Thursday, June 4, 2015

මේක දැක්කද......???

ජුලියස්ගේ බල්ලගෙ නම මේක(ර්) ය
ඔහු ඒ බලු නයිදෙට හරි ආදරෙය
නාන්න යන්නට වූවත් නැත තනිය
දඩෝරියත් රැගෙන යන්නෙ හරි ජොලිය

දිනක් මෙසේ නාන්න ගියෙ ඔහු වැවට
ඇඳුම් උනා ගොඩින් තියා ගියෙ යටට
බලු රාළත් බලා ඉඳල හරි යසට
දිව්වේ ජුලියාගෙ ඇඳුම් ගෙන කටට

මේක දැකපු ජුලියස් විය කලබලය
හෙළුකුට්ටෙන් ගොඩට පැමිණ හදිස්සිය
පාර දිගේ යන බල්ලා පන්නාය
මෙය බලන්න ලස්සන හරි දර්ශනය

ටිකක් දුරක් දුවන විටදි ජුලියස්ට
දැනුනෙ ඔහුගෙ ඇඳුම් නැතිය ඇඳ , යටට
පාර දිගේ එන පාසල් දරුවන්ට
මුණ ගැහුණේ එන හොල්මන ඉදිරියට

ලැජ්ජාවෙන් මිරිකී ඇඹරී ජුලියස්
ගල්ලෑල්ල තිබු දරුවකු වෙතට දුරස්
එක් වරටම පැන්නේ විය නොවී අලස්
එය උදුරා හෙළුවැල්ලට තැබුවෙ හරස්

නැවත දුවයි ජුලියස් බල්ලව පන්නා
ඒ අතරෙදි හරිම වැඩක් සිදුවෙන්නා
රාමුව තිබෙද්දී ලෑල්ල ගැලවෙන්නා
දුවන ජුලිය ඒ බව තව නොම දන්නා

මෙසේ දුවන විට ඉදිරිය පාර දිගේ
ආච්චියෙක් ගාට ගාට එයිනෙ අගේ
ජුලිය හති දමා නැවතී ළඟින් ඇගේ
විමසන්නේ බල්ල ගැනය නොයෙක් වගේ

නැත සිදුවී මේ කරදර කිසි කලෙක
මා මේ ලෙස අසරණ වී නැත වරෙක
හොයාගන්න ඕනෑ මූ නැතය සැක
ආච්චියේ දැක්කද මාගේ මේක(ර්)

මේක මේක ගානු කුමක් මේ කොල්ල
ආච්චිගේ ඇස් ගෙඩි විය විමසිල්ල
රාමුව මැද දිස්වුණු උගෙ හෙළුවැල්ල
දුටු ඇය ලොඹු මුව විස්මිත හසරැල්ල

ඕවා  නං ඕනැ හැටිය දැකල ඇතේ
ඒත් මටත් හැකයක් දැනෙනවා හිතේ
උපන්තේක මේ වගෙ පුදුමයක් නැතේ
දැක්කාමයි රාමු කොරපු එකක් පුතේ...!!!



අසංක ගයාන් අබේසිංහ

46 comments:

  1. හිනා කාලා මැරෙනවා යකෝ! සුපිරි කතාව. පද බැඳිල්ලත් සුපිරි.

    ReplyDelete
    Replies
    1. මැරෙන්න නම් එපා මාධවියෝ...දුකයිනේ එතකොට...බොහොම ස්තුතියි හොඳේ...

      Delete
    2. මේකිගේ එකත් කියෝලා ආවේ කුරුට්ටගේ එකත් කියෙවුවා මලක් ගැහුවා වගේ තමයි.. හිනා කාලා මැරුණා යකු 2

      Delete
    3. ඒ කියන්නෙ ඔමා මල් ගහලා තියනවා...චීයා...මමනම් හිතුවේ හොඳ ළමෙක් කියලා...හැක්...හැක්...

      Delete
    4. අනේ අර ගෙදෙට්ට වෙලා සේරම කොරගෙන ඉන්න අහිංසක ගෑනිට මොකුත් කියන්නෙපා ඔමා. (මේකි, මේකි ගාලා)

      Delete
  2. ඇඳ යටට කියන පදයේ ඇඳ කියන වචනේ ළඟට කොමාවක් දාපන්.

