Monday, December 4, 2017

කිසිත් නොකියා ඉන්න .................................

Image result for alone

හිස් අතින් ඔබ එන්න
දෝර ගලනා ආදරේ - කීරි ගැහෙනා වේදනා
නැතිව ඇවිදින් යන්න
හිස් අතින් ඔබ එන්න

ඉකි ගැහෙන හදවතක ඇති බර මනින්න
නෙත් අගින් හැලෙනා කදුළු කැට ගනින්න
හිස් අතින් ඔබ එන්න
එපා හිත සනසන්න - එපා නෙතු පිසලන්න
කිසිත් නොකියා ඉන්න

අදුරු හවසක දැනෙන පාලුව විදින්න
රෑහි නාදෙට පිපෙන හිරිගඩු බලන්න
හිස් අතින් ඔබ එන්න
එපා කිසිවක් දෙන්න - එපා කිසිවක් ගන්න
හිස් අතින් ඔබ යන්න



තුෂාර විතාරණ


.

20 comments:

  1. එන්නෙනං කොහොමත් හිස් අතින් තමයි. ආපහු යනකොට ඔය තියෙන දෙයක් අතගාගෙන යන්න බැරියැයි. හැක්..

    ReplyDelete
    Replies
    1. ඕං ඉතින් ගතිය එළියට ආවා..............

      Delete
  2. Replies
    1. කමියා............... ජයවේවා

      Delete
  3. පරාර්ථකාමී ප්‍රේමවන්තයෙක්
    විචාරක දියණිය

    ReplyDelete
  4. නොකියා බෑ....මේක මරු 😇

    ReplyDelete
  5. මේ විදියට ඇවිත් යන්න නම් එන්න කියන්නේ ඇයි.?

    ReplyDelete
  6. හප්පෙ දැකපු කල් ...කොහෙ මක බැ උනෙ?????????????

    ReplyDelete
  7. ඒන්න... ඔබ ඇවිත් යන්න එන්න...
    සිහිනපුරේ සරන්න...
    සිහිනපුරේ පැත්තෙත් අැවිදින් යන්න ඒන්න.
    http://sihinapure.blogspot.com

    ReplyDelete
  8. දැං මොනවහරි කියහං.

    ReplyDelete
  9. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය .

    ReplyDelete
  10. උබලා ලියන්නෙත් නෑ නේද දැන්?
    :(

    ReplyDelete
  11. ඇයි දැං ලියන්නැත්තෙ....😔

    ReplyDelete
  12. හාව මැරිච්ච මදාවිය වගේ ඉන්නැතුව මොනව හරි ලියනවකො.

    ReplyDelete
  13. තවුසෙල යහතිං ඉන්නවද?

    ReplyDelete
  14. NAGAQQ: AGEN BANDARQ BANDARQ ONLINE ADUQ ONLINE DOMINOQQ TERBAIK

    Yang Merupakan Agen Bandarq, Domino 99, Dan Bandar Poker Online Terpercaya di asia hadir untuk anda semua dengan permainan permainan menarik dan bonus menarik untuk anda semua

    Bonus yang diberikan NagaQQ :
    * Bonus rollingan 0.5%,setiap senin di bagikannya
    * Bonus Refferal 10% + 10%,seumur hidup
    * Bonus Jackpot, yang dapat anda dapatkan dengan mudah
    * Minimal Depo 15.000
    * Minimal WD 20.000
    * Deposit via Pulsa TELKOMSEL & XL
    * 6 JENIS BANK ( BCA , BNI, BRI , MANDIRI , CIMB , DANAMON )

    Memegang Gelar atau title sebagai AGEN POKER ONLINE Terbaik di masanya

    Games Yang di Hadirkan NagaQQ :
    * Poker Online
    * BandarQ
    * Domino99
    * Bandar Poker
    * Bandar66
    * Sakong
    * Capsa Susun
    * AduQ
    * Perang Bacarrat (New Game)


    Info Lebih lanjut Kunjungi :
    Website : NAGAQQ
    Facebook : NagaQQ official
    WHATSAPP : +855977509035
    Line : Cs_nagaQQ
    TELEGRAM :+855967014811

    BACA JUGA BLOGSPORT KAMI YANG LAIN:
    Winner NagaQQ
    Daftar NagaQQ
    nagaqq
    berita viral

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...