් ගොඩදාගන්න බැහැනේ.......

      Delete
  8. ගීයකට සුපිරියි..... (සුපිරි ගේය පද රචනයක්)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මාතා..............

      බ්ලොග් වල බිහිවෙන ගේය පද රචනාවන් කැලේ පිපුණ මල් වගේ කවුරුත් ලස්සන දකින්නැතුව පරවෙලා යනවා..... වෙන පෝස්ටුවක් දැම්මා ම මේක වැහෙනවා... ඒච්චරයි......

      ඒත් උඹලාගේ මේ ප්‍රතිචාර තමා අපේ නිර්මාණයන්ට තියෙන ඒකම අගය කිරීම්.... ස්තූතියි

      Delete
  9. මාතා කිව්වා වාගේ හොඳ ගී පද රචනාවක් තුශාරයෝ ...ජයවේවා !!

    තුන් ඉරි රටා දැමු පැදුරක් දෝත දරා
    පෝය දාට සුදු මානෙල් මලක් වෙලා
    නව ගුණ වැලෙන් බුදු කුටියෙන් පහස ලබා
    බුදු ගුණ ගයයි අපෙ අම්මා උදේ හවා...

    රෑ තුන් යමේ නිදි නොලබා දූ තුරුලේ
    කිවු බණ කතා ලියලයි මා හද මඩලේ
    ඒ පින් බෙලෙන් ඔබ සම්බුදු පදවි ලබා
    මා ගොඩ ගන්න මේ සසරින් දහම් දෙසා...

    බැරි බර දරා ඔබ යන මාවතට එදා
    මා ලන් උනා පෙර අකුසල් නසපු නිසා
    යම් මතු දිනෙක නෙත් හැර දූ දෙස බලලා
    සනසනු සදා ඔබ ලොවුතුරු කිරුල දරා...

    ගී පද - පිලවල බණ්ඩාර
    තනුව සංගීතය - ප්‍රේමදාස අතුකෝරල
    ගායනය - නන්දා පතිරණ

    ReplyDelete
    Replies
    1. හරිම අගෙයි සින්දුවෝ මේ පරණ ගීත අපි අතරට ගෙනැත් රසවින්දනයට ඉඩ සලසනවාට උඹට පිං..........

      Delete
  10. Replies
    1. ස්තූතියි.................... බොහොම ස්තූතියි

      Delete
  11. ,ලස්සනයි කුරුටු අම්මලා තරම් අාදරනීය ෙලා්කයක් ෙවන ෙකායින්ද

    ReplyDelete
    Replies
    1. අැත්ත සබරේ.............. මේක හැම අම්මා කෙනෙකුට ම උපහාරයක් වේවා...... !

      Delete
  12. ලස්සනයි සංවේදීයි
    සුභාවිත ගීයකට උචිතයි
    ජයවේ!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වර්ණ...............

      Delete
  13. හොදයි..........ලස්සනයි

    එත් මේ කොටස
    // දෑස් නොපෙනෙනා තුරු නිදිවැරුවාම
    ...දෑත් වාරු නැති තුරු දුක් වින්දාම
    ...මුවට සිනා දී තුටුවන්නෙද කෝම
    ...ඔටුනු පලන්දනදා නුඹ නැතුවාම ///

    තව ටිකක් හැදුවනම් හොදයි කියල වගේ මට නිකන් හිතෙනව,
    එහෙම කියුවට අවුලක් නැතුව ඇති කියලත් මට හිතෙනව

    ReplyDelete
    Replies
    1. කිසිම අවුලක් නැහැ ප්‍රදීප්...........

      අපිට දෙන මගපෙන්වීම් අපි ඉතාම නිහතමානීව භාරගන්නවා... ඒක අපේ නිර්මාණ වලට සහයක් වෙනවා කියලා අපි දන්නවා..... තව වෙනස් විදිහකට පද ටිකක් ඒකතු කරන්න උත්සහ කරන්නම්...... ස්තූතියි

      Delete
  14. Kurutto back to normal, great.
    As always mother is no.01...

    ReplyDelete
    Replies
    1. අනිවා ලලිත්................ (දෙකට ම උත්තරේ ඒක තමා)

      Delete
  15. අම්මා ගැන ලියවෙන ගීත ගොඩක් සංවේදිව හිතට දැනෙනවා.මේකත් ඒ වගේ.සිංදුවකට ගැලපෙනවා.ඒ වුනාට අද කාලේ තැන තියෙන්නේ මර ලතෝනි වලට මිස මේ වග පද නිර්මාණයකට නෙවෙයි;

    ReplyDelete
    Replies
    1. ඒක අැත්ත මනෝ..............

