Tuesday, May 19, 2015

මේ පාර කොහෙටද......?



මහත්මයෙක් දිනක් සිය වාහනයෙන් ගමනක් යයි. ඔහුට පාර වැරදෙයි. අතරමග හේනක වැඩෙහි යෙදෙමින් සිටි ගැමියෙකුගෙන් පාර විමසයි...

මහත්මයා : මේ පාරෙන් කොහෙට යන්න පුළුවන් වේවිද
ගැමියා : මේ වංගියෙ අස්වැන්නත් යකාට ගොස් වෙද

මහත්මයා : ලොකු උන්නැහෙ මම ඇහුවේ පාර කොහෙටද
ගැමියා : වැස්ස ටිකක් වැටුණානම් පංකාදුයි අද

( ගැමියාට කන් ඇසීම අඩු බව මහත්මයාට තවමත් නොවැටහෙයි. ලැබෙන පිළිතුරු විහිළුකාර නිසා කුපිත වූ ඔහු මහ හඬින් කෑ ගසා ප්‍රශ්න විමසයි )

මහත්මයා( යටිගිරියෙන් ) : ඕයි මෙතන ඇහුවේ මම පාර කොහෙටද
ගැමියා( බයාදුවෙන් ) : ඒක තමයි බලනු හොඳයි මට ඇති දස වද

( ගැමියා සමග කෝප වූ මහත්මයා ගසා දමා වාහනයට නැග යන්න යයි. ඊට කිලෝමීටරයක් පමණ එහායින් වූ හේනක වැඩ කරන ගැමි කාන්තාවක් දැක ඔහු යළි වාහනය නවතා බිමට බසී. ඔහු දුටු ගැමි කත පළමුව කතා කරන්නට පටන් ගනී )

ගැමි කත : මේ පාරෙන් යන්න හැකිය අනුරාධපුරේ
මහත්මයා( පුදුමයෙන් ) : ඇහුවෙත් නැතුවම කොහොමද දැනගත්තෙ හොරේ

ගැමි කත : මම දන්නවා මහත්තයට ඕන කුමක් කියා
                ඈත තියා මට ඇහුනා පාර ඇහුව නියා


අසංක ගයාන් අබේසිංහ



51 comments:

  1. එක්කෝ ගැමි කතගෙ කන් ඇහීම අතිවිශිෂ්ටයි
    නැත්තම් වාහනකාරයගේ කෑ ගැසීම අතිවිශිෂ්ටයි

    ජය!

    ReplyDelete
    Replies
    1. උඹත් අතිවිශිෂ්ඨයි...

      Delete
  2. අපේ ඉන්නව ඔය වගේ සමහරු.. දුරකතනයෙන් කතා කරනව අපරාදෙ ටෙලිෆෝන් බිල.. හැක්.. කොල්ලුපිටියෙ ඉඳන් කියන ඒව ගේමක් නැතුව බම්බලපිටියට ඇහෙනව..

    ReplyDelete
    Replies
    1. ඈහ්...ඔහෙත් ඉන්නවද?

      Delete
    2. ෂුවර් එකට මේ කමියම තමයි...සමහරු කියල හංගල කියන්නේ එයා ගැන...හැක්...හැක්...

      Delete
  3. හෙහ්, මරු කතාව...කං ඇහෙනව හොර මිනිස්සුත් ඔය වගෙ මහ හයියෙං කතා කරනව. අපෙ අත්තම්ම කියන්නෙ ගිය ආත්මෙ ගාංටාර පූජාකරල කියල...ඒ වගෙ මහ හයියෙං කතාකරන ගමපුතා බාරියාවක් ගෙනල්ල මංගල රාත්‍රියෙ වෙච්චි ආතල් කතාවක් තියනව. එකක් ටිකක් විතර අසබ්බියයි. අනික දිග වැඩියි..වෙලාවක වෙනම ලියන්නංකො...:)

    ReplyDelete
    Replies
    1. ඒක දැනගන්නකම් ඉවසිල්ලක් නෑ බන්. ඇඩ් එකේ හැටියට සුපිරියටම ඇති. අනේ දාපන්කො ඉක්මනට . අනේ අනේ අනේ

      Delete
    2. අනේ අනේ කියපංකො රවි ඒක...ඕනනම් ඒක කවියට හරවල දෙන්නම්...