    මම අපේ උන්දැටත් පෙන්නුවා. මේ වගේ දේවල් බෙදා හදාගන්න ඕනේ නිසා.

    එක උපාසක උන්නැහේ කෙනෙක් ( මම කියලා තෝ කිව්වොත් එහෙම තෝව මරනවා) ඔක්කොම ඇඳුම් ගලවලා වැවට බැහැලා නානවා වැවේ පාලු තැනකදී. කරුමෙට ගාත් අටයි කියනවනේ. ගමේ හාමුදුරුවොත් වැඩපි සෙනග මගහැරලා නාන්න. උපාසකයට දෙලොව රත්වුණා හාමුදුරුවෝ දැකලා. ඒ වෙලාවේම මිනිහගේ කකුල වැදුනා මොකක්ද එකක බැලින්නම් පරණ බේසම් කට්ටක් වැවේ ගිලිලා. දෙයියෝ දැක්කා වගේ මිනිහා ඒක අරන් අහවල් ප්‍රදේශය වහගත්තා.

    අර හාමුදුරුවෝ අනුන්ගේ සිත් කියවන්න දක්ෂයි කියලා කතාවක් තියනවා. ඉතිං උපාසක උන්නැහේ ඇහුවා, හාමුදුරුවන්ගෙන්, 'මේ වෙලාවේ මගේ හිතේ තියෙන්නේ මොනාද' කියලා. හාමුදුරුවෝ කිව්වා, 'මේ වෙලාවේ උපාසක උන්නැහේ හිතන්නේ ඔය බේසමේ අඩිය තියනවා කියලා, නමුත් බලන්න බේසමේ අඩිය නැහැ' කියලා.

    ReplyDelete
    Replies
    1. ඔන්න දැම්මා කොමාව...බොහොම ස්තුතියි විචාරක තුමෝ...

      ඔය ඉතින්...හොරාට කලින් කෙහෙල් කැන වැට පැන්නා නේ...හැක්...හැක්...මිතුරනි බිය නොවන්න...මැරෙන හැටි මම පෙන්නමි...මේ බේසම තියාගත්තු උපාසක උන්නැහෙ විචාරකතුමාම තමා...හැක්...හැක්...හෑ...

      Delete
    2. //මම අපේ උන්දැටත් පෙන්නුවා. මේ වගේ දේවල් බෙදා හදාගන්න ඕනේ නිසා//
      තැඹිලි පැලේට කිට්ටු කරනව වගේ..... හ හ හා......

      Delete
    3. විචා සෙට් වෙන්න යන්නෙ රාමුවත් එක්කමද දන්නෙ නෑ...

      Delete
    4. හි හි විචාරක තුමණි ඔහොම්ම අරකත් පෙන්නන්න ( මධු මාධවී ගේ අම්මි කුක්කු (පෝස්ට්) එක

      Delete
    5. විචාරකතුමාගෙ එකනං දැං රාමු කරලා තියාගන්න තමා වෙන්නෙ. (කුරුට්ටෝ, රාජෝ, ඔමෝ දුවපියෝ...)

      Delete
  3. අසංකයා ඔික රාමු කරලම අරන් තියපන්..
    හරි වටිනවා පරම්පරවේ උරැමයක් විදිහට...
    බලපන් උඔටත් වෙන වැඩ...
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. අනේ යකෝ...තෝද මේ බ්‍රසියර් තෝර තෝර ඉන්න එකා...

      Delete
    2. බ්‍රා ටික නම් ලස්සනයි...තෝ නම් බලු නොවටී...

      Delete
    3. යකෝ මුං කොටියා කන්න එපැයි හිත හැදෙන්නවත් එක යාලුවෙක් කියන්නෙ නෑනේ..හැම එකාමට පෙනෙන්නෙ බ්‍රා ටික විතරයි.

      Delete
    4. ඕකා ඔය ඉන්නෙ අළුත මහපුව තෝරන තැනක නෙමේ අසංකයො. වැඩට ඉන්න කෙල්ලංගෙ චේන්ජං රූම් එකේ.

      Delete
    5. චෙන්ඡ් කරන්න ඇදගෙන එන්න එපෑයි...

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. මාත් අහල තියෙන්නෙ විචාගෙ වර්ෂන් එක. කොහොම උනත් එලිසමය නං නියමෙට රැකල තියනව.

