Wednesday, May 6, 2015

මං හොඳ ළමයෙක් මං දැන් හැදිලා................



මං හො ළමයෙක් ළකදි ඉදලා
 වැඩ දන්නෑ මං දැං හැදිලා
පුංචි පුතා මගෙ සුරතල් කරලා
කුක්කු පොවන්නට කාලෙ අැවිල්ලා

ගස් බඳින්නෙ නෑ ගස්ගැන දන්නෑ
වෙඩි තියන්නේ නෑ තුවක්කු දන්නෑ
ටවුමට කඩේට මං දැන් යන්නෑ
දැන් ඒ කිසිවක් මට මතකත් නෑ

අපේ ලොක්කා ගොස් ගෙවන වාට්ටූ
උන්ගේ ෆයිල් මං කළා මාට්ටූ
දැන් ඒ නඩේට හරිම තෙහෙට්ටූ
දත කට අත පය වෙලා පූට්ටූ

මගේ කතා දැන් ගණන් ගන්නේ නැහැ
මාධ්‍ය කොල්ලෝ පස්සෙන් න්නැහැ
ඉස්සර උසාවි නොගිය දිනක් නැහැ
දැන් නං ළගකදී උසාවි ගියෙ නැහැ .....................


කසුප් අනුරාධ


.

42 comments:

  1. ඔයාල මට බැන්නට මං හොඳයි..යේ යේ යේ

    ReplyDelete
    Replies
    1. උබ කොහෙන්ද බන් ආවේ

      Delete
    2. @ මහේෂ්..............

      අම්මපා හරිම අහිංසකයෙක් නේද???

      @ නිමෝ......

      මහේෂ් ඔවටේක් කරා නේද????

      Delete
    3. නිමෝ.....
      හූ හූ මං එක :D

      Delete
    4. අනේ ඔව්ව්ව්...මං ඉතින් අහිංසකයි රටක් වටී

      Delete
    5. අන්න නිමෝට කෝචොක් කරනවා මහේෂ්.............. හහ් හහ් හා.........

      Delete
  2. මම ඉතින් මේවට කොහොමත් මනාපයිනේ..

    ඉස්තරන් පුතේ....

    ReplyDelete
    Replies
    1. තැන්කූ මාමේ.................

      Delete
    2. මේ පද ටික රොක් අජියට කියල කියවන්න වටිනව සිරාවටම :D.

      Delete
    3. මනාට ජයවේවා... අජියට ජයවේවා

      Delete
  3. වමෙන් ගියත් දකුණෙ කොල්ලො

    ReplyDelete
    Replies
    1. lකොහොමත් වමට සිග්නල් දාලා දකුණට හරවයි වගේ

      Delete
  4. මටනං ඔය මූණ දකිනකොට අර වයසක, වාතෙ ඇරගත්තු ගමන් ඉන්න පොරවල් තමා මතක් වෙන්නෙ. චික්!

    ReplyDelete
    Replies
    1. ඔ්කත් ඒක විදිහක වාතයක් තමා..... මේ දවස් වල පොල්මුඩ්ඩ ගහගෙන ඉන්න්... ඒකනේ සද්ද නැත්තේ

      Delete
  5. එයා දැන් ලොකු ළමයෙක්.. ලොකුයි කියන්නේ ජේශ්ඨ.. ජේශ්ඨ උනාම කොහොමත් ලංකාවේ බල්ලෙක්වත් ගණන් ගන්නේ නෑනේ.. හැක්..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඒයා දැන් ලොකු ළමයෙක්.... ලොකු වුණේ ජනවාරි නමය රූ....

      Delete
  6. හැක් හැක්.. ලෙල්ල නැති කෙහෙල් ගෙඩිය.. කිසි වටිනාකමක් නෑ...

    ReplyDelete
    Replies
    1. නෑ නෑ කෙහෙල් ගෙඩිය නැති ලෙල්ල.....

