Tuesday, October 29, 2013

ඉඩ දෙන්න සොදුර මට ඔය ගල් හිතේ .........




තරුවක් ව දිලිසෙන්න 
නීල අම්බරේ...........
නෙළුමක් ව පූදින්න 
සීත පිරි විලේ ........
සුළගක් ව දැවටෙන්න

ඔබෙ පපුතුරේ ..........
ඉඩ දෙන්න සොදුර මට
ඔය ගල් හිතේ .........

ගීයක්  ව මුමුණන්න
මිහිරි ස්වර සතේ .......
ඔබ එන්න මා එක්ක
සුනිල ගංතෙරේ .........
හීනයක් ව සැතපෙන්න
මගේ හද විලේ ...........
ඔබ ඉන්න හැමදාම
මගේ හද විලේ .......

කවියක් ව පබැදෙන්න
ඔබේ හදවතේ ......
දසුනක් ව රවටන්න
නීල නෙත් ඔබේ .......
සුසුමක් ව දැවටෙන්න
ඔය දෙතොළගේ ....
මග බලමි තවම මම
සොදුර ඔබ මගේ .......................

කාංචනා චන්ද්‍රසේකර

.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...