    ReplyDelete
    Replies
    1. මධුසමයත් ඒ විදිහටම රැකගන්න තමා කල්පනාව...හැක්...හැක්...

      Delete
    2. ඒ සමය රැක ගන්න උදව් ඔනේනම් කියපන් කුරැට්ටෝ

      Delete
  6. Replies
    1. හිකි හිකි හිකි හිකිස්...

      Delete
  7. බත් කන ගමන් කියෙව්වෙ... තව ඩිංගෙන් හිරවෙනවා! හැක්!
    එළ..! මරු..!

    ReplyDelete
    Replies
    1. ඔය ඉතින්...උඹ බත් කන්නෙ දැන්ද...මැරෙන්න හදන්නෙ නැතුව වෙලාවට කාපිය...බොහොම ස්තුතියි රොහාන්...

      Delete
  8. පට්ට :D. හිනා වෙලා පණ යනවා.
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. පණ නම් යවාගන්න එපා මනෝ...ඊළඟ එකටත් උඹ ඉන්න එපාය...හැක්...හැක්...

      Delete
  9. තවත් මදාවියෙක් පහල වෙලා වගේ.... කතාව කලින් අහලා තිබුනත් කවියෙන් ඇහුවාම දැනෙනවා ලෙසටම... එල...

    ReplyDelete
    Replies
    1. මේ මේ...ඔය මදාවියා වගේ කමකට නැති එවුන් ආදේශ කිරීම සපුරා තහනම්...අපි වගේ අහිංසක බෝ පැලවලට ඔය මදාවියා ගාවන්නවත් එපා...හැක්...හැක්...බොහොම ස්තුතියි මචං...

      Delete
    2. මොන ගෑවිල්ලක්ද? අපි කැලේ...

      Delete
  10. ලෙසටම ලියල තියෙනවා.. අසංකයා මෙච්චර ලස්සනට රාමු කරලත් තියෙන එකේ මේක(ර්) ගේ ෆොටෝ කෑල්ලක් දාපු නැති එක තමයි අවුල..හැක්..

    ReplyDelete
    Replies
    1. කමියගෙ ෆොටෝ එකක් හෙව්වා හෙව්වා හම්බවුණේ නෑ...හැක්...හැක්...

      Delete
  11. පට්ට ...

    ඒක එච්චරටම ස්පෙෂල් ඇයි දන්නේ නැහැ නේ .. නැහැ මං ඇහුවේ රාමු කරන්න තරම් ☺ ☺ ☺

    ReplyDelete
    Replies
    1. සඳරුගෙ වගේ වටින එව්ව ඉතින් රාමු නොකර කොහොමද...හැක්...හැක්...

      Delete
  12. අපේ එව්වත් රාමු කර ගන්ට ඕනේ.

    ReplyDelete
    Replies
    1. බලාගෙන විදුරැව බිදෙයි.

      Delete
    2. මෙන්ඩා අත්දැකීමෙන් කියපුවා අහපන් මනෝජ්...හැක්...හැක්

      Delete
  13. මුලදි මුලදි මං හිතුව, ගී පවුරෙ එකෙක්මයි අපේ මධාවියත් කියලා.

    ReplyDelete
  14. නැද්ද අලුත් දෙයක් ලියන්නෙ?

    ReplyDelete
  15. Replies
    1. අනේ නෑ මෙන්ඩෝ...පුදුම දවස් ටිකක් බං මේ ගෙවන්නේ...අනිත් එවුන්ටත් එහෙමම වෙන්න ඇති...අහන්නවත් වෙලාවක් නෑ...වෙලාව තිබුණත් අහන්න හිතෙන්නෙත් නෑ...ඒ තරම් හිතේ කරදර...හෙට උදේම එකක් දාන්න හිතාගෙන ඉන්නෙ...ඒත් එක්ක මට වෙලා තියන දේ කියන්නම්...අපේ සෙට් එකටත් මේ කාලය කොහොම ගෙවෙනවද දන්නෙ නෑ...උඹල මෙහෙම පවුලේ අය වගේ අපි ගැන අහන එක අපිට ගේන්නේ හරිම ලෙංගතු හැඟීමක්...

      අසංක

      Delete

Related Posts Plugin for WordPress, Blogger...