      Delete
  7. මේ ඉන්නේ නරියෙක් නොවන, සිංහයෙක්ම වන අපේ අතිගරු මර්වින් සිල්වා මැතිතුමා නොවෙද. මර්වින් මැතිඳුනි, ඔබේ පුනරුප්පත්තියට ගැත්තා ගේ ආසිරි.. ඔබතුමා ජන. 8ට කලින් ගෙවුනු ඔබේ පෙර භවයේදීත් සියල්ලන්ම දන්නා පරිදි කිසිදා රහසින්වත් පව් කරලා නෑ.. කුරා කූඹියෙක්ට හිංසාවක් කරලා නැති අහිංසකයෙක් වන අපේ මර්වින් මැතිඳුන්ට දූෂණය, වංචාව, මිනීමැරීම්, නීතිය අතට ගැනීම් පෙන්නන්න බෑ. ඒකයි මේ දැන් දැන් එතුමා පෙර භවයේ එතුමාගේ රජවරුන්ගේ නිළමේ වරුන්ගේ සළුපිළි ගැලවීමේ මහා පිංකමක් පටන් ගෙන ඇත්තේ. අනේ අපේ අහින්සක මර්වින් මැතිඳුන් සදා දිනේවා.. වැජඹේවා.. කැලඹේවා.. නැගිටේවා.. වරේවා !

    ReplyDelete
    Replies
    1. අා............. ලොක්කා මැරිලා ඉපදුනාද????? පව් අහිංසකයා... කිරිසප්පයෙක් වගේ... අම්මපා

      Delete
  8. ජේශ්ඨ.. ජේශ්ඨ නෙවි සුපිරි ජේශ්ඨ... :)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.............. දැන් ලොකුයි නෙවැ.... හොදට ම ලොකු වෙලා

      Delete
  9. මුවත් ඇතුලට ගන්නම ඕනේ එකෙක්.කඩේ ගිය පලියට පිස්සු බල්ලන්ට නිදහසේ ඉන්න දෙන්න හොඳ නැහැ.

    ReplyDelete
    Replies
    1. මං කවියෙක් කියන්න දගලපු දේ ඔය වචනෙන් ම කියලා තියෙන්නේ...

      Delete
  10. සිල්ගත් පූසෙක්....

    ReplyDelete
    Replies
    1. පූසෙක්...........??? පූසෝ දැනගත්තොත් උඹ ඉවරයි..

      Delete
  11. අනේ අප්පේ අහිංසක මිනිස්සුන්ට මේ බ්ලොග් කාරයෝ පාඩුවේ ඉන්න දෙන්නේ නැනේ

    ReplyDelete
    Replies
    1. අැත්ත මැලේ..............

      ළගකදී ඉදලා සද්දෙයක්ම නැතුව හිටපු මිනිහා... මං හිතන්නේ ඉන්නේ අැද යටද කොහෙද????? අර කොලු පැංචාත් දැන් සද්ද නැහැ නේද??? අනේ පව්...

      Delete
  12. නියමයි ඈ. පද ගැළපිල්ල සුපිරි. ඔය පොර නම් ඉතිං මෙලෝ රහක් නෑ. ඒ උනාට මේ පද ටිකට පට්ටම ලයික්.
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනා...... සංගීතය උතුරන ඒකෙක් ඒ විදිහේ කතාවක් කිව්වාම හරිම සතුටුයි... මේක තමා ඒකම වින්දනය... ජයවේවා

      Delete
  13. අනේ කවුරුහරි මට ගහපල්ලකෝ, මාව ගස් බැඳපල්ලකෝ, මාව සුදුවෑන් එකකින් පැහැරගෙන පලයල්ලකෝ. යකෝ මම ඉන්නවද නැද්ද කියලා රටට දැනෙන්න මට මොනවහරි කරපල්ලකෝ.

    ReplyDelete
    Replies
    1. අනේ මගේ පුතාටවත් ගහපල්ලාකෝ......

      Delete
  14. ඒ මිනිහ හැදෙනවට තොපිට ඊරිසියාව....ඔය විදිහට හිටියේ නැත්තන් පුතාට නොමිනේශ්න් දෙන්නේ අහවල් පස්සකින්ද?

    ReplyDelete
    Replies
    1. අපි මාලකට මාලක අපිට... ජයවේවා

      Delete
  15. අනේ පව් අහිංසකයා.

    ReplyDelete
    Replies
    1. අම්මපා කුක්කු පැටියා..... කිරිසප්පයා.. අත දරුවා....

      Delete
  16. මේකට කුක්කු පොවන්න පබාව ගේන්න වෙයිද මන්දා.. හෙහ්..

    ReplyDelete
  17. අලුත් පක්සයක් හදනවා කියාගෙන ආයෙ එයිද දන්නෑ...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...