Wednesday, October 30, 2013

මං බිව්වා තමයි. එ්කනේ බැලුම් පිම්බුවාම අහු‍වුනේ..........



තමා වරදකරු ද?  නිවැරදිකරු ද ?
මුඩ්ලියර් හඩතලයි උසාවිය දෙදරා
වැඩකරලා එද්දි අමාරුවට
හවසට බියර් එකක් .......................
මොනවා????
හවසට බියර් එකක්,
තමා උසාවියට අපහාස කරනවා ද?
අහන‍දේට විතරයි උත්තර........................
නැවතත්
ගිරිය පුප්පා
තමා වරදකරු ද?  නිවැරදිකරු ද ?
ඒ දෙකෙන් එකක් නම් ඉතින්
"වරදකරු ස්වාමීනී"

පැය හතලිස් අටක්
පොලිස් කූඩුවේ ලග්ගවා,
හාමතේ, දාදිය ගද ගගහා,
උසාවි කූඩුවට නග්ගවා,
ලෝකයක් ඉදිරියේ වරදකරු කොට,
දඩ ගසා, ඇප ලියා, ශරීරය බැද,
මිනීමරුවෙකු මෙන් එළියට දැමූකල.
හිතේ ඇතිවුණි ප්‍රශ්ණ කීපයක් ම..............................

දවස පුරා අත්උදව් දීලා.
ඇගපත රිදෙනවා හැරෙන්නට බැරුව,
කාලක් හරි බියර් එකක් හරි
කටට හලාගෙන යන මම
මිනීමරුවෙක් ගානට දානවනම්,
මේ නීති හදන පාර්ලිමේන්තුවේ
එක ඇමතියෙක් මන්තිරියෙක් බීලම නැත් ද?
බොන උන් අල්ලන්න ඇහි පිය නොගහා
බාර්ගානේ හිටගෙන ඉන්න
එක පොලිස්කාර‍යෙක් හරි
උන්ගේ එක ලොක්කෙක් හරි බීලම නැත් ද?
මාව උසාවි කූඩු ගානේ නග්ගලා
මහා ලොකුවට කෑ ගහන
එක මහත්තෑං කෙනෙක්වත් කටේ තියලාවත් නැත් ද?

මං බිව්වා තමයි.
ඒකනේ බැලුම් පිම්බුවාම අහු‍වුනේ.
මං වැරදියි තමයි.
හැබැයි මං බියර් එකක් බිව්වා විතරයි.
මං ඡන්ද වලට ලක්ෂ ගණන් වියදම් කරකර
ඇමතිලාගේ මැරයොන්ට බොන්ට යවලා නෑ.
ඡන්දෙට කෝටි ගණන් යටකරපු
මැරයන්ට මං පර්මිට් දීලත් නෑ.
බාර් කාරයන්ට කියලා මාගේ බිල්ගෙවාගෙන
උන්ට කේස් වැටුනම පොලීසියට සද්දෙ දාලත් නෑ.
පෝය දවසට ඉස්සරහා දොර වහලා
පිටි පස්සේ දොරෙන් බඩු විකුණලත් නෑ.
මූඩි ගලවලා කසිප්පු කවලං කරලා
ඇමතියන්ට කරපු වියදම් පියවගෙනත් නෑ.

බීපු වෙලාවට වෙරි මතට ද මන්දා
මේකට විසදුමක් හිතිලා තියෙනවා.
බොන එක ඔච්චරටම වරදක් නම්
එයාලම දුන්න බාර් පර්මිට් ටික
තහනම් කොරා නම් ඉවරයිනේ.
එතකොට,
උසාවියත් නිදහස්,
පොලීසියත් නිදහස්,
ඇත්තට ම කියනවා නම්
අපිත් නිදහස්.........................................

තුෂාර විතාරණ

.

24 comments:

  1. මේකනම් නියමයි...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිනේෂ්,

      මේකත් මාර දෙයක්නේ. බොන්නත් තහනම්, අරන් යන්නත් තහනම්, හැබැයි විකුණන්න තහනම් නෑ. ඒක නීත්‍යානුකූලයි. නීත්‍යානුකූල දෙයක් වික්කාම ඒක බදු ගෙවලා ගන්න මිනිහා වැරදි වෙන්නේ කොහොමද????

      Delete
  2. තහනං කොරයි කියල තමා බය , කොරයි කොරයි.

    ReplyDelete
    Replies
    1. එතන තමයි අටම් ගැටළුව තියෙන්නේ. බිව්වා ම ලෙඩ හැදෙනවා නම්, ඒකෙන් සෞඛ්‍ය ගැටළු සහ වියදම වැඩිනම්, සමාජ ප්‍රශ්ණ වැඩි වෙනවා නම්, ඇයි තවත් බල බල ඉන්නේ. තහනම් කොරානම් ඉවරනේ.

