Wednesday, October 9, 2013

චේ................. සහ ඔහු





චේ ......................
නුඹ ශ්‍රේෂ්ඨ වූ අරමුණක් 
දැරූ මිනිසා ‍වේ.
එම අරමුණ වෙනුවෙන් 
ජීවිතය කැප කරමින් සටන් කෙරූ මිනිසා වේ.
නමුත් ඔහු,
ජීවිතයට අරමුණක්  ඇතත් 
එ් වෙනුවෙන් කැපකිරීමකට හෝ 
ඒ වෙනුවෙන් සටන් කිරීමට තරම්
නිදහසක් නැති මිනිසා වේ.............................

චේ...........................
නුඹ තමන්ගේ අරමුණ වෙනුවෙන්
පුද්ගලික කාරණාවන් සියල්ල
ඉවතලූ මිනිසා වේ.
තම වෛද්‍යවෘත්තියත්
කැලේදී තුවාල ලබන සෙබළුන් වෙනුවෙන්
බෙහෙත් දමන්නට සීමා කෙරූ මිනිසා ‍වේ.
නමුත් ඔහු,
තම අරමුණ දෙස බලමින් සුසුම්ලමින් ,
මහේෂාක්‍ය ජීවිතයක් සොයන්නෙක් වේ.
උපාධිය කුණු කූඩයට දමා,
සල්ලි වෙනුවෙන් කොරියායන මිනිසා වේ.............................

චේ..............................
නුඹ තමන්ගේ අරමුණ වෙනුවෙන්
දින, සති, මාස ගණන්,
කැළෑ, ගංගා, කදු හෙල් හී ලැග
යුක්තිය සෙවූ මිනිසා වේ.
පිදෙල් වැනි මිතුරන් වෙනුවෙන්,
ජීවිතය ම පරදුවට තබමින්,
රොද බැදගෙන ගොස් ජයගත්,
විප්ලවයේ  මිනිසා වේ.
නමුත් ඔහු,
අවුරුදු, දශක හෝ සියවස් වුව ද,
නොදන්නා රටක, නොදන්නා මුහුණු සමග,
නොකළ හැකි දේ වුව ද කරමින්,
සල්ලි සොයන මිනිසා වේ.
මිතුරන් දකින්නට තියා,
මිතුරන් සහ හතුරන් වෙන්කොට හදුනාගන්නට වත්
නිදහසක් හෝ වුවමනාවක් නැති
අතරමං වූ මිනිසා වේ.................................

චේ .............................
නුඹ තමන්ගේ අරමුණ වෙනුවෙන්
අවසාන‍ය තෙක් සටන් කොට,
ජයගත් මිනිසා වේ.
කියුබාව ජයගත්ත ද ඉන් නොනැවතී,
නැවත නැවතත් විප්ලවය වෙනුවෙන්
ජීවිතය කැප කොට,
ශ්‍රෙෂ්ඨ වූ තම අරමුණ වෙනුවෙන් ම 
ජීවිතය පූජා කොට මිය ගිය 
ශ්‍රේෂ්ඨ මිනිසා වේ.
නමුත් ඔහු,
තම අරමුණ කිසිදා හදුනා නොගත්,
තම අරමුණ වෙනුවෙන්,
එකදු කැප කිරීමක් කිරීමට තරම් 
වාසනාවන්ත නොවූ,
මිය යන මොහොතේ දුක්වෙමින්
හඩා වැලපෙන,
ජීවිතයේ යතාර්ථය හදුනා නොගත්
ස්වාභාවික ව මියයන,
සාමාන්‍ය මිනිසා වේ.................................

තුෂාර විතාරණ

.

15 comments:

  1. චේ සැමරැම වෙනුවෙන් අද හෙට අනිද්දා පාගමනක් තියේ ලංකාවේ බොහෝ පැති කවර් කරමින්. සේශන කිහිපයකුත් එක්ක. අගේ ඇති පද පෙලක්...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අගය කිරීමට. මගේ ජීවිතයේ වීරයා චේ. චේ ගැන කවියක් කුරුටු ගාන්නෙත් ලොකු භක්තියකින්. ඒ තරමට චේට කැමතියි.