      අර මර ලතෝනී දාහක් අැහුවාට වඩා මේ විදිහ පද ටිකක් ලියුවා ම සහ කියෙව්වා ම හිතට නිදහසක් දැනෙනවා....... ඒක තමයි වෙනස

      Delete
  16. Replies
    1. ස්තූතියි ඉන්දරේ.........

      Delete
  17. මොනා කරන්නද ජීවීතේ දුක කවදා හරි ගෙවලා ඉවර කරන්නත් වෙනවනේ...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ජීවිත දුක් කන්දරාවක් ඉහේ තියාගෙන යනවා....... මගදී හම්බෙන අපිට හිනාකට පෙන්නුවාට හිත් අැතුළේ ගිනිගන්නවා කැමා....

      Delete
  18. මේ ෆොටෝ එක දකිනකොට මට මතක් උනේ අර "ගමට කලින් හිරු ..." සින්දුව. මම දවසක් ඕක 11 වසරේ පන්තියේදී කිව්වා. මමත් ටිකක් හැගීම්බර උනා එදා.. විශේෂයෙන් අම්ම වැඩි කාලයක් ළඟ නොහිටිය කෙනෙක් හැටියට..

    ReplyDelete
    Replies
    1. හිත රිදුනා නං සොරි වේවා.............

      Delete
  19. Rudeerayai numba kirikara powanne//
    man aasama karana kotasa.

    hondha nirmaanayak thushaa....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ................

      Delete
  20. මේකට කියන්න තියෙන්නේ ලස්සන ගී පද රචනයක් කියලා.
    නැද්ද කවුරුවත් මේක සිංදුවක් කරලා ගන්න දක්ෂයෙක්.

    ReplyDelete
    Replies
    1. බලමු දිනේෂ්.................. මේකටවත් ගීතයක් වෙන්න පිං තියේද කියලා........

      Delete
  21. හැමෝම කියනවා වගේ මාත් කියන්නේ මේ වගේ බ්ලොග් වල යන කාව්‍ය රචනා වලින් ගීත නිර්මාණ කරනවානම් දැන් ඇහෙන අඳෝනා වලට වඩා මොන තරම් හොඳද? නියමයි තුෂාරයා...සංවේදියි!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මධුවෝ.............

      ජයවේවා....

      Delete
  22. අර්ථාන්විත පද්‍ය පෙලක්. ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අජිත් කුමාර සහෝ............

      Delete
  23. අම්මා ගැන ගෙතෙන පදවැලක නොනිමි නිමැවුමක් නොව නිමකළ නොහැකි නිමැවමුකි. ගොඩක් වටිනවා කුරුටු

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගුණසිංහ මහතා..... ඒ කතාව අැත්ත තමා...

      Delete
  24. කුරුටුලට අදහසක් නැද්ද හොඳ පද පෙළක් හදල සින්දුවක් කරන්න

    ReplyDelete
    Replies
    1. අදහස් නං ඒමටයි................ මේ පද රචනය ටිකක් වෙනස් කරලා අඩුපාඩු හදලා තනුවක් දා ගන්න උත්සහ කරන්න හිතෙනවා දැන්...

      Delete
  25. මෙච්චර කියන එකේ මමත් මොකුත් කියන්නම එපෑයැ......

    අම්මා....යනු ආදරයයි....ආදරයේ උල්පතයි.....නොසිඳෙයි එය කිසිදිනේ....නවතින තුරු හුසුම් පොදේ....එයයි පිවිතුරු.......හැර අනෙක් සියළු.....දෙසයි බොරුවන් මුව ඇතිතුරු...ආලය ගැන මහ උජාරු...නමුත් නොවෙයි ඒවා පිවිතුරු......

    ReplyDelete
    Replies
    1. අැත්ත උම්මත්තක................

      ඒ අාදරයට සම කරන්න හැකි දෙයක් නැහැ තමා....

      Delete
  26. කොච්චර කලත් වැඩිහිටි නිවෙසමයි බැලු බැලු අත ඇත්තේ...

    ReplyDelete
    Replies
    1. අැත්ත............

      මේ අාදයර තේරුම් නොගැනීමේ වැරැද්ද....

      Delete

Related Posts Plugin for WordPress, Blogger...