      Delete
  3. හොද දේවල් මට මිස් වෙනව වැඩී

    හරියට මේ බ්ලොග් එක වගේ දෙයක් !

    ජය වේවා. !

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි සෑම්,

      මට හිතෙන්නේ නම් ඔබ අපිව ගොඩක් වර්ණනා කරා කියලයි. අපි තවම පටන් ගෙන මාස පහක් විතරනේ. ඒකයි දකින්න නැතුව ඇත්තේ. කොහොමත් ඔබ වැනි පාඨකයන් අපි සමග එකතු වීම නම් අපිට ලොකු සතුටක්. බොහොම ස්තූතියි ආවට. ඒවගේ ම අපි ට දිරියක් දුන්නට.

      Delete
  4. Replies
    1. ස්තූතියි ඇනී,

      පොලීසිය, උසාවිය, රෝහල්, රූපවාහිනී නාලිකා, අමධ්‍යප ව්‍යාපාර කරන අය, මේ හැමෝම දුක් විදගෙන බොන්න එපා කියනවා. බොන්නේ ලක්ෂ 10 ක් නම් ලක්ෂ 12ක් රාජ්‍ය සේවකයොයි, ‍ෙපෟද්ගලික අංශයේ තවත් ගානකුයි මේකට මහන්සි වෙනවා. ඒත් ඒ ලක්ෂ 10 තාම බොනවා. ඉතින් ආණ්ඩුවට තියෙන්නේ ප්‍රතිපත්තිමය තීරණයක් අරන් බාර් පර්මිට් ටික තහනම් කරන එකනේ. උසාවි නියෝගයකින් වුණත් කරන්නට පුළුවන්නේ. බියර් එකක් අතේ තිබ්බත් උසාවි දාන නඩු ලක්ෂ ගානක් නවත්ත ගන්න එක තීන්දුවකින් බාර් පර්මිට් කැන්සල් කරානම් හරිනේ.

      මේක අපි දකින විදිහ. හැබැයි අපි කවුරුත් දන්න එළිපිට කතා නොකරන ඇත්ත තමයි මේක පස්සේ තියෙන ආණ්ඩුවේ වුවමනාව. බාර් කාරයොන්ගෙන් කෝටි ගණන් ගසා කාලා උන්ව ශේප් කරගන්න පර්මිට් එක දෙනවා. ඊ‍ට පස්සෙත් බදු ගහනවා. බොන මිනිහා ගන්න බෝතලෙනුත් බදු ගහනවා. බීලා පාරට බැස්ස ගමන් අල්ලලා උසාවි දාලා දඩ ගහනවා. මිනිස්සු හූරගෙන නෙමෙහි හම ගලවගෙන කනවා කියන්නේ මේකට තමයි.

      Delete
  5. මේකනම් නියමයි .., ඇත්තම කියලා තියෙනවා..,බොන එකට ඔය තරම් නීති දාන එකේ ඇයි විකුණන එක නවත්තන්නේ නැත්තේ..,කොහෙත් තැලෙන්නේ අහිංසකයා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චමී,

      ඇත්ත කතාව ඕකනේ. රටේ මිනිස්සු වැරදි වැඩක් කරනවානම් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ තමයි. ඒ වැරැද්ද හදන්න දඩ ගැහුවත් ඒකේ වැරැද්දක් නෑ. ඒත් දිගින් දිගට ම මේ දේ සිද්ධ වෙනවනම් ඇයි පර්මිට් දෙන එක නවත්තන්න තීරණයක් ගන්න බැරි. පළාත් සභා ක්‍රමය ගැන දහස් ගණන් නඩු දාගෙන දගලන ක්‍රියාකාරීන් එකෙක්ටවත් මේ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්‍ ‍ගොණු කරලා තීන්දුවක් ගන්න බැරි හැටි.

      අනික මතට තිත කිය කිය මහා කතා කියනවට වැඩිය හරිම ලේසියෙන් මත්පැන් තහනම් කරන්න පුළුවන්නේ. තහනම් කරොත් ඔය ලොක්කෝන්ට පාවිච්චි කරන්නත් බෑනේ.

      ඉතින් අහිංසක මිනිස්සු බීලා ලෙඩ වෙනවා විතරක් නෙමේ බදු ගෙව ගෙව දඩ කාලා උසාවි නැගලා, හිරෙත් යනවා. ඒත් අද වෙනකම් එක ලොක්කෙක්වත් ඔය නීතිය යටතේ අහුවෙලා නෑ. එක පොලිස් ලොක්කෙක්වත් බීලා නෑ කියලාද ඒකෙන් කියන්නේ. පොලිස් ලොක්කෝ විතරක් නෙමෙයි හැම ලොක්කෙක් ම ................................