      Delete
  2. චේ වෙනුවෙන් ලියවුන අගය කල යුතු පද පෙලක්. හරිම ලස්සනයි

    - ප්‍රියා.

    ReplyDelete
    Replies
    1. ඔබට අනුව මෙය චේ වෙනුවෙන් ලියැවුණ කවියක්. ඒක ඔබට විතරක් නෙමෙයි මේක කියවන හැමෝටම අනුව ඒක එහෙමයි තමයි. ඒත් මට අනුව මේක ඔහු වෙනුවෙන් ලියැවුණු කවියක්. එදා මම ඔහුව දැක්කේ චේ වගේ. චේ වගේ කිව්වේ චේගේ ගතිගුණ ගොඩක් ඔහු ළග තියෙනවා මං දැක්කා. නමුත් අද ඔහු මට වීරයෙක් නෙමෙයි. සාමාන්‍ය මිනිහෙක් විතරයි. හැබැයි මට චේ එදා වගේ ම අදත් වීරයෙක්.

      මේ කවිය තුළ තියෙන මගේ පුද්ගලිකත්වය ඒකයි.

      තුෂාර විතාරණ

      Delete
  3. This happens to people when they eat from "Danawadaye Mahagedara" and talk socialism. Because the food they took insert capitalist poison to their blood. This is a very normal situation

    ReplyDelete
    Replies
    1. Sajeewa, You Know that.You know the origin of this poem. I don't know is this right or wrong. But this is my feel. I can write in my view and also you can analyze in your view. However in finally we have same feelings. Because that "HE" was our FRIEND.

      Delete
    2. Salabayo samanalayo wenawa, Ath thatu labuna sathutin un ipilenawa, ath unta salaba jiwithaya aye matak wenne kawadada? athatama unta ehema dawasak enawada?


      Delete
  4. තුශාර....මම චේව දකින්නේ දර්ශනයක් විදිහට. පිළිමයක් විදිහට නෙමේ. මට ගෞතම බුදුන් දර්ශණයක්. ඕනෑම ආගමිකයෙකුට ඕනෑම තරාතිරමක එකෙක්ට අධ්‍යයණය කල හැකි සදාතනික සත්‍යයක්. පිලිගන්නවාද නැද්ද තමන් සතු අයිතියක්. බුදු පිලිම, මල් වට්ටි අරන් පෙරහැරේ යාමත්, බයිසිකල් වලින් චේව රට වටේ ගෙන යාමත් ඔවුන් දෙදෙනාටම කරන නිග්‍රහයක්. බෞද්ධ සංස්ථාවත්..මම ආදරය කරපු ජවිපෙත් වහ වහාම ශෝ ඕෆ් චූන් එකෙන් මිදී උඩු යටිකුරු විය යුතුයි. චේ හිටියනම් පෙට්‍රල් වලට වියදම් කරන සල්ලි වලින් පොඩි එවුන් ටිකකට පොත් අරන් දෙයි. ලැජ්ජයි. කණගාටුයි.

    ReplyDelete
    Replies
    1. මම ඔබේ අදහසට ගරු කරනවා අරූ. ඒක සීයට සීයක් ම ඇත්ත. චේට අනූව විප්ලවය කියන්නේ මනුස්සකමේ සහ අනෙකා හදුනා ගැනීමේ උපරිමයයි. චේ තමන්ගේ දුව වුණ හිල්දිතා ට 1966 දී ලියපු ලියමකින් මෙහෙම දෙයක් කියනවා.

