Monday, October 7, 2013

සිකුරු තරුවෙන් සදට සන්දේශයක් .........



මේඝ දූතය සේ
දවටා සිත මේඝයක
සිත්වේය මට
එවන්නට මගේ දුක

නිල් පැහැ සිත් අහස
ගුගුරා දවා හළුකර
සඳ ගියා ඔබ හැර
මතක සැමරුම් හිමිකර

මිහිරි මියැසිය මටමදැයි
විමසූ සඳ මම ඔබෙන්
නිරුත්තර ඔබ ඉඳන්
කළා සරදම් මට හොරෙන්

ඔබේ රන්තරු අතර
සිකුරු තරුවම වෙලා
තනිමකන්නට සඳට 
හිදිමි මම මගබලා

සිය ගණන් තරු මැදින්
කොයිබදැයි සිකුරු තරු
සොයන බව දිනෙක ඔබ
දනිමි මම හදපුරා ....................................

කාංචනා චන්ද්‍රසේකර

.

4 comments:

  1. ////සිය ගණන් තරු මැදින්
    කොයිබදැයි සිකුරු තරු
    සොයන බව දිනෙක ඔබ
    දනිමි මම හදපුරා ........//////

    සිකුරා නළලෙම නම් ශුවර් එකට ඒවී. නැත්නම් ලොකුවට පේන බ්‍රහස්පති පැත්තේ යයිද දන්නේ නැහැ..:D

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම් අරූ, කියන්න බෑ මොකකින් මොකක් වෙයිද කියලා නේද?????

      Delete
  2. තරු වල රත්තරන් තියෙලු... එහෙම තරුවක් වුනොත් නම් ඉතිං පරම්පරා ගානකට ඇති..

    ReplyDelete
    Replies
    1. තරුවල රත්තරන් තියෙන හින්දද දිලිසෙන්නේ.

      Delete

Related Posts Plugin for WordPress, Blogger...