      Delete
  6. Replies
    1. ස්තූතියි කදු,

      ටික දොහකින් මේ පැත්තේ දැක්කේ නෑ, මං ඒත් කල්පනා කරා ඇයි නාවේ කියලා. ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට.

      Delete
  7. Replies
    1. ස්තූතියි........ ස්තූතියි...............

      Delete
  8. lankawatama wela tiyenne oka thama yalu

    ReplyDelete
  9. ඔව් අයේෂා,

    හැම තැනම හැමදාම හැමවෙලාවෙම මේ දේ තමයි සිද්ධ වෙන්නේ. ඒත් අපේ රටේ මිනිස්සු මේ ඕනෙම දේකට උඩබලාගෙන ඉන්න අපූරුව බලන්නකෝ...........

    ReplyDelete
  10. අම්මපා ඇත්ත. ඇයි යකො මුන් විකිනුවෙ නැත්තන් අපි බොනවයි
    හය හතර

    ReplyDelete
  11. ඇත්ත කතාව ඕක තමයි දමිත්,

    ඒත් ඇයි ඔය අමද්‍යප ව්‍යාපාර කිය කිය ලොකුවට කරන අයට මේ ගැන ආණ්ඩුවට බලපෑම් කරන්න බැරි. අපි හැමෝම නීති හදන එක සහ නීති ක්‍රියාත්මක කරලා මිනිස්සුන්ට දඩ ගහන එක හොදයි කියලා හිතනවා. ඩෙංගු වැඩෙත් ඕක‍මනේ ව‍ුනේ. අන්තිමට ඒක ආදායම් මාර්ගයක් කරගත්තා. ඩෙංගු වලින් හොයපු සල්ලි ඩෙංගු මර්ධනයට ඒ විදිහට ම යොදා ගත්ත ද කියලා හොයලා බැලුවොත් ඇත්ත එළිවෙයි. අනික ඩෙංගු මර්ධනය කරන්න සෞඛ්‍ය අමාත්‍යංශයට තියෙන රාජකාරිය ඉෂ්ට ‍නොකරාට කාටවත් ඒ ගැන ප්‍රශ්න කරන්න බෑ. ඇයි එයාලා දඩ ගගහා රට වටේ ගියානේ.

    ReplyDelete
  12. නඩුත් - බඩුත් දෙකම හාමුදුරුවන්ගේ හන්දා
    " මතට තිත " කවදා හරියාවිද මන්දා
    ඉන්න කියා උන් හට, ඇස් ගෙඩි උඩ රන්ඳා
    නොබී ඉන්න, එය අපේ ඇඟටත් ගුණ හින්දා

    ReplyDelete
    Replies
    1. ඔබේ කතාවත් හරියට ම හරි කවි,

      අපි බිව්වේ නැත්තම් අපිව අල්ලන්න හරි දඩ ගහන්න හරි කාටවත් බෑ තමයි.....

      ඒත් බොන්න එපා කිය කිය, මතට තිත කිය කිය, විකුණන එකයි, පර්මිට් දෙන එකයි, අල්ලලා නඩු දාදා දඩ ගහන එකයි ඊටත් වඩා වැරදියි නේද ?????????

      Delete
  13. ඔබගේ කථාවට මන් 00% එකඟයි මිත්‍රයා ! නමුත්,
    " රජයේ අවවාදය : දුම් බීම පිළිකා ඇති කරයි " කියලා ප්‍රින්ට් කරපු අසුරනයකම
    දාල දුම්වැටි විකුණන රටක සාධාරන විසඳුමක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද කියන එකයි ගැටළුව.

    ReplyDelete
    Replies
    1. ඒක හරි... කවි

      බොන්න එපා කිය කිය විකුණනවා..........

      Delete
  14. බීලා යද්දි මාවත් වත්තල උසවි දාලා තියනවා වතාවක්..මන් දිහා හොරෙක් වගේ බලපු කීදෙනෙක් එදාම හවස සෙට් වෙන්න අතිද? අඩුම ගනෙ එකෙක් හරි ඇතිනෙ..
    සම්පූර්නයෙන් හෙලා දකිනවා ඒකනම්..

    ReplyDelete
    Replies
    1. අනිවා රාගමයෝ.... දැක්කේ ටිකක් පරක්කු වෙලා... සොරිය..........

      Delete

Related Posts Plugin for WordPress, Blogger...