Friday, February 17, 2017
Wednesday, January 18, 2017
“නිල් කටරොලු දෑස් අගින්..............”සමන් ලෙනින්ගේ අලුත්ම ගීතය
ඔබ තාමත් නෑසුවේ නම් දැන්ම අහන්න
ඔබ තාමත් නෑසුවේ නම් දැන්ම අහන්න
රුහුණ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ අධ්‍යාපනය ලබන සමයේ මට හමු වූ සහෘදයා ඔහු විය. ඔහු සුභාවිත ගීතයට පෙම් කළේ ය. ඒ පිළිබද ගවේශනය කළේ ය. මා කවියට පෙම් කළේ ය. කුරුටු ගෑ ගී පවුර එහි එක් ඵලයක් විය. නමුත් ඔහු මට වඩා පින්සර විය. ගේය පද රචකයෙක් ලෙස දිර්ඝ ගමනකට ප්‍රවේශය ලබා අැත. හේ ප්‍රදීප් කුමාර දිසානායක නම් වේ. නිල් කටරොලු දෑස් අගින් .... ඔහුගේ දෙවන ගේය පද රචනාවයි. ගායනය සමන් ලෙනින්. නාද රටා අරුණ ගුණවර්ධනයන්. ඒ සහෘදයා ලොව පුරා විසිරී සිටින කුරුටු ගෑ ගී පවුරේ රසිකයන් විචාරකයන් අතරට හදුන්වා දෙන්නට තීරණය කළේ ය. ගීතය ශ්‍රවණය කර ඔබේ අදහස් කොමෙන්ටුවක තබා යනවා නම් යෙහෙකි.
සටහන
හසිත හර්ෂණ වීරසිංහ
Saturday, December 3, 2016
ගහපියකෝ ලක්ෂ දෙකහමාරක්ම............. ඉවරයිනේ.
දැන් ඔය කියන විදිහට රට වල්වැදිලානං
හැම එකාම බීලා ලයිසන් නැතුව යනවානං
කනේ ගෑවෙන්වන වමෙන් ඉස්සර කරනවානං
ගහපියකෝ ලක්ෂ දෙකහමාරක්ම............. ඉවරයිනේ.
තගදාලා බය කරාම ඔය තරංම හැදෙනවානං
නීතිය නහයට උඩින් ගලද්දි රට බබළනවානං
දඩ ගගහා උසාවි ගානේ දක්කද්දි තොපිට මාරයිනං
දීපියකෝ ජීවිතාන්තය දක්වා ම................. ඉවරයිනේ.
මහඋන්ට පඩි වැඩි වෙලා කාර් පර්මිට් හම්බෙනවානං
මහබැංකුවෙන් අරහෙන් මෙහෙන් ගතමනාවත් ලැබේනං
ඡන්දෙ දුන්න උන් ටිකෙන් ටික නංපචං ගානවානං
දීපියකෝ මරණ දඩුවමම....................... ඉවරයිනේ.
කසුප් අනුරාධ
.
Thursday, December 1, 2016
සාක්ෂිත් ඕනෑලු දැන් පෝස්ට් දාන්නට - (ඉණිමගට පයින් ගැසීම)
පෙර හිටපු උන් අතින් එළිපිට ම කෙරෙනවා
දැන් ඈයෝ දිය යටින් ගිනි අරන් දුවනවා
ප්‍රගීත් ලා ලසන්තලා පෙන්නලා රැකෙනවා
හිටපු උන්දෙලා ටික මර්සියෙන් වැඩකළා
දහවලට නටන උන් රෑට ගිනිබත් කළා
මොළේ ඇති දැන් ලොක්කෝ නොදැනෙන්න කෙලවලා
චැනල් එක තිබුණ තැන හොයන්නත් බැරිකළා
සාක්ෂිත් ඕනෑලු දැන් පෝස්ට් දාන්නට
චරිත ඝාතන වේලු හොද නෑලු කරන්නට
උන්ට නිදහස තියේ ඕන හැටි ගසන්නට
ලිව්වොතින් වැරදි අපි වෙයි හිරේ ලගින්නට
සිරසටත් ගැහුවාලු දෙරණ කජ්ජක්වේද ?
ලසන්නත් මැරුවාලු චතුරලා පොරවල්ද ?
කාල්ටන් වැහුවාම ඊ නිවුස් දගලයිද ?
ටීවි රේඩියෝ ළග බ්ලොග් බච්චො කවුරුන්ද ?
කසුප් අනුරාධ
.
Subscribe to:
Comments (Atom)