      ''ඔබේ වයසෙදීම විප්ලවකාරී වීම කියන දෙයින් අදහස් වන්නේ පුළුවන් තරම් හොදින් ඉගෙන ගැනීමයි. ඒ වගේ ම යුක්තිසහගත පරමාර්ථ වෙනුවෙන් සහයෝගය දීමට සූදානමින් සිටීමයි."‍

      "විප්ලවකාරී ආකල්පයක් ඇතිකරගන්න. වෙනත් වචන වලින් කියනවානම් හොද පැවැත්මක්. විප්ලවයට ආදරය කිරීම, ඒ වගේ ම මිත්‍රශීලීබව වගේ ගුණාංග ඇති කරගැනීමයි."

      නමුත් අද අපි විප්ලවය කියන දේ අමානුෂික කරලා. ඒ වගේ ම චේ ව විකුණගෙන කන දේශපාලන පක්ෂ චේ ව ආයෙම ආයෙම මරනවා. වෙළෙන්දන් චේ ව විකුණගෙන කනවා. බුදුහාමුදුරුවොත් විකුණගෙන ක‍න එකේ ඒක හිතන්නට වත් තරම් දෙයක් නෙමෙයි තමයි. ඒත් ඔබ අන්තිමට කිව්වා වගේ ම ලැජ්ජයි. කණගාටුයි.

      Delete
  5. අද චේට නියම තැන ලැබෙනවද කියලත් සැකයි.. තමන්ගේ වාසියට චේගේ නම ගව ගන්න අයනේ වැඩි..

    ReplyDelete
  6. ඔව් දිනේෂ්.

    අද ලෝකේ පුරා ම චේව විකුණගෙන කනවා. චේ කියන්නේ වෙළදභාණ්ඩයක් වෙලා. ඔහු තුළ තිබුණු ගුණාංග හෝ දර්ශනය වෙනුවට ලෝකය අරගන්නේ ඔහුගේ පෙනුම සහ කඩවසම් බව විතරයි.

    ReplyDelete
  7. Che kiyanne nm atta minihek tama.
    My jiwite wirayat che tama..

    Oya niyamata liyala tiynwa.

    ReplyDelete
  8. බොහොම ස්තූතියි සජිත්,

    චේ කියන්නේ ඔබේ සහ මගේ වීරයා විතරක් නෙමෙයි. චේ කියන්නේ අපේ කාලේ මිනිස්සු ගොඩකගේ වීරයා. හැබැයි චේ ගේ රූපයට හරි පෞරුෂයට හරි විතරක් වශී වෙලා චේ වීරයා කර ගැනීම නෙමෙයි හරි දේ. චේ දුටු ලෝකය හරි චේ ලග තිබුණ සැබෑ මිනිස් ගතිගුණ හරි අපි තුළ ගොඩනගා ගැනීම තමයි චේට ගරු කිරීම කියන්නේ. හැබැයි ඒ දේ නම් බොහෝ දෙනෙක් ලග දකින්න නෑ නේ ද සජිත්.

    ReplyDelete
  9. චේව විලාසිතාවක් කරගත්තට බහුතරයක් තරුණයො චේගෙ දර්ශණයට අනුගත්වෙලා නැති එක හරි අභාග්‍යයක්. එහෙම උනානම් මේ ලෝකෙ මීටවඩා කොච්චර සුන්දර ලොවක් වෙයිද.

    ReplyDelete
    Replies
    1. ඇත්ත මනෝෂ්,

      චේ කියන්නේ විප්ලවකාරයෙක් විතරක් නෙමෙයි. හිතා ගන්න බැරි විදිහේ දාර්ශනිකයෙක්. ඔහු විප්ලවය කියන්නේ උතුම් දෙයකට......දැන් කරන්න හදනවා වගේ මිනිස්සු මරණ එකට නෙමෙයි. ඔහු විප්ලවවාදියා කියන්නේ අංග සම්පූර්ණ ජීවිතයකට. තරුණයන්ට ඒ විදිහට හැදෙන්න පුළුවන් නම් ඇත්තට ම මීට වඩා ලෝකේ සුන්දර වෙනවා මනෝෂ්..........

      Delete

Related Posts Plugin for WordPress, Blogger...