      Delete
    3. අපේ ආච්චි මට කියන්නෙත් ගාංඨාර පූජා කොරාපු එකෙක් කියලා...

      Delete
    4. ඉතින් උඹ ජේවීපී යෑ..........

      තුෂාර

      Delete
  4. එළස්!
    ඇයි බං ඉස්සර අර ලහිපිට ගැන පට්ට ටී.වී. ඇඩ් එකක් ගියේ “උදේ ඉඳං දැං කී දෙනෙකුට පාර කිව්වද ...%*^(%&^$%#%@#%()&^“ කියලා.

    ReplyDelete
    Replies
    1. තැන්කිවුස්...මදාවියෝ...

      Delete
  5. මරු කතාව . ඒ වාගෙම මේ වගෙ නිර්මාණ මෙහෙම කෙටියෙන් කාව්‍යමය බසින් දාන එක වඩා සාර්ථකයි කියල හිතෙනව.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මමා...මේ වචන අපිව දිරිමත් කරනවා...

      Delete
  6. කන්දෝංකාර දෙනවා

    ReplyDelete
    Replies
    1. තව දෝංකාර දීලා උඹේ කන් රත්වෙන්න ඕන...හැක්...හැක්...

      Delete
  7. මටනං ආරංචි උනේ අසංකයා කෝල් ගන්නකොට ඔහොමයි කියලයි.
    අනේ මන්දා.....
    මම නෙමෙයි,
    මෙව්වා රට්ටු කියන කතා....

    ReplyDelete
    Replies
    1. රට්ටු...හැක්...උඹම තමා මෙහෙම පඩංගු කතා කිය කිය ඇවිදින එකා...

      Delete
    2. අඩෝ නිමෝ............................

      උඹ කොහෙද හිටපු ගමන් ගිහිල්ලා හැංගෙන්නේ...... අැයි කාටද බං බය වෙලා ඉන්නේ.... කටඋත්තර දෙන්නවත් ඒන්න කිව්වද?????

      තුෂාර

      Delete
    3. නිමෝ අර කම්පියුටරේ හදන්න ගිහින් කෙල්ල නාලා එනකන් බලාගෙන ඉන්නවලු

      Delete
    4. අන්න නිමෝ පොලගෙක් ඇවිත්

      Delete
  8. හි..හි... දොම්පෙට යන පාර කොයිබදෝ නාට්‍ය මතක් වුනා... නියමයි.

    ReplyDelete
    Replies
    1. හා හා දොම්පෙ යමු වෙලාවක...තුශානි...බොහොම ස්තුතියි...

      Delete
  9. Replies
    1. තෑන්ක්ස්...තෑන්ක්ස්...

      Delete
  10. කියවන්න පටන්ගන්නකොට හිතුනෙ දොම්පෙට යන පාර කියලා.... හැක්!

    ReplyDelete
    Replies
    1. අන්තිමේදී දොම්පෙ නෙවෙයි අනුරාධපුරේ...හැක්...බොහොම ස්තුතියි රොහාන්...

      Delete
  11. හාපෝ................ඒ ගෑනිව බැඳගත්ත මිනිහා අමාරුවේ.

    ReplyDelete
    Replies
    1. හා...හා...විචාරක වගේ පොරවල් එක්ක එහෙම නැතුව බෑ...බොරුනම් අහල බලන්නකො නෝනගෙන්...හැක්...හැක්...

      Delete
  12. බස්වල යද්දි මේ වගේ ඝණ්ඨාර කටාලා හලෝ කියද්දි ඇහැරෙනවා නිකම්ම බහින තැනටත් ගොඩක් දුරදී

    ReplyDelete
    Replies
    1. ඒකනම් සහතික ඇත්ත කිචී...එවුන්ට ටෙලිෆෝන් මැනර්ස් තේරෙන්නෙම නෑ...වෙනකක් තියා පොදු තැනක හැසිරෙන්නවත් දන්නෙ නෑ...

      Delete
  13. අපේ ආච්චි මට කියන්නෙත් ගාංඨාර පූජා කොරාපු එකෙක් කියලා...

    ReplyDelete
    Replies
    1. සීයා බොට කියන්නේ කෝමද??

