Friday, October 25, 2013

වාසුලදත්තාවක් ම මිස නොවෙමි මම අනුලාව ....





තරු අතර දහසකුත් 
පුංචි තරුවක් වෙන්නේ
කෙලෙසක ද සොදුර මම
වෙමිය මම ගුරුතරුව

ඔබේ හද පෙම් අරණේ
කිරුළ හිමි අගබිසව
හිස පැළැදි රන් කිරුළ
මම කෙලෙස හිසලම්ද

කළ ද අැරයුම් නිතින
එන්නේ කෙලෙසද සොදුර
වාසුලදත්තාවක් ම මිස 
නොවෙමි මම අනුලාව

එළැඹි මේ භව සසරේ
වෙනත් පෙම් සුරපුරක
ඉපිද සුව විදිමු අප
ඉර‍ණමේ සරදමට

මතු උපන් සසරෙදිත්
ලදොත් ඇරයුම් ඔබෙන්
සද කිදුරු දා කවෙහි
කිදුරන් ම වෙමු සොදුර


කාංචනා චන්ද්‍රසේකර

.

4 comments:

  1. ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඇනී

      Delete
  2. ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. ඔයාටත් බොහොම ස්තූතියි ඇනී

      Delete

Related Posts Plugin for WordPress, Blogger...