      Delete
    2. උඹේ මාතලන් බොගෙන්ම තේරෙනවා ගාණ්ඨාරේ තරම කොහොමද කියලා...හැක්...හැක්...හොඳ වෙලාවට ඕව ලියුම් වලින් දාන්නේ...නැත්තම් ඉන්න හම්බුවෙන එකක් නෑ අපිට...

      Delete
  14. මගෙත් ටිකක් කට සද්දයි....
    මහත්තයා අපේ ප්‍රන්තෙට යන්න පාර අහලා තියෙන්නෙ.
    මහත්තයා අනුරාධපුරෙට ගියාද නත්නම් තාම එතනද දන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. තව ටිකක් හයියෙන් අහල බලපන්...හැක්...හැක්...

      Delete
  15. මහත්තයා ගේ ශබ්ද දුෂණය.

    ReplyDelete
    Replies
    1. හොඳයිනේ ඉතිං...වෙන වෙන දූෂණ නොකර නෙහ්...හැක්...හැක්...

      Delete
  16. දොම්පෙට යන පාර කොයිබදෝ ? අම්මෙ මට කියා දෙන්නකෝ
    බතල හොඳට පැහිල තියෙනවා... හාරනකල් ටිකක් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. සරත් අය්යේ මටත් කියවපු ගමන් මතක් උනේ මේකම තමයි ...

      දොම්පෙට යන පාර කොයිබදෝ……?
      ගමයෝ මට කියා දෙන්නකෝ.

      බතල හොදට පැහිල තියෙනවා.
      හාරන තුරු ටිකක් ඉන්නවා.

      උ‍ඔගෙ ඉලව් බතල මට එපා.
      දොම්පෙට යන පාර කියාපන්.

      ගම හාමිනේ මෙන්න මෙහෙ වරෙන්.
      මේ මිනිහට බතල ගැන කියන්.

      දොම්පෙට යන පාර කොයිබදෝ….?
      හාමිනේ මට කියා දෙන්නකෝ.

      පැදුර හොදට වියල තියෙනවා.
      සායම් ටික දමා ඉවර නෑ.

      උඔගෙ ඉලව් පැදුර මට එපා.
      දොම්පෙට යන පාර කියාපන්.

      අනේ දුවේ මෙන්න මෙහෙ ව‍රෙන්.
      මේ මිනිහට පැදුර ගැන කියන්.

      ඔබවත් දැන් ඉතින් නංගියේ.
      දොම්පෙට යන පාර කියාපන්.

      තරුණෙක් අද එනවා යයි කියා.
      කපුට කීවෙ ඒ තමයි ඔයා.
      අම්මා අප්පා දෙන්න කැමති නම්
      කසාදයට බොහොම කැමති මං....

      (යූ. ඒ. එස්‌. පෙරේරා / සිරි අය්යා)

      Delete
    2. මරු...මරු...ස්තුතියි උඹල දෙන්නටම...සරතෝ...සින්දුවෝ...

      Delete
  17. කොහොමත් ඉතින් පිරිමින්ට කන ඇහෙන එකක්යැ

    සබරේ ඇනෝ

    ReplyDelete
    Replies
    1. අන්න පැන්නා බළලා මල්ලෙන්...සබරේ ඇනෝ කියන්නේ කෙල්ලෙක් නේද...හැක්...හැක්...

      Delete
    2. නෑ කුරුට්ටෝ මටත් ඇහෙනව හොරයිනේ ඒකයි කිව්වේ

      Delete
  18. අර ගෑණු කෙනාට මගේ හිතේ හොදට වටපිටාවේ වෙන දේවල් අහන් ඉදලා පුරුදුයි වගේ.. ඒකනේ ඔච්චර දුර එකත් ඇහිලා තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ඒ වගේ ගෑණියෙක් බැඳගන්න ඇත්තං වාසනවාන්...

      Delete
  19. අර්ථාන්විත පැදි පෙළක් ලෙස දකිමි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඇනෝ...

      Delete
  20. මටත් මතක් උනේ අර ටීවී එකේ ගිය ලහිපිට ඇඩ් එක :D.

    ReplyDelete
    Replies
    1. අම්මප...හැක්...හැක්...

      Delete
  21. මේ වගේ කතා තවත් දහස් ගණනක් උනත් ලියන්න කුරුට ගෑ ගීපවුරට හැකි බව මම දන්නවා. මිනිස්සු හිනස්සන්න හැකි නම් එ්ක පිනකමක්.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...